බලපං ඒකාලේ Hi quality ඉලෙක්ට්‍රොනික්ස් බඩු.... සලාකා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ඉස්සර බ්‍රෑන්ඩඩ් බඩු විතරක් තිබුණු නිසා සල්ලි නැති මිනිහා උනත් ණය වෙලා හරි හොඳ බඩුවක් ගත්තා. දැන් අඩු මිලට ලෝ කොලිටි බඩු ගෙන්වන නිසා මුලු වෙළඳපොලම කුල්ල කුජීත වෙලා තියෙන්නේ. සිරිලංකාවේ තියෙන ඩොලර් ටිකත් කුණු ගොඩවල් වලට නාස්ති වෙනවා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    2007/2008 සලකා එක රෙස්ටුර්නට් එකක් උඩම බාර් එක,
    සිකුරදට කලිප්සෝ එකක් ගහනවා , අපි පඩි සතිය් සිකුරදට බොන්නෙ එතනින්, අනිත් දවස් වලට කෝඩේ නිසා එයිට එහයින් සලකගේ මල්ලිගෙ බාර් එක තිබ්බා එහනින් අරන් ඔෆිස් එකෙ පෑන්ට්‍රි එකෙ හොරෙන් තියන් බොනව,

    සලකා එක යට ව්යන්ජන 64 එක්ක බත් එකක් දුන්නා 250 ta
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,072
    113
    On a Cloud
    ඉස්සර මිනිස්සු හොඳ බ්‍රෑන්ඩඩ් බඩු මුට්ටු තමා පාච්ච්චි කරේ.. වොච් එකක් දැම්මත් සාමාන්‍ය මනුස්සයෙක් උනත් ජපනීස් එකක් තමා දැම්මේ.. මැදි ආදායම් තියෙන මිනිස්සු සුව්ස් වොච් පාව්ච්චි කලා. ඒකට අද...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ඉස්සර මිනිස්සු හොඳ බ්‍රෑන්ඩඩ් බඩු මුට්ටු තමා පාච්ච්චි කරේ.. වොච් එකක් දැම්මත් සාමාන්‍ය මනුස්සයෙක් උනත් ජපනීස් එකක් තමා දැම්මේ.. මැදි ආදායම් තියෙන මිනිස්සු සුව්ස් වොච් පාව්ච්චි කලා. ඒකට අද...
    දැන් බාල බඩු කිසිම නියාමනයකින් තොරව මෙසිරිලකට ගලාගෙන එනවා.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    ඉස්සර මිනිස්සු හොඳ බ්‍රෑන්ඩඩ් බඩු මුට්ටු තමා පාච්ච්චි කරේ.. වොච් එකක් දැම්මත් සාමාන්‍ය මනුස්සයෙක් උනත් ජපනීස් එකක් තමා දැම්මේ.. මැදි ආදායම් තියෙන මිනිස්සු සුව්ස් වොච් පාව්ච්චි කලා. ඒකට අද...
    අපේ අප්පච්චි එහෙම පාවිච්චි කලේ සිටිසන් වයින් කරන වොච් එකක්. තාම වැඩ..
    ශිෂ්‍යත්වෙ පාස්උනාට මට අරන් දුන්නෙ කැසියෝ ඩිජිටල් වොච් එකක්.
    ගෙදර තිබුන හයිෆයි එක වික්ටර් (Japan victor company)
    ටීවී එක තිබ්බෙ ඩේට්රෝන් ඊට පස්සෙ සන්යෝ..තිබ්බ ගෑස් කුකර් එකත් ජපන් එකක් යකෝ..
    මෝටර් සයිකලේ වෙස්පා.. කාර් එක පර්ජෝ...

    ඒකට දැං අපි..
    ටීවී එක චයිනීස් එකක්
    නන්බ්රෑන්ඩඩ් වොච්.. නැත්තං ක්ලෝන්ස්
    ඉනොවෙක්ස්, ඉන්දියන් බ්රෑන්ඩ් වලින් උපකරණ..
    අන්තිම බාල බඩු. ප්ලාස්ටික ජරාවල්
    බ්රෑන්ඩඩ් බඩු පට්ට ගනන්..
    වාහන නං ජපන් හැබැයි පරණ කොලිටි නෑ.

    ඒ කාලෙ බඩුවත් මුට්ටුවක් ගත්තාම අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුලුවන්.
    දැන් අවුරුදු දෙක තුනක් යද්දි ඉවරයි..

