බීජ අඩංගු බෝම්බ (Aerial Seed Bombing)
#අම්පාර, ලාහුගල රක්ෂිතයට, ශාක බීජ අඩංගු බෝම්බ (Aerial Seed Bombing) හැටහත්දාහසක් දෙදිනක් තුළ ගුවනින් හෙළූ බව ගුවන් හමුදාව කියයි.
වන රක්ෂිත තුළ බීජ වර්ග පැළ කිරීමේ ව්‍යාපෘතිය යටතේ බෝම්බ ආකාරයට පස් සමග මිශ්‍ර කළ අරළු, කෝන්, ගොඩකිරිල්ල, මයිල, සියඹලා බීජ මෙසේ මුදාහැරිය බව ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරියකු අනාවරණය කළේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග එක්ව මෙහෙයුම කර ඇත්තේ පෙරේදා (29 වැනිදා) ය.
දෙදිනක් තුළ ලාහුගල රක්ෂිතයේ අක්කර හැටක භූමි භාගයක් ආවරණය වන පරිදි එම්.අයි. දාහත වර්ගයේ හෙලිකොප්ටරයක් යොදාගෙන බීජ බෝම්බ මුදාහැර ඇත.
ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිෂ් මාර්ෂල් සුදර්ශන පතිරණගේ සංකල්පයක් මත ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුමංගල ඩයස්ගේ නියෝග මත වන රක්ෂිතවලට බීජ මුදාහැරීමේ මෙහෙයුම පළමුව සිදුකළේ රනෝරාව රක්ෂිතයේය. පළමු මෙහෙයුමකදී අක්කර පහකට බීජ බෝම්බ පන්දහසක් හෙළා තිබිණි. කරද, මී, කුඹුක් බීජ එහිදී රනෝරාව රක්ෂිතයට මුදාහැර ඇත. අක්කර හැටක් ආවරණය වන පරිදි බීජ හැට හත්දහසක් මුදාහැරීම සිදුකර ඇත්තේ පළමුවරටය.