වචන භාවිතය කිව්වේ මචං ඔය හාමුදුරුවෝ කතා කරන විදිහ ගැන.
මට හරියටම සාක්ෂි ඉදිරිපත් කරන්න බැරි ඕවා ගිහින් හොයලා බලන්න තරම් මට හැකියාවක් නැති නිසා. හැබැයි පුළුවන් උනාම ඉන්දියාවේ ගිහින් බලනවා. ගියපු අය කියන්නේ ගියාම දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න බෑ කියලා.
මීවනපලානේ හිමි දේශනා කරන දහම් කරුණු ගැන මම හිතවත් හිමිනමක් එක්ක කතා කරා. උන්වහන්සේ කියන්නේ මීවනපලානේ හාමුදුරුවෝ වගේ අය බුද්ධ කාලෙත් ඉදලා තියනවලු. වයසට ගිහින් මහන වෙලා තමන්ට ආකර්ශනයක් ලබාගන්න ඔය වගේ තමන්ගේ අනුගාමිකයෝ හදාගන්න ඒ අයට හැකියාව තියනවලු. මොකද නැත්තන් වයසට ගිහින් මහන වෙලා සංග නායක වෙන්නද.
බුදු දහම ගැන බොහෝ කාලයක් අධ්‍යයනය කරපු අයත් එක්ක මම මේ ගැන කතා කරා. ඒ හැමෝම කියන කතාක් තමයි මීවනපලානේ හිමි යන් මාරපාර්ශවික බලපෑමක් නිසා මේ වගේ දොඩවනවා කියන එක. ඉපදිලම තියන්නේ මාරයාගේ කටයුතු ටිකක් කරලා යන්න. හරියට බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හොද පැත්තට ඉපදුනා වගේ මීවනපලානේ හාමුදුරුවෝ ඉපදිලා තියන්නේ නරක පැත්තට.
අරහෙ මේක තියනවා මේ විශ්ව විද්‍යාලයේ මේක තියනවා කිව්වට කාටද බං පිලිගන්න පුළුවන්. ඕවා අපි ගිහින් බලන්නද.
අනිත් අපේ ලොකු සීයා 1900 ඉපදුන කෙනෙක්. මම පොඩි කාලේ එයාව ලගින් ඇසුරු කරලා තියනවා. දැන් නම් එතුමා මිය ගිහින්. එයා අව්රුදු 100 ක් පහුවෙනකල් හිටියා හොද සිහි කල්පනාවෙන්. කිය කිය හිටියේ මැරෙන්න කලින් ඉන්දියාවේ තියන පූජනීය ස්ථාන වලට යන්න ඕනේ මේවා හැබැහින් දැකගන්න ඕනේ කියලා.
උඹලා හෙන මුලාවක පැටලිලා ඉන්නේ මචං. උඹලව ඔය හාමුදුරුවෝ මුලා කරලා. උඹලගෙන් නිවන විතරක් නෙවෙයි පිනත් ඈත් කරලා. දැන්ම ඕකෙන් ගැලවෙන්න.