බුද්ධත්වය පතන දෙවිවරු - 03 මහා සංතොඨ්ඨික දෙව&#

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බුද්ධත්වය පතන දෙවිවරු - 03 මහා සංතොඨ්ඨික දෙව&#

    මහා සංතොඨ්ඨික දෙව් රජුන් යැයි කි සැනින් බොහෝ දෙනාට මේ නාමය එතරම් හුරු නැත. නමුත් මෛත්‍රී බෝධිසත්වයෝ යැයි කියු වහාම අද අප කථා කරනා උත්තමයා කවුරුන්දැයි ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත.
    මේ මහා බද්‍ර කල්පයේ අවසාන බුදුරදුන් වන මෛත්‍රී බුදුරදුන් නාථ දෙවියන් යැයි යම් පිරිසක් අදහස් දැක්වුවද ඒය වැරදි මතයකි. නාථ දෙවියන් ගැන මා කලින් පල කල ලිපියෙහිද ඒ පිලිබඳ වැඩිදුර විස්තර සටහන් කර ඇත. මෙත් බෝසතුන් දැන් මහා සංතොඨ්ඨික දෙව් රජුන් හෙවත් මහා සංතෝෂයින දෙවියන් ලෙසින් තුසිත දෙව්ලොව වැඩ වාසය කරන බව අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන් හා අතිපූජ්‍ය රේරුකානේ චන්දිවිමල මහා නාහිමියන් විසින් කරන ලද පැහැදිලි කිරීම් වල මනාව සටහන් වේ.

    plate13.jpg


    කෙසේ නමුත් මෙත් බෝසතුන් ගැන දීර්ඝ මෙන්ම පැහදිලි කරුනු අපට හමුවන්නේ ඛුද්දක නිකාය, බුද්ධ වංශ දේෂනාව අවසානයේදි සැරියුත් මහරහතන් වහන්සේ ගේ ඉල්ලීම පරිදි බුදුරජානන් වහන්සේ විසින් සිදුකල අනාගත වංශ දේශනාවෙනි.
    බුද්ධත්වයෙන් හත්වන වස් කාලයේදී මාතෲ දිව්‍ය රාජයාට ධර්මය දේෂනාකිරීම සඳහා තවුතිසාවට වැඩම කර සිටි බුදුරජානන් වහන්සේ ඉන් පසු මහා පෙළහරකින් ,රන් හිණි පෙතක් මවා, දඹදිව සංකස්ස නගරයට සැපත් වන විට, ඒ නුවර “සිරිවඩ්ඪන” නම් මහ සිටු පුත්‍රයකු ව සිටි මෛත්‍රී බෝසතුන් අප බුදුරජානන් වහන්සේට ආරාමයක් කර පූජා කරවන ලදි එවිට බුදුන් වහන්සේ මේ මතු බුදුවන මෙත් බෝසතුන් යයි ප්‍රකාෂ කල අවස්ථාවේදී සැරියුත් මහරහතන් වහන්සේගේ ඉල්ලීම පරිදි මෙම අනාගත වංශ දේෂනාව කල සේක. එහි සඳහන් වන පරිදි උන්වහන්සේ ගේ පරමායුෂ අවුරුදු අසුදහසකි. කේතුමතී නුවර සුබ්‍රහ්ම නම් බමුණා ට දා ව බ්‍රහ්මවතී බැමිණිය ගේ කුස තුළ මෛත්‍රී බෝධිසත්වයන් පිළිසින්දගන්නා බව සඳහන් වේ. වයස අවුරුදු 18 වන විට ගිහිගෙයින් නික්ම යබ බවද මෙම දේෂනාවේ සඳහන් කරුනු අතර වේ.

    මෙහි "සිරිවඩ්ඪන" නම අල්ලා ගත් ගාල්ලේ විකටයෙක් තමා මෛත්‍රී බුදුන් යැයි කියමින් බන කීවා කාටත් මතක ඇතැයි සිතමි.:P

    බුදුවන්නට පෙරුම් පුරනා මෙත් බෝසතුන්ගෙන් යමෙක් පිහිටක් බලාපොරොත්තු වේනම් මහා කරුනා සිත පෙරදැරිව උන් වහන්සේ පිහිට වන්නේ යයි පැරැන්නන්ගේ මතයයි.

    ෴මෙත් බෝසතුන් වන්දනා කරන ගාථාව෴

    මෙත්තෙය්‍ය නාමේන බුද්ධො භවිත්වා
    නිබ්බානගාමිං දේසේති ධම්මං
    වාසේති සෝදාති තුසිතම්හි ලෝකේ
    වන්දාමහං තං වර බෝධිසත්තං

    වීරියාධිකෝ උත්තම බෝධිසත්තෝ
    අනාගතේ කේතුමතී පුරස්මිං
    උප්පජ්ජ ලෝකස්ස හිතං කරෝති
    වන්දාමිතං වීතරාගී මුනින්දං


    පරන ලිපි මෙතනින් බලන්න ගිහින්
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    බුදුසරණයි මචං මම අද තමයි මේ දේවල් දැන ගත්තේ...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    බොහොම වටිනා ත්‍රෙඩ් එකක්.....මේ වගේම ත්‍රෙඩ් එකක් මන් දැක්කා අරුණත් දාලා තියනවා....මේ විස්තරය හරියටම දැක්කේ අද....බොහොම ස්තුතියි අයියේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    බොහොම වටිනා ත්‍රෙඩ් එකක්....මේ විස්තරය හරියටම දැක්කේ අද....බොහොම ස්තුතියි අයියේ
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොහොම වටිනා ත්‍රෙඩ් එකක්.....මේ වගේම ත්‍රෙඩ් එකක් මන් දැක්කා අරුණත් දාලා තියනවා....මේ විස්තරය හරියටම දැක්කේ අද....බොහොම ස්තුතියි අයියේ

    ස්තූතියි.. දවස් ගානක් දඟලලා තමයි කරුනු ටික එකතුකරගත්තේ.. :yes: