මාත් පොඩි කාලෙ ඕක තමයි ජොබ් එක
අපේ තාත්තා ඔය වැඩ දන්නවා ඒ කාලෙ PCB වල නෙමයි සර්කිට හැදුව, ෆෝමිකා ශීට් වල හිල් හදලා කෑලි දාලා අනෙක් කම්බි පැත්තෙන් පාස්සලා තමයි හදන්නෙ
ඒ කාලෙ ඕවට කෑලි ගන්න සල්ලි නැහැ, අපෙ ගෙදර ලොකු වත්තක් තියනවා ඒක වටේටම පුවක් ගස් තියනවා ඒවා කඩලා විකුනලා තමයි ගොඩක්ම සල්ලි හොයාගත්තෙ (අදටත් තියන මොකක් හරි රෙදි කෑල්ලකින් වලල්ලක් අටවගෙන සුටුස් ගාල පුවක් ගහක හරි පොල් ගහක හරි නැගගන්න පුලුවන් ඒ කාලෙ පුරුද්දට)
දැන් ඕන තරම් කෑලි ගන්න සල්ලි තියනවා සංකීර්ණ දේවල් හදන්න දැනුමත් තියනවා ඒත් වෙලාව නැතිකම තමයි තියෙන්න, ඒ උනාට දැනටත් මාසෙකට එක සර්කිට් එකක් හරි අටවලා බලනවා, කවදා හරි පොඩි එකෙක් හැදුනම ඒකට මේ සේරම කියල දෙන්න ඕන
ඒ කාලෙ දුර වැඩ කරන ට්රාන්ස්මීටර් එකක් හදාගන්න හෙන ගේමක් දුන්නා, පස්සෙ BFY-51 සර්කිට් එක හොයන් හැදුවා එයිටත් පස්සෙ,ඒකටම 2n3553 දාල පවර්ෆුල් ට්රාන්ස්මීටරයකුත් හදාගත්තා