පන්නිපිටියෙන් නම් බස් දන්නෙ නෑ. පිටකොටුවට පලයන්. පිටකොටුවෙන් පැය විසිහතරම බස් තියෙනවා බදුල්ලට/බණ්ඩාරවෙලට. පැය 6ක් 7ක් යනවා එහෙට යන්න කොටුවේ ඉඳලා.
උඹට සැප පහසුවට යන්න ඕනෙ නම් Superline එකේ පලයන්.
https://superline.lk/ මෙතනින් බුක් කරලා යන්න තියෙන්නෙ. සීට් එකේ නිදාගෙන අවුලක් නැතුව ගියෑකි. එහෙට පාන්දර වෙද්දි යනවා. ඇඟට අමාරුවක් නෑ. ලේලන්ඩ්වල ගියොත් නම් බහිද්දි ෆුල් නස්තාන්.
තව කෝච්චියෙත් ගියෑකි. රෑ 8 නයිට් මේල් එකේ කොටුවෙන් නැග්ගොත් පහුවදා උදේ අට වෙද්දි බණ්ඩාරවෙලින් බැස්සැකි. හැබැයි මේ දවස්වල වැස්සයි ගල් පෙරලිල්ලයි නිසා පරක්කු වෙයිද ශුවර් නෑ.