සතුන් මරා දෙවියන්ට පූජා කරන එක ග්‍රීක බහු දේවවාදී සංස්කෘතියේ තිබුනා. එකළ හිටපු හර්කියුලීස්, අකිලිස් වැනි ග්‍රීක වීරයන් සියුස්, ඇතීනා ආදී දෙවිවරුන්ට සතුන් බිළි දීම සුලභ දෙයක්. ග්‍රීක සාහිත්‍යයෙන් මේක පේනවා. (අවාසනාවකට වගේ හොලිවුඩ් චිත්‍රපට වල නම් මඟ අරිනවා. නමුත් මේක ඉතාම සාමාන්‍ය දෙයක්).
ආර්ය ආක්‍රමණය සමඟ ග්‍රීක සංස්කෘතිය දඹදිවට ගියා. එකළ දඹදිව පැවති ඒක දේවවාදී සංස්කෘතිය බහු දේවවාදී ග්‍රීක සංස්කෘතිය සමඟ මිශ්‍ර වීමෙන් බහු දේවවාදී වෛදික සංස්කෘතිය නිර්මාණය වුනා.
මේ සංස්කෘතියේ ප්‍රචණ්ඩත්වයට ඉහළ තැනක් ලැබෙන අතර බිලි පූජාවන්ටද තැනක් තිබුණා.
බුදුන් වහන්සේ පහළ වුනේ මේ සංස්කෘතික වෙනස ක්‍රියාත්මක වෙමින් සිටින විට. බුදු දහම සමස්ථයක් වශයෙන් වෛදික දර්ශණයට විරුද්ධයි.
පසුව බුදු දහමේ සහ ජෛන ආගමේ අවිහිංසාවාදී ලක්ෂණ වෛදික සංස්කෘතිය සමඟ මිශ්‍ර වීමෙන් හින්දු ආගම ඇති වුනා.
හින්දු ආගම අවිහිංසාවාදීයි. නමුත් වෛදික දර්ශණයේ සමහර කොටස් (බිලි පූජා වැනි ) තාමත් ඉන්දියාවේ තිබෙනවා.
වැදගත්ම දේ මේකයි. ග්‍රීක ආගම තාම ග්‍රීසියේ ක්‍රියාත්මකයි (ක්‍රිස්තියානුවන්ගේ දැඩි මර්දනය කිරීම් යටතේ පවා ). නමුත් ඔවුන් බිලී පූජා තියන්නේ නැහැ.ඉන්දියාව අමතක කරමු. කොහෙවත් යන අපේ රටේ මේවා තියන්නේ ඇයි??
![]()


).