බිසවුනි ප්‍රමිලා
දස්කොන් අදිකාරම්ගේ සහ ප්‍රමිලා බිසවගේ ප්‍රේම කතාව සමහර විට සමහරු අහලා නැති වෙන්නත් පුුලුවන්. මේක නිකං ප්‍රේමයක් නෙමෙයි අසම්මත ප්‍රේමයක් නිසා ඒකට ඒ හැටි වටිනාකමක් ලැබෙන්න නැතුව ඇති අපේ සංස්කෘතිය ඇතුලේ. (ඒත් කොහොමද ඉන්දියාවේ ක්‍රිෂ්ණාගෙයි රාධාගෙයි අසම්මත ප්‍රේමයට තියෙන තැන!). අද මේ කියන්න හදන්නේ මේ කතාව හා සම්බන්ධ වුනු ගීතයක් ගැන. ඒත් මම ඊට කලින් මේ ප්‍රේම කතාවේ සුලමුල විස්තර කරන්නම්.
දස්කොන්ගේ පියා, ගැස්කොන් කියන්නේ ලංකාවේ වෙරලට පාවී ආපු ප්‍රංශ නැවක සේලරුවෙක්. දෙවැනි රාජසිංහ රජු විසින් මේ නැවියන් අල්ලා සිර කෙරුනු ලැබූ අතර කාලයකට පසු ඔවුන්ට නිදහස ලැබුනා. එවිට මේ ගැස්කොන් උඩරට ප්‍රදේශයට සංක්‍රමණය වෙලා එහි සිටි පෘතුගීසි කාන්තාවක් හා විවාහ වුනා. මේ දෙපලට ලැබුනු දරුවා තමයි පේදෲ ගැස්කොන් -- හෙවත් අපේ සිංහල මිනිසුන්ගේ කටවහරට හුරු වූ විදියට දස්කොන්. මේ කාලේ සිංහල රාජසභාවේ විදේශිකයනුත් හිටියා. ගැස්කොන් පවුලත් ඒ ආශ්‍රයෙන් තමයි රජවාසල හා කිට්ටු වුනේ. දෙවැනි රාජසිංහ රජ පුත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ කුමාරයා සමග කුඩාකල සිටම මිතුරු වූ දස්කොන්ට පසුව මේ කුමරා රජ වූ විට අදිකාරම් තනතුරකුත් ලැබුනා. කවියෙක් වුනු දස්කොන් මේ අතරතුර කවි ලිවීමේ දක්ෂතා තිබූ රජුගේ ප්‍රමිලා බිසව සමග හාදකමක පැටලුනා.
මේ කාලයේ රාජසභාවේ හිටපු විදේශිකයෝ සිංහල රදලයන්ට, සංඝයාවහන්සේලාට විරුද්ධව කුමන්ත්‍රණ කල අතර සිංහල රදලවරුන්, සංඝයාවහන්සේලාත් අනිත් අතට විදේශිකයන්ගෙන් පලි ගන්නට මාන බැලුවා. මෙන්න මේ ගැටුමේ ප්‍රතිඵලයක් විදියට දස්කොන්ගේත් ප්‍රමිලාගේත් අසම්මත ආදරේ රජතුමාගේ කණට ගියා කියලා තමයි කියවෙන්නේ. සිදුවීම අවසන් වූයේ දස්කොන් අදිකාරම හිසගසා දැමීමෙන් මරණයට පත් කිරීමෙන්.
ඉතින් කවීන් වුනු මේ දෙදෙනාගේ ආදර හසුන් කොයි තරම් කාව්‍යාත්මක වුනාද කියලා දන්නේ දෙයියෝ තමයි. මේ දෙදෙනා කවියෙන් තම අදහස් හුවමාරු කරගත් බවට සාධක තියෙනවා. ඉතින් මේ ප්‍රේම කතාව අලලා ලියැවුනු ගීතයක් ගැන තමයි මේ කියන්නේ
http://blog.indranama.com/2010/03/daskon-pramila/

Last edited: