බැදපු උන්ගෙන්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මචං මට දෙයල් දැනගන්න කැමතියි බැදපු උන්ගෙන් උබල බදින කොට හදහන ගලපලා නේ බදින්නේ මේ එළකිරි එකේ ඉන්නවද හදහන් ගැලපෙන්නේ නැතුව එත් යාළුවෙලා marry කරපු උන් උන්ට හදහනේ කියන විදිහට වැරදුන තැන් තියනවද නැත්තන් කරදර කාරී ජිවිතයක් ද ගෙවන්නේ උදහරනකට සමහර උන්ගේ හදහන් වල තියනවා දික්කසාද වෙනවා ළමයි හම්බවෙන්නේ නැ තව මිනිහා මැරෙනවා වගේ දේවල් ඒවගේ කියලත් marry කරලා සතුටින් ඉන්න උන් ඉන්නවද මට දැන ගන්න ඕනේ ,මේ පුහුදෙවල් ඇත්තටම වෙනවද කියල හදහන 100 match වෙන්නේ නැ 80% match කරලා marry කරපූ උන් සතුටින් ඉන්නවද උන්ට ඔය කියනවා වගේ හරි යනවද මේ එලකිරි එකේ ඇති නේ ඒවගේ අත්දැකීම් තියන අය මට පොඩ්ඩක් විස්තර කරහන් කෝ

    බනින්න කුණුහරප කියල comment දන්නා අවශ්‍ය නැ උබලගේ අත් දැකීම බෙදාගන්නයි අවශ්‍ය තව කෙනෙක්ට ida එකක් ගන්න මේදේවල් ගැන
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මගෙයි කෙල්ලගෙයි හඳහන 80% ක් වගේ තමයි මැචින්.

    තවම බැන්දෙ නම් නෑ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපේ නෑදා වෙන කාන්තාවක් යාළු වෙලා කසාඳ බැන්දේ. ඒ කසාදෙට ගෑනු කෙනාගේ පාර්ශවයෙන් තදටම අකැමති වෙලා තිබ්බේ. ඒකට හේතුව විදියට ඒ වැඩිහිටියෝ කිව්වේ කසාදෙ උනොත්,ඒ ඒක වෙලා වසර තුන හතරක් යන්න කලින් ස්වාමියා මිය යනවා, කාන්තාව තනි වෙනවා කියලා කේන්දර පලාපල වලින් පේනවා කියලා. ඒ කේන්දර බැලුවේ කාන්තාවගේ අම්මාම තමයි. එයා ජෝතිෂ්‍ය ඉගෙන ගත්තු කෙනෙක්.

    කොහොම හරි තනි කැමැත්තට දෙන්නා කසාඳ බැන්දා. ළමයිත් ලැබුවා. ලොකු ළමයට අවුරුදු 5 ක් වගේ වෙනකොට ස්වාමියා මැරුණා අනතුරක් වෙලා. වැඩිහිටියෝ කිව්ව දේ ඇත්ත උනා.

    ආයේ මගේ හිතවතෙක්ට යෝජනාවකින් තරුණියක් මුණ ගැසුනා. ඒ අයග හම්බෙලා කතාබහ කරමින් වසර දෙක තුනක් ආශ්‍රය කරා. එහෙම ආශ්‍රය කරද්දී පොඩ් පොඩි ප්‍රශ්න ආවා. කතාබහ කරා. ප්‍රශ්න විසදා ගත්තා. ඊට පස්සේ කසාදෙට කලින් මාත් එක්ක පිරිමි ළමයා ගියා කේන්දර බලන්න. ඒ ගියේ හොදටම මේ ගැන දැනුම තියෙන කෙනෙක් ලගට. පිරිමි ළමයට ඕනි උනේ කසාදෙ කොහොම වෙයිද කියලා දැනගන්න. අර කේන්දර බලන කෙනාගෙන් ඇහුවේ කසාදෙ කවදා හරි කැඩෙයිද කියන එක. එතැනදී පැහදිලිවම කිව්වේ එහෙම කසාදෙ කැඩෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ දෙන්නා කසාද බැන්දා. අවුරුදක් යනකොට රණ්ඩු වේලා දික්කසාද උනා.

    ඔය දෙක තමයි මම දන්නේ.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපෙ හදහන ගැලපුනෙ නැහ්, ඒත් බැන්ද ( ගෑනිගෙ පැත්තෙන් කැමහි උනෙ නෑ මුලින් )

    යාලු වෙලා අවුරුදු 3යි, බැදල අවුරුදු 5යි
    ලමයි හැදුවෙ නෑ තාම, හදන්න ඉන්නෙ

    එහෙම අමුතු වාසනාවක්වත්, අවාසනවක්වත් නන් දැනෙන්නෙ නෑ
    පොඩි පොඩි වලි යනව ඉතින් සතියකට 2-3ක්, ඒව දුර ගිහින් නෑ තාම.
    මට මූලක්ගින්න සහ හොදටම පිලිවලට ඉන්න ඕනෙ, ඕව තමා හේතු
     
    Last edited:

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    මගේ love එක break කරන්නත් උනෙත් ඔය මගුල් නිසා බං. අවුරුදු 6 ක‍් love එක. හැබැයි අදහස් නොගැලපෙන තැන් සැහෙන්න තිබ්බ, අන්තිමට ගෙවල් වලින් කේන්දර බැලුවාම කෙල්ල කුජ 7, ඒ නිසා මාව marry කළොත් එක්කෝ දික්කසාද වෙනවා කිව්වා, නැත්නම් මාව මැරෙනවා කිව්වා. ඕක තැන් 3 කින් කිව්වා. ඊටපස්සේ ගෙවල් වල මිනිස්සුන්ගෙත‍් හිත කැඩුණ, පස්සේ දෙන්නම කතා වෙලා affr එක නැවැත්තුවා.. ඕක වෙලා දැන්තා අවුරුදු 2ක් තාම අපි දෙන්නම තනිකඩයි....

    Affr එක නවත්තන්න කේන්දර scene එකට වඩා මට නම් බලපෑවේ කෙල්ල පොඩ්ඩක‍් පණ්ඩිතයි අදහස් නොගැලපිමයි...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,311
    113
    කෑගල්ල
    මාත් ඔනේ තරම් බ්ලලා තිබ්බා. මොනවා ඇත්ත බොරු උනත් උබ කල කර්ම විපාකවලට අනුව තමා හම්බ වෙන එකක් හම්බ වෙන්නේ ඔක කොච්ච්ර ගැලපුවත් මොකද ඔකේ බලපැම 60% විතර වගේ තමා. වෙන්න තියන.දේ තමා වෙන්නේ කොහොමත්. හොද දෙයක් කරලා එන ඔන දෙකට මූන දීලා හිතහදාන ජීවත්වෙයන්.
     
    • Like
    Reactions: Geshi95

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    Handahan baluwe naa
    Magula dawase welawal okkoma mata oona time walata wenas kalaa
    Lamaya hambuna, dan awrudu 2i tama lamayata handahanak hadala na (welawa dannawa one unoth hadanawa)
    Lamayata nam daanna akuru baliwe naa, mata ona nama damme
    Gedara haduwa wasthu naa mata ona vidiyata.

    awalk natuwa innawa , podi podi wali tiyanawa ,eva ganak naa
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Handahan baluwe naa
    Magula dawase welawal okkoma mata oona time walata wenas kalaa
    Lamaya hambuna, dan awrudu 2i tama lamayata handahanak hadala na (welawa dannawa one unoth hadanawa)
    Lamayata nam daanna akuru baliwe naa, mata ona nama damme
    Gedara haduwa wasthu naa mata ona vidiyata.

    awalk natuwa innawa , podi podi wali tiyanawa ,eva ganak naa

    එමම තමයි මමත්.

    එකම වෙනස බැදලා අවුරුදු 7, ළමයි 3 ඔච්චර තමයි. ඔයා කියල තියන විදිහටම තමයි සැමදේම.
     
    • Like
    Reactions: AntWorks

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    729
    678
    93
    Bandinawa nam umbata galapena kenek tikak asraya karala bandapan umba gana therum ganna puluwan kenek