බල්ලාගේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන්ලා අපේ ගෙදර ඉන්න බල්ලාගේ ඇසේ සුද එනවා. මේකට කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද? මම බෙස්ට් කෙයාර් ඇනිමල් හොස්පිටල් එකට කතා කළා. එයාල කිවා ඇසේ සුද ඉවත් කරන ශල්‍යකර්ම එයාල කරන්නේ නැහැ කියලා. දන්නා කෙනෙක් කියනවද මේ වගේ සර්ජරි එකක් කරන්න පුළුවන් ඇනිමල් හොස්පිටල් එකක් ලංකාවේ කොහෙද තියෙන්නේ කියලා.
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරිකොතේ හාමුට කියපන්.. හාමු බල්ලව මවුන් එලිසබත් යවල බේත් අරන් දේවි..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන්ලා අපේ ගෙදර ඉන්න බල්ලාගේ ඇසේ සුද එනවා. මේකට කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද? මම බෙස්ට් කෙයාර් ඇනිමල් හොස්පිටල් එකට කතා කළා. එයාල කිවා ඇසේ සුද ඉවත් කරන ශල්‍යකර්ම එයාල කරන්නේ නැහැ කියලා. දන්නා කෙනෙක් කියනවද මේ වගේ සර්ජරි එකක් කරන්න පුළුවන් ඇනිමල් හොස්පිටල් එකක් ලංකාවේ කොහෙද තියෙන්නේ කියලා.

    http://www.petsvcare.com/index/index.php
    Union place වල PETvCARE ල ගෙන් අහල බලන්න
    අපේ බල්ලාට නම් සුද එන මුල් කලෙම් දුන්න බේතක් දන්නා සුද එන එක අඩු කරන්න පුළුවන් කියල. උ e බේත් දන්න දුන්නේ නම් නෑ. e නිසා සාර්ථක ද නැද්ද කියල කියන්න නම් දන්නේ නෑ
     
    Last edited:

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    මචන්ලා අපේ ගෙදර ඉන්න බල්ලාගේ ඇසේ සුද එනවා. මේකට කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද? මම බෙස්ට් කෙයාර් ඇනිමල් හොස්පිටල් එකට කතා කළා. එයාල කිවා ඇසේ සුද ඉවත් කරන ශල්‍යකර්ම එයාල කරන්නේ නැහැ කියලා. දන්නා කෙනෙක් කියනවද මේ වගේ සර්ජරි එකක් කරන්න පුළුවන් ඇනිමල් හොස්පිටල් එකක් ලංකාවේ කොහෙද තියෙන්නේ කියලා.

    මචන් අපේ බල්ලගෙත් ඔය ප්‍රශ්නෙම තියෙනව.. එත් ගොඩක් වයස නිසා ඔපරේට් කලේ නැ. දැන් එක ඇහැක් තමා පේන්නෙ..අවුලක් නම් නැ. සාමාන්ය විදියට ඉන්නව.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    peradeniya veterinary teaching hospital ekata call karala balapan. aniwa saneepa karala dei


    http://www.petsvcare.com/index/index.php
    Union place වල PETvCARE ල ගෙන් අහල බලන්න
    අපේ බල්ලාට නම් සුද එන මුල් කලෙම් දුන්න බේතක් දන්නා සුද එන එක අඩු කරන්න පුළුවන් කියල. උ e බේත් දන්න දුන්නේ නම් නෑ. e නිසා සාර්ථක ද නැද්ද කියල කියන්න නම් දන්නේ නෑ

    මචන් අපේ බල්ලගෙත් ඔය ප්‍රශ්නෙම තියෙනව.. එත් ගොඩක් වයස නිසා ඔපරේට් කලේ නැ. දැන් එක ඇහැක් තමා පේන්නෙ..අවුලක් නම් නැ. සාමාන්ය විදියට ඉන්නව.


    ඇස් දෙකේම ආවද ?






    Peradeniye Vet Faculty Teaching Hospital eken nam karaganna puluvan wei.

    https://vet.pdn.ac.lk/vth/index.php


    Thanks bro. I will call them




    Thank you so much. I will check and let you know.




    Thanks
    .



