ඒක තමයි මාරයාගේ උවමනාව. දැන් ඔබත් කරන්නේ ඒකම තමයි.මේකෙ comments දැක්කහම තවමත් ඉන්නව කට්ටිය මේ වැඩේ පන්සලක හරියන්නෙ නෑ කියල යම් තාක් දුරකට හරි තේරෙන ටිකක් ඉන්නව. හැබැයි එයාලත් අන්තිමට බැනල බැනල කුණුහරුප කියල ඒකට ගැටිල තියනව මල පන්නගෙන වෙන කෙනෙක්ගෙ දෙයක් නිසා.
සරලවම කිව්වොත් මනුස්සයෙක් සතෙක් මරාගෙන කනවා. ඒකෙන් ඒ මනුස්සයට අකුසලයක් වෙනවා. හැබැයි ඒකට සම්බන්ධයක් නැති තවත් කෙනෙක් අර පැත්තක ඉන්න මනුස්සයා දිහා බලලා එක්කෝ කේන්ති ගන්නවා. ඒ මනුස්සයා හදන්න යනවා. අන්තිමට දෙන්නටම අකුසල් වෙන්නේ.
ඕවා දැක්කම නොදැක්කා වගේ ඉන්න එක තමයි හොදම දේ. දැන් මේකට උත්තර දීලා ඔබගේ සිතේ අකුසලයක්, ද්වේශයක් ඇති උනා නං, ඒක තමයි මාරයාගේ උවමනාව.
ඕවාට හසුනොවෙන්න කිව්වට අපි අහුවෙනවා.
