බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ඔව් මචන්. කොන්ක්‍රීට් කුට්ටිය (බුදු පිළිමය) වටිනවා මිනිස් ජිවිතේ කට වඩා.
දැන් උබ බලපන්. උබ දිහා බැලුව කියල අපිට කල්ප ගානකට සැප විදින්ද පුළුවන් ශ්‍රධාවක් ඇති වෙන්නේ නෑ නේ. උබ මැරිලා අනිවා අපයෙනේ යන්නේ (නිය පිටට ගත්තු පස් ටිකක් වගේ ටිකක්නේ සුගති යන්නේ). ඉතින් ලෝකෝත්තර වශයෙන් උබෙන් වෙන කාටවත් වැඩක් නෑ.
දෙවියන්ට උබව බේරා ගන්ඩත් බෑ. ගන්නෙත් නෑ.
එත් බුදු පිළිම වලින් කොච්චර ලෝකෝත්තර වශයෙන් සේවාවක් වෙනවද?
දෙවි වරු පවා ශ්‍රද්ධාව උපදවා ගන්නවා ඒවා ගෙන්.
ඔය පිච්චමල් පුජා වලට එන්නේ
මචං උඹට තියෙන්නෙ ශ්‍රද්ධාවක් නෙවෙයි අන්ධ භක්තියක්. උඹ බුදු පිලිමෙකට වැඳලා බලාපොරොත්තු වෙන්නෙ කල්ප ගානක් සැප විඳින්න. බුදු හාමුදුරුවො දේශනා කලේ සසර කෙටි කරගන්න කියලා. සැප කියලා උඹ ඔය අල්ලගෙන ඉන්නෙත් දුක.
 
  • Like
Reactions: awjas2621

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔය දෙවියෝ ගැන කතා නං ගොඩක් තියෙනව මචන්, හොඳ මිනිස්සු ආරක්ෂා කරනව කියනව, බුද්ධාගම ආරක්ෂා කරනව කියනව. හැබැයි මට නං එහෙම දෙයක් පෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ හිටපු ඉන්දියාවේ අද බුද්ධාගම නැත්තටම නැතිවෙලා, මුස්ලිම් ආක්‍රමණිකයෝ පන්සල් පිළිම පොත්පත් ගිනි තියල සිල්වත් හාමුදුරුවරු මරල දැම්ම එක දෙයියෙක්වත් හිටියේ නෑ ඕව ආරක්ෂා කරන්න. මේ පොඩි අඩි දෙක තුනේ පිළිම වගේද බන් ඇෆ්ගනිස්තානේ බාමියන් පිළිම ටික අරුන් බෝම්බ ගහල විනාස කරා මොන දෙයියෙක්වත් හිටියේ නෑ නෙ. අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිය ළඟටම ඇවිත් කොටි ගැහුව එක දෙයියෙක්වත් හිටියේ නෑ. නුවර මාලිගාවට ගැහුව, වටේටම දේවාල තිබ්බට එක දෙයියෙක්වත් හිටියේ නෑ. ආමි එකේ පොලිසියේ අය මිසක් දෙයියෝ ආවේ නෑ නෙ උදව්වට. එහෙව් එකේ මේ ගංවතුරට හරි වෙන දෙකට අහුවෙලා නොකැඩි ඉතුරුවෙච්ච පොඩි බුදු පිළිමයක් දිහා බලල දෙයියෝ තමා මේක ආරක්ෂා කරේ කියල සාදු සාදු කියන එක කොච්චර ගැලපෙනවද කියන්න මං නං දන්නේ නෑ.

    මිනිස්සු වෙන අපි කරන දෙකින් තමා බුද්ධාගම හරි වෙන දෙයක් හරි රැකෙන්නෙ. උඩ ඉන්න දෙයියෝ කරයි කියල බලන් හිටියට කරන දෙයක් නෑ.