    කොලිටි ඔෆ් ලයිෆ් බාල වේගන බාල වේගන යන්න
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,742
    113
    අපේ අප්පච්චි එහෙම පාවිච්චි කලේ සිටිසන් වයින් කරන වොච් එකක්. තාම වැඩ..
    ශිෂ්‍යත්වෙ පාස්උනාට මට අරන් දුන්නෙ කැසියෝ ඩිජිටල් වොච් එකක්.
    ගෙදර තිබුන හයිෆයි එක වික්ටර් (Japan victor company)
    ටීවී එක තිබ්බෙ ඩේට්රෝන් ඊට පස්සෙ සන්යෝ..තිබ්බ ගෑස් කුකර් එකත් ජපන් එකක් යකෝ..
    මෝටර් සයිකලේ වෙස්පා.. කාර් එක පර්ජෝ...

    ඒකට දැං අපි..
    ටීවී එක චයිනීස් එකක්
    නන්බ්රෑන්ඩඩ් වොච්.. නැත්තං ක්ලෝන්ස්
    ඉනොවෙක්ස්, ඉන්දියන් බ්රෑන්ඩ් වලින් උපකරණ..
    අන්තිම බාල බඩු. ප්ලාස්ටික ජරාවල්
    බ්රෑන්ඩඩ් බඩු පට්ට ගනන්..
    වාහන නං ජපන් හැබැයි පරණ කොලිටි නෑ.

    ඒ කාලෙ බඩුවත් මුට්ටුවක් ගත්තාම අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුලුවන්.
    දැන් අවුරුදු දෙක තුනක් යද්දි ඉවරයි..

    කොලිටි ඔෆ් ලයිෆ් බාල වේගන බාල වේගන යන්න
    It's called planned obsolescence. Things started to go downhill when companies shifted their focus on maximizing shareholder wealth with widest margins
     
    • Like
    Reactions: kinkon

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,384
    6,109
    113
    දැන් එන්නේ අඩු මිලට බදු. කොලිටි නෑ. ඉස්සර බදු ගණන්. කොලිටිය උපරිම. අවම ආයු කාලය අවරුදු දහයක්. කැඩුනත් ලේසියෙන්ම හදා ගන්න පුළුවන්
     
    • Like
    Reactions: War Fighter

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113

    මේකේ පෙන්නන රේඩියෝ එක අපේ ගෙදර තියනවා...උඹලට කියන්න ...1990 ගනන් වල ගත්තු එකක්...අදටත් රේඩියෝ එකට කැසට් එකක් දාලා ..සින්දු අහන්න පුලුවන්...ඕනම චැනල් එකක් අහන්න පුලවන්. - නැෂනල් පැනසොනික් රේඩියෝ (දැන් තමයි මේක කම්පැනි 02 ක් වෙලා තියෙන්නේ..ඉස්සර තනි එකක්). නිකමට හිතනප් 2026 වෙනකන් සුපිරියට අහන්න පුලුවන් වුනේ ඇයි කියලා?? හොරාට ..බොරු වට හදලා නෑ...ඒ කොලිටි එක උන් මේන්ටේන් කරපු නිසා...

    ඒවගේම 1990 ගනන් වල ගත්තු බිත්ති ඔරලෝසුවක් අපේ ගෙදර තියනවා...අදටත් සුපිරියට වැඩ ! බ්‍රෑන්ඩ් එක කැෂියෝ
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,017
    2
    15,763
    113

    දැන් තියෙන ප්‍රශ්නෙ එහෙම කොලිටි බඩු ගන්න හිතෙන් නෑනෙ කාටවත්. ගාණ අඩු එකක්ම ගන්නවා, පාවිච්චි කරල විසික් කරන එක ලාබයි. එ‍් නිසාම ඉතින් කොලිටි බඩු විකිණෙනවත් අඩුයි, ගෙන්නනවත් අඩුයි. ඉතින් තියෙන එ‍්වා සෑහෙන ගණන්.

    සරලවම කියනවා නම් දැන් බඩු මුට්ටුත් subscription model එකේ යන්නෙ. අවුරුද්දකින් වගේ තියෙන එක විසික් කරල අලුත් එකක් ගන්නවා. එකපාර ලොකු ගාණක් දීලා අරන් කාලයක් තියා ගන්නවට වඩා අ‍ැත්තටම ලේසියිනෙ.

    ගෙයක් හදද්දි වුණත් බලහන්කො. සාමාන්‍ය මිනිස්සු ගොඩක් වෙලාවට බලන්නෙ අඩුම වියදමෙන් කරගන්න. ටැප් එකක් වුණත් හොඳ වර්ග දාන්න දෙයක් නෑනෙ. ඕන හාඩ්වෙයාර් එකක 250 ට තියෙනවා. ඉතින් වතුර එන වැඩේ වෙනවා නම් අවුරුද්දෙන් වොෂර් ගියාම අ‍ායෙ එකක් ගෙනත් දාන එක ලාබයි, එකපාර තුන් හාරදාහක් දීලා අරන් එ‍් වැඩේම සිද්ධ වෙනවට වඩා.