එහෙම ස්ටේබල් එකක් තිබුනේ නෑ බං. බදිනකොට තිබුනේ රස්සාව විතරයි. හැබැයි පවුල් බරක් ඒ කියන්නේ දෙමව්පියන්ට සලකන්න ඕන සහෝදරයෝ ගැන බලන්න ඕන වගේ වගකීම් තිබුනේ නෑ මොකද ඒ වෙනකොට ඒ සේරම හිටියේ යුරෝප් රටක හැබැයි මට එහෙට යන්න කිසිම කැමැත්තක් තිබුනේ නෑ මොකද ඒක යුරෝප් රටක් උනාට English කතා කරන රටක් නෙවෙයි. මට ඕනකම තිබ්බේ English රටකට යන්න. දන්න කියන සේරම තැන්වලට ඇප්ලයි කරලා ඒත් හරිගියේ නෑ. අන්තිමට මම රටයන්න ට්‍රයි කරන එක අතැරලා දාලා ඉන්නකොට වයිෆ් ප්‍රෙග්නට් උනා. වෙලාව කියන්නේ ප්‍රෙග්නට් කියලා දැනගෙන මාස එකහමාරෙන් මම හීන මැව්වා වගේම රටකට යන්න ආවා. ඊටපස්සේ තමයි යුද්දේ. වයිෆ්ගේ දෙමව්පියොයි අපේ දෙමව්පියොයි සේරම විරුද්දයි වයිෆ්ව මේ තත්වෙන් දාලා මම රට යනවට. වයිෆ්ගේ දෙමව්පියෝ නම් බයටමයි විරුද්ද උනේ බැරි වෙලාවත් මම ගිහින් ආවේ නැත්නම් දරුවෙක් එක්ක දුවට තනිවෙන්න වෙයි කියලා. මොකද ඒ වෙනකොට මගේ කියලා කවුරුවත් ලංකාවේ නෑ. ඉතිං ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් ඒ මිනිස්සු වැරදිත් නෑනේ බං දෙමව්පියොනේ. හැබැයි මගේ වයිෆ් දන්නවා මම කොච්චර ට්‍රයිකරාද කියලා එහෙම රටකට යන්න. ඒනිසා කවුරු විරුද්ද උනත් මගේ වයිෆ් කිව්වා මට යන්නම කියලා. ඉතිං මම ආවා ඇවිත් බබා ලැබෙන්න මාස තුනකට කලින් වයිෆ්ත් ගත්තගත්තා එදා ඉදන් අපි සේරම මෙහේ



මම අදටත් විස්වාස කරන්නේ බඩේ හිටපු කෙල්ලගේ වාසනාවට තමයි මට එදා එහෙම යන්න ආවේ කියලා