බල්ලෙක් කෑවොත්!
මේ ත්‍රෙඩ් එකේ බල්ලෝ අපිව බයිට් එකට ගන්න එක ගැන කතා කරන්නේ ලංකාවේ රේබීස් වෛරසය අරගෙන යන ප්‍රධාන සත්ව කාණ්ඩය බල්ලෝ නිසා. බල්ලොන්ට අමතරව පූසෝ, හාවෝ, වඳුරෝ, රිලව්, මුගටියොංගෙන් වුනත් අපිට රේබීස් වෛරසය ශරීරගත වෙන්න පුලුවන්.
1.අපේ බුවාලාට තියෙන කඩි කුලප්පුවට සතෙක් දැක්කම, ඌව කුලප්පු කරලා ගන්නකම් ඉවසුමක් නෑ. සතාට වුනත් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා. බල්ලා වුනත් ඉවසලා ඉවසලා බැරිම තැන,නහුතෙට තද වෙලා ගේමට එන්ටර් වෙලා බීෆ්/පෝක් රස බැලුවම ඉතින් බල්ලෑ කෑවෝ කියාගෙන හොස්පිටෑල් දුවන්න තමයි ඉතුරු වෙන්නේ.

2. සමහර වෙලාවට, සතා අපිව හපන්නේ පොරගෙ ආරක්ශාවට. අපි වුනත් ආතල් එකේ හීනයක් බලාගෙන නිදි කිරා වැටීගෙන ඉන්න වෙලාවක, මොකෙක් හරි ඇවිත් අපේ වල්ගේ ( කකුල කකුල
) පෑගුවොත් අපිට වුනත් පාගපු එකාගේ කකුල කඩන් කන්න හිතෙනවා නේ. සත්තුන්ටත් එහෙම තමයි 

3. ඇත්තටම රේබිස් හැදිච්ච බල්ලෙක් ලෙඩේ නිසාම අපිව හපන්නත් පුලුවන්.
Rhabdoviridiea කියන RNA වෛරස් කුලයෙන් තමයි රේබීස් කියන ලෙඩේ හැදෙන්නේ. අදාල ලෙඩේ තියෙන සතෙක්ගේ කෙලවලින් වෛරසය පැතිරෙනවා. සතා අපිව කෑවොත්, සතාගේ කෙල අපේ ශ්ලේශ්මල පටල එක්ක මිශ්‍ර වුනොත් අපිට ලෙඩේ බෝවෙන්න පුලුවන්.
අපේ ශරීරයට ඇතුල් වෙන වෛරසය, අපේ ස්නායු, මාංශපේශි වල ගුණනය වෙනවා. මෙහෙම වෛරස් ප්‍රමාණය වැඩි කරගෙන, ඒ වෛරස් අපේ ස්නායු පද්ධතිය දිගේ මොළය වෙන ගමන් කරනවා. මේ ක්‍රියාවලියට ගතවන කාලය වෛරසය ශරීරයට ඇතුලු වන ස්ථානය, අපේ ප්‍රතිශක්තිය, ඇතුලු වුණ වෛරස් ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් සති 2 ඉඳලා අවුරුද්දක් දක්වා වුනත් රෝග ලක්ශන මතු වෙන්න තියෙන කාලය වෙනස් වෙන්න පුලුවන්.
ප්‍රතිශක්තිය නැති කෙනෙක්ගේ නම් මෙන්න මේ රෝගලක්ශන මතු වෙනවා.
Paralysis
paranoia
hallucinations
confusion
agitation etc
සහ හැමෝම දන්න hydrophobia නැත්නම් ජලභීතිකාව
මේ රෝගලක්ශන ආවොත් නම් ගොඩ දාගන්න ගොඩක් අමාරුයි. 10% අඩු ප්‍රතිශතයක් තමයි ගොඩ යන්නේ. 

