චිත්ත විසුද්ධිය මැනවින් පැහැදිලි කරගත්, කරදුන් බුද්ධඝෝෂ නම් මහා බුද්ධිමතාට සෝවාන් පලයටවත් පත් වෙන්නට බැරි වීම නම් අවුලක්.
ලොල් ඔබතුමට බුදුන්ට පමණක් සාදාරණ ඥනත් තියනව වගේ. කොහොමද බුද්ධගෝෂ හිමි මගපල නොලබා හිටියයි කියල කියන්නේ? අර ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකේ අන්තිමට තියන "ප්‍රාර්ථනාව" ද? එක ඒ පාලි/සිංහල/ඉංග්‍රීසි කොපි/ට්‍රාන්ස්ලේෂන් එක කරපු කෙනාගේ "ප්‍රාර්ථනාවක්" මිස බුදුගොස් හිමියන්ගේ ප්‍රාර්ථනාවක් නෙමෙයි. බුදුගොස් හිමියන් ඔරිජිනල් පාලි පොතේ කියන්නේ මෙහෙමයි.
"This Path of Purification was made by the elder who is ... an ornament in the lineage of the elders who dwell in the Great Monastery and who are shining lights in the lineage of elders with unblemished enlightenment "
මැනුවල් එක ලියපු හැටි ගැන ඒක ලියපු පුද්ගලයාම කියල තියෙන දේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. "අත්තනෝමත" හෙවත් තමන්ගේ පුද්ගලික මතය අනුව හෙළ අටුවාවල දහම් කරුණු වෙනස් කර පාලි අටුවාව ලිවූ බවට කිසිදු මගපලයක් නොලැබූ බුද්ධඝෝෂ සඳහන් කර තිබීම ඔබතුමා දැක නැති හැඩයි. පටිච්චසමුප්පාදය විග්රහ කිරීමට යෑමේදී රේරුකානේ හිමියන් මෙන්ම ඝෝෂයන්ද අතරමං වූ බව ඒ අයම සඳහන් කර තිබීමත් ඔබට මග හැරී තිබෙනවා.
පටිච්චසමුප්පාදය කියන එක බුදුගොස්හිමි,රේරුකානේ හිමි නෙමෙයි උතුම් ආනන්ද හිමියනුත් බුදුන්වහන්සේ ලඟින්ම හින්දලත් ධර්ම භාණ්ඩාගාරික වෙලත් සම්පූර්නව නිවැරදිව දැනගෙන හිටියේ නැහැ. බුදුන් මේ ධර්මය ලෝකයට දේශනා කිරීමට මැලි උනෙත් "එතං සන්තං එතං පනීතන්" වශයෙන් නිවනේ තියන අති ශුක්ෂම ස්වභාවයත් පටිච්චසමුප්පාද ධර්ම දතුවේ තිබෙන ගැඹුරත් නිසා කියල අහල තියනවද? ඉතින් කව්රුහරි මට මේක ටොප් එකටම මීටර් මම තමයි මේක ලෝකෙට එලිකලේ කියල නටනවානම් කට්ටිය ප්‍රවේසම් වෙන්න දැනගන්න ඕනේ. රේරුකානේ හාමුදුරුවොත් පොතේ කියනව මට හැකි අයුරින් තමා මේක කරන්නේ කියල. වචන හරවල වෙන අර්ථකතන දෙන්න හදන්න එපා.
සතිපට්ඨානය ගැන බුදුපියාණන් වහන්සේ පැහැදිලිව පිරිසිදුව දේශනා කළ දේ තිබියදී බඩ හැකිලීම දිග හැරීම මගින් ධ්‍යාන ලබාගැනීමක් ගැන මතයක් රේරුකානේ හිමියන් බුරුමයෙන් ඉගෙනගෙන ඇවිත් මෙහෙ සමාජගත කරන්න හදනකොට විමසිලිවන්ත බෞද්ධයෝ ඒ කරුණු වල වැරදි පෙන්වා දීම සාධාරණයි.
රේරුකානේ හිමියන් ප්‍රචලිත කල බුරුම විපස්සනා ක්‍රමය ශුෂ්ක විපස්සනාවක්. එකියන්නේ වශිකරගත් ධ්‍යාන නොමැතිව වහ වහා නිවන් දකින ක්‍රමය. එකවත් නොදැනද මේ කථා කලේ? නැතිනම් සාර්ථක වෙච්ච ඒ ක්‍රමය ඔයාලගේ කල්ලියට ඈඳගෙන ලකුණු දාගන්නද? එකට ධ්‍යාන අවශ්‍ය නැහැ. සතිපට්ඨානය පමණයි. වයෝ පොට්ටබ්බය නහයෙන් දැනගන්නත් පුළුවන් උදර කුහරයෙන් දැනගන්නත් පුළුවන්. ඒ කාලේ ලංකාවේ අය තමා කෑගැහුවේ "බෑ බෑ නිවන් දකින්න ධ්‍යාන ඕනෙමයි" කියල.
බුරුම භාවනා, බඩේ භාවනා සහ විශුද්ධි මාර්ගය කියන දේවල් රථ විනීත සුත්‍රය, අනපනසති සුත්‍රය, ගිරිමානන්ද සුත්‍රය, මහා සතිපට්ඨාන යන උතුම් ත්‍රිපිටක දහමට ගැලපෙන අයුරු ඔබට විවේකයක් ඇති විටක පෙන්වා දිය හැකිද?
අපොයි පුළුවන්. එක මාස හයක් ඔය ඔලුවට දාගෙන තියන බුදුන් ලංකාවේ ඉපදුනා වගේ විසබීජ අයින් කරලා, ශුෂ්ක විපස්සනා ක්‍රමය අත්හදා බලන්නකෝ. රේරුකානේ හිමියන්ගේ උපදෙස්, කටුකුරුන්දේ ඥානන්ද හිමියන්ගේ කීර්තිමත් ගෝලයෙක් වෙන උඩුඉරියගම ධම්මජීව හිමියන්ගේ උපදෙස් පිලිපදින්නකෝ. තමන්ටම තේරුනේ නැතිනම් "මේව බොරු අපේ හාමුදුරුවෝ විතරයි හරි" කියල හිතාගන්න.
Last edited:




බුද්ද සාසනය කෑමේ පුරොගාමියා බුද්ධඝෝෂ හාමුදුරුවො තමා ..ඔය නමවත් උන්වහන්සේට ගෑලපෙන් නෑ .. 
