බාස් උන්නැහේ පොලු තියනවද ?
බාස් උන්නැහේ පොලු තියනවද ?
මම ත්‍රෙඩ් එකක් දැක්කා ගෙවල් හදන්න ගිහින් කර වින්ද කෙනෙක් ගේ. මේක මම එකට දාපු රිප්ලයි එක.
ගෙයක් හදන්න බලපොරෝත්තුවෙන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා මෙතන ආයේ දැම්මා.
.....................
මම ගෙයක් හදනවා. එකේ එක තට්ටුවක් දැන් හදලා ඉවරයි. පහල තට්ටුව හදන්න ලක්ෂ 45 යනවා වගේ කියලා ඇස්තිමේන්තු කරලා තිබ්බේ. කිව්වට විශ්වාස කරපන් අපිට ගියේ ලක්ෂ 25 ට වඩා අඩු ගානක්. පුච්චපු ගඩොලෙන් බැන්දේ. උළුවහු ඔක්කොම කොස්. එත් එකට එකක් ලාබයි. මොකද මචං ගෙදර හැදව්වේ අපේ තත්තා.
බාස් ලා එකෙක් වත් මෙහෙන් ගත්තේ නෑ, ඔක්කොම ගෙනාවේ තත්තා ගේ ගමෙන්. ගෝලයොත් ගෙනාවේ එහෙං. ඉතිං අපි අවශ්‍ය අමුදව්‍ය ඔක්කොම අරං දුන්නා. බාස් ලට කිව්වා ඔන්න බඩු තියෙනවා බැඳපියව් ගේ කියලා. ඔන්න හැන්දෑවට ඉදලා හිටලා අරක්කු ටිකක් දෙනවා ඇගපත රෙදෙනවට . උන් යක්කු වගේ වැඩ. ගෙදර හදන තැනමනි නතර වෙලා ඉන්නේ. ඉතිං පාන්දර නැගිටලා උදේ 6 ඉදලා හවස කළුවර වැටෙන කන් 6-7 වෙනකම් වැඩ.
ගෙදර හදන්න බඩු ගත්තෙත් රාජ්‍ය දැව සංස්ථාව, සංස්ථා වානේ වගේ ආණ්ඩුවේ ආයතන වලින් උදව්.
ගෝලයට පඩි 700 දවසට. බාස් ට 1300යි. තුන් වේලටම කෑම දුන්නා අපි. ඔය බත් ටිකක්, එළවලු දෙකක් එක්ක කරවල කැල්ලක්, මාළු කැල්ලක් තිබ්බා නං ඉහටත් උඩින් ඒ මිනිස්සුන්ට.
අනික තමයි තාත්තා ත් බාස් ලා එක්ක වැඩ කළා. මාත් නිවාඩු වෙලාවට ගිහින් වැඩ කළා. අපි වැඩකරන කොට බාස් ලාට අයිස් ගහන්න බැහැ. අනික අපි වැඩ දන්නවා කියලා බාස් ලා දැන ගත්තම හොර කරන්නේ නෑ.
ඔන්න ඔහොමයි අපි ගේ හැදව්වේ. අලුතින් ගෙයක් හදන්න බලපොරෝත්තු වන අයට කියන්නේ කවදාවත් ගෙවල් හැදිල්ල කොන්ත්‍රාත් දෙන්න එපා. කෝටීපතියන්ට නම් එහෙම ප්‍රශ්නයක් නෑ. එත් සමනය කෙනෙක් ට නම් එහෙම කරලා අමරුවේ වැටෙන්න එපා.

කොන්ත්‍රාත් ක්‍රමයට තමා අපේ ගෙදර වැඩ කලේ.. උන් අපේ තාත්තවත් ගොනාට අන්දලා මාවත් ගොනාට ඇන්දුවා.. මං අන්තිමට ලක්ෂ ගාණක් ණය වුණා.. තාම ඒ ණය ගෙවනවා.. වර්ග අඩි 6000ක විතර ගේකට 10 Million පනිනවද බං ලොවෙත්.. දුක නෑ ගේ සම්පූර්ණ ඉවර කරලා නම්.. පහල එක විතරයි Complete කලේ.. තාම උඩ කෑල්ලෙ Bathrooms, Doors, Tiles, Ceiling ඔක්කොම දාන්න තියෙනවා.. මට ගණන් හිලවු පැටලුණා බං මුල ඉඳන්ම.. පහල කෑල්ල හදපු ගමන් මං ඒකට ගෘහ භාන්ඩ අරවා මේවා ඔක්කොම ගත්තා.. ඒකෙන් තමා කෙලවුණේ.. අපේ තාත්තටත් ඕවා ගැන වැඩිය දැණුමක් නෑ.. මොනා වුණත් වේස බාස්ලා මාව හූරගෙන කෑවා.. උන් බං ටයිල් 500කට වඩා නාස්ති කලා.. කුඩු පට්ටම් කරලා.. උන් මාව කෑවා නම් ඉවරයි..