බල්ලෙක් කෑවොත් අපි ගෙදරදි මොකක්ද කරන්න ඕන?
1.මුලින්ම බලන්න බල්ලා කොහෙද කාලා තියෙන්නේ කියලා සහ කොච්චර තුවාල තියෙනවද කියලා
2.ඊලඟට වහාම වතුර සහ සබන් වලින් විනාඩි 5ක් වත් මේ තුවාල සේරම හොඳින් සෝදන්න ඕන. මෙහෙම කොරාම තුවාලේ තියෙන විශබීජ ප්‍රමානය අඩු කරගන්න පුලුවන්.
3. ඊලඟට දඩාවතේ යන වල් බල්ලෙක් නම් කෑවේ ඒ තුවාල පිරිසිදු රෙදිකෑල්ලකින් ආවරණය කරගෙන "වහාම" ඉස්පිරිතාලයකට එන්න
වහාම කිව්වේ පුලුවන් ඉක්මනින්ම. සමහර බුවාලා ගිය මාසේ බල්ලා කෑවනම්,නාලා, කාලා, ගමේ ගිහිල්ලා, චන්දේ දාලා යන එන ගමන් මේ මාසේ ඉස්පිරිතාලේ ඇවිත් යන්න එනවා. එහෙම කරලා නම් වැඩක් නැත. ශරීරගත වුන විසබීජ, ඒ වෙනකොට ස්නායු දිගේ ගමන් කරන්න පටන් අරගෙනත් ඉවරයි

4. හරියට නියමිත පරිදි බෙහෙත් විදපු ගෙදර හදන බල්ලා නම් කෑවේ, දවස් 10ක් බලන්න පුලුවන්, බල්ලගේ හැසිරීම වෙනස් වෙනවද කියලා. හැබැයි ගොඩක් තුවාල තියෙනවා නම්, මූණ, අතේ ඇඟිලි, ජුන්ඩා
වගේ වැදගත් තැනක් නම් හපලා තියෙන්නේ ඉස්පිරිතාලේ එන එක ඇඟට ගුණයි
ඉස්පිරිතාලෙදි මොනවද කරන්නේ??
1. ඉස්පිරිතාලෙට ඇවිත් OPD එකට හරි විශේෂයෙන් හදලා තියෙන ජලභීතිකා යුනිට් එකට හරි යන්න
2. එතන ඉන්න ඩොක්ස් ප්‍රශ්න සෙට් එකක් අහනවා. ඒවට හරි උත්තර දෙන්න ඕන. සාමාන්‍යයෙන් අහන්නේ
-බල්ලා ගෙදර හදන කෙනෙක් ද?
-බල්ලව එන්නත් කරලා තියෙනවද?
-බල්ලව කුලප්පු කරලද හැපුවේ?? නැත්නම් පරණ වෛරක්කාරයෙක් වගේ දැක්ක ගමන් එලෝගෙන ඇවිත් හැපුවද??

-කවදද? කොයි වෙලාවෙද හැපුවේ?? ( මේකට ඩොකාගේ මල ජම්ප්ස් නොකර හරියට උත්තර දෙන්න. උදා- ඊයේ රාත්‍රී 7ට පමණ , නැතුව ඊයේ රෑ හැපුවේ කියලා වැඩක් නෑ )
- ගෙදරදි කරේ මොනවද?
- මීට කලින් බල්ලො කාලා බෙහෙත් විදලා තියෙනවද??
- බෙහෙත් ඇලජික් වෙලා තියෙනවද
- අන්තිමට කෑම කෑවේ කීයටද?
3. ඊට පස්සේ ඩොකා ධර්ම දේශනයකුත් දෙයි
දෙකක් නවාගෙන හිටපු වෙලාවක බල්ලට පයින් ගහලා හපව ගත්තා නම් 

4. ඊට පස්සේ ඔයාව යවනවා සර්ජිකල් කැශුවල්ටි වෝඩ් එකකට/ ජලභීතිකා යුනිට් එකක් තියෙනවා නම් ඒකට

