හරිනං පොලීසි වල ඉන්න උං මේ වගේ වීඩියෝ ෆුටේජ් වල තියෙන වැරදි වලට ඇක්ශන් ගන්න ඕනෙ..
අනික මචං, මගෙනං අදහස..,
මගී ප්‍රවාහන වාහන වලට සාමාන්‍ය රථවාහන නීති වලින් එහාට ගිය නීති පද්ධතියක් තියෙන්න ඕනෙ... ඇයි යකෝ ජීවිත කීයක්ද... ඩ්‍රයිවින් ලයිසන් එකට අමතරව රූට් පර්මිට් වලටත් ක්‍රෙඩිට් සිස්ටම් එකක් දාල කැන්සල් කරන ලෙවල් එකට නීති වෙනස් වෙන්න ඕනෙ.
මංතීරු නීති බස් වලට තිතටම ක්‍රියාත්මක කරානං සෑහෙන අනතුරුත් අඩුවෙනව...
අනිත් එක ත්‍රීවීල්...
මීගමු පාර ගත්තම, බර වාහන, ත්‍රීවීල් සෙකන්ඩ් ලේන් එකට දාන්න තහනම්... දකුණට හරවන්නයි, ඕවර්ටේක් කරන්නයි විතරයි සෙකන්ඩ් ලේන් එකට ගන්න පුලුවන්.
ඒ පාරෙනං ඒ නීතිය සාමාන්‍ය තරමකට ක්‍රියාත්මක වෙනව.. ඒ නිසා අවහිරය අඩුයි. ඒත් බස් කාරයො, කන්ටේනර් කාරයො පොලීසිය නැති තැන් දන්න නිසා දකුණට දාල බ්ලොක් කරනව...