බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    budun deshana karapu pin paw pili ganne naha. e unata koheda yana ekek kiwwa quantum widyawa piligannawa.
    anika api kochchara kiwwath wadak nahane. ubama kiwwane uba piliganne ubata meter wena de kiyala. okath hithala hithala meter karaganin machan. naththam atha arala dapan. thawa godak loku unama ubata owa therei. ehemath naththam marichcha dawasata therei.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙතන හුගක් ප්‍රශ්න පෙරිලා‍ පෙරිලා ඇවිත් වැඩි දෙනෙක්ගේ අවධානයට යොමු වෙලා තියෙන ප්‍රශ්නය තමයි පුනුරැප්පත්තිය, මරණෙන් මතු ආත්මය සහ නැවත ඉපදීම කියන එක. නමුත් Comments ඔක්කෝම කියවද්දී ‍ඔය පුනුරැප්පත්තිය සහ මරණින් මතු ආත්මය සහ නැවත ඉපදීමක් නැහැ කියන අය ‍ඔක්කෝම ඒක කියන්නේ ඔවුන් එහෙම විශ්වාස කරනා නිසා. එහෙම නැතුව එහෙම දෙයක් නැහැයි කියලා ඔප්පු කරන්න පිළිගත් සාක්ෂි සාධක කා ලගවත් නෑ. එහෙම නේද ?? ඒ වගේම බෙෘද්ධයින් වශයෙන් අපි විශ්වාස කරනවා මරණින් මතු නැවත ඉපදීම ගැන. හැබැයි ඒක ගැන පෘථග්ජන අපිට දකින්න බැහැ වගේම දැනෙන්න නැහැ. එතකොට ඒකත් විශ්වාසයක්නේ. නමුත් බුදු දහමේ මේ ජීවියා සසරේ ගමන් මාර්ගය ඉපදුනු මැරැණු ආත්ම ගැන අවබෝධය ලබා ගැනීමේ නුවණ පුබ්බේ නිවාසානුස්සති ඥාණය පිළිබදව දේශිතයි. ඒ වගේම එය ලගාකර ගැනීම පියවරෙන් පියවර බුදු දහමේ සදහන්. බුදුරජාණන් වහන්සේ මේ පෙර ජන්මයන් මතු ඉපදීම ගැන කතා කලේ ඒ නුවණ උපයෝගී කරගෙන. එයට සාක්ෂි දැරීමට එදා සසුනේ එම ඥාණය ප්‍රත්‍යක්ෂ කරපු රහතන් වහන්සේලා වගේම ගිහි උදවියත් හිටියා. එතකොට බලන්න එවැනි ප්‍රායෝගිකව යායුතු මාර්ගය පෙන්වලා තියෙද්දී ඒක එහෙම නෑ කියන එකද සාධාරණ (කිසිම සාක්ෂියක් සාධකයක් නැතුව) එහෙම නැත්තම් අදාළ මාර්ගය තුල ගමන් කරලා ඒ දේ සත්‍යයද කියලා බැලීමද සුදුසු.

