බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Code:
හැම සිතිවිල්ලක්ම හට ගන්නේ අත්දැකීම් මත
මේ තමා මම දකින විදිහ

මේකට මම එකගයි.......:yes:
බිහිරි අයට කතාකරන්න බැරි වෙන්නේ ඔවුන්ට වචන ඇහෙන්නෙ නැති නිසා.... ඇසෙන දේ වචන කරගෙන අපි කතාකරනවා..... එ අත්දැකීම්....... සරළ උදාහරණයක් :confused:
 

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    පැටියා;9814258 said:
    Code:
    හැම සිතිවිල්ලක්ම හට ගන්නේ අත්දැකීම් මත
    මේ තමා මම දකින විදිහ

    මේකට මම එකගයි.......:yes:
    බිහිරි අයට කතාකරන්න බැරි වෙන්නේ ඔවුන්ට වචන ඇහෙන්නෙ නැති නිසා.... ඇසෙන දේ වචන කරගෙන අපි කතාකරනවා..... එ අත්දැකීම්....... සරළ උදාහරණයක් :confused:

    සිතිවිලි හටගන්න හැටි බුදු දහමෙ විස්තර කරල තියනවා මිත්‍රයා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන "devices" වලින් එන "රූප" විඥ්ඥානයට ස්පර්ෂ වීමෙන් "දැනගැනීම ඇති වීමකුත්" එය "සංඥා කරගැනීමකුත්" ඒ හේතුව නිසා සිත් හටගැනීමත් සිදු වන බවයි විග්‍රහ වෙන්නෙ.
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    සහෝදරයා, ඉස්සෙල්ලම මේක මම කියන්න ඕන! මම මේක දාන්නේ ඔයාව අපහසුතාවට පත්කරන්න නෙමෙයි!
    මම බෞද්ධයෙක් කියලා ඉස්සෙල්ලම කියන්නම්.
    ඉස්සෙල්ලම ඔයා කිව්වට හැමදේම විද්‍යාවෙන් දකින්නේ නැහැ කියලා, ඔයා බුද්ධ දර්ශනයේ කොටස් විශ්වාස නොකරන්නේ ප්‍රශ්න කරන්නේ දැනට නූතන විද්‍යාව සොයාගෙනඇති මූලධර්ම මත පදනම්ව! මුලින්ම එන ගැටලුව බුද්ධ දර්ශනය විශ්වාස නොකරන ඔයා තවමත් පරිනාමය වන(බොහෝ විට අද කියන දේ හෙට වෙනස් වෙන) විෂය ක්ෂේත්‍රයක න්‍යායවල්, වාද(අදහස:තවමත් නිශ්චිත නිගමනයකට නොපැමිණි),..... වලින් බුද්ධ දර්ශනය පැහැදිලි කිරීමට යාමයි! සරළවම ඔයා ඒවා විශ්වාස කිරීමයි(ඒ මත පදනම ගොඩනගා ගැනීමයි). ඒක සාමාන්‍ය දෙයක් අපි පොඩි කාලේ ඉඳලා හැඩගස්වපු ආකාරය, අපට දීපු අධ්‍යාපනය!

    නමුත් වඩා වැදගත් වන්නේ ඔය මොකවත් නෙමෙයි! බුද්ධ දර්ශනයේ පාදම ඔයා අවබෝධ කර නොගැනීමයි. බුද්ධ දර්ශනයේ එන වැදගත්ම කොටස තමා විදර්ශනා භාවනාව. එකේ හරය තමා කවුරුවත් කියන දේවල් මතපදනම් නොවී තමන්ම අවබෝධ කරගන්න ඕන කියන එක! අපි ඒ මාර්ගයේ ගිහින් ප්‍රත්‍යක්ෂව දකින්න උත්සාහ ගන්නේ නැතුව හරියට කියපු පුද්ගලයාවත් දන්නේ නැති, ඔය පොතකින් පතකින් අහුලා ගත්තු දේවල් වලින් ඒක පැහැදිලි කරන්න යනඑක කොච්චර ඥානාන්විතද? ඔයා දැනට දන්න විද්‍යාවෙන් සියල්ල පැහැදිලි කරගත්තා කියමුකෝ. එත් ඒක ප්‍රත්‍යක්ෂ දැනුමක් නෙමෙයි. මොකද ඔයා ඔය දේවල් අහල කියවලා දැනගත්තුවා විතරයි. හොඳයි අන්තිමට ආයෙත් ඔයා යම්කිසි විශ්වාසයකට ඇවිල්ල ඉන්නකොට ඔය විද්‍යාත්මක මූලධර්ම වෙනස් උනොත්? එතෙන්දි තමා ප්‍රත්‍යක්ෂ ඥානයක තියන නොසැලෙන බව ස්ථිර බව වටින බව තේරෙන්නේ! ඔයාට නිවැරදිම පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඔයා ඒ පාරේ ගමන් කරලා ඔයාම හොයාගන්න ඕන.

    :D





     