5. ඒකෙදි ආයෙත් පාරක් අර ප්රශ්ණම අහන්න පුලුවන් එතන ඉන්න ඩොක්ස්

6. ඊට පස්සේ ඔයාගේ බර මනිනවා.ශරීර බරට අනුව තමයි විදින්න ඕන බෙහෙත් ප්‍රමාණය තීරණය කරන්නේ.
7. තුවාල වෙලා තියෙන තැන් ඩොකියුමන්ට් කරගන්නවා. තුවාල වෙලා තියෙන තැන අනුව මේජර් එක්ස්පෝශර් එකක් ද මයිනර් එක්ස්පෝශර් එකක් ද කියලා තීරනය කරනවා.
මේජර් එක්ස්පෝශර් එකක් කියන්නේ
-ඔලුව , මූන, බෙල්ල, පපුව, අතේ ඉහල කොටස, අල්ල, ඇඟිලි තුඩු, කකුලේ ඇඟිලි, ලිංගික අවයව සපා කාලා නම් ( ගැඹුරු/නොගැඹුරු )
-මූනේ, ඔලුවේ ගැඹුරු සීරිම් තියෙනවා නම්
-සිරුරේ ඕනම තැනක ගැඹුරු සපා කෑම් තියෙනවා නම්
- ශ්ලේශ්මල පටල සමඟ කෙළ මිශ්‍ර වුණා නම්
- වන සතෙක්/දඩාවතේ යන සතෙක් සපා කෑවා නම්
Minor exposure කියන්නේ
- ඇඟේ අර උඩින් කියපු ස්තාන ඇර අනිත් ස්ථාන වල නොගැඹුරු සපාකෑමක් නම් උදා- බඩ, පිට, බත් කෙණ්ඩ.
- හම ලේ එන්නෙ නැති වෙන්න සපා කාලා නම්. ( දත් පාර හිටින්න )
- කලින් තිබුන තුවාලයකට කෙළ වැටිලා නම්
- පිස්සු බලු ලෙඩේ හැදුන සතෙක් ගේ කිරි බිව්වා නම්

උදා හරක්, එලු කිරි 

8. ඊට පස්සේ තුවාල සහ, සපා කාපු සතා අනුව ARS + ARV දෙකම දෙන්න ඕනද, ARV විතරක් දුන්නම ඇති ද කියලා තීරණය කරනවා
මොනවද මේ ARS, ARV කියන්නේ??
ARS කියන්නේ Anti Rabies Serum. මේකේ තියෙන්නේ Rabies වෛරසයට විරුද්ධව හදපු ප්‍රතිදේහ. ලෝකේ නම් මෙව්වා අස්පයන්ගේ සහ මනුස්පයන්ගේ තරල වල තමයි හදන්නේ. ලංකාවේ නම් වැඩිපුර තියෙන්නේ මිලෙන් අඩු අස්පයන්ගේ තරල වල හදපු ARS. මෙව්වා වල රෙඩි මේඩ් ප්‍රතිදේහ තියෙන නිසා, ඇතුල් වෙලා තියෙන විසබීජ වලට බැස්ටිය දෙනවා
ARV කියන්නේ Anti Rabies Vaccine.මේක 1960 ගණන්වල ඉඳන් පාවිච්චියේ තියෙනවා. දැං පාවිච්චි කරන එන්නතේ රේබිස් වෛරසයෙන් ගන්න ප්‍රෝටින්, අපිට හානිකර නොවන වෛරසයකට බද්ධ කරලා තියෙන්නේ.ලංකාවේ පාවිච්චි කරන්නේ
a. Purified chick embryo cell culture vaccine (PCEC) හෝ
b. Purified Vero cell rabies vaccine (PVRV)
ඒවා ARS වලින් විනාශ නොවුනු වෛරස විනාශ කරලා, තවත් කාලයකයටයාපේ සිරුරේ රේබිස් වෛරසයට විරුද්ධව ප්‍රතිශක්තිය ඇති කරනවා. මේ ප්‍රතිශක්තිය තාවකාලිකයි. ආයෙත් බල්ලෙක් කෑවොත් බෙහෙත් විදින්න වෙන්නේ ඒ නිසයි.
9. හරි ARS/ARV ගැන දැනගත්තා නේ. දැං බලමු ARS විදින්නේ කොහොමද කියලා. ඔයාගේ බර 5න් බෙදලා විදින්න ඕන ARS මාත්‍රාව මිලිලීටර් වලින් ගන්නවා. උදා බර 60 නම් 12ml විදින්න ඕන. මේ ප්‍රමාණයෙන් භාගයක් තුවාලයට සහ, ඉතුරු භාගය thighs වලට විදිනවා. තුවාල ගොඩක් තියෙනවා නම් වැඩිපුර සේලයින් දාලා සෑම තුවාලයකටම විදින්න පුලුවන් විදියට පරිමාව වැඩි කරගන්නවා
10. පරිමාව ගණනය කරගත්තට පස්සේ ARS ඇලජික් වෙනවද බලන්න, sensitivity test කියලා එකක් කරනවා. ඒකෙදි ARS 0.1 ml අතේ හමට විදලා, විනාඩි 20කින් බලනවා රතු වෙලා, පලු දාලා, කසන්න අරගෙනද කියලා. එහෙම වෙනවා නම් වෛද්‍යවරයාට වහාම දැනුම් දෙන්න ඕන
11. ඇලජික් නැත්නම් විනාඩි 20කට පස්සේ තුවාල 70% Alcohol or providine Iodine වලින් සෝදලා අදාල බෙහෙත් පරිමාව තුවාල වලට සහ thighs වලට විදිනවා.
12. බෙහෙත් විදපු ගමන් කඩාගෙන ගෙදර යන්න බෑ. පැය 2ක් වාට්ටුවේ ඉන්න ඕන, වැරදිලාවත් ඇලජික් වෙනවද බලන්න
13. Sensitivity Test එක positive වුන අයගේ තත්වය නම් සෝචනීයයි. එයාලට operation theatre එකට යන්න වෙනවා. එතනදි තමයි බෙහෙත් විදින්නේ. ඇලජික් වුනොත් දෙන්න ඕන ඇන්ටිඩෝට්, හුස්ම ගන්න පහසු කරන උපකරණ, ඔක්සිජන් එතන ලේස්ති කරගෙන තමයි බෙහෙත් විදින්නේ
14. ඔක්කොම නෝමල් නම් පැය දෙකකට පස්සේ පොඩි චිට් එකකුත් එක්ක ඔයාව වාට්ටුවෙන් ඩිස්චාර්ජ් කරනවා. මේ චිට් එකේ තියෙන්නේ ARV විදගන්න කියලා. ඒක අරගෙන ARV විදින කාමරේට යන්න ඕන
15. ARV ලංකාවෙදි විදින්නේ හමට (මේ එන්නත ගොඩක් මිල අධික නිසා අඩු ප්‍රමාණක් විදින්න පුලුවන්)
D0 (මුලින්ම ඉස්පිරිතාලේ ආපු දවස) , D3,D7,D30 කියන දවස් 4 ඇවිත් බෙහෙත විදගන්න ඕන.
16. මීට අමතරව, ටෙටනස් ටොක්සොයිඩ් එක, ඇන්ටි බයොටික්ස් ලබා දෙනවා. ලොකු තුවාලයක් නැත්නම් මැහුම් දාන්නේ නැත. ඔන්න ඔහොමයි බල්ලො කෑවොත් බෙහෙත් විදගන්නේ
වැදගත් කරුණු
1. ගෙදර බල්ලොන්ට කලට වෙලාවට බෙහෙත් විදින්න

2. බල්ලො/ පූසෝ කුලප්පු කරලා ඉල්ලං ටිංකිරි ගාගන්න එපා

3. ගෙදර බල්ලා සපා කාලා, සුලු තුවාලයක් වුනොත් දවස් 10ක් බලන්න පුලුවන්.

4. Major exposure එකක් හරි දඩාවතේ යන බල්ලෙක්, පූසෙක්, වන සතෙක් හැපුවොත් ඉක්මනට ඉස්පිරිතාලගත වන්න

5. ඉස්පිරිතාලෙදි ඔයාට වඩා අමාරු ලෙඩ්ඩුන්ටයි මුල් තැන හම්බෙන්නේ. ඒක නිසා වාට්ටුවේ වැඩ වලට බාධා වෙන විදියට, ප්‍රමුඛතාවය ඉල්ලගෙන කෑගලා වාතයක් වෙන්න එපා ( බල්ලෙක් කෑවා කියන එකට වඩා ප්‍රමුඛතාවය හම්බෙන emergency cases වාට්ටුවේ තියෙනවා )

6. විනාඩි 20, පැය 2 විදියට මම යන වෙලාව දාලා තිබුනට ඒ වෙලාවට වඩා වැඩි වෙලාවක් යනවා. ARS වගේ බෙහෙත් ඖෂධ ගබඩාවෙන් නිකුත් කරන්න විශේෂ ඉල්ලීම් කරන්න ඕන. ඒකට ඔයාගේ BHT (ඇඳ ඉහපත් සටහන ) යවන්න ඕන. ඒක යවලා, බෙහෙත් ගෙන්න ගන්න තරමක වෙලාවක් යනවා.

7.මේ බෙහෙත් පට්ට ගණන්. එක vial එකක් 35000+ සාමාන්‍යයෙන් වැඩුනු පුද්ගලයෙක්ට අඩුම vial 2ක් වත් ඕන. රුපියල් 70000+ බෙහෙත් තමයි මේ නිකන් ලබා දෙන්නේ.
ඒක නිසා රටේ සල්ලි නාස්ති වෙන විදියට වැඩ කරන්න එපා 

8. කලින් බෙහෙත් විදලා තියෙනවා නම් මේ procedure එක තරමක් වෙනස් වෙනවා. දෙන්න ඕන බෙහෙත් ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා ඒ ගැන විස්තර හරියට වෛද්‍යවරයාට ලබා දෙන්න

Thanks Soul_Goodman for this video
පිස්සු බලු රෝගය ගැන දන්නවද??
(ඩිස්ක්ලේමරය :මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ Asiri_sl කියන සහෝදරයා දාපු පූසා හැපුවා කියන ත්‍රෙඩ්ක් එක දැකපු නිසා. ඒ නිසා ඒ සහෝදරයට විශේෂ ස්තූතිය පල කරනවා
)
(ඩිස්ක්ලේමරය :මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ Asiri_sl කියන සහෝදරයා දාපු පූසා හැපුවා කියන ත්‍රෙඩ්ක් එක දැකපු නිසා. ඒ නිසා ඒ සහෝදරයට විශේෂ ස්තූතිය පල කරනවා

)
මේ ත්‍රෙඩ් එකේ බල්ලෝ අපිව බයිට් එකට ගන්න එක ගැන කතා කරන්නේ ලංකාවේ රේබීස් වෛරසය අරගෙන යන ප්‍රධාන සත්ව කාණ්ඩය බල්ලෝ නිසා. බල්ලොන්ට අමතරව පූසෝ, හාවෝ, වඳුරෝ, රිලව්, මුගටියොංගෙන් වුනත් අපිට රේබීස් වෛරසය ශරීරගත වෙන්න පුලුවන්.
- ඇයි මේ බල්ලෝ අපිව කන්නේ??
1.අපේ බුවාලාට තියෙන කඩි කුලප්පුවට සතෙක් දැක්කම, ඌව කුලප්පු කරලා ගන්නකම් ඉවසුමක් නෑ. සතාට වුනත් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා. බල්ලා වුනත් ඉවසලා ඉවසලා බැරිම තැන,නහුතෙට තද වෙලා ගේමට එන්ටර් වෙලා බීෆ්/පෝක් රස බැලුවම ඉතින් බල්ලෑ කෑවෝ කියාගෙන හොස්පිටෑල් දුවන්න තමයි ඉතුරු වෙන්නේ.

2. සමහර වෙලාවට, සතා අපිව හපන්නේ පොරගෙ ආරක්ශාවට. අපි වුනත් ආතල් එකේ හීනයක් බලාගෙන නිදි කිරා වැටීගෙන ඉන්න වෙලාවක, මොකෙක් හරි ඇවිත් අපේ වල්ගේ ( කකුල කකුල
) පෑගුවොත් අපිට වුනත් පාගපු එකාගේ කකුල කඩන් කන්න හිතෙනවා නේ. සත්තුන්ටත් එහෙම තමයි 

3. ඇත්තටම රේබිස් හැදිච්ච බල්ලෙක් ලෙඩේ නිසාම අපිව හපන්නත් පුලුවන්.
- මොකක්ද මේ රේබීස් කියන්නේ?
Rhabdoviridiea කියන RNA වෛරස් කුලයෙන් තමයි රේබීස් කියන ලෙඩේ හැදෙන්නේ. අදාල ලෙඩේ තියෙන සතෙක්ගේ කෙලවලින් වෛරසය පැතිරෙනවා. සතා අපිව කෑවොත්, සතාගේ කෙල අපේ ශ්ලේශ්මල පටල එක්ක මිශ්‍ර වුනොත් අපිට ලෙඩේ බෝවෙන්න පුලුවන්.
මෙන්න වෛරසේ රූපයක්
බොම්බයි මුටයි වගේ
ආසයි නේ?? 