    එක දෙයක් කියන්න ඕනේ මේ ලෝකේ මනුෂ්‍ය සත්තවයා හුගක් කැමති විශ්වාසයන් මත එල්බ ගෙන සිටීමටයි. ඒක බෙෘද්ධ වේවා වෙනත් ආගමක වේවා ඕනෑම පුද්ගලයෙකුගේ උපතින්ම එන ගති ලක්ෂණයක්. යමක් ‍කෙරේ නොකඩවා බලාපොරොත්තු තියාගෙන ඔහේ ඉදීම බුදු දහමට අදාළ නෑ. අප ශාක්‍ය වූ අමාමෑණීන් මාර්ගය පෙන්වා දී තිබෙනවා. අමුතු මැජික් වැඩ බුද්ධ ධර්මය තුල නෑ. ස්වභාවයෙන්ම මිනිසා කැමති නිකන් ඉදන් තමන්ට හැම දෙයක්ම හම්බ වෙනවටනේ. ඒකට නිර්මාණවාදී ආගම් හොදයි. නමුත් බුදු දහම අමාරැයි මොකද එය ප්‍රායෝගික නිසා. ඒක නිසා එය අනුගමනය කරන්නන් අඩුයි. මාර්ගයේ ගමන් කිරීම අමාරැයි නමුත් එය තමයි මේ ලෝකෙ තිබෙන එකම ප්‍රායෝගික දහම.
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    ඔව් එක ඇත්ත.. ඒ වගෙම පුනුරුප්පත්තිය බොහො විද්‍යාඥයන් පිලි ගන්න දෙයක්.. මම මනෝ චිකිත්සකයෙක් ලෙසත් කටයුතු කරනවා.. මෝහනය මගින් පෙර ආත්ම ගැන කියන බොහෝ මිනිසුන් මම දැක තියෙනවා... අපිට පුරුප්පත්තිය ඉවත දමන්නට බැහැ..
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    උබෙ තර්කය උබේ කොනෙන් බැලුවොත් හරි... එත් සමහර දේවල් තියෙනව අපිට පිලිගන්නම වෙනව.. ඒවා විද්යාත්මකව හොයන්න යන්න ඔනෙ නෑ.. උදා. වශයෙන් උබ උබගෙ අම්මා උබෙ අම්මා විදිහටත් උබේ තාත්තා උබෙ තාත්තා විදිහටත් පිලි ගන්නෙ DNA Test එකක් කරල බලල නෙමේනෙ. උබට විශ්වාසයි ඒ ඉන්නෙ උබේ ඇත්තම අම්මයි තාත්තයි කියල. ඒ වගේ තමයි අපිට අපේ ආගම විශ්වාසයි, එක එක උබේ ඔය විද්යාවට ඔප්පු උනත් නැතත් එකෙ උගන්වල තියෙන්නෙ හොද දෙනෙ එක පිලි ගත්තඉ කියල කාටවත් නරකක් වෙන්නෙ නෑ..
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    බුදුරජාණන් වහන්සේ මේ පෙර ජන්මයන් මතු ඉපදීම ගැන කතා කලේ ඒ නුවණ උපයෝගී කරගෙන. එයට සාක්ෂි දැරීමට එදා සසුනේ එම ඥාණය ප්‍රත්‍යක්ෂ කරපු රහතන් වහන්සේලා වගේම ගිහි උදවියත් හිටියා. එතකොට බලන්න එවැනි ප්‍රායෝගිකව යායුතු මාර්ගය පෙන්වලා තියෙද්දී ඒක එහෙම නෑ කියන එකද සාධාරණ (කිසිම සාක්ෂියක් සාධකයක් නැතුව) එහෙම නැත්තම් අදාළ මාර්ගය තුල ගමන් කරලා ඒ දේ සත්‍යයද කියලා බැලීමද සුදුසු.

    මේ තර්කය සියලුම ආගම් වලට අදාලයි. කෙනෙකුට කියන්ඩ පුලුවන් ජේසුතුමා දෙවියන් සමග කතා කලා, එනිසා එතුමා දෙවියන්ගේ පැවැත්මට සාක්ෂි දරනවා, එනිසා පෙන්වා දී ඇති මාර්ගයේ අප ගමන් කල යුතුයි කියා. අනික සාක්ෂි දැරීමට රහතන් වහන්සේලා සිටියා කියන එකත් විශ්වාසයක් පමණයි. ඔප්පු කිරීමට සාක්ෂි නැහැ.

    මට නම් තේරෙන විදිහට බුදුන්ගේ තර්කය වුනේ රහතන් වහන්සේලා මේක අවබෝධ කල නිසා හෝ, තමන් වහන්සේ මේක අවබෝධ කල නිසා හෝ අපි මාරගයේ ගමන් කල යුතුයි කියන එක නෙවේ. බුදුන් කිව්වේ මේ මාර්ගය දිහා ඔබ බලා, එය තර්කානුකූලයි, වැදගත් කියා ඔබට පෙනේ නම් ගමන් කරන්ඩ කියන එකයි.

    අප මාර්ගය තුල ගමන් කල යුත්තේ ප්‍රායෝගිකව එය පෙනවා දී ඇති නිසා නෙවෙයි. සියලුම ආගම් ප්‍රයෝගික මාර්ග පෙන්වා දී තිබෙනවා. අප මාර්ගයේ ගමන් කල යුත්තේ ඒ මාර්ගය තර්කානුකූල නිසා.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඔව් එක ඇත්ත.. ඒ වගෙම පුනුරුප්පත්තිය බොහො විද්‍යාඥයන් පිලි ගන්න දෙයක්.. මම මනෝ චිකිත්සකයෙක් ලෙසත් කටයුතු කරනවා.. මෝහනය මගින් පෙර ආත්ම ගැන කියන බොහෝ මිනිසුන් මම දැක තියෙනවා... අපිට පුරුප්පත්තිය ඉවත දමන්නට බැහැ..

    නිර්මානවාදය (Creationism) කියන්නේත් බොහෝ විද්‍යාඥයින් පිලිගන්න දෙයක්. විද්‍යාඥයින් යමක් පිලිගත්තා කියන එකෙන් කියවෙන්නේ නැහැ ඒ දෙය විද්‍යාත්මකයි කියා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මේ තර්කය සියලුම ආගම් වලට අදාලයි. කෙනෙකුට කියන්ඩ පුලුවන් ජේසුතුමා දෙවියන් සමග කතා කලා, එනිසා එතුමා දෙවියන්ගේ පැවැත්මට සාක්ෂි දරනවා, එනිසා පෙන්වා දී ඇති මාර්ගයේ අප ගමන් කල යුතුයි කියා. අනික සාක්ෂි දැරීමට රහතන් වහන්සේලා සිටියා කියන එකත් විශ්වාසයක් පමණයි. ඔප්පු කිරීමට සාක්ෂි නැහැ.

    මට නම් තේරෙන විදිහට බුදුන්ගේ තර්කය වුනේ රහතන් වහන්සේලා මේක අවබෝධ කල නිසා හෝ, තමන් වහන්සේ මේක අවබෝධ කල නිසා හෝ අපි මාරගයේ ගමන් කල යුතුයි කියන එක නෙවේ. බුදුන් කිව්වේ මේ මාර්ගය දිහා ඔබ බලා, එය තර්කානුකූලයි, වැදගත් කියා ඔබට පෙනේ නම් ගමන් කරන්ඩ කියන එකයි.

    අප මාර්ගය තුල ගමන් කල යුත්තේ ප්‍රායෝගිකව එය පෙනවා දී ඇති නිසා නෙවෙයි. සියලුම ආගම් ප්‍රයෝගික මාර්ග පෙන්වා දී තිබෙනවා. අප මාර්ගයේ ගමන් කල යුත්තේ ඒ මාර්ගය තර්කානුකූල නිසා.

    එහෙම බැලුවොත් ඔය හිටියයි කියන කවුරුවත් හිටිය කියන්න සාක්ෂි නැහැනෙ බං
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    නිර්මානවාදය (Creationism) කියන්නේත් බොහෝ විද්‍යාඥයින් පිලිගන්න දෙයක්. විද්‍යාඥයින් යමක් පිලිගත්තා කියන එකෙන් කියවෙන්නේ නැහැ ඒ දෙය විද්‍යාත්මකයි කියා.

    esinam yamak widyathmaka wana widiha mata pahadaa denna?
     
    jabos

    Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    I also really ineterested in this. u can read a lot of researches done by the foreign scientist in this regard. first study this well then come to conclusion through your wisdom. still science is not improved to this extent to prove this. so asking a such kind of question here wont give anthing other than useless comments
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    බුදු දහම තර්කයට ගෝචර වෙන්නෙනෑ.විද්‍යාව හැම විටම වර්තමානයට සාපේක්ෂයි.එක කලක ලෝකය පැතලී කියලත් විද්‍යාව කිව්ව.විද්‍යාවට පංච ඉන්ද්‍රියන් පදනම් වුනත් බුදු දහමට අනුව පංච ඉන්ද්‍රියන් කියන්නෙ මායාවක්,මිනිසා මුලා කරන දෙයක් ලෙසයි සලකන්නෙ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මේ තර්කය සියලුම ආගම් වලට අදාලයි. කෙනෙකුට කියන්ඩ පුලුවන් ජේසුතුමා දෙවියන් සමග කතා කලා, එනිසා එතුමා දෙවියන්ගේ පැවැත්මට සාක්ෂි දරනවා, එනිසා පෙන්වා දී ඇති මාර්ගයේ අප ගමන් කල යුතුයි කියා. අනික සාක්ෂි දැරීමට රහතන් වහන්සේලා සිටියා කියන එකත් විශ්වාසයක් පමණයි. ඔප්පු කිරීමට සාක්ෂි නැහැ.

    මට නම් තේරෙන විදිහට බුදුන්ගේ තර්කය වුනේ රහතන් වහන්සේලා මේක අවබෝධ කල නිසා හෝ, තමන් වහන්සේ මේක අවබෝධ කල නිසා හෝ අපි මාරගයේ ගමන් කල යුතුයි කියන එක නෙවේ. බුදුන් කිව්වේ මේ මාර්ගය දිහා ඔබ බලා, එය තර්කානුකූලයි, වැදගත් කියා ඔබට පෙනේ නම් ගමන් කරන්ඩ කියන එකයි.

    අප මාර්ගය තුල ගමන් කල යුත්තේ ප්‍රායෝගිකව එය පෙනවා දී ඇති නිසා නෙවෙයි. සියලුම ආගම් ප්‍රයෝගික මාර්ග පෙන්වා දී තිබෙනවා. අප මාර්ගයේ ගමන් කල යුත්තේ ඒ මාර්ගය තර්කානුකූල නිසා.

    ඔව් නමුත් බුදු දහමේ ඒක විශ්වාසයකට පමණක් සීමා වෙලා නෑනේ. ඒ අදාළ තත්වයන් ලගා කර ගැනීමේ මාර්ගය පෙන්වලා දීලා තියෙනවා. එතකොට දෙවියන් ගැන කියන අය කියලා තියෙන දේ විතරමයි අපිට තියෙන්නේ වෙන කිසිම දෙයකින් එය ඇත්තයි කියලා ඔප්පු කරගන්න මාර්ගයක් නෑ. ඒ එක්කම ඔය දෙවියන් ගැන සදහන් අනිත් දහසක් කාරණා (ඕනේ තරම් පෙන්වන්න පුලුවන්) කිසිම විදිහකින් ඔප්පු කරන්නත් බෑ කාලෝචිතත් නෑ. තනිකරම බොරැව. එතකොට අපි වඩාත් විශ්වාස කල යුත්තේ මාර්ගය පෙන්වලා තියෙන එකද තනිකරම මිථ්‍යාවක් වෙච්ච එකද ??? ඒකයි මම පෙන්වලා දුන්නේ බුදු දහම ප්‍රායෝගිකයි. දේවවාදීන්ට ඇත්තේ හුදු විශ්වාසයම පමණයි.
     
    Last edited:

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    එහෙම බැලුවොත් ඔය හිටියයි කියන කවුරුවත් හිටිය කියන්න සාක්ෂි නැහැනෙ බං

    ඔව්. සියලුම නොවේ, නමුත් බොහෝ ආගම් සාස්තෘවරයෙක් ගැන කතා කරන්නේ සාක්ෂි නැතුව විශ්වාසය මත සිටිමින්. වරදවා වටහා ගන්ඩ එපා. මම කිව්වේ අප බුදුන් ගැන සැක කල යුතුයි කියා නොවේ. මා කිවුවේ බුදු දහම අනික් ආගම් වලට වඩා වෙනස් වන තැන ඕක නොවේ කියා.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    esinam yamak widyathmaka wana widiha mata pahadaa denna?

    යමක් විද්‍යාත්මක වෙන්නේ ඒ දෙය ගනිතානුකූලව හරි පරීක්ශනාත්මකව හරි විශ්වයේ න්‍යායන්ට ගැලපෙන බව ඔප්පු කල විට නොවේද???
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    බුදු දහම තර්කයට ගෝචර වෙන්නෙනෑ.
    මම හිතුවේ බුදු දහමේ ඇති විශේෂ්‍යත්වය නම් එය තර්කයට ගෝචර වන බව කියයි.

    විද්‍යාව හැම විටම වර්තමානයට සාපේක්ෂයි.

    So what? That ever changing subject is called science. When we say science we are defining its inherent attributes as well.

    එක කලක ලෝකය පැතලී කියලත් විද්‍යාව කිව්ව.විද්‍යාවට පංච ඉන්ද්‍රියන් පදනම් වුනත් බුදු දහමට අනුව පංච ඉන්ද්‍රියන් කියන්නෙ මායාවක්,මිනිසා මුලා කරන දෙයක් ලෙසයි සලකන්නෙ.
    පංච ඉන්ද්‍රියන් මිනිසා මුලා කරනවා වගේම යතා විශ්ව ස්වභවය පැහැදිලිව තේරුම් ගැනීමටත් යොදා ගත හැකියි. බුදුන් සත්‍යය අවබෝද කලේ පංච ඉන්ද්‍රියන්ගේ උපකාරයෙන් නොවේද??

    ඒ අනුව විද්‍යාව මගින් වැරදි දේවල් වගේම හරි දේවලුත් සොයා ගනු ලබනවා.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඔව් නමුත් බුදු දහමේ ඒක විශ්වාසයකට පමණක් සීමා වෙලා නෑනේ. ඒ අදාළ තත්වයන් ලගා කර ගැනීමේ මාර්ගය පෙන්වලා දීලා තියෙනවා. එතකොට දෙවියන් ගැන කියන අය කියලා තියෙන දේ විතරමයි අපිට තියෙන්නේ වෙන කිසිම දෙයකින් එය ඇත්තයි කියලා ඔප්පු කරගන්න මාර්ගයක් නෑ. ඒ එක්කම ඔය දෙවියන් ගැන සදහන් අනිත් දහසක් කාරණා (ඕනේ තරම් පෙන්වන්න පුලුවන්) කිසිම විදිහකින් ඔප්පු කරන්නත් බෑ කාලෝචිතත් නෑ. තනිකරම බොරැව. එතකොට අපි වඩාත් විශ්වාස කල යුත්තේ මාර්ගය පෙන්වලා තියෙන එකද තනිකරම මිථ්‍යාවක් වෙච්ච එකද ??? ඒකයි මම පෙන්වලා දුන්නේ බුදු දහම ප්‍රායෝගිකයි. දේවවාදීන්ට ඇත්තේ හුදු විශ්වාසයම පමණයි.

    ඔබතුමා කියන කතාවේ ඇත්තක් තියනවා. නමුත් එය මගේ මාතෘකාවෙන් පොඩ්ඩක් පිට තිබෙන්නේ. මා කිවුවේ බුදු දහමේ විශේෂත්වය නම් එය තර්කානුකූල බව කියන එකයි.

    බුදුදහම ප්‍රයෝගික බව ඇත්ත. ක්‍රිස්තියානි දහමත් ඒ වගේම ප්‍රයෝගිකයි.

    දේව සංකල්පය ඔප්පු කිරීමට වගේම බැහැර කිරීමටත් සාක්ෂි නැහැ. ඔබතුමා එය මිත්‍යාවක් කියන්නේ කෙසේද?? සියලුම ආගම් මාර්ගය පෙන්වා දී තිබෙනවා. එය බුදු දහමට විශේෂ නැහැ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබතුමා කියන කතාවේ ඇත්තක් තියනවා. නමුත් එය මගේ මාතෘකාවෙන් පොඩ්ඩක් පිට තිබෙන්නේ. මා කිවුවේ බුදු දහමේ විශේෂත්වය නම් එය තර්කානුකූල බව කියන එකයි.

    බුදුදහම ප්‍රයෝගික බව ඇත්ත. ක්‍රිස්තියානි දහමත් ඒ වගේම ප්‍රයෝගිකයි.

    දේව සංකල්පය ඔප්පු කිරීමට වගේම බැහැර කිරීමටත් සාක්ෂි නැහැ. ඔබතුමා එය මිත්‍යාවක් කියන්නේ කෙසේද?? සියලුම ආගම් මාර්ගය පෙන්වා දී තිබෙනවා. එය බුදු දහමට විශේෂ නැහැ.

    ඔබතුමාගේ දැනුම ගැන මම පුදුම වෙනවා. දේව සංකල්පය බැහැර කිරීමට සාක්ෂි අමුතුවෙන් අවශ්‍ය නෑ. බයිබලය හෝ කුරාණය අරන් කියවන්න මූලික සංකල්ප මේ ලෝකෙට ආදේශ කරලා බලන්න ඇත්ත බොරැව තේරෙයි. එකින් එක අරන් විස්තර කරන්න යන එක කාලය නාස්ති කිරීමක්. මැජික් පෙන්නන මිනිහා ඒකේ සැබෑ තත්වය බලන් ඉන්න මිනිහට නොපෙන්වා කරන්න වගබලා ගන්නවා ඒ වගේම හුගක් අය තව කෙනෙකුට බොරැවක් කියද්දි ඒ බොරැව කියන කෙනා හැකිතාක් උත්සාහ ගන්නවා ඒ බොරැව අහු නොවෙන විදිහට කියන්න. නමුත් ඔය ඉහත කිව්ව පොත් වල සදහන් මැජික් බලන් ඉන්න මිනිස්සුන්ට පේනවා එළිපිට. ඒ වගේම ඒ පොත් වල තියෙන බොරැ පට්ට පල් බොරැ බව වැටහෙනවා ඕන කෙනෙක්ට. අන්න ඒකයි ඔය දේව සංකල්පය මිථ්‍යාවක් වෙන්නේ. අඩුම ගානේ මේ දේවවාදීන්ට මේ ලෝකේ මවපු සැබෑ දෙයියා කවුද කියන එකවත් කියා ගන්න බෑ. මහා බ්‍රහ්මයා ඉන්නවා දෙවියන් වහන්සේ ඉන්නවා අනිත් පැත්තෙන් අල්ලාහ් ඉන්නවා.:oo:

    මට මතකයි කලකට ඉහතදිත් ඔබතුමා ඔය සාක්ෂි ගැන මාත් එක්ක විවාදයක් කලා (මම එක ප්‍රශ්නයක් ඇහැව්වා ඔබතුමා නැවත ආවේ නෑ). අපි හැමදෙනෙක්ම මේ ලෝකේ (ඔබතුමාත් ඇතුලුව) ජීවත් වෙන්නේ විශ්වාසය කියන දෙපැත්ත කැපෙන පිහිය ඔලුවට උඩින් ති‍යාගෙන (විද්‍යාව ඔලුව උඩ තියාගෙන මේ ලෝකේ කාටවත් ජීවත් වෙන්න බෑ). නමුත් අපිට නුවණ තියෙන තාක් කල් ඒ පිහිය පහත් වෙන්න දෙන්න අපි සූදානම් නෑ. නමුත් ඔබතුමා වගේ විද්‍යාත්මක ක්‍රමවේද (පරීක්ෂණ, නිරීක්ෂන, නිගමන) මගින් හැම දේකටම සාක්ෂි/ඔප්පු කිරීම් කරන්න ගියොත් ඒ පිහිය නොදැනීම ඔලුවට පහත් වෙන බව අමතක කරන්න එපා. අඩුම ගානේ විද්‍යාවෙන් අද තියෙන ඔය ඔබතුමා කියන සාක්ෂි මගින් ඔප්පු කරන ලද සිද්ධාන්ත පවා නිවැරදිදැයි අපිට අද සැක සංකා ‍මතුවෙන තත්වයක් තියෙන්නේ. ඒ වගේම කුරානයේ සදහන් බහුතරයක් දේවල් කිසි ලෙසකින්වත් ප්‍රායෝගික නොවන බවත් මම කියනවා.
     
    Last edited:
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    තරහ වෙන්න එපා කිව්වට...

    බුද්ධාගම, විද්‍යාව, ක්වොන්ටම් වාදය විතරක් නෙමේ, හරියට එල්ලෙවත් ගහන්න බෑ හරියට ඉගෙන ගන්නෙ නැතුව.. එ නිසා ඕනම තර්කයකට කලින් ඒ දේවල් ඉගෙනගෙන ඉන්න..

    අනික ඔයා සිරිධම්ම හාමුදුරුවො එක්ක වාද කරපු කෙනෙක් නේ...ඔයාට අවුරුදු 17... සිරිධම්ම හාමුදුරුවොන්ට මියික්‍රොබයොලොජි උපාධියක් තියෙන්නෙ..

    ඉතින් ඔයා හාමුදුරුවො එක්ක වාදකරල..හාමුදුරුවොන්ටත් උත්තර දීගන්න බැරි ප්‍රශ්න ඇහුව නම්, හොඳ නැද්ද ඒ ගැන යමක් ඉගෙනගන්න එක...

    ඇල්බර්ට් අයින්ස්ටයින්, සිග්මන් ප්‍රොයිඩ්..කාල් මාක්ස්..ජේසු තුමා..නබි තුමා, බුදුරජාණන් වහන්සේ...ලෝකයට යමක් කිව්ව නම් කියල තියෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ අතීන්ද්‍රිය ඥාණය පාවිච්චි කරල..ඒක ඒ උත්තමයො බොහොම මහන්සියෙන් ලබා ගත්ත දෙවල්..ඒ ගැන කියන්න අවශ්‍ය වෙන්නෙ නැහැ නේ..

    අහල ඇතිනේ....ඉoග්‍රීසියෙන් කියමනක් තියෙනවා

    "Little Knowledge is Dangerous " කියල

    :) :)