බීජ අඩංගු බෝම්බ (Aerial Seed Bombing)

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    බීජ අඩංගු බෝම්බ (Aerial Seed Bombing)

    #අම්පාර, ලාහුගල රක්ෂිතයට, ශාක බීජ අඩංගු බෝම්බ (Aerial Seed Bombing) හැටහත්දාහසක් දෙදිනක් තුළ ගුවනින් හෙළූ බව ගුවන් හමුදාව කියයි.

    වන රක්ෂිත තුළ බීජ වර්ග පැළ කිරීමේ ව්‍යාපෘතිය යටතේ බෝම්බ ආකාරයට පස් සමග මිශ්‍ර කළ අරළු, කෝන්, ගොඩකිරිල්ල, මයිල, සියඹලා බීජ මෙසේ මුදාහැරිය බව ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරියකු අනාවරණය කළේය.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග එක්ව මෙහෙයුම කර ඇත්තේ පෙරේදා (29 වැනිදා) ය.

    දෙදිනක් තුළ ලාහුගල රක්ෂිතයේ අක්කර හැටක භූමි භාගයක් ආවරණය වන පරිදි එම්.අයි. දාහත වර්ගයේ හෙලිකොප්ටරයක් යොදාගෙන බීජ බෝම්බ මුදාහැර ඇත.

    ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිෂ් මාර්ෂල් සුදර්ශන පතිරණගේ සංකල්පයක් මත ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුමංගල ඩයස්ගේ නියෝග මත වන රක්ෂිතවලට බීජ මුදාහැරීමේ මෙහෙයුම පළමුව සිදුකළේ රනෝරාව රක්ෂිතයේය. පළමු මෙහෙයුමකදී අක්කර පහකට බීජ බෝම්බ පන්දහසක් හෙළා තිබිණි. කරද, මී, කුඹුක් බීජ එහිදී රනෝරාව රක්ෂිතයට මුදාහැර ඇත. අක්කර හැටක් ආවරණය වන පරිදි බීජ හැට හත්දහසක් මුදාහැරීම සිදුකර ඇත්තේ පළමුවරටය.

    75210348_556786421745182_5021041945569394688_n.jpg
    73482716_556786491745175_1879336547514318848_n.jpg
    73291483_556786541745170_9124378400801161216_n.jpg
    74318235_556786581745166_96728268438241280_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ආදරනීය, සදාදරනීය මිත්‍රවරුණි..වැඩේ නම්, පට්ට...
    ඒත් හමුදාව ඔය වගේ අමුඩ ගහගෙන ගොවියො කරන වැඩවලට යොදාගන්න එක එයාලට කරන අවමානයක්... එයාල ඉන්නෙ මැටි අනන්න, ඇට වටේ ඔතන්න, වපුරන්න නෙවෙයි. යුද්ධ කරන්නයි කියල මං මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි...
     
    Last edited: