බස්~රස්සාව

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    :yes::yes::yes::yes::yes::yes: - Kadawatha Kotuwa :P

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::frown:
    2787359998_e71511d0d5.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බස් වල කතා නම් එක එක පුද්ගලයින්ට එක එක ආකාරයේ ඇත්දැකීම එක්ක තියෙනවා මචං.. මට නම් බස් ව්ල තියෙන්නෙ එච්චර හොඳ අත්දැකීම් නෙමෛයි... ලොකුම දේ තමයි ටිකට් එකේ ගාන දුන්නහම් කවදාවත් ඉතුරු සල්ලි දෙන්නේ නැති එක.. ඒක ඇහුවහම හැමෝටම ඇහෙන්න සැර් දානවා දෙන්නම්.. දෙන්නම් ඉන්න කියලා.. අනිත් එක කොයි වෙලෙත් අහන්නේ මාරු සල්ලි නැද්ද කියලා.. මම සාමන්‍යෙන් යන්නෙ රුපියල් 47 ක දුරක්.. කවදාවත් 50ක් දුන්නට ඉතුරු රුපියල් 3 ලැබෙන්නේ නෑ... ඒක නිසා මම හිතන්නේ බස් කාරයෝ කියන්නේ කල දුටු කල වල ඉහගන්න් හදන අනිත් මිනිස්සු ගැන අනුකම්පාවක් නැති ජාතියක් කියලා...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඔව් මල්ලි. මට මතකයි එක දවසක්, දවල් මම මාතර ඉදලා කොළඹ එන්න පිටත් උනා. මම නැග්ගේ මාතර - අනුරාධපුරය බස් එකක. ඒ බස් එක හික්කඩුවෙන් යනකොට ත්‍රීවිල් කාරයෙක් මොකද්ද කේස් එකක දාලා. සෑහෙන කාලෙක ඉඳලා එන වලියක් ලු. ඒ ත්‍රීවීල් කාරයා තව ත්‍රීවීල් දෙකක කොල්ලෝ පුරවගෙන බස් එක පස්සෙන් එලෙවුවා. එලෝලා බස් එක බලපිටියේ තේ බොන්න නැවැත්තුවාම එතනට අවිත් බස් එකේ ඩ්‍රයිවර්ට ගැහුවා හොඳටම. අපිට කරගන්න කිසි දෙයක් නෑ. මොකද ඒක උන්ගේ පැත්ත නේ. ඩ්‍රයිවර් වැඳලා බේරුනා. පාරවල් කීපයක්ම වැදුනා. ත්‍රීවිල් වල රබර් බිඩින් පටි තියෙන්නේ. ඒ වලින් ගැහුවේ. ඒ මනුස්සයගේ අත පය රතුවෙලා. බස් එක කොහොම අනුරාධපුරයට ගෙනිච්චාද දන්නේ නෑ. මට පවු කියලා හිතුනා. අපේ හරියේ ඔහොම සෙල්ලම් දාන්න ආවානම් ත්‍රීවිල් එක කැළනි ගගේ ගිල්ලවලා සේදවත්තේ නාන තොටුපලෙන් ගගේ ඔබනවා චන්ඩි ඔක්කොම මෝදර මෝය කටෙන් මතු වෙන්න.
    :growl::growl::growl:

    අපේ කට්ටියට නම් ආයුධ දීලා තියෙන්නේ .........!! :yes::yes:
     

    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    සිරාවට බන්. මම බුස් එකේ යනකොට කොච්චරවත් කල්පනා වෙන්නේ මේ බුස් දුවන කට්ටිය ගේ ආදායම ගණය. කී දෙනෙක් ගෙන් සල්ලි එකතු කරන්න ඕනේ ද, ආණ්ඩුවෙන් මොන තරම් හිංසා පමුණුවන වද private bus වලට, ඒ කරන්නේ හැබය් CTB එකට පක්ෂපාතිව. ඔය ඔක්කොමත් එක්ක, කොළඹ දුවන්නේ වැඩියෙන් ම මොනවද? ප්‍රයිවට් එව්වා නේ.. 154,176,103 CTB එහෙම මම දැකල ඇත්තේ එකයි දෙකයි.. සැහෙන්න තරහත් යන්නේ බස් එක එක තැන slow වෙන කොට නේ. ආයේ අර කන පැලෙන්න දාන ජරා music එකයි.


    මම නම් කියන්නේ ඔය කිසිම නීතියක් නැතුව, එකක් දාන්න ඕනේ කිසිම පොදු ප්‍රවාහන වාහනයක ශබ්ද විකාශනය තහනම් කිරීම. එතකොට කාටවත් දාන්න බහ. කිසිම වාහනේකට sounds ඕනේ නැහැ නේ.
     

    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    අහ මම මේ ලදී දැක්කේ ඔක්කොම drivers + conducters මොකද්දෝ uniform එකක් ගහගෙන ඉන්නවා. ඇයි ඒ? මොන කෙහෙල්මලකට ද? ඇයි ඕක CTB එකට නැත්තේ?