    0_Inception

    Member
    Feb 12, 2011
    69
    2
    0
    [FONT=&quot]පංච ඉන්ද්‍රියන්ට දෘශ්‍ය වන්නා වූ පදාර්ථයත් අදෘශ්‍ය වන්නා වූ[/FONT] [FONT=&quot]මනසත් පදනම් කොටගෙන ලෝකයේ සියලූම විද්‍යාවන් ද දර්ශන ද ආගම් ද බිහි වී ඇත.[/FONT] [FONT=&quot]භෞතික විද්‍යාව අනුව අපි ඇසෙන් වර්ණ රූපත් එහි හැඩයත් දකින්නෙමු. කණ නැමති[/FONT] [FONT=&quot]ඉන්ද්‍රියෙන් අපි ශබ්ද අසන්නෙමු. මේ ආකාරයට ම නාසයෙන් ගඳ සුවඳ ද දිවෙන් රසය[/FONT] [FONT=&quot]ද ශරීරයෙන් ස්පර්ශය ද ලබා ගන්නෙමු. කෙටියෙන් පැහැදිලි කළහොත්[/FONT], [FONT=&quot]අපි ඇසෙන්[/FONT] [FONT=&quot]වර්ණ රූප ද[/FONT], [FONT=&quot]කණෙන් ශබ්ද රූප ද[/FONT], [FONT=&quot]දිවෙන් රස රූප ද[/FONT], [FONT=&quot]නාසයෙන් ගන්ධ රූප ද[/FONT], [FONT=&quot]ශරීරයෙන් ස්පර්ශ රූප ද ග‍්‍රහණය කර ගන්නේ යැයි පිළිගන්නෙමු.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]මෙම පිළිගැනීම සත්‍යයක් ද[/FONT]? [FONT=&quot]දකින්නට බාහිර වර්ණ තිබේ ද[/FONT]? [FONT=&quot]අසන්නට ශබ්ද තිබේ ද[/FONT]? [FONT=&quot]ග‍්‍රහණය කරගන්නට රස[/FONT], [FONT=&quot]ගන්ධ[/FONT], [FONT=&quot]ස්පර්ශ බාහිර තිබේ ද[/FONT]? [FONT=&quot]බාහිර වර්ණ[/FONT], [FONT=&quot]ශබ්ද[/FONT], [FONT=&quot]රස[/FONT], [FONT=&quot]ගන්ධ සහ ස්පර්ශ පිළිගෙන[/FONT], [FONT=&quot]නිර්මාණය කරගෙන ඇති දැනුම සත්‍යයද[/FONT]? පින් පව් [FONT=&quot]එසේ නිර්මාණය කරගෙන ඇති දැනුමේම කොටසක් නෙමෙයි ද?[/FONT] [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    [FONT=&quot]පංච ඉන්ද්‍රියන්ට දෘශ්‍ය වන්නා වූ පදාර්ථයත් අදෘශ්‍ය වන්නා වූ[/FONT] [FONT=&quot]මනසත් පදනම් කොටගෙන ලෝකයේ සියලූම විද්‍යාවන් ද දර්ශන ද ආගම් ද බිහි වී ඇත.[/FONT] [FONT=&quot]භෞතික විද්‍යාව අනුව අපි ඇසෙන් වර්ණ රූපත් එහි හැඩයත් දකින්නෙමු. කණ නැමති[/FONT] [FONT=&quot]ඉන්ද්‍රියෙන් අපි ශබ්ද අසන්නෙමු. මේ ආකාරයට ම නාසයෙන් ගඳ සුවඳ ද දිවෙන් රසය[/FONT] [FONT=&quot]ද ශරීරයෙන් ස්පර්ශය ද ලබා ගන්නෙමු. කෙටියෙන් පැහැදිලි කළහොත්[/FONT], [FONT=&quot]අපි ඇසෙන්[/FONT] [FONT=&quot]වර්ණ රූප ද[/FONT], [FONT=&quot]කණෙන් ශබ්ද රූප ද[/FONT], [FONT=&quot]දිවෙන් රස රූප ද[/FONT], [FONT=&quot]නාසයෙන් ගන්ධ රූප ද[/FONT], [FONT=&quot]ශරීරයෙන් ස්පර්ශ රූප ද ග‍්‍රහණය කර ගන්නේ යැයි පිළිගන්නෙමු.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]මෙම පිළිගැනීම සත්‍යයක් ද[/FONT]? [FONT=&quot]දකින්නට බාහිර වර්ණ තිබේ ද[/FONT]? [FONT=&quot]අසන්නට ශබ්ද තිබේ ද[/FONT]? [FONT=&quot]ග‍්‍රහණය කරගන්නට රස[/FONT], [FONT=&quot]ගන්ධ[/FONT], [FONT=&quot]ස්පර්ශ බාහිර තිබේ ද[/FONT]? [FONT=&quot]බාහිර වර්ණ[/FONT], [FONT=&quot]ශබ්ද[/FONT], [FONT=&quot]රස[/FONT], [FONT=&quot]ගන්ධ සහ ස්පර්ශ පිළිගෙන[/FONT], [FONT=&quot]නිර්මාණය කරගෙන ඇති දැනුම සත්‍යයද[/FONT]? පින් පව් [FONT=&quot]එසේ නිර්මාණය කරගෙන ඇති දැනුමේම කොටසක් නෙමෙයි ද?[/FONT] [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    බුදු දහමට අනුව නම් බාහිර රූප, බාහිර ශබ්ද, බාහිර ගන්ධ, බාහිර රස, බාහිර ස්පර්ශ පැවතීමට වාස්තවික "බාහිරයක්" නැහැ
     

    0_Inception

    Member
    Feb 12, 2011
    69
    2
    0
    බුදු දහමට අනුව නම් බාහිර රූප, බාහිර ශබ්ද, බාහිර ගන්ධ, බාහිර රස, බාහිර ස්පර්ශ පැවතීමට වාස්තවික "බාහිරයක්" නැහැ


    ඔව් යාළුවා, :yes::yes::yes:...
     

    0_Inception

    Member
    Feb 12, 2011
    69
    2
    0
    [FONT=&quot]"වර්ණ[/FONT], [FONT=&quot]ශබ්ද[/FONT], [FONT=&quot]ගන්ධ[/FONT], [FONT=&quot]රස ස්පර්ශ නම් වූ පංච රූප පදනම් කරගත් භෞතික ලෝකය හෙවත්[/FONT] [FONT=&quot]දැනුම අප විසින් නිර්මාණය කර ගන්නා ලැබුවේ ගුරු දෙගුරුන් ආදී බාහිර[/FONT] [FONT=&quot]පුද්ගලයන්ගෙනි. බාහිරයෙන් ලබාගත් දැනුම අපි ගවේෂණය කර විශ්ලේෂණය කර තවත්[/FONT] [FONT=&quot]අලූත් දැනුමක් අප විසින් නිර්මාණය කර ගනු ලැබූවෙමු. මෙම අලූත් දැනුම ලෝකයට[/FONT] [FONT=&quot]ඉදිරිපත් කර ආචාර්ය මහාචාර්ය ආදී උපාධි ද ලබා ගනිති. නමුත් සියලූම ආචාර්ය[/FONT] [FONT=&quot]මහාචාර්යවරුන් දැනගත යුතු එක් කරුණක් නම්[/FONT], [FONT=&quot]ඔබ නිර්මාණය කර ගත් අලූත් දැනුමට[/FONT] [FONT=&quot]ද පදනම වූයේ[/FONT], [FONT=&quot]ළදරු කාලයේ සිට අනුන්ගෙන් අසා ඉගෙනගත් දැනුම ම බවයි."

    [/FONT]
    මම මේක උපුටාගත්තේ මම කියවපු article එකකින්. වැදගත් කියල හිතුනා...;)
     
    සැනසිල්ලේ, සෙමින්, අවබෝදයෙන්, කියවා වටහාග&#350

    හොඳයි,
    මම උත්තර දෙන්නම් ...
    (මම thread එක පොඩ්ඩයි කියෙව්වේ, දල අදහසක් අරගත්තා 'බුදුදහම තාර්කිකව ඕනෙවෙලා නේද' කියල..)
    so, මම ඒකට උත්තර දෙන්නම් ...

    ඔබට හිතෙනවා ඇති,

    "අය්යෝ, බුදුන්වහන්සේ හිටියනම් ,ධර්මය තාර්කිකව කියල දෙන්න
    කියල ඉල්ලීමක් කරලා කොහොම හරි මට ධර්මය තාර්කිකවම අහගන්න තිබුන නේ..." කියල ..

    එත්, දන්නවද ඔබ වගේ අය බුදුහාමුදුරුවන්ටත් හමුවුණු බව?

    ඔව්, හමුවුනා......
    තාර්කිකව ධර්මය ඕනේ වුනු කෙනෙක් එකාලෙත් හිටිය, බුදුන්ටත් හමුවුනා ..

    එයා කොච්චර තාර්කිකද කියනවනම් , එයා ප්‍රසිද්දවෙලා තිබුනේ කතාවකුත් පටබැදිලයි,

    කතාව තමයි,
    එයාට පුළුවන්ලු දර කොටයක් ලඟට ගිහින් "මේක මෙහෙම තියෙන්න විදියක් නැහැ.." කියල තර්ක කරල කරල ඒ දර කොටේ පලන්න....

    ඒකියන්නේ එයා කොච්ච්ච්ර දක්ෂද කියනවනම්, ඕනෙම කෙනෙක් එක්ක තර්ක කරල දිනන්න එයාට පුළුවන් ...

    එකයි මිනිස්සු කතාවක් හැදුවේ , එයාට දර කොටයක් ලඟට ගිහින් "ඕක ඔහොම තියෙන්න විදියක් නැහැ.." කියල දර
    කොටයට එක එක තර්ක දාල ඒක තර්ක කරලම, පලන්න වුනත් එයාට පුළුවන් කියල ...

    ඉතින්, දවසක් මෙයා බුදුන් ලඟට ගියා ....

    මොකටද, බණ අහන්නද?
    නෑ, තර්ක කරන්න...

    එයා බුදුන් ලඟටත් ගිහින්, තර්ක කරන්න ගත්තා බුදුන් වදාරන වදාරන හැම ධර්ම කරුණකටම ...

    බුදුන් උත්සාහ ගත්තා පුළුවන්තරම් පැහැදිලිකරලා දෙන්න ...
    එත්,
    මෙයා බුදුන්ගේ පැහැදිලිකිරීම් බිඳින්න ගත්තා තර්ක කර කර එයා දන්නා තරමින්
    (සාමාන්‍ය මිනිහෙක් දන්නා තරමින්,අපේ මට්ටම වගේ.)
    එත් බුදුන්ගේ මට්ටම අනන්තයි කියල එයා කල්පනා කලේ නැහැ ..

    ඉතින් මේ විදියට තර්ක බිද බිද යද්දී බුදුන් කල්පනාකලා "මෙයත් එක්ක කතා කරල තේරුමක් තියේද,

    මෙයාට ධර්මය තේරුම් ගන්න පුලුවන්ද?..." කියල, එයාගේ මනසට එබිලා....

    බුදුන් දැක්කා,

    මෙයාටනම් කියල වැඩක් නැහැ, මෙයා දිගින් දිගට තර්ක කරන්න උවමනාවෙන් ඉන්නවා මිසක් මෙයාට ධර්මය දකින්න උවමනාවක් නැහැ කියල...
    ඉතින්,
    ඔබ හිතන්නේ බුදුන් මෙයාව කොහොමහරි පරද්දන්න ගියා කියලද ? ...
    නැහැ, උන්වහන්සේ නිහඬ වුනා.....


    ඉතින් අරයා හිතුව එයා බුදුන්ව පරද්දුවා කියල..

    සතුටින් යන්න ගියා....
    එත් අදටත් එයා මේ සංසාරේ සැරිසරනවා .
    බුදුන්ව දැකගන්න ලැබිලත්, එයාට පින තිබුනේ නැහැ බණ ශ්‍රද්ධාවෙන් අහල නිවන කරා යන්න ..
    එහෙම ගියානම් එයා මේ වෙනකොටත් නිවන් දැකල.....



    ඔන්න ඕකයි ඒ කාලේ සිදුවුණු කතාව ...



    දැන් ඔබ අහවි,

    "එ කියන්නේ 'බුදුන් දේශනා කළා' කියල මේ ත්‍රිපිටකයේ තියෙන දේවල් අපි හැම එකම පිළිගන්න ඕනෙද?
    අර, ප්‍රාතිහාර්ය වගේ එවයි, එතකොට ලෝක ධාතු වගේ එවයි, ඒවා ඔක්කොම පිලිගන්නද කියන්නේ දකින්නේ නැතුව? එතකොට උඹ ඕවා ඔක්කොම පිළිගන්නවද ?"
    කියල ....

    මම පිළිගන්න step ටික බලාගන්න......

    බුදුන් විසින් "මේවා මෙහෙමයි, ලෝකේ මෙහෙමයි, අහස මෙහෙමයි, පොලොව මෙහෙමයි, යම් දවසක ඉර 7කට
    වෙන්වෙනාව, ඉරවල් 7ක් පායනවා....etc" වගේ වදාරපුව කෙලින්ම බලෙන් පිළිගන්න යන්න ඔනෙ නැහැ,
    එත් step by step පුළුවන් ශ්‍රද්දාවත් සමග...

    දැන් බලමු step ටිකක්...


    to next post>>>>
     
    • Like
    Reactions: Gouken
    උදාහරණ:

    බුදුන් 'සිත' ගැන වදාලා..
    සිත එක එක ඒවාට ඇලෙන හැටි, ඇලිච්ච ඒවා අහිමි වුනාම දුක්වෙන හැටි,
    "suffering is cause by disire" (තණ්හාව දුකට හේතුවයි), වගේ දේවල් මුලින්ම ඇහුනේ උන්වහන්සේගේ සද්ධර්මයෙන් නේ.
    ඉතින්, ඒවා හරියට තේරුම් යනකොට හිතෙනවා,
    "දෙයිහාමුදුරුවනේ, මේවා ඇත්ත නේද" කියල....
    "වෙන කවුරුවත් මේවා කියල නැහැ නේද...." කියල ....
    "එහෙනම් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වට පත් වෙලාමයි" කියල..
    අපිට දරාගන්න බැරි තරම් ශ්‍රද්ධාවක් ඇතිවෙනවා .....
    (හරියටම අත්දැකීම් සමග තේරුම් ගියොත් විතරයි)


    *ලක්ෂ10ක විතර computer එකක් ගත්ත කියල හිතමු ගොඩක් ආසාවෙන්...
    current leak එකක් වෙලා computer එක පිච්චුනා කියමු ..
    දුකද? දුක නැද්ද?

    ආසවෙලා හිටියනම් අනිවාර්යයෙන් දුකයි ...
    එහෙනම්, 'ආසාව' දුකට හේතුවයි..
    එහෙනම්, "suffering is cause by disire" කියන එක සත්‍ය බව ඔප්පු වෙනවා තමන්ගේම හිතට ...




    *ඔබ ගෑනු ළමයෙක්ට ආස වෙලා ඉඳල ඒකෙනා තමන්ව අතැරලා ගියොත් දුකද? දුක නැද්ද ?

    ආසවෙලා හිටියනම් අනිවාර්යයෙන් දුකයි...
    එහෙනම්, 'ආසාව' දුකට හේතුවයි..
    එහෙනම්, "suffering is cause by disire" කියන එක සත්‍ය බව ඔප්පු වෙනවා තමන්ගේම හිතට ...




    මේවගේ ඕනේ තරම් දේවල් බුදුන්ගේ ධර්මය සමග එදිනෙද ජීවිතයෙන්ම ගැලප ගන්න පුළුවන් කියල
    ඔබට තේරුම් ගන්න පුළුවන්නේ ...


    උදාහරණ:
    ඇසයි, රූපයයි, වින්ග්නානයයි (දැනගැනීම ) එකතු වුනාම 'ස්පර්ශය' හටගන්නවා ලු ...
    ඇත්තද? බොරුද? ...


    think...

    *අපි හිතමු ඔබ ගෑනු ළමයෙක්ව දැකපු පමණින්ම ඔබ ගෑනු ළමයට ආසවෙනවා කියල. ...
    හේතුව ඔබවත් දන්නේ නැහැ ...
    කියාවි , "අනේ මන්දා බන්, මට ඒකිව දැක්කම, අනේ මන්ද....." bla bla bla...
    එත් බුදුන් දන්නවා හේතුව...

    හෙතුව තමයි,
    ඇස+රූපය+වින්ග්නානය

    අයි ඇස?
    ඇසින් තමයි දැක්කේ...
    (ඇස)


    මොකක්ද දැක්කේ....?
    රූපය ....
    (ඇස+රූපය)


    වින්ග්නානායෙන් තමයි හදුන ගත්තේ ..
    මොකක්ද හදුන ගත්තේ?..
    ලස්සනයි කියල....
    (අස+රූපය+වින්ග්නානය)


    දැන් තුනම එකතුවුනා , එහෙනම් ආසාව ඇතිවුන ....

    හරියටම් හරි නේද බුද්ධ දේශනාව...
    ආසාව ඇතිවුනේ ඒනිසා නේද?



    මෙන්න මේ වගේ දේවල් අත්දැකීම් වලට ගන්නකොට අපිට හිතෙනවා, එහෙනම් බුදුන් දේශනා කරපු අනිත් දේවලුත් ඇත්ත වෙන්නම ඕනේ නේද කියල...
    අන්න එහෙමයි /අන්න එකයි, මම බුද්ධ දේශනාව හිස්මුදුනින්ම පිළිගන්නේ ....
    මතක තියාගන්න, බුදුනුවන ඉදිරියේ විද්‍යාව(scientist) කියන්නේ තවම දනගාන බබෙක් විතරයි...
    ඒනිසා බුදුදහම ප්‍රායෝගිකව (practically) එදිනෙදා ජීවිතයෙන් දකින්න... (technically නෙවෙයි)...
    අනික science වලින් දකිනකොට කල්යනවා ..

    උදාහරණ:
    බුදුන් මීට‍ අවුරුදු 2500කටත් කලින් දේශනා කරා 'ක්ෂුද්‍ර ජීවීන්' ඉන්නවා කියල (කරණීය මෙත්ත සූත්‍රයෙන්) .
    එත් මෑතකදී අන්වීක්ෂ හොයාගත්තම තමයි scientist ල කිව්වේ "ඔව් ඉන්නවා තමයි" කියල...
    so, forget the science when comparing with the Buddhism ....



    අනික හැමදේම වචනයෙන් කියල දෙන්නත් බැහැ..


    උදාහරණ:
    නිවන තියා, ඔබට පුලුවන්ද අඩුම ගානේ 'නින්ද ' විස්තර කරලා දෙන්න..
    පොඩි උත්සහයක් අරන් බලන්න ...
    ඔබට බැහැ නින්දවත් වචන වලින් විස්තර කරලා දෙන්න...


    ඒනිසයි බුදුන්ගේ දේශනාව තර්කයකට භාජනය නොකර,

    උන්වහන්සේ ගිහියන්ට දේශනා කරපු ධර්මය දැකල, උන්වහන්සේ දේශනා කරපු අනිත් දේවලුත් ටිකෙන් ටික විස්වාස කරන්න වගබලාගන්න කියන්නේ ...

    to next post>>>>
     
    • Like
    Reactions: elakiri119
    extra:
    අනික බුදුන් පැහැදිලි කරල දේශනා කලේ අපිට අවශ්‍ය (නිවනට අවශ්‍ය) දේවල් විතරයි..

    උදාහරණ:

    එකපාරක් ආනන්ද හාමුදුරුවෝ බුදුන්ගෙන් ඇහුව,
    "ඔබ වහන්සේට කොච්ච්චර ඈතකට යනකම් මේ ලෝක සත්වයන්ව අමතන්න පුලුවන්ද"
    කියල ..
    අහපු ගමන්,
    "මෙන්න මෙච්චරක් පුළුවන්"
    කියල බුදුන් වදාළේ නැහැ..

    ආනන්ද හාමුරුවො බුදුන්ගෙන් ඒක 3න් පාරක්ම අහනකම් බුදුන් හිටිය ...

    ඒකට හේතුව බුදුන් වදාරන්න හිටපු උත්තරය 'නිවන'ට වැදගත් නැතිනිසා ...

    3න් පාරක් ඇහුවට පස්සේ පිළිතුරු දුන්න,

    ඉර-හද ආලෝකය පැතිරෙන දුර වගේ 1x100000000000 ගුණයක් දක්වා පරාසය විහිදෙන විදයට පුළුවන් කියල...

    එක තවත් විස්තර කලේ නැහැ.. මොකද වැඩක් නැති නිසා (නිවනට වැඩක් නැති නිසා)
    එත් කෙනෙකුට ඕක අහල ශර්ද්දාවක් ඇතිවෙන්න පුළුවන් නිසා තමයි ඔහොමවත් ඒ ගැන වදාළේ.
    නැත්නම් ඔහොමවත් වදාරන්නේ නැහැ..

    එත් ශ්‍රද්ධාව ඇතිවන බව පසක් කරමින්, එවෙලේම ආනන්ද හාමුරුවොන්ට පුදුම ශ්‍රද්දාවක් ඇතිවුනා ..

    ආනන්ද හාමුදුරුවෝ එයාගේ සතුට බුදුන්ට ප්‍රකාශ කරනකොට, වෙන හාමුදුරුකෙනෙක් ආනන්ද හමුරුවන්ට
    ටිකක් රිද්දන්න හිතන්, ආනන්ද හිමිගෙන් ඇහුව,
    "ඔබ මොකටද ඔච්චර සතුටුවෙන්නේ, ඒ හැකියාව තියෙන්නේ බුදුන්ටනේ, ඔබට නෙවෙයිනේ, ඉතින් ඔබ මොකටද සතුටුවෙන්නේ"
    කියල ..

    ඒ වෙලාවේ බුදුන් වදාලා,
    "හා! හා! භික්ෂුව එහෙම කියන්න එපා , ආනන්ද මගේ හැකියාව ගැන අහල විතරක් මේ දැන් ඇතවුන ශ්‍රද්දාවේ පිනෙ තරම කොච්චරද කියනවනම්, ආනන්දට සක්විති රජ කෙනෙක් වෙලා
    තව කල්පගානක් වුනත් සක්විති රජකම් කරන්න පුළුවන් තරම් පිනක් කරගත්තා, එත් ආනන්ද මේ භවයේදීම රහත් වෙලා පිරිනිවන් පානවා"
    කියල ....

    අන්න ඒ නිසා , විස්වාස කරන්න අමාරු කොටස් විස්වාස කරලා ශ්‍රද්දාවක් ඇතිකරගන්නට බැරිනම්, බුදු දහමේ තියෙන "යෝනි සෝමනසිකාරය " (නුවනින් දැකල වටහාගැනීම) ට අදාළ ධර්ම කොටස් විතරක් කල්පනා කරල නුවනින් දකින්න ...

    අනිත් දේවල් කැමතිනම් පිළිගන්න, නැත්නම් නොපිළිගන්න...

    නිවනට අදාළ දේවල් නුවනින් විමසල පිළිගන්න

    ඒ කියන්නේ,
    *ඇස කණ නාසය වගේ පංච ඉන්ද්‍රිය සම්බන්ධ ධර්ම,
    *තන්හාව දුකට මුල බව,
    වගේ ධර්ම කොටස්..



    මේ ප්‍රමාණවත් කියල මම හිතනවා...




    extra: ඒ වුනත් සමහර දේවල් පිළිගන්න හිතෙන්නේ නැත්නම්, බුදුන් දේශනා කරල තිබෙනවා සෝවාන්

    වෙච්ච කෙනෙක්ට තමයි බුදුන් කෙරෙහි අචල ශ්‍රද්දාවක් ඇතිවෙනේ කියල...
    ඒ කියන්නේ කෙනෙක් සෝවාන් වුනානම්, එයාට බුදුන්ගේ ධර්මය ගැන තිබෙන ශ්‍රද්දාව අචලයි..
    ධර්මය සැක කරන්නේ නැහැ...
    ඔවුන් ආයේ වෙනස්වෙන්නේ නැහැ කියල බුදුන් වදාළ...
    ඒ කියන්නේ එයා තමයි බුදුන් වදාළ හැමදේම පිළිගන්නේ ..
    අපි ඒ තත්වෙට (සෝවාන් පලයට) පත්නොවුණු නිසයි අපිට සැක තියෙන්නේ...

    දැන් ඔබ කිව්වොත්,

    "හරි හරි, බුදුන් මට කිව්වනම් මම පිළිගන්ව, එත් බුදුන් පිරිනිවන්පාලා අවුරුදු 2500කට
    විතර පස්සේ තියෙන මේ ත්‍රිපිටකේ වෙනස්වෙලාද කවුද දන්නේ " කියල ..

    එහෙමනම්, මේ link එකට ගිහින් එකේ තියෙන ධර්ම දේශනාව download කරගන්න ..

    මේකේ තියෙනවා, ත්‍රිපිටකය පිරිසිදුව රැකිලා ආපු හැටි...

    link :
    http://bavana.org/audio/melbourne/05 - Nirmala Budu Dahama.mp3

    අනික බුදුන් දේශනා කළා මේ උතුම් සද්ධර්මය බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවුරුදු 5000k යනකම් පවතිනවා කියල ..

    එනිසා ධර්මය තවම පිරිසිදුව ත්‍රිපිටකය තුල තිබෙනවා..

    එත් sure නැත්නම් මම නිහඬ වෙනවා... මට මීට වඩා යමක් කරන්න බැහැ........


    ඔබ අර කතාවේ 'තර්ක කරන්නා' වගේ, අතට අහුවුණු මැණිකට

    පයින් ගහන එකක් නෑ කියල මම හිතනවා....
    ( පිරිසිදුව
    ලැබුණු ධර්මය අවබෝධ නොකරගන්න එකක් නෑ කියල හිතනවා...)


    ඒ වගේම මං ඉල්ලීමක් කරනවා, මගෙන් ඔබට හරියන උත්තරය ලැබුණානම් ,

    උත්තරය ලැබුන කියල සඳහන් කරල, මේ thread එක bump නොකර ඉන්න ලෙසට....
    මොකද, මේ thread එක බුදුදහම ගැන හරියට දන්නේ නැති අය බලනවා, ඒ නිසා වැරදි
    මතයක් හිතෙන්න පුළුවන් "බුදුදහම බොරුද" කියල....


    so. if you got the answer from me, or any other, please don't bump this, or contact admin and close this thread...


    මම typing දන්නේ නැති නිසා අද මට වරුවක් ගියා මේක සම්පූර්ණ කරන්න.. (පැය 6ක් ,7ක් ,8ක් විතර)


    හැමදෙනාටම තෙරුවන්සරණයි :) ...
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ඔයා වෙනින් ත්‍රෙඩ් එකකට දීපු උත්තරයක් දැකලා මම ඔයාට මැසේජ් එකක් එවන්න හැදුවෙ මේ ත්‍රෙඩ් එකෙ ලින්ක් එක දීල මේකටත් පුලුවන් නම් උත්තරයක් එවන්න කියලා [මම මේක බම්ප් කරනෙක නැවැත්තුවා]
    එතකොට මම දැක්කා ඔයා උත්තර දීල තියෙනවා
    ගොඩක් ස්තුතියි


    උදාහරණ:

    බුදුන් 'සිත' ගැන වදාලා..
    සිත එක එක ඒවාට ඇලෙන හැටි, ඇලිච්ච ඒවා අහිමි වුනාම දුක්වෙන හැටි,
    "suffering is cause by disire" (තණ්හාව දුකට හේතුවයි), වගේ දේවල් මුලින්ම ඇහුනේ උන්වහන්සේගේ සද්ධර්මයෙන් නේ.
    ඉතින්, ඒවා හරියට තේරුම් යනකොට හිතෙනවා,
    "දෙයිහාමුදුරුවනේ, මේවා ඇත්ත නේද" කියල....
    "වෙන කවුරුවත් මේවා කියල නැහැ නේද...." කියල ....
    "එහෙනම් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වට පත් වෙලාමයි" කියල..
    අපිට දරාගන්න බැරි තරම් ශ්‍රද්ධාවක් ඇතිවෙනවා .....
    (හරියටම අත්දැකීම් සමග තේරුම් ගියොත් විතරයි)

    ඔව්
    නමුත් හිත ඇලිච්ච ඒවා අහිමි වුනාම දුක්වෙනව කියූ පමනින් ශ්‍රද්ධාවක් ඇති වෙන්නෙ නම් නෑ...ඒක ඕනිම කෙනෙක්ට තේරෙන දෙයක් නෙ


    *ලක්ෂ10ක විතර computer එකක් ගත්ත කියල හිතමු ගොඩක් ආසාවෙන්...
    current leak එකක් වෙලා computer එක පිච්චුනා කියමු ..
    දුකද? දුක නැද්ද?

    ආසවෙලා හිටියනම් අනිවාර්යයෙන් දුකයි ...
    එහෙනම්, 'ආසාව' දුකට හේතුවයි..
    එහෙනම්, "suffering is cause by disire" කියන එක සත්‍ය බව ඔප්පු වෙනවා තමන්ගේම හිතට ...


    *ඔබ ගෑනු ළමයෙක්ට ආස වෙලා ඉඳල ඒකෙනා තමන්ව අතැරලා ගියොත් දුකද? දුක නැද්ද ?

    ආසවෙලා හිටියනම් අනිවාර්යයෙන් දුකයි...
    එහෙනම්, 'ආසාව' දුකට හේතුවයි..
    එහෙනම්, "suffering is cause by disire" කියන එක සත්‍ය බව ඔප්පු වෙනවා තමන්ගේම හිතට ...

    hmmm........... common sense ?

    මේවගේ ඕනේ තරම් දේවල් බුදුන්ගේ ධර්මය සමග එදිනෙද ජීවිතයෙන්ම ගැලප ගන්න පුළුවන් කියල
    ඔබට තේරුම් ගන්න පුළුවන්නේ ...

    උදාහරණ:
    ඇසයි, රූපයයි, වින්ග්නානයයි (දැනගැනීම ) එකතු වුනාම 'ස්පර්ශය' හටගන්නවා ලු ...
    ඇත්තද? බොරුද? ...

    think...

    *අපි හිතමු ඔබ ගෑනු ළමයෙක්ව දැකපු පමණින්ම ඔබ ගෑනු ළමයට ආසවෙනවා කියල. ...
    හේතුව ඔබවත් දන්නේ නැහැ ...
    කියාවි , "අනේ මන්දා බන්, මට ඒකිව දැක්කම, අනේ මන්ද....." bla bla bla...
    එත් බුදුන් දන්නවා හේතුව...

    හෙතුව තමයි,
    ඇස+රූපය+වින්ග්නානය

    අයි ඇස?
    ඇසින් තමයි දැක්කේ...
    (ඇස)

    මොකක්ද දැක්කේ....?
    රූපය ....
    (ඇස+රූපය)

    වින්ග්නානායෙන් තමයි හදුන ගත්තේ ..
    මොකක්ද හදුන ගත්තේ?..
    ලස්සනයි කියල....
    (අස+රූපය+වින්ග්නානය)


    දැන් තුනම එකතුවුනා , එහෙනම් ආසාව ඇතිවුන ....

    හරියටම් හරි නේද බුද්ධ දේශනාව...
    ආසාව ඇතිවුනේ ඒනිසා නේද?

    ඔයාට තෙරෙනවා නේද හිතෙන්න මොකක් හරි තියෙන්න ඕනි කියලා ?
    හරි
    ඇස් දෙකක් තියෙනවා කියලත් දන්නවා
    එහෙනම් ඉතින් රූපයක් දැක්කම ඒක ඇහෙන් දකලා හිතෙන් ආස වෙනවා කියන්න ආගමක් ම ඕනි නෑනෙ
    ඊට වඩා ගැඹුරු දෙයක් දැන ගන්නනෙ ආගමක් අවශ්‍ය [මට හිතෙන විදිහට]

    මෙන්න මේ වගේ දේවල් අත්දැකීම් වලට ගන්නකොට අපිට හිතෙනවා, එහෙනම් බුදුන් දේශනා කරපු අනිත් දේවලුත් ඇත්ත වෙන්නම ඕනේ නේද කියල...
    අන්න එහෙමයි /අන්න එකයි, මම බුද්ධ දේශනාව හිස්මුදුනින්ම පිළිගන්නේ ....
    මතක තියාගන්න, බුදුනුවන ඉදිරියේ විද්‍යාව(scientist) කියන්නේ තවම දනගාන බබෙක් විතරයි...
    ඒනිසා බුදුදහම ප්‍රායෝගිකව (practically) එදිනෙදා ජීවිතයෙන් දකින්න... (technically නෙවෙයි)...
    අනික science වලින් දකිනකොට කල්යනවා ..

    නෑ , ඔය කියපු ටිකෙන් නම මට හිතෙන්නෙ නෑ එහෙම

    උදාහරණ:
    බුදුන් මීට‍ අවුරුදු 2500කටත් කලින් දේශනා කරා 'ක්ෂුද්‍ර ජීවීන්' ඉන්නවා කියල (කරණීය මෙත්ත සූත්‍රයෙන්) .
    එත් මෑතකදී අන්වීක්ෂ හොයාගත්තම තමයි scientist ල කිව්වේ "ඔව් ඉන්නවා තමයි" කියල...
    so, forget the science when comparing with the Buddhism ....

    කොහොමද කියලා තියෙන්නෙ , සමහර විට කියල ඇති
    නමුත් වෙන ආගම් වලත් මේ වගේ දේවල් කියලා තියෙනවා

    අනික හැමදේම වචනයෙන් කියල දෙන්නත් බැහැ..

    උදාහරණ:
    නිවන තියා, ඔබට පුලුවන්ද අඩුම ගානේ 'නින්ද ' විස්තර කරලා දෙන්න..
    පොඩි උත්සහයක් අරන් බලන්න ...
    ඔබට බැහැ නින්දවත් වචන වලින් විස්තර කරලා දෙන්න...

    google it

    ඒනිසයි බුදුන්ගේ දේශනාව තර්කයකට භාජනය නොකර,
    උන්වහන්සේ ගිහියන්ට දේශනා කරපු ධර්මය දැකල, උන්වහන්සේ දේශනා කරපු අනිත් දේවලුත් ටිකෙන් ටික විස්වාස කරන්න වගබලාගන්න කියන්නේ ...

    to next post>>>>

    තාමත් නැත
    සමහර විට පව නිසා වෙන්න ඇති
    මොකක් උනත් මේ ගැන හොයන එක මම නතර කරන්නේ නෑ
    උත්තර දුන්නට ස්තූතියි සහෝ
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඔන්න තැනක් තියෙනවා
    අපි ඉන්නවා ... ඇයි අපි ඉන්නෙ ? ඇයි අපි මේකට වැටුනෙ ? දැන් ඔය පින් පව් තියරියට අනුව සංසාරෙට එන්ටර් වෙන්නත් හෙන පවක් එපෑයැ...
    හරි ඔන්න අපි එනවා , නිවනක් තියෙනව , අපිම ගොඩ යන්න ඕනි හෙන වදයක් විඳලා
    මොකක්ද මේකෙ තේරුම ? ඉතින් මේකට නොවැටිම හිටියනම් ඉවරනෙ ... අනික අලුතින් හිත් ඇති වෙන්නෙ නැත්නම් කවදා හරි කවදා හරි විශ්වයේ හිත් ගාන අඩු වීගෙන අඩු වීගෙන යන්න ඕනිනෙ.
    හේතු ඵල න්‍යායට අනුව තමා. ඔබ මම, සිතුවිලි, විශවය යන සියල්ල එකිනෙකට සම්බන්ධයි. මේ සියල්ල අවසානයේ ශක්තියක් පමණයි. යම් සතෙක් ඇතිවීමට අවශ්‍ය හේතු සාධක ඇති වුනොත් එතන එම සතා පහල වෙනවා. ඒ කියන්නේ යම් ආකාරයක රසායනික ශක්ති විපර්යාසයක් මත ශරීරය, මොලය, සිත ඇති වෙනවා. මොකද්ද මේකේ තේරුම? නොවැටී හිටියනම් හරිනේ කියලා අහන එක මහ පුදුම කතාවක්නේ. විශ්වය ක්‍රියාත්මක වෙන මූලධර්ම අපට පාලනය කරන්න පුලුවන්ද? වෙන බොහො දේවල් අපේ පාලනයෙන් පරිබාහිරයි.
    අලුතෙන් හිත් ඇති වෙන්නේ නැහැ කියන්නේ ඇයි? අලුතෙන් හිත් ඕන තරම් ඇති විය හැකියි. එය ශක්ති පරිණාමයක් පමණයි.
    මේයට ඔබ දෙන පිලිතුරු මත සාකච්චාව දිගටම කරගෙන යා හැකියි.
     

    madushan1000

    Member
    Jan 26, 2009
    1
    0
    0
    මම මෙ ත්‍රෙඩ් 1අ දාපු මල්ලිට fb 1එ දි උත්තරයක් දෙන්නෙ උත්සාහ කලා..ඒක කොයි තරම් දුරට සාර්තක උනාද මන්දා..
    ඉස්සල්ල 1ක් කෙනෙක් කියල තියනව වගෙ මෙකෙන් බුදු දර්ශනයට අගෞරවයක් වෙනව කියල මම හිතන්නෙ නැ..කොහෙ උනත් ප්‍රස්න තියනවනම් ඒවා ගැන කතාකරන්න ඔනි..කාටවත් පෙනිල අගෞරව වෙයි කියල කතා නොකර ඉන්නවනම් එක අන්ද භක්තිය..
    බරහිර විද්‍යාව කියන්නෙ අකෘති මත රදා පවතින දෙයක්..බුදු දර්ශනය කියන්නෙ දියුනු කරන්න පුලුවන් අන්තිමටම දියුනු කරපු ආකෘතියක්...
    මම පස්සෙ තව මොනව හරි කියන්නම්!!
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    ..
    බරහිර විද්‍යාව කියන්නෙ අකෘති මත රදා පවතින දෙයක්..බුදු දර්ශනය කියන්නෙ දියුනු කරන්න පුලුවන් අන්තිමටම දියුනු කරපු ආකෘතියක්...
    මම පස්සෙ තව මොනව හරි කියන්නම්!!


    හෙහ්..හෙහ්.. කොහොමද ඔයා මෙහෙම කියන්නේ.
    බුද්ධාගමෙත් නිවන, කර්මය , පොතේ තියෙන නිසා පිලිගන්න වෙනවා නේ? අනිත් එව්ව වගේමයි.
    :D
     
    ඔව්
    නමුත් හිත ඇලිච්ච ඒවා අහිමි වුනාම දුක්වෙනව කියූ පමනින් ශ්‍රද්ධාවක් ඇති වෙන්නෙ නම් නෑ...ඒක ඕනිම කෙනෙක්ට තේරෙන දෙයක් නෙ


    කියූ පමණින් නෙවෙයි,
    එතැනිනි එහාටත් වදාළ,
    ඒ තමයි,

    "suffering is cause by disire" නම්, then dont disire..

    "තන්හාව/ආසාව දුකට හේතුවයි.."
    "තන්හාව/ආසාව දුකට හේතුවයි.." නම්, "තන්හාව ආසාව ප්‍රහාණය කරන්න.."
    එහෙනම්, දුක නැති කරන හැටිත් වදාළ.. (තන්හාව ප්‍රහාණය කරන්න කියල)
    ඕක වෙන කිසිම උගතෙක් බුදුන්ට පෙර දේශනා කරලා තිබුනේ නැහැ..
    එහෙනම්, ශ්‍රද්දාව ඇතිවෙන්නේ තමන්ට දුකක් ඇති වුනාම විතරක් නෙවෙයි, දුකට හේතුවත් එවෙලේම අවබෝද වුනාමයි..
    ඔබ දෙයකට ආසවෙලා, ඒ දෙයඅහිමි කරගෙන, දුක්වෙලා වැලපිලා ඉන්නටත් කලින්ම බුදුන් වදාරලා තිබුන "ආසවෙන්න එපා" කියල...
    "ආස වුනොත් දුක්වෙන්න වෙනවා" කියල...

    අන්න එතනයි මම කලින් post එකේ කියපු ශ්‍රද්දාව ඇතිවන්නේ.

    තවත් අනවශ්‍ය විදියට සරල කරනවානම්,
    ඔබ ආසවෙලා, ඊළඟට අහිමිවෙලා දුක්වෙනකොට,
    බුදුන් ඔබ ඉදිරියට ඇවිත් වදාරනවා කියල හිතන්න,
    "මං කිව්වා නේ ඔහොම වෙයි කියල... මං කලින්ම ඔයාට කිව්වනේ පුතා ඔය කිසිම දෙකට ආසවෙන්න එපා කියල..."
    "දැන් ඉතින් ඔයා නිකන් දුක්වෙනවනේ.. "
    ආදී වශයෙන් කල්පනා කරන්න...



    hmmm........... common sense ?

    ඔබට දැන් ඕක commen sence විදියට හිතෙන්නේ ඔබ උපතින්ම බෞද්ධ පරිසරයක හැදුනු වැදුණු නිසයි..
    ඕව නිතරම එහෙන් මෙහෙන් හරි අහන්න ලැබුණු නිසයි..
    නමුත් ඔබ අරාබියට හරි අප්‍රිකාවට හරි වෙනත් අබෞද්ධ රටකට හරි ගිහින් බලන්න ඕක commen sence ද කියල...
    ඒගොල්ලන්ට ඕක කියල දුන්නත් තේරෙන එකක් නැහැ..
    එනිසා බුදුන්ගේ ධර්මයට පින් සිද්ද වෙව්න්නයි ඕක ඔබට commen sense එකක් වෙලා තිබෙන්නේ..
    ඒ අතින් ඔබ පින් කාරයෙක්.. (තණ්හාව දුකට හේතුව බව ඔබට commen sence එකක් ලෙස පවා අවබෝද වෙලානම් ඔබ පින් කාරයෙක්)
    බොහෝ අබෞද්ධ අයට ඒක commen sense එකක් නෙවෙයි.. තේරුනාද!!


    to next page...
     
    ඔයාට තෙරෙනවා නේද හිතෙන්න මොකක් හරි තියෙන්න ඕනි කියලා ?
    හරි
    ඇස් දෙකක් තියෙනවා කියලත් දන්නවා
    එහෙනම් ඉතින් රූපයක් දැක්කම ඒක ඇහෙන් දකලා හිතෙන් ආස වෙනවා කියන්න ආගමක් ම ඕනි නෑනෙ
    ඊට වඩා ගැඹුරු දෙයක් දැන ගන්නනෙ ආගමක් අවශ්‍ය [මට හිතෙන විදිහට]

    ආසාව ඇතිවෙන හැටි කොටස් වශයෙන් පැහැදිලි කරලා නැහැ වෙනත් ආගම් වල..
    ඕක ඔබ හිතනවට වඩා ගොඩක් ගැඹුරු දෙයක්...
    උදාහරණයක් විදියට, ඔබට පුලුවන්ද ඔබ දෙයකට ආස වුනේ ඇයි කියල කියන්න...
    ඔබ කියයි 'ලස්සන' නිසා කියල.. නැත්නම් කියයි 'පට්ටයි බන්' කියල නැත්නම් කියයි 'සුන්දර' නිසා කියල..
    මේ ආදී වශයෙන් වචන කියාවි, නමුත් මේ වචන පැහැදිලි කරන්න පුලුවන්ද...
    ඔබට බැහැ..
    සුන්දර, පට්ට, ලස්සන, මේ මොන දේ කිව්වත් මේවා ඔක්කොම ඒක කුලකයකටයි අයිතිවෙන්නේ..
    ඒ තමයි දැනගැනීම නොහොත් වින්ඥානය....
    ඒවගේම අප්‍රිය දේවල් වලටත් මොන මොන නම් වශයෙන් හන්ගීම් වෙන් කරත් ('කැත' නිසා කියාවි , 'chaater' කියාවි, අප්පිරිය නිසා කියාවි)
    ඒවත් කලින් කුලකයටමයි අයිතිවෙන්නේ..
    ඒ තමයි දැනගැනීම නොහොත් වින්ඥානය....


    අන්න එකයි කියන්නේ ඔය එක එක නම් වලින් හඳුන්වන ඔක්කොම හැගීම් හටගන්නේ,
    ඇසින් බලනකොටනම්,
    අස+රුපය+වින්ඥානය නිසයි කියල..

    පංච ඉන්ද්‍රියෙන් බලන කොට,
    x+y+
    වින්ඥානය

    අස+රුපය+
    වින්ඥානය
    කණ+ශබ්දය+
    වින්ඥානය
    නාසය+ගන්ධය+
    වින්ඥානය
    දිව+රසය+
    වින්ඥානය
    ශරීරය+ස්පර්ශය+
    වින්ඥානය


    තනියම කල්පනා කර කර හිත හිත ඉන්නවා කියමු (අස කණ නාසය දිව ශරීරය කියන ඒවා (පංච ඉන්ද්‍රියෙන්) use කරන්නේ නැතුව),
    එවෙලාවටත් එකක් තියනවා, ඒතමයි,
    මනස+සිතුවිලි+
    වින්ඥානය (තනියම හිත හිත ඉන්නකොට වගේ වෙන්නේ මේක)

    වෙන කිසිම කෙනෙක්ට පුලුවන්ද ඕව ඔහොම පැහැදිලි කරලා දෙන්න කියන්න..

    අඩුම ගානේ ඔබ බලාපොරොත්තුවෙන scintists ලට වත් හරි හමන් පිළිතුරක් නැහැ..
    ඕනෙනම් මේකම පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා කියාවි..
    එනිසයි බුදුගේ පැහැදිලි කිරීම ගැන ශ්‍රද්ධාවක් ඇතිවිය යුතුයි කියන්නේ..





    නෑ , ඔය කියපු ටිකෙන් නම මට හිතෙන්නෙ නෑ එහෙම
    මම කියපු ටික මදිනම්, ඔබත් බුද්ධ දේශනා හොයහොයා යන්න..
    එහෙම නැතුව sientist ලට වත් බැරි ඒවා නෙවෙයි..
    මොකද එක ප්‍රායෝගික නැහැනේ... (තේරුමක් නැහැනේ)
    ප්‍රායෝගික දේශනා හොයන්න...
    eg: සෝවාන් වෙන හැටි..
    http://bavana.org/audio/melbourne/06 - Sovan Vana Maga.mp3



    කොහොමද කියලා තියෙන්නෙ , සමහර විට කියල ඇති
    නමුත් වෙන ආගම් වලත් මේ වගේ දේවල් කියලා තියෙනවා

    කරණීය මෙත්ත සූත්‍රය ගැන හොයල බලන්න..
    දීර්ග සත්තු
    කුඩා සත්තු
    වටකුරු සත්තු
    තෙත් පරිසරයේ ඉන්න සත්තු (පනුවෝ වගේ)
    ඇසට නොපෙනෙන සත්තු (
    ක්ෂුද්‍ර ජීවීන්)
    etc....

    ආදී වශයෙන් list එකක් වගේ තව දිගට වදාරනවා..


    "සියලුම සත්වයොන්ට මෛත්‍රී කරමි" කියල වදාරන්න ගිහින් තමයි 'සියලු සත්වයෝ' කියන්නේ කවුද කියල විස්තර කරලා ඔහොම දිග list එකක් වගේ විස්තර කරේ..

    'සියලු සත්වයෝ' කියන තනි වචනය වදාරලා shape වෙන්න තියෙද්දිත්, එහෙම නොකර ලෝකේ ඉන්න සියලුම සත්තු අයිතිවෙන විදියට
    කුලක හදල ඒවාට වෙන්කරලා පෙන්නුවා..

    ඔබ දන්නවද, අද අලුතින් මොන විදියේ සතෙක් හොයාගත්තත් ඒ කුලක වලින් එකකටමයි අයිතිවෙන්නේ..
    ඊට එහා වෙනත් සතුන් ජාති නැහැ.. වෙනත් කුලක නැහැ...
    කොහොමද උන්වහන්සේගේ බුදු නුවන...

    මේ විදියට මම කියාගෙන යනකොට වෙනත් ආගම් වල මේවා නැහැයි කියල ඔබටම පැහැදිලියි නේ..
    එකේ ආයේ කිසි තර්කයක් නැහැනේ..



    google it

    මම කියපු දේ තේරුනේ නැහැ ඔබට..
    කවදාවත් නිදාගෙන නැති කෙනෙකුට නින්ද විස්තර කරලා දෙන්න...

    'නින්ද ගිහින් - උදේ ඇහැඇරෙන' කාල ප්‍රාන්තරය විස්තර කරන්න පුලුවන්ද..
    මොනවද කියන්නේ,
    'ටික වෙලාවකට මැරිලා ඉපදුනා' කියලද..
    මේ වගේ ඕනෙතරම් මොන අර්ථකථන දුන්නත් නින්ද විස්තර කරන්න බැහැ...
    ඒ නිසයි මං කිව්වේ අපි හැමදාම ලබන නින්ද කියන අත්දැකීම වත් විස්තර කරගන්න බැරුව නිවන කොහේ විස්තර කරන්නද කියල..
    අන්න ඒ නිසයි මං කිව්වේ හැම දේම වචනයෙන් විස්තර කරලා දෙන්නට බැහැ කියල..
    අන්න එතනයි නිවන කියන දේ විස්වාස කරන්නට ශ්‍රද්ධාව වැදගත්වෙන්නේ කියල..

    එහෙනම්, මේ කතාවේ point
    එක තමයි,
    බුදුන් ගැන
    ශ්‍රද්ධාව තියෙන කෙනා දන්නවා වචනයෙන් විස්තර කරන්න පුළුවන් හැම දේම බුදුන් අපිට විස්තර කරලා දුන්න කියල..

    (නිවනට වැදගත්වන හැමදේම වචනයෙන් අපට උපරිමයෙන් විස්තර කරලා දුන්න කියල..)
    එහෙනම් ශ්‍රද්ධාව ඇති කෙනාටනම් එහෙම හිතෙන්නේ,
    අන්න, අපි යන්න ඕන
    ශ්‍රද්ධාව ඇතිවෙන තැනටයි..
    අන්න,
    ශ්‍රද්ධාව ඇතිවෙන්න නම් කල්පනා කරන්න ඕන විදිය තමයි මම ඔබට මුලසිට කිව්වේ..


    අන්න, එහෙනම් නිතර කල්පනා කරන්න, බුද්ධ දේශනාව අසමසමයි කියල...
    අසමසම බව වැටහෙන්නේ, පිරිසිදු බුද්ධ දේශනා අසමින් 'යෝනි සොමනසිකාරය' නොහොත් නුවනින් විමසීමයි..
    මුළු බුදු දහමම පදනම් වෙලා තියෙන්නේ
    'යෝනි සොමනසිකාරය' නොහොත් නුවනින් විමසීම මතයි...

    ඔබ විතරයි අනවශ්‍ය (නිවනට අදාළ නැති දේවල්) ගැන බුදුදහම අල්ලගෙන හොයන්නේ..

    නිවනට අදාළ නැති දේවල් කොහොමත්
    'යෝනි සොමනසිකාරය' නොහොත් නුවනින් විමසන්න බැහැ...

    ඔබට පුලුවන්ද කවදාහරි ඉර 7කට කැඩෙනවා කියල වදාරපු එක නුවනින් විමසන්න?
    බැහැ...

    එනිසා
    'යෝනි සොමනසිකාරය' නොහොත් නුවනින් විමසීමට අදාළ දේවල් තුලින් නිවන මතු කරගන්නවා මිසක්,
    ලෝකේ ගැන සෞරග්‍රහ මණ්ඩලය ගැන හිත හිත ගියාට කවදාවත් ඒවයේ කෙළවරක් කතාකරලා ඉවරකරන්නට බැහැ..
    ඒබව බුදුහිමි උන්වහන්සේගේ බුදුනුවනින් දැක්ක...



    තාමත් නැත
    සමහර විට පව නිසා වෙන්න ඇති
    මොකක් උනත් මේ ගැන හොයන එක මම නතර කරන්නේ නෑ
    උත්තර දුන්නට ස්තූතියි සහෝ
    ඔබටම තේරුම් ගන්න පුළුවන් වේවි,
    වෙන කිසිම දෙයක් හොයල වැඩක් නැහැ කියල,
    මැරෙන මොහොතක් එනවා,
    එදාට ඉතින් හිතේ තියෙන බුදු බණක පිහිට තමයි කියල..

    එහෙම හිතල සෝවාන් මාර්ගයේ යනවනම්, ඔබ සෝවාන් වුනොත් ඔබ තමයි "පොර"...
    එහෙම නැතුව කෙළවරක් නැති ලෝකේ ගැන,
    සෞරග්‍රහ මණ්ඩල ගැන, හොයා හොයා ඉන්න sientist ල නෙවෙයි..

    ඔබටත්,
    හැමදෙනාටමත්.
    තෙරුවන්සරණයි..
     

    යම රජ

    Banned
    Apr 12, 2011
    33
    4
    0
    අනේ අම්මපා!!! ඇත්තටම බොල ඔය නර පනුවන් කරන්ට ඕනේ ඉක්මනට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එකයි, ඔය ඩිල්ෂාන් කොලුවටයි කියන්නේ, මේ මනස්ගාත හිතෙන් ඇත ඇරලා දාල ඉක්මනට බුදුන් සරණ යන්ට!!! නැතිනම් ඉතින් කොයි වෙලාවේ මා ගාවට එන්න ලැබේවි ද දන්නේ නැහැ.

    බූ හා හා හා හා හා !!!!!!!!!!!!!!!!
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    Budu dhahama hariyata therum gannath pin karala thiyenna oni..SAamanya ayata therenne nethi dewal kochacahara thiyeda bududhahame?? eth kaalayath samaga therum yaawi...ekala thawa jeewin sitina grahaloka thiyena bawa minisun piligatthe neha...namuth ada piligannawa..ewage thamai okkama..:):)
     

    0_Inception

    Member
    Feb 12, 2011
    69
    2
    0
    ඉස්සල්ල 1ක් කෙනෙක් කියල තියනව වගෙ මෙකෙන් බුදු දර්ශනයට අගෞරවයක් වෙනව කියල මම හිතන්නෙ නැ..කොහෙ උනත් ප්‍රස්න තියනවනම් ඒවා ගැන කතාකරන්න ඔනි..කාටවත් පෙනිල අගෞරව වෙයි කියල කතා නොකර ඉන්නවනම් එක අන්ද භක්තිය..

    :yes::yes::yes: