බීට්බොක්සින් කරලා පිරිත් කියන හාමුදුරුවෝ.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    මොනවද බන් මේ සෙන් බුද්ධාගම කියන්නේ? මෙව්වත් අපේ ථෙරවාද බුද්ධාගමේ තියෙන එව්වමද උගන්නන්නේ? නැත්තන් වෙනම ආගමක්ද. අපේ බුද්ධාගමට ගෑවිලාවත් නැද්ද? අනික මහායාන එකත් එහෙමද? ජපානේ, චීනේ, තායිලන්තේ එහෙම ථෙරවාද ඇත්තෙම නැද්ද? :confused:

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    Na machan meka Tibet Nepal walath karanwa ehe Budagama gatha kiyana widiha sahenna wenas meka nam athatma godak ganne relaxation wage music wage eketh category godak thiyanawa .. Ape rate wage gatha kiyanne Thai,Myanmar, wala habai Indonesia walath samahara aya kiyanwalu ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත
    දාර්ශනික බෞද්ධයන් ඇවිත් මේකට බනී දැන්. උන්ට තාම ලංකාවේ දෛනික ලමා අපචාර ටික අඩු කරගන්න බැ . ඒත් කියන්නේ බුදුන් 3 පාරක් වැඩපු ධර්ම දීපය 😂
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Good thread bro. Mata tiyena awulath okamai.. eka eka ratawal wala eka eka widiya. Ethakota budu hamuduruwo deshana kala aththa darmaya koheda.... ?
     
    • Like
    Reactions: Heshan Daminda

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මොනවද බන් මේ සෙන් බුද්ධාගම කියන්නේ? මෙව්වත් අපේ ථෙරවාද බුද්ධාගමේ තියෙන එව්වමද උගන්නන්නේ? නැත්තන් වෙනම ආගමක්ද. අපේ බුද්ධාගමට ගෑවිලාවත් නැද්ද? අනික මහායාන එකත් එහෙමද? ජපානේ, චීනේ, තායිලන්තේ එහෙම ථෙරවාද ඇත්තෙම නැද්ද? :confused:

    බුද්දා ගමේ ප්‍රදාන කොටස් 5 ක් තියනවා මහායාන/හිනයාන/ථෙරවාද/වජ්‍රයාන/සෙන් කියල ඔය හැමකොටසේම කොර් එක සමානයි ඒ කියන්නේ යන්නේ නිවනට හැබැයි යන පාරවල් 5 යි ඒ වගේ ..ඕක බෙදෙන්නේ බුද්දාගමේ වියාප්තියත් එක්ක මොකද බුද්දගම ඒ ඒ රටවල් වලට ආවට පස්සේ ඒ අයකරේ ඒ සංස්කෘතීන් වලට අනුකුලව ආගම වෙනස් කර ගත්තඑක එහෙම වෙනස් නොවූනනම් මේ වෙනකොට බුද්දාගම නැ..

    මෙතන කතාව සෙන් නිසා මම ඒ ගැන කියන්නම් සෙන් ජපානේට එන්නේ 7th century වල වගේ චිනෙන් . සෙන්ව ලින් කියන්නේ අපි හැමෝම බුදුන් වගේ නමුත් සසරෙන් ගැලවෙන්න බැරි අපේ තියන බැදීම්නිසා භාවනාවෙන් ඒවා ඉවත් කරගන්න ඕනේ කියල සරලව කියනවනම් ඕන කෙනක්ට බුදුවෙන්න පුලුහන් ,,සෙන් දර්ශනය අනිත් දර්ශන වලට සපෙක්සව සරලයි ඒ කියන්නේ එදිනෙද කරන හැම වැඩක්ම භාවනාවක් විදිහට කරන්න සෙන් වලින් උගන්වනවා ..මේ කරනේ දී මේ හාමුදුරුවන් වහන්සේ කිසිම ආගමික විරෝදී වැඩක් කරන්නේ නැ ...ඒවගේ වැඩ කරන්නේ ලංකාවේ (සිංහල බෞද්ද) හාමුදුරුවෝ ගොල්ල ..මෙතන සිංහල බෞද්ද කියන කොටසත් බුදගමේ niche කොටසක් අනගාරික දර්මපාල සහ ඕල්කට් එකතුවෙන් තමා ඔය සින්ග්හල බෞද්ද කොටස ඇතිවෙන්න මේ කොටස බුද්දාගමේ මුලික සංකල්පවත් දන්නේ නැති කොටසක් කරුමෙට ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ සින්ග්හල බෞද්ද ..

    බුදුන් දේශනා කල ඇත් ත ධර්මය ඕනෙනම් ඔය හැම දර්මයක්ම ටිකටික ඉගනගන්න ඔය කොටස් 5 ම පොදු එක ලක්ෂණ තියනවා අන්න එක තමයි බුද්ද දේශනාව ...එහෙම හැම දෙයක්ම අද්‍යනය කරලා ඔය පොදු දේ හොයාගන දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා අන්න එයාල ෆලෝ කරන්න සාර්ථකයි ...
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,182
    54,933
    113
    Colombo

    එහෙම හැම දෙයක්ම අද්‍යනය කරලා ඔය පොදු දේ හොයාගන දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා

    ekkenekge namak kiyanna barida ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ලංකාවේ තියෙන්නේ පිරිසිදු බුදු දහම කිවුවාට ලංකාවේ තියෙන්නේ තනිකර දෙවියෝ ඔලුවෙ තියාගෙන ඉන්න බුදු දහමක් . අපි තමා බුදු දහම කාලා දන්නේ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    Good thread bro. Mata tiyena awulath okamai.. eka eka ratawal wala eka eka widiya. Ethakota budu hamuduruwo deshana kala aththa darmaya koheda.... ?
    Good thread bro. Mata tiyena awulath okamai.. eka eka ratawal wala eka eka widiya. Ethakota budu hamuduruwo deshana kala aththa darmaya koheda.... ?
    බුදුන් දේශනා කල ඇත් ත ධර්මය ඕනෙනම් ඔය හැම දර්මයක්ම ටිකටික ඉගනගන්න ඔය කොටස් 5 ම පොදු එක ලක්ෂණ තියනවා අන්න එක තමයි බුද්ද දේශනාව ...එහෙම හැම දෙයක්ම අද්‍යනය කරලා ඔය පොදු දේ හොයාගන දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා අන්න එයාල ෆලෝ කරන්න සාර්ථකයි ...
    එහෙම හැම දෙයක්ම අද්‍යනය කරලා ඔය පොදු දේ හොයාගන දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා

    ekkenekge namak kiyanna barida ?
    PM කරා බලන්න
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    දාර්ශනික බෞද්ධයන් ඇවිත් මේකට බනී දැන්. උන්ට තාම ලංකාවේ දෛනික ලමා අපචාර ටික අඩු කරගන්න බැ . ඒත් කියන්නේ බුදුන් 3 පාරක් වැඩපු ධර්ම දීපය 😂
    Eka ithin dharmaye waradak nemei, ewa ahana bahuthara mati molunge awabodaye prashnayak. Budunge kaale hitapu hamoma niwan dakke nane. Natanna bari ekaata polowa adayi wage kathawak

    P.S. Btw, ubata waradilada manda, daarshanika baudda nemeyi saampradayika baudda unanan oya kathawa hariyatama hari
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ලංකාවේ තියෙන්නේ පිරිසිදු බුදු දහම කිවුවාට ලංකාවේ තියෙන්නේ තනිකර දෙවියෝ ඔලුවෙ තියාගෙන ඉන්න බුදු දහමක් . අපි තමා බුදු දහම කාලා දන්නේ
    ලංකාවේ තමයි අපිරිසිදුම බුදුදහම තියෙන්නේ එකට බුදුන් වහන්සේ ගේ නමවත් ගාවන්න හොද නැ...
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ලංකාවේ තමයි අපිරිසිදුම බුදුදහම තියෙන්නේ එකට බුදුන් වහන්සේ ගේ නමවත් ගාවන්න හොද නැ...
    Thota pissu da? Budu piyanan wahanse awaboda karala mathu karala dunna pirisidu dharmaya oya thailanthe, nepale, buthane, burume kiyana hama magulatama wada hondata lankaawe thripitakaye thamath thiyenawa. Eka hariyata awaboda karaganna pina thiyenna ona. Ehema awaboda karapu aaryayan wahanselath wada innawa. Hariyata deyak nodana gon katha kiyanna epa.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    Thota pissu da? Budu piyanan wahanse awaboda karala mathu karala dunna pirisidu dharmaya oya thailanthe, nepale, buthane, burume kiyana hama magulatama wada hondata lankaawe thripitakaye thamath thiyenawa. Eka hariyata awaboda karaganna pina thiyenna ona. Ehema awaboda karapu aaryayan wahanselath wada innawa. Hariyata deyak nodana gon katha kiyanna epa.
    හා ..
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    එක නුලක ප්‍රශ්න ගොඩක්.........

    කෙටියෙන් පුළුවන් තරම් සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

    @firerix කියල තියෙනවා වගේ, බුදු දහම ප්‍රධාන කොටස් 3යි. ථෙරවාද, මහායාන හා වජ්‍රායාන.

    ථෙරවාද බුදුදහම ලංකාව, තායිලන්තය හා බුරුමයේ පවතිනවා. රටෙන් රටට සංස්කෘතිමය වෙනස්කම් දකින්න පුළුවන්. පොදුවේ සියල්ලෝ අරහත්, පසේබුදු හා සම්මා සම්බුද්ධ (තුන්තරා බෝධිය) යන අවස්ථාවකින් සසර කෙළවර කිරීම විශ්වාස කරමින් ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ ප්‍රධාන නිකාය 3ක් තිබුනත් ඒ හැම එකකම තියෙන්නේ පොදු හරයක් හා ක්‍රමයක්. සියම් නිකාය තායිලන්තයෙන් ගෙනෙන උපසම්පදාව නිසා ඒ නම ලදී. එලෙසම බුරුමයේ අමර හා රාමඤ්ඤ පෙදෙස්වලින් ගෙන ආ නිසා ඒ නමින් තම නිකාය නම්කර ඇත.(මෙය තව විස්තර කල හැකිය)

    මහායාන
    වජ්ජිපුත්තක භික්ෂුන්ගේ දස අකැප වස්තුන් ඉල්ලීම සමගම බෙදී වෙන්වුන කණ්ඩායම ලෙස සැලකේ. චීනය, තායිවානය, කොරියාව හා ජපානය වැනි රටවල ඇත්තේ මේ කොටසයි. මෙහි ප්‍රධාන විශ්වාසය නම් සියල්ලෝම බුද්ධත්වයෙන් සසර කෙළවර කරන හෙයින් ලෝවැසි සැම බෝධිසත්වයන් නොහොත් පෙරුම් පුරන අයවලුන්ය. එසේම බුද්ධත්වය ලද පුද්ගලයා අවශ්‍ය දේ සපුරා ඇති හෙයින් ඔහුට වඩා ඒ වෙනුවෙන් කැපවී ඇති පුද්ගලයා වඩා වටිනාකමක් ඇත්තෙකු සේ සලකයි. අවලෝකිතේශ්වර වැනි බෝසතුන්ට මොවුන් වන්දනා කරයි.

    වජ්‍රයානය ටිබෙටය මුලික කර පවතී. තුන්වන ඇස විවර කිරීම මෙහි මුලික විශ්වාසයයි. මියගිය තම ප්‍රධානියාගේ උත්පත්තිය සෙවීමට විශේෂ මහන්සියක් ගනී.

    සෙන් බුදුදහමද මහයානයේම කොටසක් ලෙස සැලකිය හැකිය. වෙනස්කම්ද තිබිය හැකිය.

    මහායාන දහමේ පුද්ගල භෞතික දියුණුව ගැන සලකනවා මෙන්ම භාවනාව තුලින් සසර කෙළවර කිරීමට උත්සාහ කරයි. බුරුමයද මෙම ක්‍රමයම අනුගමනය කරයි.

    තායිලන්තය හා ලංකාවේ සුත්‍ර විනය දෙකට වැඩි ඉඩක් ලබා දී ඇත. භාවනාවට වඩා සමාජයේ නිවැරදි බව ඇති කිරීමට උත්සාහ දරයි. අන් සියල්ලන්ටම වඩා සමාජය සමග ගැටෙන හෙයින් සමාජයේ වැඩි කතාබහට ලක්වෙයි. හමුදාව හා පොලිසිය මෙනි.

    පවතින සමාජ රටාව සමග බද්ධ වී ඉදිරියට යාමට දරන උත්සාහයන් වැඩි වශයෙන් දැකීමට හැකිය. ඉහතින් ඇති විඩියෝවද එයට අනගි උදාහරණයකි.

    බුදු හාමුදුරුවෝ දේශනා කල හරය මේ සියල්ලේම නැති බව මගේ විශ්වාසයයි. තම තමන්ට වාසි වන අයුරෙන් හා සමාජයේ පැවැත්ම වෙනුවෙන් සකසා ගත් දහමක් ලොව පුරා දක්නට ඇත. නිවන් දකින්නට පාර පෙන්නන්න බොහෝ දෙනෙක් සිටිතත් ඒ මග යන්නට නිවන් සාක්ෂාත් කරගන්නට සියල්ලෝ මැලි වෙති. හේතුව ලෙස මා දකින්නේ ඔවුන් දෙසන මාර්ගය ගැන කුකුසක් ඔවුන් තුල තිබීමයි.

    තව ලියන්න තිබේ. පැනයන් මතු වන විට ඒ දේවල් දෙන්නම්.