පිස්සු බලු රෝගේ හැදුන සතෙක් අපිව කෑවොත් මොකක්ද වෙන්නේ
බොම්බයි මුටයි වගේ

ආසයි නේ?? 

අපේ ශරීරයට ඇතුල් වෙන වෛරසය, අපේ ස්නායු, මාංශපේශි වල ගුණනය වෙනවා. මෙහෙම වෛරස් ප්‍රමාණය වැඩි කරගෙන, ඒ වෛරස් අපේ ස්නායු පද්ධතිය දිගේ මොළය වෙන ගමන් කරනවා. මේ ක්‍රියාවලියට ගතවන කාලය වෛරසය ශරීරයට ඇතුලු වන ස්ථානය, අපේ ප්‍රතිශක්තිය, ඇතුලු වුණ වෛරස් ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් සති 2 ඉඳලා අවුරුද්දක් දක්වා වුනත් රෝග ලක්ශන මතු වෙන්න තියෙන කාලය වෙනස් වෙන්න පුලුවන්.
ප්‍රතිශක්තිය නැති කෙනෙක්ගේ නම් මෙන්න මේ රෝගලක්ශන මතු වෙනවා.
Paralysis
paranoia
hallucinations
confusion
agitation etc
සහ හැමෝම දන්න hydrophobia නැත්නම් ජලභීතිකාව

මේ රෝගලක්ශන ආවොත් නම් ගොඩ දාගන්න ගොඩක් අමාරුයි. 10% අඩු ප්‍රතිශතයක් තමයි ගොඩ යන්නේ. 

- මෙන්න ඊලඟට වැදගත්ම කතන්දර ටික.
බල්ලෙක් කෑවොත් අපි ගෙදරදි මොකක්ද කරන්න ඕන?
1.මුලින්ම බලන්න බල්ලා කොහෙද කාලා තියෙන්නේ කියලා සහ කොච්චර තුවාල තියෙනවද කියලා
2.ඊලඟට වහාම වතුර සහ සබන් වලින් විනාඩි 5ක් වත් මේ තුවාල සේරම හොඳින් සෝදන්න ඕන. මෙහෙම කොරාම තුවාලේ තියෙන විශබීජ ප්‍රමානය අඩු කරගන්න පුලුවන්.
3. ඊලඟට දඩාවතේ යන වල් බල්ලෙක් නම් කෑවේ ඒ තුවාල පිරිසිදු රෙදිකෑල්ලකින් ආවරණය කරගෙන "වහාම" ඉස්පිරිතාලයකට එන්න
වහාම කිව්වේ පුලුවන් ඉක්මනින්ම. සමහර බුවාලා ගිය මාසේ බල්ලා කෑවනම්,නාලා, කාලා, ගමේ ගිහිල්ලා, චන්දේ දාලා යන එන ගමන් මේ මාසේ ඉස්පිරිතාලේ ඇවිත් යන්න එනවා. එහෙම කරලා නම් වැඩක් නැත. ශරීරගත වුන විසබීජ, ඒ වෙනකොට ස්නායු දිගේ ගමන් කරන්න පටන් අරගෙනත් ඉවරයි

4. හරියට නියමිත පරිදි බෙහෙත් විදපු ගෙදර හදන බල්ලා නම් කෑවේ, දවස් 10ක් බලන්න පුලුවන්, බල්ලගේ හැසිරීම වෙනස් වෙනවද කියලා. හැබැයි ගොඩක් තුවාල තියෙනවා නම්, මූණ, අතේ ඇඟිලි, ජුන්ඩා
වගේ වැදගත් තැනක් නම් හපලා තියෙන්නේ ඉස්පිරිතාලේ එන එක ඇඟට ගුණයිඉස්පිරිතාලෙදි මොනවද කරන්නේ??

Last edited: