බැදපු උන් එන්ඩෝ....................

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බැදපු උන් එන්ඩෝ....................
    .
    .
    .

    .
    .
    .
    .
    .


    බදින්න කලින් පොරොන්දම් ගළපන එක ගැන ඔයලාගේ අදහස මොකක්ද​? විශේෂයෙන්ම කුජ දෝෂය තියන කෙනෙක් බදිද්දි සැලකිලිමත් වෙන්න ඕනි නෙද​? කුජ 7 නම් තත්ත්වේ තවත් බරපතලයි කියලා මම අහලා තියනවා. දැනට කසාද බැදලා පවුල් ජීවිතයක් ගත කරන අය මේකට උත්තර දුන්නොත් වඩාත් හොදයි. මේ ප්‍රශ්නේ මම office එකේ දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවා.

    1 වෙනි කෙනා මගේ යාලුවෙක්. එයා ළගදි බැන්දේ. එයාගේ කෙල්ල කතෝලික. කතෝලික අය සිංහල වුනත් කේන්දර බලන්නෙ නැහැලු. ඉතින් මගේ යාලුවත් කේනදර නොබලා කසාදබැදලා තියෙන්නෙ. අඩුම ගානේ වෙඩින් එකේපෝරුවේචාරිත්‍රයක් තිබ්බෙත් නැහැ. පල්ලියෙදි අත්සන් කරා ,කෙලින්ම වෙඩින් හෝල් එකට ආවා. දෙන්න ගොඩක් ආදරෙන් හිටියා. ඒත් කෙල්ල ටිකක් දැන් වෙනස්. එයාගේ නැන්දා කෙනෙක්ගේ දුව හරහා දෙන්නගෙම උපන් වෙලාවල් , උපන් දිනය , උපන් ස්ථානය දීලා කේන්දරේබැලෙව්වා. එතනදි ලියලා දීපු විස්තරේ තියන ගොඩක් ඒවා ඇත්ත. පොරොන්දම් ගැළපීම 65%. ඒත් මහේන්ද්‍ර , ලිංග පොරොන්දම් වගේ ඒවා අසුබයි කියල තියනවා .

    2 වෙනි කෙනා සුළු සේවකයෙක්. මනුස්සයා නුගේගොඩ පැත්තේ ඉදන් වැඩට එන්නෙ. මෙයාට වයස 50ක් විතර​. මේ කෙනාගෙන් මම කෙන්දර බලන තැනක් ගැන බොරුවට විස්තර ඇහුවා. මෙයා නුගේගොඩහරියේ කේන්දර බලන තැනක් ගැන විස්තර කිව්වා. මම ඉතින් ජෝක් එකට වගේ ඇහුවා" ඔයා දැන් බැදලාගොඩක් කල්නේ. පොරොන්දම් ගලපලා කසාද බදින එකේ තේරුමක් තියනවද කියලා" මිනිහා මට ජීව්ත කතාවම වගේ කිව්වා. එයා 18න් පැනලා ගිහින් තියෙන්නෙ. කෙල්ලට 16යි.:D එයගේ තාත්තා එලෙව්වලු. අන්තිමට මරදාන පැත්තේ කඩ කාමරක ටික දවසක් ඉදලා පොඩි ගෙයක් හොයාඑන කුලියට ඉදලා. දැන් වැඩ කරන තැනට ඇවිත් තමයි මනුස්සයා දියුණු වෙලා තියෙන්නෙ. මේ දෙන්න කසාදා බදිද්දි පොරොන්දම් බලලත් නැහැලු. මෙයාගේ ලොකු දුව ඉපදුනු වෙලේ මෙයා දවල් කෑමට යන ගමන් නෝනගේ කීමට කේන්දර බලන තැනට ගියාලු. එතකොට ,මෙයා නගර සභාවේකුණු ලොරියක වැඩ කරලා තිය්න්නෙ. ඒ ඇදුම පිටින්ම ගිහින් දීලා බලලා දෙනකල් හිටියලු.කේන්දර බලපු මනුස්සයා මේක කාගේද කියලා අහවලු. මේ කේන්දරය උසස් පවුලක ළමයෙක්ගේ කේන්දරයක්, මේ ළමයා අනිවාර්‍යයෙන් උසස් රස්සවක් කර්නවා කියලා කියලා. මේ මනුස්සටත් හිනාලු. අන්තිමේදී ඒ දෙන්නගේ වෙලාවල්, උපන් දිනත් පොඩ්ඩක් ගෙනල්ල දෙන්න කියලා නිකමට කිව්වලු. මෙයා ඒකක් ජොලියට වගේ අරගෙන ගියාලු. පොරොන්දම් ගලපලා බලද්දි 82% යිලු., අනිවාර්‍ය පොරොන්දම් 5ත් සුබයිලු. හැබැයි දුව ලොකු තැනකත යයි කියන එක මෙයා රහසක් විදියට තියාගත්ත. මෙයාට ටියුෂන් යවලා උගන්නන්න සල්ලි තිබිලත් නෑ. දැන් එයාගේ දුව බැංකු ක්‍ෂේත්‍රයේ ලොකු තැනක ඉන්නේ. ඒත් මේ මනුස්සයා කම්මලි කමට පරන රස්සාවම කරනවා. පෙලක් දවස්වලට මෙයා හවසට කාර් එකක නැගලා යනවා මම දැකලාතියනවා. බැලින්නම් ඒ මෙයාගේ දුව​. පට්ට ලස්සනයි කුකුලනේ.:D:D:D. ඒ මනුස්සයා මට තව වදගත් දෙයක් කිව්වා . දැන් ඉන්න කේන්දරකාරයොන්ට නම් අහුවෙන්න එපා කිව්වා. විශේෂයෙන්ම කොම්පුටර් කේන්දරකාරයෝ කරන්නෙ තඩි බොරුවක්ලු. කේන්දරයක් බලන්න ඕනි නම් ශාස්ත්‍රය හදාරපු කෙනෙක් ගෙන් බලන්න කිව්වා. ඉරනම් කාරයා කොහේ හිටියත් නියම වෙලාවට ලැබෙනවලු. ..... තව ලොකු දේශනයක් දුන්නා... මේකේ දන්න ඉද මදි.


    තව අය කියපුවා තියනවා . ඒත් මේකේ දාන්න අමාරුයි. ඔයාලගේ අදහස මොකක් ද​? කේන් දර, පොරොන් දම් ඇත්තද​? එළකිරි එකෙ , ෆේස්බුක් එකේ මේ ගැන ගොඩක් අය ප්‍රශ්න කරනවා.සමහරු මේවා ඇත්ත කියනව​. සමහරු මේවා බොරුයි කියනවා. අත්දැකීම් තියන අය උත්තර දෙන්න​




    mama me seen eka kalin thread ekakath damma bn apeth akka knk innwa eya oya kendara gana igena gaththa knk bn mekith kynwa hariyatama hri bn pissu hdnwa welwakata khma kynwada mnda :confused::confused::confused:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මගෙත් කුජ 7 ද මන්ද..:sorry::sorry:.

    මගේ නම් කුජ 7 නෙමෙයි. 2,4,6ත් නෙමෙයි. ඒත් තාම කෑල්ලක් නෑ. සෙට්වෙන පටකුත් නෑ :sorry::sorry::sorry:
    එක්කො මගේ කෙන්දරේ වැරදියි. නැත්නම් මම ඉස්පිරිතාලෙදී මාරුවෙලා වෙන ගෙදරකට ඇවිත්. නැත්නම් ඉස්පිරිතාලෙන් ලියලා දීපු උපන් වෙලාව වැරදියි. :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ නම් කුජ 7 නෙමෙයි. 2,4,6ත් නෙමෙයි. ඒත් තාම කෑල්ලක් නෑ. සෙට්වෙන පටකුත් නෑ :sorry::sorry::sorry:
    එක්කො මගේ කෙන්දරේ වැරදියි. නැත්නම් මම ඉස්පිරිතාලෙදී මාරුවෙලා වෙන ගෙදරකට ඇවිත්. නැත්නම් ඉස්පිරිතාලෙන් ලියලා දීපු උපන් වෙලාව වැරදියි. :lol:

    කෑලි නැති එකමයි හොද ඕව මල වාත .. මෙහෙම පාඩුවෙ සැනසීමෙ ඉන්න එකයි හොදම දේ .. :yes::yes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කේන් දර, පොරොන් දම් ඇත්තද​?


    මොකක් හරි කෝච්චියක් එන්නෙ නැත්තන් ස්ටේෂන් එකේ නෝටිස් බෝර්ඩ් එකේ දානවා.
    නෝටිස් බෝර්ඩ් එකේ දාන්නේ කෝච්චිය එන්නෙ නැති නිසයි. කෝච්චිය එන්නෙ නැත්තෙ නෝටිස් බෝර්ඩ් එකේ දාපු නිසා නෙමෙයි.

    ඉතින් කරන්න තියෙන්නේ බස් එකේ යන එක!
    :lol:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    %100ක් ඇත්ත කියන්නත් බැ, බොරු කියන්නත් බැ. ජෝතිෂය බොරු නම් මෙච්චර කල් පවතින්නත් බැහැ නේද​. මේක තමයි මගේ අදහස​


    එහෙම කියන්න බෑ නේද බං ,

    දැන් බලපන් ලෝකේ තියෙන ආගම්, එකකට එකක් වෙනස් ,

    ක්‍රිස්තියානි, හින්දු , බෞද්ද , ඉස්ලාම් ඔය හැම එකක් ම අවුරුදු 2000 කට වත් වඩා පරණයි නෙහ් .
    එත් හැම එකක් ම ඇත්ත වෙන්න බෑ නෙහ් , එකයි ඇත්ත , ඉතිං කාලයක් පැවතුනා කියල ඒක ඇත්ත විය යුතුම නෑ , බොරුවක් උනත් හෙන කාලයක් පවතිනව මිනිස්සු පරම්පරාවෙන් පරම්පරාවට ඒක දායාද කරනව නං,
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    බඳින්න කලින් කේන්ද්‍ර බැලුවේ නෑ .....දැන් ඉතින් ඒ ගැන හිතන්නේ නෑ ........ඔවිවට වහල් වෙලා වැඩක් නෑ බන්......වධක භාර්යාවක් හම්බ වෙන්න තියෙනව නමිි වලක්වන්න බෑ ...පුතේ....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    %100ක් ඇත්ත කියන්නත් බැ, බොරු කියන්නත් බැ. ජෝතිෂය බොරු නම් මෙච්චර කල් පවතින්නත් බැහැ නේද​. මේක තමයි මගේ අදහස​

    :yes: :yes: :yes: