විශේශ ප්‍රශ්නයක් නැත්තන් නෝමල් ගනින්. මොකද සීසර් කරපුවම බඩ ටිකක් තියෙනව සහ පසුකාලීන ප්‍රශ්න ගැන කියවෙනව. උබට සල්ලි තියෙනව නම් ප්‍රයිවට් කරපන්, නැත්තන් ආන්ඩුවෙ එකට පලයන්, මට නම් සල්ලි තිබිලත් ගියේ ආන්ඩුවෙ එකට, මගෙ නංගි ඒ කාලෙ ස්ටුඩන්ට් නිසා සහ මම කොහොමත් එහෙම කරන්න හිතන් හිටපු නිසා.
ඔය කෝකත් එකයි. මගෙ යාලුවො ඉන්නව පලවෙනි එකාව ප්‍රයිවෙට් අරන් දෙවනි එකාව ආන්ඩුවෙ ඉස්පිරිතාලෙන් ගත්ත අය. උබට බය අඩු තැනකට් පලයන්. යන්න කලින් උබල පෙන්නන ඩොක්ටර්ගෙ වාට්ටුව බලල ඉදපන්. මොකඩ ඒ මනුස්සය වාට්ටුව හොදට තියන් ඉන්නව නම් ගොඩක් වෙලාවට ඒකෙ ඉන්න ස්ටාෆ් එකත් හොදයි. නර්ස්ල බනිනව තමයි, මොකඩ සමහර අම්මල කරන පන්ඩිත වැඩ වලට. නික්න් වාට්ටුවක උනත් එහෙමම තමයි. ලමය ලබෙන්න කලින් සහ ලැබුනට පස්සෙ අම්මලට ඇවිදින්න කියනව දෙගොල්ලන්ටම. අම්මල ඕක කරන්න කම්මලියි. කෑම දානව තැන තැන, එක එක සමාජ මට්ටම් වල මිනිස්සු ඉන්නෙ. ඉතින් ප්‍රයිව්ට් කාමරේක වෙනම ඉන්නකොට වගේ නෙමෙයි අම්මලා 20-30ක් බලද්දි ඒ මිනිස්සුන්ටත් තරහ යනව.
වැසින් අදටත් ගහන්නෙ ගමේ ක්ලිනික් එක්න් දෙන එක. නිකන් දෙන නිසා නෙමෙයි, සමහර ඒවා එන්නෙ එකටම, එව්වා ප්‍රයිවෙට් ගහද්දි වෙනම තියෙන්නෙ. එතකොට සමහර එව්වගේ ප්ර්තිචාර වෙනස් කියනව. බෙහෙත් විස වෙලා ලමයි මැරෙනව කියල ඇහෙනව ඉදල හිටල, හැබයි බෙහෙත් ගහන හැම ලමයම මැරෙන්නෙ නැහැ. ඔය ප්‍රයිවට් ගහන එව්වගෙන් ඇලර්ජි වෙන එව්වා එලියට අවිත් කියනවද කවුරුත්.
බෙහෙත් විස වෙලා ලමයි මැරෙනව කියල ඇහෙනව ඉදල හිටල, හැබයි බෙහෙත් ගහන හැම ලමයම මැරෙන්නෙ නැහැ. ඔය ප්‍රයිවට් ගහන එව්වගෙන් ඇලර්ජි වෙන එව්වා එලියට අවිත් කියනවද කවුරුත්.
මට ලමයි දෙන්නයි. ලොකු එක්කෙනා හැරුනේ නැති නිසා සීසර් කරන්න උනා, ඒ නිසාම දෙවනියත් එහෙම්ම ගන්න උනා වයිද්ය උපදෙස් මත. දෙන්නම ආන්ඩුවේ ඉස්පිරිතාලෙ. එකෙක් රාගම, අනික ගම්පහ.
ආන්ඩුවෙ ඉස්පිරිතාල වලට බැන බැන හරි ගියාම මතක තියාගනිල්ල. පුලුවන් හැම වෙලේම ඒකෙ තියෙන පහසුකම් නාස්ති කරන්නෙ නැතුව විනාස කරන්නෙ නැතුව පාවිච්චි කරන්න. මොකඩ වෙන එකෙක් නාස්ති කරපු නිසා තමයි උබට යන්න නොහිතෙන්න බනින්න හිතෙන්න වෙලා තියෙන්නෙ.