    Thanks for the bump
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    මචන්ලා අපේ ගෙදර ඉන්න බල්ලාගේ ඇසේ සුද එනවා. මේකට කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද? මම බෙස්ට් කෙයාර් ඇනිමල් හොස්පිටල් එකට කතා කළා. එයාල කිවා ඇසේ සුද ඉවත් කරන ශල්‍යකර්ම එයාල කරන්නේ නැහැ කියලා. දන්නා කෙනෙක් කියනවද මේ වගේ සර්ජරි එකක් කරන්න පුළුවන් ඇනිමල් හොස්පිටල් එකක් ලංකාවේ කොහෙද තියෙන්නේ කියලා.

    ගම්පහ Animal Hospital එකටත් වඩා බන් ගම්පහ වටරවුමෙ ඉදන්(ජායල පාරට එහෙම හැරෙන්න තියෙන එක) පහළගම පාරෙ යනකොට බුදු පිළිමෙ ළගින් වමට හැරිලා ගනේමුල්ල පැත්තට ගියාම(පහළගම පන්සලත් හම්බෙනව) හම්බෙනව බන් ‌ඩොක්ටර් ආන්ටි ‌කෙනෙක්‌ගෙ Private Animal Vaccination Center එකක්...ඒ ඩොක්ටර් ආන්ටිට ට කියපං...වැඩ ‌හොදයි...අපේ බැල්ලියෙක් වීදුරුවකට කපාගෙන ඔපරේෂන් එක කරලා මැහුම් දැම්මෙත් ඒ ඩොක්ටර් තමයි බන්...බැල්ලි ‌ගොඩක් කපාගෙන හිටියෙ...ඒත් ඩොක්ටර් ‌කො‌‌හොමහරි ‌හොදකළා...Animal Hospital වල සල්ලි සූරං කනව විතරයි බන්...වැඩ නෑ හරියට...ඒත් බැයිනම් උඹ අස්ගිරිය පැත්තෙ සුදර්ශන(‌කෝපිකොටුව) ඉස්කෝලෙ ඇතුළෙ පාරෙ ඩොක්ටර් ශානිකා‌ගෙ Vaccination Center එකට(Ann's Animal Clinic) පලයන් බන්...එයත් ‌හොදයි ඔිවට...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මචං මම දැක්කා ටික දවසකට කලින් බල්ලන්ගේ වෛරස් එකක් ගැන කියනවා..... ඇස් සුදු වෙන.... කොකටත් පශූවෛද්‍ය ගාවට එක්කන් පලයන්....
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මිනිසුන්ටත් බෝවෙන බල්ලන්ගෙ ලෙඩක් ගැන භයානක ආරංචියක්
    👤 2414 readers have read this article !
    By mawbima 2019-01-13

    මිනිසා සහ සුනඛයා අතර තිබෙන්නා වූ බැඳීම වසර 50,000ක් තරම් අෑත කාල පරාසයකට දිවයන බවට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි මඟින් තහවුරු වී ඇත. එදා මෙදාතුර මිනිස් ජීවිතයට ඉතාමත්ම සමීප වූ සුනඛයන් සම්බන්ධයෙන් අප හට විවිධ වූ අත්දැකීම් ඇත.

    ඒ අතරින් තම ස්වාමියාගේ වියෝව දරාගත නොහැකිව කඳුළු සැලූ සුනඛයන්, හමුදා පුහුණුව ලත්, ගෞරව සම්මානයට පාත්‍ර වූ සුනඛයන්, විවිධ ක්‍රියාදාම චිත්‍රපටවල රංගනයේ යෙදුණු සුනඛයන් පිළිබඳ අපි අසා දැන ඇත්තෙමු. ඒ ආකාරයට මෑතකදී අපිට දැන ගැනීමට ලැබුණු ආසන්නතම සුනඛ ප්‍රවෘත්තිය වූයේ ගින්නෙන් පුළුස්සා මරා දැමූ චාලි නම් සුනඛයා පිළිබඳවයි. චාලි සම්බන්ධයෙන් අවධානය හා වේදනාව මුසු කතා පැතිර යද්දී සුනඛයන් සම්බන්ධයෙන් තවත් අලුත් කතාවත් කරළියට පැමිණ තිබේ.

    එය සිත්ගන්නාසුලු වූ එකක් නොවන අතර එය සැබැවින්ම බොහෝ දෙනකුගේ සිත්සතන්වලට සැකමුසු බියක් ගෙනදෙන්න සමත් වූ පුවතකි. සුනඛයා ගෘහාශ්‍රිතව ජීවත් වීමට පටන් ගත් දා සිටම ඔවුන්ගේ හැසිරීම්, ඇවතුම් පැවතුම්, චර්යා රටා, හැඟීම්, ලෙඩදුක් ආදිය පිළිබඳ මනා අවබෝධයක් මිනිසාට ලැබී ඇත. තම නිවෙසේ ආදරයට ඇති කරන සුරතල් සුනඛ සුරතලාගේ පුංචි අසනීපයක් වුව නිවැසියන් පීඩාවට පත් කරන්නේ එබැවිනි. එබැවින් දැනට සුනඛයන් හා බළලුන් වැඩි වශයෙන් ගොදුරු වන රෝග පිළිබඳ සතුන් සුරතලයට ඇති කරන පුද්ගලයන්ට අවබෝධයක් හා දැනුමක් ඇත.

    එහෙත් අලුතින් කරළියට පැමිණි රෝගය සම්බන්ධයෙන් ඒ ප්‍රාමාණික දැනුමක් පශු වෛද්‍යවරුන්ට හෝ සතුන් හිමිකරුවන්ට නොමැත. බොහෝ දෙනකු තවමත් දන්නේ Rabies, Ringworm, Kennel Cough, Heartworm, Diabetes Cancer හා කිනිතුල්ලන් වැනි පරපෝෂිතයන්ගෙන් වැලඳෙන්නා වූ රෝග සම්බන්ධයෙන් පමණි. එබැවින්ය Trypanosoma නු තවමත් අපට හුරු පුරුදු නැති රෝගී තත්ත්වයකි. අප්‍රිකාව, බ්‍රසීලය වැනි රටවල මෙම රෝගය වැලඳුණු සුනඛයන්, බළලුන් සහ මිනිසුන් හමුවුවත් ශ්‍රී ලංකාව තුළින් මෙම රෝගය වාර්තා වූයේ ප්‍රථමවරටය. ඒ බළන්ගොඩ හා මුලතිව් ප්‍රදේශයේ ගෘහාශ්‍රිතව විසූ ජර්මන්
    ෂෙපර්ඩ් සුනඛයන් දෙදෙනකු වෙතිනි.

    Trypanosoma රෝගයෙහි භයානකම තත්ත්වය වන්නේ එය වැලඳුණු සත්ත්වයන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමයි. මෙරටට වසංගත මෙන් පැමිණි ආක්‍රමණශීලී කුරුලු උණ, ජලභීතිකාව, මී උණ, මහාමාරිය වැනි බොහොමයක් රෝගවල වාහකයා බවට පත් වූයේද ගෘහාශ්‍රිතව ජීවත්වන සත්ත්වයන්ය. එබැවින් මිනිසුන්ට වැලඳෙන 60%ක් රෝගවල වාහකයා වන්නේ ඔබ නිවෙසේ ආදරයෙන් ඇති දැඩි කරන බළලුන්, බල්ලන්, හාවුන්, ලේනුන්, පක්‍ෂීන්, මත්ස්‍යයන් වැනි සත්ත්වයන් බවද කිව යුතුය.

    එවැනි රෝග මෙන්මTrypanosomaරෝගයද මිනිසාට වැලඳීමේ සම්භාවිතාව 100%ක් බවට තහවුරු වී ඇත. මේ වන විටත් බ්‍රසීලය, අප්‍රිකාව වැනි රටවල බොහෝ මිනිසුන් මෙම රෝගයට ගොදුරුවී ඇත. එබැවින් මෙකී භයානක පෙරනිමිති මේ වන විට අප රට තුළත් පහළවී හමාරය. විවිධ සංකූලතා ඇති කරන්නට සමත්වන මෙම භයානක රෝගය පිළිබඳ දැන ගැනීම සඳහා අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සම්බන්ධ කර ගතිමු.

    “ Trypanosoma කියන රෝගය මෙරටට අලුත්, ලොව විවිධ රටවල මෙම රෝගය වාර්තා වුණත් අප රට තුළ මෙම රෝගය පිළිබඳ වාර්තා වූයේ පළමු වතාවටයි. දැනට මාසයකට පමණ පෙර කොපමණ ප්‍රතිකාර කළත් සුව නොවන අක්‍ෂි රෝගයක් පෙන්නුම් කළ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයෙක්ව අප විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට එව්වා. සාමාන්‍යයෙන් පශු වෛද්‍යවරුන්ට සොයාගත නොහැකි රෝගී තත්ත්වයන් තිබෙන සතුන් අප වෙතට එවනවා. මෙම රෝගී සුනඛයා වාර්තා වුණේ බළන්ගොඩ ප්‍රදේශයෙන්. ගෙනෙන විටත් ඇස් දෙකම සුදුපැහැ ගැන්විලා දෘෂ්ටිය නැතිවෙලා තිබුණේ. අපි ප්‍රතිකාර කළත් සුවයක් තිබුණේ නැහැ.

    පසුව මම මගේ ශිෂ්‍යයෙක් වන පශු වෛද්‍යවරයෙක්ට කිව්වා ටි්‍රපනසොමාද කියලා පරීක්‍ෂණ කරලා බලන්න කියලා. පසුව එම පර්යේෂණ මඟින් තහවුරු වුණා එම සුනඛයාට තිබෙන්නේ ටි්‍රපනසොමා බව.

    අපි සුනඛයාට ප්‍රතිකාර කිරීමට පටන් ගන්නා විටත් රෝගය ව්‍යාප්ත වෙලා තිබුණු නිසා අපිට රෝගී සතාව බේරගන්න බැරි වුණා.

    ඉන් දින කීපයකින් අනතුරුව මුලතිව් ප්‍රදේශයෙනුත් මෙම රෝගය වැලඳුණු ජර්මන් ෂෙපර්ඩ් සුනඛයෙක් අප වෙත රැගෙන ආවා. රෝගය වැලඳුණු සැණින්ම ගෙන ආ නිසා අපිට එම සත්ත්වයා සුව කර ගැනීමට හැකියාව ලැබුණා.

    මෙම රෝගයේ තිබෙන අවදානම තමයි මෙය රෝගී සත්ත්වයාගෙන් මිනිසාට බෝ වීමට හැකිවීම. එය ඉතාම භයානක තත්ත්වයක්. අනෙක් කාරණය තමයි මෙය තවමත් අලුත් රෝගී තත්ත්වයක් නිසා බොහෝ දෙනෙක් මේ ගැන දන්නෙ නැහැ. ඒ නිසා නිවෙසේ ඇති කරන සුරතලාට මේ රෝග ලක්ෂණ පහළ වුණාම සාමාන්‍ය රෝගයක් කියලා තමයි ඔවුන් සිතන්නේ.

    ටි්‍රපනසොමා රෝගය ප්‍රධාන කාණ්ඩ කිහිපයක් තිබෙනවා. Trypanosoma brucei, Trypanosoma cruzi ආදී වශයෙන් ඒවා හැඳින්වෙනවා. ඒ නිසා අපි තවමත් නිශ්චිතව සොයාගෙන නැහැ මේ සතුන් දෙදෙනාට වැලඳුණේ කුමනTrypanosoma වර්ගයද කියලා. කොහොම නමුත් මේ රෝගය වැලඳුණු බවට සැක කළ හැකි නිශ්චිත රෝග ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ඇස්වල රෝගයක් විදියට තමයි මූලිකවම පෙනෙන්නේ. ක්‍රියාශීලී බව ක්‍රමයෙන් අඩු වන්නට පටන් ගන්නවා.

    නිතරම නිදාගන්න බලනවා. පසුව ඇස්වල පැහැය සුදු පැහැ වෙලා ජිල් බෝලයක් වගේ පෙනෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී සතාගේ පෙනීම නැති වෙනවා. මේක මිනිසුන්ට බෝ වෙන්න පුළුවන්. නමුත් රෝග ලක්ෂණ වෙනස්. මුළු ශරීරය පුරාම කුෂ්ට රෝගයක් ආකාරයට පැතිරී යන චර්ම රෝගයක් ආකාරයට මෙය පැතිරෙනවා. ඊට අමතරව තවත් අනතුරුදායක සංකූලතා ඇති විය හැකියි.'

    ගෙදර ඉන්න සුනඛයාට හෝ බළලාට මෙම රෝගයේ ඉහත කියපු රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම පශු වෛද්‍යවරයෙක් වෙත රැගෙන යා යුතුයි. සෑම පශු වෛද්‍යවරයෙක් සතුවම මෙම රෝගයට ප්‍රතිකාර තිබෙනවා. ඉක්මනින් මුල් අවස්ථාවේම රෝගයට ප්‍රතිකාර කළොත් සත්ත්වයාව සුව කරගන්න පුළුවන්.

    මෙම රෝගයේ ප්‍රධාන වාහකයා වෙන්නේTsetse (ටෙස්ටිසේ) කියන මැස්සා. නමුත් අපේ රටේ මේ වන විට කරපු පරීක්ෂණ අනුව මෙම මැසි වර්ගය ලංකාවේ නැහැ. රෝගී සුනඛයන් දෙදෙනා ජීවත් වූ බළන්ගොඩ සහ මුලතිව් ප්‍රදේශයෙන් මෙම මැස්සා සොයාගන්න නැහැ. නමුත් මෙම රෝගය එම සත්ත්වයන්ට වැලඳිලා තිබුණා.රෝග වාහකයෙක් නැතිව රෝගයක් බෝවෙන්නේ නැහැ.

    අපිට වාර්තා වුණු තොරතුරුවලට අනුව මේ සුනඛයන් දෙදෙනා සැන්දෑ කාලයෙහි නිවෙසින් පිට ඇවිදින්න ගොස් තිබෙනවා. මෙම සතුන් දෙදෙනා එම වෙලාවල් තුළදී තමයි රෝග වාහකයාට නිරාවරණය වී තිබෙන්නේ. ඒ අනුව අපි නිගමනයකට පැමිණියා කියුලෙක්ස් මදුරුවා හෝ කිසින්ග් බග් කියන සතා මඟින් මෙම රෝගය බෝවීමට හැකි බව. නමුත් කියුලෙක්ස් මදුරුවන් එහි නැහැ. කිසින්ග් බග් නම් සත්ත්වයන් සිටිනවා. අනෙක් කාරණය තමයි කිසින්ග් බග් රාත්‍රියට පමණයි එළියට එන්නේ. ඒ අනුව අපි පරීක්ෂණ කරගෙන යනවා. කිසින්ග් බග්ගෙන්ද රෝගය පැතිරෙන්නේ කියලා. නමුත් එය තවම නිශ්චිතව කියන්න බැහැ.

    පර්යේෂණ මට්ටමේ තිබෙන නිසා. කෙසේ නමුත් රෝග වාහකයෙක් සිටින නිසා තමයි මෙම රෝගය ලංකාවට පැමිණිලා තියෙන්නේ. මේ පිළිබඳව නිවැරැදි තොරතුරු සෙවීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය, සත්ත්ව විද්‍යා අංශය, විද්‍යා පීඨය, සම සෞඛ්‍ය අංශය සහ සෞඛ්‍ය දෙපාර්තමේනතුව අත්වැල් බැඳගෙන මෙහෙයුමක නිරත වෙනවා. ඒ නිසා ඉදිරියේදී රෝගය පතුරුවන රෝග වාහකයා පිළිබඳව නිශ්චිතවම කියන්න හැකි වෙයි.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තම නිවෙසේ මෙන්ම නිදැල්ලේ හැසිරෙන සුනඛයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඔවුන්ටත් ඇස් සම්බන්ධ අසනීපයක් වැලඳී තිබෙනවා නම් වහාම ළඟම සිටින පශු වෛද්‍යවරයා වෙතට එම සතාව යොමු කරන්න කියන පණිවුඩයයි. එහෙම වුණොත් මේ රෝගය පැතිරෙන එක අවම කරගන්න අපිට පහසු වෙයි.

    අරුණි මල්ලවආරච්චි

    සෙංකඩගල -
    කෝකිල
    සමීර
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    බොන්න බේතක් දෙනව මචන් අපේ එකාට ගෙනවා . ඔපරේෂන් කරන්න පුලුවන් ගනන් යනවා. ගොඩක් නැත්තම් දැන්ම වෙට් කෙනෙක් ගාවට ගෙනියන්න. උබට ලෙඩක් උනාම කෝල් දෙනවද බන් හප්පෝ
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මචන්ලා අපේ ගෙදර ඉන්න බල්ලාගේ ඇසේ සුද එනවා. මේකට කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද? මම බෙස්ට් කෙයාර් ඇනිමල් හොස්පිටල් එකට කතා කළා. එයාල කිවා ඇසේ සුද ඉවත් කරන ශල්‍යකර්ම එයාල කරන්නේ නැහැ කියලා. දන්නා කෙනෙක් කියනවද මේ වගේ සර්ජරි එකක් කරන්න පුළුවන් ඇනිමල් හොස්පිටල් එකක් ලංකාවේ කොහෙද තියෙන්නේ කියලා.

    There is drug that dissolve cataract (approved by FDA) for companion animals
    May be it is available in SL too.