බබාට සනීප නැහැ

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මචන් මගේ කෙනෙක්ටත් ඔය ප්‍රශ්නෙ තිබ්බා. Doctor අපිට උපදෙස් වගයක් දුන්නා බෙහෙත් වලට අමතරව ආසාත්මික වෙන පරිසරය වෙනස්කරගන්න කියලා. මදුරු දැල/බෙඩ් ශීට් සතියකට වරක් හොදන්න/කොට්ට මෙට්ට අව්වෙ වේලන්න. ඇද යට නිදා ගන්න කාමරය නිතරම දින 2 කට වරක්වත් මොප් කරන්න, බල්ලො, පුසො වගෙ සතුන් ගෙදරින් ඈත් කරන්න. මකුලු දැල් කඩන කොට පොඩි අය ගෙදරවත් තියාගන්න එපා, මල් වල පරාග ඉබින්න දෙන්න එපා..... කොහොමහරි ඔය වගෙ උපදෙස් පිලිපදිනකොට wheezing එන වාර ගනන අඩු වුනා
     
    ඔය මොකුත් ඔන නෑ බඩේ උෂ්ණේ බැස්සුවට පස්සේ.
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Meka machan mama hariyatama danne na...but mama hathara pas denek hoda wenawa dakala thiyenawa
    ekak swimming...
    deka playing a musical instrument. like a saxophone...I knw shes juzt 4.. but ask doctor and do machan..swimming will heal her...
     
    reputation_neg.gif
    බබාට සනීප නැහැ 07-13-2016 06:33 PM stone age - rep

    ගල් යුගයේ බඩු උඹලගෙ නවීන විද්‍යාත්ම්ක විද්‍යානුකූල ප්‍රෝඩාවල් වලට වඩා සුපිරි නේ. ඒවට ඉතිං ඊරිසියයි නේ.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ පුතාටත් මාස 6 න් හැදෙන්න ගත්තෙ සමහර දවස් වලට රෑට ඉහලට ඉහලට අදිනව හරි බයයි බං රට වටේ දොස්තරලගෙන් ගත්ත හරි ගියේ නෑ බෙහෙත් බොනකන් අඩු වෙනව අන්තිමට දවසක් උදේ කොල්ලට වීස් එක අපේ පවුලෙ ඩොක්ටර් ගාවට ගියා පොර එදා නිවාඩු දැන් කොහෙන් හරි ගන්නත් එපැයි ඩොක්ටර් කෙනෙක් බල බල පාර දිගේ යද්දි මීගමුවෙ හොස්පිටල් එකේ ඩොක්ටර් කෙනෙක් හිටිය එයාගෙන් ගත්ත පොර ස්පෙෂලිස් කෙනෙක් එයා ලියල දුන්න මෙන්න මේ ඉන්හේලර්
    Pulmicort-turbuhaler-200-mcg_dose6815da33-4a17-4419-81c1-9faa000a2834.png

    එක මාස 6 ක් එක දිගට ගන්න කියල තව පෙති 2 කුයි මාස 6 කින් එන්න කීව
    මාස 6 ඉවර වෙනකන් හැදුනෙ නෑ බෙහෙතුත් ඉවර උනා අය ගියෙත් නෘ කොල්ලට දැන් හොදයි තාම අවුරුදු 2 කින් විතර හැදුනෙ නෑ
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    දන්නා කෙනෙක් උදවු කරයි මචං දුවට ඉක්මනට සනීප වෙයි​
     
    අපේ පුතාටත් මාස 6 න් හැදෙන්න ගත්තෙ සමහර දවස් වලට රෑට ඉහලට ඉහලට අදිනව හරි බයයි බං රට වටේ දොස්තරලගෙන් ගත්ත හරි ගියේ නෑ බෙහෙත් බොනකන් අඩු වෙනව අන්තිමට දවසක් උදේ කොල්ලට වීස් එක අපේ පවුලෙ ඩොක්ටර් ගාවට ගියා පොර එදා නිවාඩු දැන් කොහෙන් හරි ගන්නත් එපැයි ඩොක්ටර් කෙනෙක් බල බල පාර දිගේ යද්දි මීගමුවෙ හොස්පිටල් එකේ ඩොක්ටර් කෙනෙක් හිටිය එයාගෙන් ගත්ත පොර ස්පෙෂලිස් කෙනෙක් එයා ලියල දුන්න මෙන්න මේ ඉන්හේලර්
    Pulmicort-turbuhaler-200-mcg_dose6815da33-4a17-4419-81c1-9faa000a2834.png

    එක මාස 6 ක් එක දිගට ගන්න කියල තව පෙති 2 කුයි මාස 6 කින් එන්න කීව
    මාස 6 ඉවර වෙනකන් හැදුනෙ නෑ බෙහෙතුත් ඉවර උනා අය ගියෙත් නෘ කොල්ලට දැන් හොදයි තාම අවුරුදු 2 කින් විතර හැදුනෙ නෑ
    උඹේ පුතාට මේකෙන් හොඳක් වුණාට, උදේට නැගිටින්න අමාරු ඇති. කලින්ට වඩා කම්මැලි ඇති. කෑම රුචිය අඩු ඇති. විශේෂයෙන් හමේ වියලීමක් ඇති. බලන්න නැද්ද කියලා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Dr. පුන්චිහේවා හරිම හොදයි. කට්ටිය කියන කතාව හරි. ඕකට හේතුව පරිසරය තමා. කොහොමත් අවුරුදු 7-9 වගේ වෙනකොට ඕක මග ඈරෙනව. ඒත් නිකන් ඉදල හරියන්නේ නෑ. මමත් අරන් ගියේ පුන්චිහේවා මෑඩම් ලගට. එයා මාස 6 දෙන්න කියල පෙත්තක් දුන්නා. මගේ cousin කෙනෙක් ඉන්නව එය chest physician කෙනෙක්. එයා ඒ දවස් වල හිටියේ UK. එයත් ඒ පෙත්ත දෙන්න කමක් නෑ කිව්වා. ඊට පස්සේ පෙත්ත අවුරුද්දක් කිට්ටු වෙන්න දුන්නා. ඒත් පෙත්ත නවත්තල ටික කාලෙකට පස්සේ ආයෙත් අවුල් වෙන්න වගේ ගත්තා. එතකොට මගේ cousin ලන්කාවේ. බුවා කිව්වා මේක හරි යන්නේ නෑ inhaler එකට යමු කියල. පස්සේ ඒකෙන් තමා හරි ගියේ. ඒයා කියන විදිහට ඒකට ඈබ්බෑහී වීමක් වෙන්නේ නෑ. පෙති ගන්නව වගේ ගොඩාක් ශරීරයට දෙන්න ඔනේ නෑ. පොඩි බෙහෙත් ප්‍රමාණයක් කෙලින්ම පෙනහලු වලට යවන එක වෙන්නේ. මමත් දන්නව ඔය තත්වෙදි අපි කොච්චර අසරණද කියල. උබ පුන්චි හේවා මෑඩම් ලගට යනව නම් හොදයි. එහෙම නෑත්නම් මගේ cousin මීට් වෙලා පොඩි එකාව පෙන්නපන්. PM එකක් දාපන් ඔනේ නම්. කොහොම හරි ගොඩ දා ගමු
     
    පෙනහළු වල ලෙඩේ හොඳ වුණාට වෙන කොහෙන් හරි පිට දානවා. එක්කො හමෙන්, නැත්තම් ටොයිලට් එකේ පැය ගණන් තැපලා ඉන්නවා. කම්මැලි වෙනවා. කෑම කලින්ට වඩා කව්වගන්න බැරුව යනවා. විකාර ගොඩයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඉදිරියේ රාළ;20411055 said:
    පෙනහළු වල ලෙඩේ හොඳ වුණාට වෙන කොහෙන් හරි පිට දානවා. එක්කො හමෙන්, නැත්තම් ටොයිලට් එකේ පැය ගණන් තැපලා ඉන්නවා. කම්මැලි වෙනවා. කෑම කලින්ට වඩා කව්වගන්න බැරුව යනවා. විකාර ගොඩයි.
    උබ ඔහොම කිව්වට පොඩි එකා හුස්ම ගන්න අමාරුවෙන් දගලන කොට පිස්සු හෑදෙනව. අපේ අම්මත් මුලින්ම සින්හල වෙද්දුනට පෙන්නල තමා වෑඩේ වකූර් උනේ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කුඩා කාලයේ යම් අසාත්මිකතාවයන් නිසා ඇතිවන මෙවැනි ඇදුම සහ සෙම් තත්වයන් බොහෝවිට යෟවනෝදය වයස (12-14) විතර වනතුරුත් බොහෝවිට පවතිනවා. නමුත් මෙ වයසට එළාඹීමත් සමග ඒවා යටපත් වී යනවා. ඒතෙක් කළහැක්කේ අසාත්මික තත්ව ඉස්මතුවී නොයෙන ලෙස පාලනය කිරීමයි. බොහෝවිට ඒසදහා ස්ටීරොයිඩ් ඉන්හේලස් සහ නේසල් ස්ප්‍රේ වර්ග සාර්ථක ප්‍රතිපල ගෙන දෙනවා. යම් රෝග ලක්ෂණ පවතින විට සහ උණ හෙම්බිරිසාව වැනි ආසාදන පවතින විට, හෝ අසාත්මිකතා ඇතිවිය හැකි පරිසර සාධකයන්ට නිරාවරණය වූ අවස්ථා වලදී පමණක් ස්වාසනාල විස්තාරක ‍ඖෂධ (සැල්බියුටමෝල් වැනි) අඩංගු ඉන්හේලස් භාවිතය සුදුසුය. පෙති හෝ සිරප් භාවිතයට වඩා ඉන්හේලර්ස් භාවිතය ඉතා හොද ප්‍රතිපලදායක හා අතුරු අබාධ අවම කරනවා.
    මේ සමගම අසාත්මිකතා දක්වන්නේ කුමකටද යන්න සොයාගැනීමට හැකි සංවේදීතා පරීක්ෂණ දැන් තිබෙනවා.

    ඊට අමතරව අසාත්මිකතා ඇතිවිය හැකි යැයි සැක කරන සියල්ලන්ගෙන් දරැවා ඈත්කර තැබීම උචිතයි.

    1.දූවිලි (විශේෂයෙන් පොත් කබඩ්, රෙදි අල්මාරී සහ සොෆ්ට් ටෝයිස්)
    2.හවුස් ඩස්ට් මයිට් - ඇද ඇතිරිලි කොට්ට උර නිතර මාරු කිරීම හා දිනපතා අව්වට දැමීම)
    3. සිසිල් ආහාර (අයිස් වතුර, කූල් බීම, ශීතකරණයේ තැබූ ආහාර)
    4.අසාත්මිකතා ඇතිවිය හැකි ආහාර (අන්නාසි තක්කාලි වැනි සමහර පළතුරු වර්ග, ටින්මාලු බලමාලු වානි මාලු, සමහර පලා වර්ග , කිරි ආහාර) මෙහෙම ගියොත් ළමයට කන්න දෙයක් නැතිවෙයි!! ඒ නිසා ඒ ඒ ආහාරය දෙන විට දක්වන ප්‍රතිචාර සටහන් කරගෙන අසාත්මික දේ සොයා ගත යුතුය)
    5. සුළගින් එන මල් පරාග.
    6.ගෙදර භවිතාකරන පවුඩර් සහ සුවදවිලවුන්.
    7.මදුරු කොයිල්, තීන්ත හෝ එයාර් ෆ්‍රෙෂ්නර්

    හොදම දේ සටහන් පොතක ඒ ඒ අවස්ථාවේදී අනුමාන කල හැකි අසාත්මික වියහැකි දේ සටහන් කර ඒවායෙන් ඈත්කර තැබීමයි!!

    සැයු - මෙහිදී දේශීය වෛද්‍ය ප්‍රතිකාර කිසිසේත් අහක දැමිය නොහැක.

    -සුවපත් වෙවා!!
     
    Last edited: