උතුරු අප්‍රිකාවට පැමිණි යුරෝපීන්ට එය අත්පත් කරගැනීමට තිබූ ප්‍රධානතම බාධාව වූයේ රතු ඉන්දියානුවන් ඇතුළු ස්වදේශිකයන්ය.රතු ඉන්දියානුවන් මෙන්ම උතුරු අප්‍රිකාව නිජබිම කරගෙන සිටි බයිසන් නම් දැවැන්ත කුළුහරක් විශේෂයද සමූල ඝාතනය කිරීමට යුරෝපීන්ට උවමනා වී තිබිණි.1880 දශකය වන විට බයිසන් ගවයන් මිලියන ගණනක සිට සියගණනක් තෙක් අඩු කරන්නට හිත් පිත් නැති යුරෝපීන් ක්‍රියාකලේය.බයිසන් ගවයන් දඬයම් කෙරුණේ ඔවුන්ගේ හම ලබාගැනීම සඳහාය.මෙම හම් පෙරදිගට සහ යුරෝපයට(විශේෂයෙන් ජර්මනියට ) අපනයනය කෙරුණේ පදම් කල හම් නිපදවීමටයි.මරා දැමුණු බයිසන් ගවයන්ගේ මළ සිරුරු අතහැර දැමිණි.එම සතුන්ගේ ඇට සැකිල්ල පොහොරක් ලෙස යොදාගන්නා ලදි.බයිසන් ගවයන්ගේ අස්ථි ටොන් එකක් එකල ඇ.ඩො. මිලියන 2.50 - 15.00 අතර මුදලකට අලෙවි විය.
ඉහත රූපයේ පෙන්වා ඇත්තේ මරා දමන ලද බයිසන් ගවයන්ගේ හිස් කබල් සහ අනෙකුත් අස්ථි කොටස්ය.එතැන කොතරම් බයිසන් ගවයන් සිටින්නට ඇතැයි අනුමාන කල හැකිද?සමහරක් ගණන් බැලීම්වලට අනුව බයිසන් ගවයන් 180,000කගේ පමණ අස්ථි එහි තිබේ.නූතන යුරෝපීන් උතුරු ඇමෙරිකාවට පැමිණෙන කාලයේ එහි බයිසන් ගවයන් මිලියන 50ක් පමණ සිටින්නට ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.1800 ශත වර්ෂයේදී සිදුකල මහා පරිමාණ දඬයම් කිරීම්වලින් පසුව උතුරු ඇමෙරිකාව තුල බයිසන් ගවයන් 541 ක් තරම් සුළු ප්‍රමාණයක් ඉතිරිව සිටියහ.එම කාලයේදී ගොවිපොළ හිමියන් අතලොස්සකගේ මැදිහත්වීම මත ඉතිරිව සිටි බයිසන් ගවයන් සම්පුර්ණයෙන්ම වඳවී ගිය සත්ව විශේෂයක් වීම වළක්වා ගන්නා ලදි.
බයිසන් ගවයන්ගේ ව්‍යාප්තිය සහ ශරීර ප්‍රමාණය මිනිසෙක් හා සංසන්දනය
උතුරු ඇමෙරිකා ස්වදේශීය ගෝත්‍රයක් වන කොමන්චේ සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්විකයන් 1830 දශකය තුල දකුණුදිග තැනිතලාවේ සිටි බයිසන් ගවයන් වසරකට 280,000ක් බැගින් දඬයම් කර තිබේ.ගිනි අවි සහ අශ්වයන් යොදාගෙන සිදුකල දඬයම් කිරීම් නැගී එන අපනයන වෙළඳපොල එල්ල කරගෙන සිදුකරන ලදි.බයිසන් ගවයන්ගේ මස් සඳහාද හොඳ ඉල්ලුමක් තිබූ නිසා වසරින් වසර ඝාතනය වන බයිසන් ගවයන්ගේ සංඛ්‍යාව ඉහළ ගියේය.
දුම්රිය මාර්ග ඔස්සේ බයිසන් ගවයන් දිව යෑම නිසා සිදුවන අනතුරු නිසා බයිසන් ගවයන් මුලිනුපුටා දැමීමට දුම්රිය ක්ෂේත්රයේ පිරිසටද අවශ්‍යව තිබිණි.එසේම දැවැන්ත රංචු පිටින් ඔවුන් ගමන් කරන නිසා දුම් රිය ගමන් පවා පමාවිය.ඊට පිළියමක් ලෙස දුම් රිය තුල වෙඩික්කරුවන් ගෙන යන ලද අතර මග අවහිර කරන ගවයන්ට ඔවුන් වෙඩි තබන ලදි.
එක්සත් ජනපද හමුදාව විසින් බයිසන් ගවයන් රංචු පිටින් ඝාතනය කිරීම අනුමත කරන ලදි.විවිධ හේතු මත රජයද බයිසන් ගවයන් දඬයම අනුමත කරන ලදි.එකල උතුරු ඇමෙරිකාව පුරා ඇතිකල මහා පරිමාණ සත්ව ගොවිපොළවල ගව,බැටලු ආදී සතුන්ට ආහාර සපයා ගැනීමේදී බයිසන් ගවයන්ගෙන් එල්ල වන තරඟය නැතිකිරීම,උතුරු ඇමෙරිකාවේ ඉන්දීයානුවන්ගේ ජනගහනය අවම කිරීම ආදිය මෙම දඬයම් කිරීම්වලට අනුබල දීම පිටුපස තිබිණි.එක්සත් ජනපද රජය විසින් බයිසන් ගවයන්ගේ හිස් කබලක් වෙනුවෙන් ත්‍යාග මුදලක් ගෙවන ලදි.හමුදාව විසින් බයිසන් ගවයන් මරාදැමීමට නියෝග කලේ ආහාර පිණිස නොවේ,ස්වදේශීය ඇමෙරිකානුවන්ට ආහාර පිණිස බයිසන් ගවයන් ලබා ගැනීම අවම කිරීමටයි.එක් හමුදා ජෙනරල්වරයෙක් විශ්වාස කලේ ස්වදේශිකයන් පැරදවීමට යුරෝපීය සම්භවයක් සහිත සෙබළුන් වසර 50ක් තිස්සේ කල කාර්යයට වඩා වැඩි දෙයක් බයිසන් ගවයන් ගේ දඬයම්කරුවන් සිදුකල බවයි.1880 දශකය වන විට තවදුරටත් මහා පරිමාණයෙන් දඬයම් කිරීමට තරම් බයිසන් ගවයන් ප්‍රමාණයක් ඉතිරිව සිටියේ නැත.
ඉන්පසුව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ පිරිස් සහ පසුකාලීන ඇමෙරිකානු රජයන් බයිසන් ගවයන් සංරක්ෂණයට යොමුවිය.එම නිසා බයිසන් ගවයන් වඳවී යාමෙන් ආරක්ෂා විය.අද වන විය පෞද්ගලික නොවන භූමි ප්‍රදේශවල බයිසන් ගවයන් 500,000ක් පමණ සිටින බව කියවේ.30,000ක් පමණ ගවයන් පෞද්ගලික ගොවිපොළවල ජීවත්වේ.
1884 වන විට එක්සත් ජනපදය තුල ඉතිරිව සිටි වන වාසී බයිසන් ගවයන් ගණන 325කි.ඉන් 25 දෙනෙක් යෙලෝස්ටෝන් වනෝද්‍යානයේ සිටියහ.නව ලෝකය හෙවත් උතුරු ඇමෙරිකාවට යුරෝපීන් එන විට එහි ජීවත්වූ බයිසන් ගවයන් ගණන මිලියන 50කි.
Source:Rarehistoricalphotos.com
-HarshaLulzSec-

