බාස් මාම

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    වහිනවා වහිනවා ඉවරයක් නෑ. පට්ටම කම්මැලියි. ඔය අස්සේ කතවක් මතක් උනා. සමහර විට කලින් අහලත් ඇති. ඔන්න දැම්මා...හිනා යන්නේ නැත්නම් ඉතින් කොරන්න දෙයක් නෑ.
    (අවවාදයයි! - කුණුහරුප ඇලජික් අය කියවන්න එපා. ආගමකට අපහස කරන්නේ නැත...)


    Ouch_tnb.png



    ඔන්න ඈත පළාතක පල්ලියක බාස් මාම කෙනෙකුයි ගෝලයෝ සෙට් එකයි වැඩ. පල්ලිය රෙපෙයාර් කොරනවා.
    ඔහොම වැඩ කරන යනකොට බාස් මාම බිත්තියට ඇණයක් ගහන්න ගිහිල්ල මිටියට තැලුනා ඇගිල්ල, මිනිහට දැන් කරගන්න දෙයක් නැහැනේ...
    "අම්මට හු **** "කියල හොද වචන ටිකක් කියල ඔබ ගත්තලු ඇගිල්ල කටේ..
    පල්ලියේ හිටපු පියතුමාට ඕක ඇහුනලු. පියතුමාට අප්සට් ලු අපේ බාස් ගේ ටෝක් එකට ... ඇයි මුගේ හැදියාව අන්තිමයි නේ.. පල්ලියේත් කුණුහරුප කියනවනේ ...
    ඉතින් බාස්ට ලගට කතා කරලා කිව්වලු "දරුවා ඔහෙම දෙයක් උනාම එහෙම කැත වචන කියන්න හොද නෑ.. කියන්න, දෙවියන්ට ඔප්පු වෙච්චාවේ කියල..."..
    බාස් මාමත් හා හොදයි කියල ආයේ වැඩලු. ඔය අස්සේ උඩ වැඩ කොරපු ගෝලයෙක් අතින් අත ඇරිලා ලැල්ලක් කෙලින්ම වැටුනලු බාස් ගේ ඔලුගෙඩිය උඩට...
    බාසුත් "අම්මට ... නෑ නෑ දෙයියන්ටම ඔප්පුවෙච්චවේ.." කියල ඔලුව අත ගා ගත්තලු...
    දැන් ෆාදර් ට ෆුල් ම හැපී.. මොකෝ බාස් හැදිලනේ...
    ටික වෙලාවක් වැඩ කර කර ඉන්න කොට බාස් ගේ පෙර කරුමයක් පල දීල කියතෙන් ලැල්ලක් කපද්දී කැපුනලු වෙන් වෙන්නම ඇගිල්ලක්..
    කරකිය ගන්න දෙයක් නැතුව මෑන්ස්, දඩි බිඩි ගාල කැපිල වෙන් වුන ඇගිලි කෑල්ල ආයේ කැපිච්ච තැනින් තියාගෙන " දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ.." කිව්වලු.
    මාර වැඩේ කියන්නේ මෙන්න බොලේ බාස් ගේ ඇගිල්ල කලින් තිබ්බ විදිහට හැදෙනවලු.

    ඔය අස්සේ කටත් ඇරන් එක දිහා බලන් හිටපු ෆාදර් කියනවලු බාස්ට "අම්මට හු ** සීන් එක නේද ඕයී..?? "..