කුඩා කාලයේ යම් අසාත්මිකතාවයන් නිසා ඇතිවන මෙවැනි ඇදුම සහ සෙම් තත්වයන් බොහෝවිට යෟවනෝදය වයස (12-14) විතර වනතුරුත් බොහෝවිට පවතිනවා. නමුත් මෙ වයසට එළාඹීමත් සමග ඒවා යටපත් වී යනවා. ඒතෙක් කළහැක්කේ අසාත්මික තත්ව ඉස්මතුවී නොයෙන ලෙස පාලනය කිරීමයි. බොහෝවිට ඒසදහා ස්ටීරොයිඩ් ඉන්හේලස් සහ නේසල් ස්ප්‍රේ වර්ග සාර්ථක ප්‍රතිපල ගෙන දෙනවා. යම් රෝග ලක්ෂණ පවතින විට සහ උණ හෙම්බිරිසාව වැනි ආසාදන පවතින විට, හෝ අසාත්මිකතා ඇතිවිය හැකි පරිසර සාධකයන්ට නිරාවරණය වූ අවස්ථා වලදී පමණක් ස්වාසනාල විස්තාරක ඖෂධ (සැල්බියුටමෝල් වැනි) අඩංගු ඉන්හේලස් භාවිතය සුදුසුය. පෙති හෝ සිරප් භාවිතයට වඩා ඉන්හේලර්ස් භාවිතය ඉතා හොද ප්‍රතිපලදායක හා අතුරු අබාධ අවම කරනවා.
මේ සමගම අසාත්මිකතා දක්වන්නේ කුමකටද යන්න සොයාගැනීමට හැකි සංවේදීතා පරීක්ෂණ දැන් තිබෙනවා.
ඊට අමතරව අසාත්මිකතා ඇතිවිය හැකි යැයි සැක කරන සියල්ලන්ගෙන් දරැවා ඈත්කර තැබීම උචිතයි.
1.දූවිලි (විශේෂයෙන් පොත් කබඩ්, රෙදි අල්මාරී සහ සොෆ්ට් ටෝයිස්)
2.හවුස් ඩස්ට් මයිට් - ඇද ඇතිරිලි කොට්ට උර නිතර මාරු කිරීම හා දිනපතා අව්වට දැමීම)
3. සිසිල් ආහාර (අයිස් වතුර, කූල් බීම, ශීතකරණයේ තැබූ ආහාර)
4.අසාත්මිකතා ඇතිවිය හැකි ආහාර (අන්නාසි තක්කාලි වැනි සමහර පළතුරු වර්ග, ටින්මාලු බලමාලු වානි මාලු, සමහර පලා වර්ග , කිරි ආහාර) මෙහෙම ගියොත් ළමයට කන්න දෙයක් නැතිවෙයි!! ඒ නිසා ඒ ඒ ආහාරය දෙන විට දක්වන ප්‍රතිචාර සටහන් කරගෙන අසාත්මික දේ සොයා ගත යුතුය)
5. සුළගින් එන මල් පරාග.
6.ගෙදර භවිතාකරන පවුඩර් සහ සුවදවිලවුන්.
7.මදුරු කොයිල්, තීන්ත හෝ එයාර් ෆ්‍රෙෂ්නර්
හොදම දේ සටහන් පොතක ඒ ඒ අවස්ථාවේදී අනුමාන කල හැකි අසාත්මික වියහැකි දේ සටහන් කර ඒවායෙන් ඈත්කර තැබීමයි!!
සැයු - මෙහිදී දේශීය වෛද්‍ය ප්‍රතිකාර කිසිසේත් අහක දැමිය නොහැක.
-සුවපත් වෙවා!!