    මම මේ thread එක මුල ඉදන්ම කිව ස්භාවික අපදා වලින් ආරක්ෂා කරනවා කියල.
    මිනිස්සු පව් කරගන්න ඒක බුදුහාමුදුරු වන්ගේ කාලේ ඉදන් උනා.
    ස්භාවික අපදා වලින් බුද්ධාගමට උන හානිය නැති තරම්
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචං උඹට තියෙන්නෙ ශ්‍රද්ධාවක් නෙවෙයි අන්ධ භක්තියක්. උඹ බුදු පිලිමෙකට වැඳලා බලාපොරොත්තු වෙන්නෙ කල්ප ගානක් සැප විඳින්න. බුදු හාමුදුරුවො දේශනා කලේ සසර කෙටි කරගන්න කියලා. සැප කියලා උඹ ඔය අල්ලගෙන ඉන්නෙත් දුක.

    මට සැප ඕන නෑ. මම කිවේ මේකේ විපාක. මම අභිධර්මය අධ්‍යනය කරමින් යනවා. මම දන්නවා උබට ඕන මගේ ශ්‍රද්දව නැති කරන්ඩ කියලත්.
    අනික අපායේ යනවට වඩා දේවිය ලෝකේ යන ඒක නරකද?
    මුගලන් හාමුදුරුවොත් අපායේ යන්ඩ හිටියේ කෙනෙක් දේවිය ලෝකේ යවල තියෙනවා.
    හැමෝටම රහත් වෙන්ඩ බෑ නේ.
    බුදුහාමුදුරුවෝ ම කියල තියෙනවා ඒක පාරක් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ගැනම වර්ණනා කරන කොට ආනන්ද ඔය ඇති කරගත්හ්ටු ශ්‍රද්ධාව විශාල වාර ගානක් යනකම් ශක්‍රයා වෙන්ඩ පුළුවන් කියල. උබ ඊටත් වඩා පණ්ඩිත වෙන්ඩ යනවා නම් හොදා.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබල දැනගනිල්ලා. තවත් මේ ලෝකේ ධර්මය රකින එක්කෙනෙක් හරි (මම නෙමේ) ඉතුරු වෙලා ඉන්න හින්ද තමයි තොපිත් ඉන්නේ. නැත්තම මෙව්වා ඔක්කොම විනාශ වෙලා ගොඩක් කල්.
    දළදා මාලිගාව, බුදු පිළිම, දහම පිළිපදින / රකින අයට ඉන්ඩ තමා මේ ලෝකේ තියෙන්නේ. තොපිට ඉන්ඩ නෙමේ. එව්වා නැති වෙච්ච දාට තොපිත් නෑ.
    දැන් එතකොට ඔය අහසට පැන නැගල ධාතු පරිනිර්වාණය වෙනහැටි ඔව්ව ඔක්කොම බොරුද? එව්වත් ත්‍රිපිටකේ නේ තියෙන්නේ?
    උබ නිර් ආගමික වීම ගැන මමත් සතුටු වෙනවා


    4c1987b4eb1141c83f93985d7d708398.gif
    අද ලෝකෙ ගල් යුගෙන් මේ තත්වෙට දියුණු වෙලා තියෙන්නෙ නිර් ආගමිකයො හින්ද. ලෝකෙ දියුණු කරපු හැම කෙනාව නිර් ආගමිකයො. උඹල තාම ගෝත්‍රික මතවාද පස්සෙ යනව. බුදු පිළිම විතරක් ඉතුරු වෙන්නෙ මිනිස්සු පිළිමෙ ප්‍රමිතියට හදනව අනිත් ඒව බාල විදිහට. මන් උඩ දීල තියන ලින්ක් එක බලපන් උඹලට ඇප නැතිවෙන්න රිදෙන්න දීල තියනව.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබල දැනගනිල්ලා. තවත් මේ ලෝකේ ධර්මය රකින එක්කෙනෙක් හරි (මම නෙමේ) ඉතුරු වෙලා ඉන්න හින්ද තමයි තොපිත් ඉන්නේ. නැත්තම මෙව්වා ඔක්කොම විනාශ වෙලා ගොඩක් කල්.
    දළදා මාලිගාව, බුදු පිළිම, දහම පිළිපදින / රකින අයට ඉන්ඩ තමා මේ ලෝකේ තියෙන්නේ. තොපිට ඉන්ඩ නෙමේ. එව්වා නැති වෙච්ච දාට තොපිත් නෑ.
    දැන් එතකොට ඔය අහසට පැන නැගල ධාතු පරිනිර්වාණය වෙනහැටි ඔව්ව ඔක්කොම බොරුද? එව්වත් ත්‍රිපිටකේ නේ තියෙන්නේ?
    උබ නිර් ආගමික වීම ගැන මමත් සතුටු වෙනවා


    4c1987b4eb1141c83f93985d7d708398.gif

    එතකොට වෙන ආගම් තියන රටවල් ඔක්කොම හැදිගෑවිලාද බන් තියෙන්නේ දැන්? :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මම මේ thread එක මුල ඉදන්ම කිව ස්භාවික අපදා වලින් ආරක්ෂා කරනවා කියල.
    මිනිස්සු පව් කරගන්න ඒක බුදුහාමුදුරු වන්ගේ කාලේ ඉදන් උනා.
    ස්භාවික අපදා වලින් බුද්ධාගමට උන හානිය නැති තරම්

    ඒ කියන්නෙ කවුරුහරි මේ ලෝකේ ඉන්න බෞද්ධයෝ ඔක්කොමල්ල මරල දාල පන්සල් ගිනි තියල සිල්වත් හාමුදුරුවරු වද දීල මරල දාල ධර්මය ලියල තියෙන පොත් විනාශ කරල බුද්ධාගම නැත්තටම නැති වෙලා ගියත් දෙවියෝ මුකුත් කරන්නේ නෑ මොකෝ ඒ මිනිස්සු පව් කරගන්නව ඒවට බාධා කරන්න හොඳ නෑ. හැබැයි ගංවතුරක් ආවම සිමෙන්තියෙන් හදපු පිළිම ටික ආරක්ෂා කරනව :baffled: ඔක්කොම බෞද්ධයෝ ටික මොකක් හරි වෙලා මැරිලා ගියොත් පිළිම ටික තියාගෙන මක් කරන්නද ? ධර්මය දන්න හාමුදුරුවරු ටිකයි පොත් පත් ටිකයි නැති උනාම පිළිමවලට පුලුවන්ද අපිට බණ කියන්න ?

    ඇත්තම කතාව මචන් දෙවියො මේ ලෝකේ වෙන කිසිම දෙකට ඇඟිලි ගහන්නේ නෑ. දෙවියෝ ඉන්නව කියලවත් අපි දන්නේ නෑ. මේ ලෝකේ ඉස්සරත් අදත් දුවන්නේ ස්වභාවික නියමයන්ට අනුව. ඒවට ඔය පිළිම පන්සල් බෝධි අරව මේවා ඔක්කොම යටයි. ඔය පොඩි ගංවතුරවල් වගේ නෙවේ හදිස්සියේ උල්කාපාතයක් කඩන් වැටුනොත් ඔය කිසි කතාවක් නෑ ඔක්කොම විනාසයි.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම කිවේ අරුට
    කාට කිව්වත් උඹ කියපු දේ හැම රටටම අදාලයිනෙ. අද ලෝකෙ හොදම රටවල් විදිහට සලකන නෝර්වේ ස්වීඩන් 80% නිර් ආගමිකයි. තාම ආගම් පස්සෙ යන ඉන්දියාව අපි වගේ රටවල් තුන්වෙනි ලෝකෙ. උඹලගෙ ඇස් පෑදෙනකොට තව අවුරුදු 500ක්වත් යයි.
     
    • Like
    Reactions: sudeewa

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඒ කියන්නෙ කවුරුහරි මේ ලෝකේ ඉන්න බෞද්ධයෝ ඔක්කොමල්ල මරල දාල පන්සල් ගිනි තියල සිල්වත් හාමුදුරුවරු වද දීල මරල දාල ධර්මය ලියල තියෙන පොත් විනාශ කරල බුද්ධාගම නැත්තටම නැති වෙලා ගියත් දෙවියෝ මුකුත් කරන්නේ නෑ මොකෝ ඒ මිනිස්සු පව් කරගන්නව ඒවට බාධා කරන්න හොඳ නෑ. හැබැයි ගංවතුරක් ආවම සිමෙන්තියෙන් හදපු පිළිම ටික ආරක්ෂා කරනව :baffled: ඔක්කොම බෞද්ධයෝ ටික මොකක් හරි වෙලා මැරිලා ගියොත් පිළිම ටික තියාගෙන මක් කරන්නද ? ධර්මය දන්න හාමුදුරුවරු ටිකයි පොත් පත් ටිකයි නැති උනාම පිළිමවලට පුලුවන්ද අපිට බණ කියන්න ?

    ඇත්තම කතාව මචන් දෙවියො මේ ලෝකේ වෙන කිසිම දෙකට ඇඟිලි ගහන්නේ නෑ. දෙවියෝ ඉන්නව කියලවත් අපි දන්නේ නෑ. මේ ලෝකේ ඉස්සරත් අදත් දුවන්නේ ස්වභාවික නියමයන්ට අනුව. ඒවට ඔය පිළිම පන්සල් බෝධි අරව මේවා ඔක්කොම යටයි. ඔය පොඩි ගංවතුරවල් වගේ නෙවේ හදිස්සියේ උල්කාපාතයක් කඩන් වැටුනොත් ඔය කිසි කතාවක් නෑ ඔක්කොම විනාසයි.

    දෙවියෝ සිල්වතුන් ආරක්ෂා කරනවා. දුස්සීල අය ගැන බලන්නේ යක්කු ප්‍රේතයෝ
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කාට කිව්වත් උඹ කියපු දේ හැම රටටම අදාලයිනෙ. අද ලෝකෙ හොදම රටවල් විදිහට සලකන නෝර්වේ ස්වීඩන් 80% නිර් ආගමිකයි. තාම ආගම් පස්සෙ යන ඉන්දියාව අපි වගේ රටවල් තුන්වෙනි ලෝකෙ. උඹලගෙ ඇස් පෑදෙනකොට තව අවුරුදු 500ක්වත් යයි.

    අද්යත්මිකව දුර්වල වෙද්දී භ්ව්තිකව දියුණු වෙනවා.
    මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අද්යත්මිකව දුර්වල වෙද්දී භ්ව්තිකව දියුණු වෙනවා.
    මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා.
    එහෙනන් ලංකාවෙ මිනිස්සුන්ට හොදට ආයුෂ තියෙන්න ඕන. ලෝකෙ වැඩිම ලෙඩ ගොඩක් තියනව ලංකාවෙ මිනිස්සුන්ට. උඹ ලංකාවෙ එකෙක් එක්ක ගත්තාම ශක්තියත් වැඩියි අනිත් රටවල මිනිස්සුන්ට. අනික ලෝකෙ වැඩිම ආයුෂ තියෙන්නෙ ජපන් කාන්තාවන්ට. ජපානෙ කියන්නෙ ආගමක් අදහනව කියන එක ලැජ්ජාවට කාරණයක් විදිහට සලකන රටක්.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    එහෙනන් ලංකාවෙ මිනිස්සුන්ට හොදට ආයුෂ තියෙන්න ඕන. ලෝකෙ වැඩිම ලෙඩ ගොඩක් තියනව ලංකාවෙ මිනිස්සුන්ට. උඹ ලංකාවෙ එකෙක් එක්ක ගත්තාම ශක්තියත් වැඩියි අනිත් රටවල මිනිස්සුන්ට. අනික ලෝකෙ වැඩිම ආයුෂ තියෙන්නෙ ජපන් කාන්තාවන්ට. ජපානෙ කියන්නෙ ආගමක් අදහනව කියන එක ලැජ්ජාවට කාරණයක් විදිහට සලකන රටක්.

    machn uba gen deyk ahnn one dengnn.ub jeewath weddi monawidiyt anuwd jeewath wenne.onam deyk ub krnwd kemathi kemathi widiht?neethiyt anuw jeewath wennat puluwn.ehem nethuw onenm ewa maga herl jeewt wennath puluwnne.ub ehemd jeewath wenne.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මානව ඉතිහාසය තුළ උපන් සියලු ආගමික චින්තාවෝ ප්‍රධාන වශයෙන් දෙයාකාර වෙති. ඒ දේවවාදී හා අදේවවාදී යනුවෙනි. විශ්ව නිර්මාතෘ සර්වබලධාරී දෙවියකු, ඊශ්වරයකු කේන්ද්‍රකොටගෙන දේව ධර්මය යන සිරස්තලයෙන් ජීවිතයත් ලෝකයත් අරභයා කරුණු දක්වනුයේ දේවවාදී ආගමික චින්තාවන් තුළය. එබඳු දෙවියකු බ්‍රහ්මයකු ඊශ්වරයකු කේන්ද්‍රකොට නොගෙන කිසියම් ආචාර්යවරයකු, ශාස්තෘවරයකු විසින් ප්‍රකාශිත ධර්මය අනුව ජීවිතය, ලෝකය පිළිබඳ කරුණු දක්වනු ලබන්නේ අදේවවාදී ආගමික චින්තාවන් තුළය.

    අප ජීවත්වන මේ පෘථිවියත් අප වටා ඇති අනන්ත වූ විශ්වයත් පිළිබඳ මැවීම, ඊශ්වර නිර්මාණය අනුව කරුණු දැක්වීම දේවවාදී ආගම්වල දක්නට ලැබේ. බුදුදහම අදේවවාදීය. ජීවිතයත් ලෝකයත් එහිලා විවරණය කරනුයේ සංඛත ධර්ම නම් වූ මානව අත්දැකීම් මත හසුවන යථාර්ථය කේන්ද්‍ර කොටගෙනය. හේතු ප්‍රත්‍ය ඇති කල ඇති වන, හේතු ප්‍රත්‍ය නැති කල නැති වන, ආධ්‍යාත්මික වූත් භෞතික වූත් මූල සාධකයෝ සංඛත ධර්ම, එනම් සංස්කාර ධර්ම නම් වෙති. එකී ධර්ම සියල්ල අනිත්‍යය, විපරිණාමීය, පෙරැළෙන සුළුය. එබැවින් දුක් සහිතය; අසාරය; අතෘප්තිකරය; අපරිපූර්ණය; එබැවින් අනාත්මය. මගේය, මම වෙමි, මගේ ආත්මය යැයි සලකාගත නොහැකිය යනු බුද්ධ වචනයයි. සත්වයා, ලෝකය යන සම්මුති ව්‍යවහාරයන්ගෙන් අර්ථවත් කෙරෙනුයේ අන් කිසිවක් නොව ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් බුදුදහම විසින් හඳුන්වනු ලබන හේතු ප්‍රත්‍යාකාරයෙන් යුත් අනිත්‍යාදී ලක්ෂණ ඇති සංඛත ධර්මයන්ගේ සමවායයි; සංයෝගයයි. එකී ධර්මයන්ගේ අන්‍යෝන්‍ය උපකාරයෙන් යුත් සක්‍රීයත්වයයි. සචේතනික වූත් අචේතනික වූත් සජීවී, අජීවී, බාහිර, අභ්‍යන්තර සියල්ල සංඛත ධර්ම සමවායක්, සංයෝගයක් ලෙස බුදුසමය දක්වයි. විශ්වයද එසේය. එයද සංඛත ධර්ම හෙවත් හේතු ප්‍රත්‍යාකාරය, එනම් හේතු ඵල ධර්මය අනුව ඇතිවන, නැතිවන මූල සාධක සංයෝගයකි. එකී මූල සාධකයෝ, අන්‍යෝන්‍ය උපකාරිත්වයෙන්, අන්‍යෝන්‍ය සාපේක්‍ෂකත්වයෙන්, අන්‍යෝන්‍ය බලපෑමෙන් පවතිත්. එසේම එම මූල සාධක සියල්ල අනිත්‍යය, දුකය, අනාත්මය. මේ වූකලී බුදුදහමෙහි කේන්ද්‍රීය ඉගැන්වීමයි.

    බුදුවරයකු ලොව පහළවන්නේ චතුරාර්ය සත්‍යය දේශනා කිරීමට ය. එනම් ජාතිය ( ඉපදීම, ස්කන්ධ ධාතු ආයතනාදීන්ගේ පහළවීම), ජරාව ( දිරා යෑම, මහලුවීම, පැසීයාම), ව්‍යාධිය ( ලෙඩවීම, අනේකාකාරවූ ව්‍යාධීන්ට ගොදුරු වීම), මරණය ( ස්කන්ධාදීන්ගේ බිදීයෑම ) ආදි වශයෙන් අර්ථවත් කෙරෙන අසාර වූ අතෘප්තිකර වූ ස්වභාව හෙවත් දුකත්, එකී දුකට හේතුව එහි හටගැනීම එනම් දුක්ඛ සමුදය නම් වූ සත්ව සන්තානගත නොනිමි තෘෂ්ණාවත්, එකී දුක්ඛ නිරෝධය හෙවත් දුක නැතිකරලීම නම් වූ නිවනත්, දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව යැයි කියන ලද දුකින් මිදීමේ මඟ එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයත් හෙළිදරව් කරනු පිණිසය. වෙනත් වචනවලින් කියතොත් බුදුදහමෙහි මූලික අරමුණ වන්නේ භෞතික විශ්වය, එහි ආරම්භය හෝ විනාශය පිළිබඳ විස්තර කිරීම නොවේ. මානව සත්වයාට අදාළ මිනිස් ජීවිතය ඉදිරියේ ඇති වඩාත්ම මූලික වූ මහා ගැටලුව වන අසාර අතෘප්තිකර බව හෙවත් දුක පිළිබඳ අවදිකමක් අවබෝධයක් ඇතිකරලීමත්, එකී සංසාර දුකින් අත්මිදීමේ මාර්ගය පෙන්වා දීමත්ය. එහෙත් ඊට අතිරේක වශයෙන්, අවශ්‍ය අවස්ථාවලදී විශ්වයේ ආරම්භය, සංයුතිය, පැවැත්ම හා විනාශය පිළිබඳවද බුදුරජාණන් වහන්සේ යම් යම් කරුණු ප්‍රකාශ කළ සේක.

    හේතුඵල සම්බන්ධය අනුව, බොහෝ කාලයෙක ඇවෑමෙන් ලෝකය හැකිළෙන බවද ( සංවට්ටමාන) නැවත බොහෝ කාලයකින් කිසියම් සමයෙක ලෝකය දිග හැරෙන ( විවට්ටමාන) බවද බෞද්ධ සූත්‍රවල සඳහන් වෙයි. මෙකී හැකිළීම මෙන්ම දිග හැරීමද වඩාත් පුළුල් අර්ථයකින් තේරුම්ගත යුතුය. එය එකී වචනවල මූලිකාර්ථය ඉක්මවා යන සංසිද්ධියකි. භෞතික ලෝකය යනු සක්වළ සමූහයෙකි. දස දහසක් සක්වළ යන්න ඉතා ප්‍රකට ව්‍යවහාරයක් වේ. සක්වළක් යනු සඳ හිරු දෙදෙනකු බැබළෙන ලෝකයකි. චූලනිකා සහස්සී ලෝක ධාතුවෙහි එබඳු සක්වළ දහසෙකි. එබදු ලෝක ධාතු දහසක් එක් වී ද්වී සහස්සී මජ්ඣමිකා ලෝක ධාතුව සෑදෙයි. එබඳු ලෝකධාතු දහසක් එකතු වී තිසහස්සී මහා සහස්සී ලෝකධාතුව සෑදෙයි. එහි කෝටි ලක්‍ෂයක් සක්වළ ඇත. බුදුරදුන්ගේ ප්‍රථම ධර්මදේශනාව ලෙස සැලකෙන දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කළ අවස්ථාවේ මේ දස දහසක් සක්වල කම්පා වූ බව සඳහන්ය. අභිභූ නම් රහතන් වහන්සේ ගාථා දේශනා කළ හඬ සහස්සී ලෝක ධාතුවට ඇසුණේය යනු තවත් සඳහනකි. මෙසේ ලෝක ධාතු හා සක්වළ පිළිබඳව යම් තොරතුරු බෞද්ධ මූල ග්‍රන්ථ තුළ ඇතැම් තැනෙක හමුවෙයි.

    සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව, අස්ථිර බව, සදාකාලික නොවන බව බුදුරජාණන් වහන්සේ නොයෙක් තැන නොයෙක් අයුරින් පෙන්වා දී ඇත. එකී අනිත්‍ය ස්වභාව දැන දැක සියලු සංස්කාර ධර්මයන් පිළිබඳ නිර්වේදය ඇති කිරීම ( කලකිරීම ඇති කිරීම ), විරාගය ඉපදවීම ( නො ඇල්ම ඇතිකර ගැන්ම), එසේ විමුක්තිය එනම් සියලු සංස්කාර ධර්මයන්ගෙන් අත්මිදීම නම් වූ නිවනට ළඟාවීම පිළිබඳ බුදු රදුන් දේශනා කළ ප්‍රකට දේශනාවක් වන්නේ අංගුත්තර නිකායේ සත්ත සුරියුග්ගමන සූත්‍රයයි. එහිදී ද භෞතික ලෝකය සංස්කාර සංයෝගයක්, සංස්කාර පුංජයක් ලෙස සලකාගෙන තිබේ. එහිදී එකී සංස්කාර ධර්මයන්ද අනිත්‍ය, අස්ථිර බව පෙන්වා දී ඇත. ඒ අනුව එහිලා කලකිරීම ද නො ඇල්ම ද වැඩීමෙන්, අත්මිදීම උදාකරගත යුතු බව එහි දැක්වෙයි.

    " මහණෙනි, මෙබඳු කාලයක් වන්නේමය. බොහෝ අවුරුදු ගණනකින්, බොහෝ අවුරුදු සිය ගණනකින්, බොහෝ අවුරුදු දහස් ගණනකින්, බොහෝ අවුරුදු ලක්‍ෂ ගණනකින්, වර්ෂාව නොවසියි. මහණෙනි, වර්ෂාව නොවස්නා කල්හි යමි ඇට වර්ග ගස් වැල් ඖෂධ ජාති හා වන ප්‍රදේශයෝ ඇද්ද, ඒ සියල්ල වියලී යත්. නොපැළවෙත්.

    මහණෙනි, කවර කලෙක හෝ දීර්ඝ කාලයක් ඇවෑමෙන් දෙවෙනි සූර්‍යයයෙකුගේ පහළ විම සිදුවෙයි. දෙවෙනි සුය්ර්‍යයා පහළ වීමෙන් කුඩා ඇල, දොළ, වළවල් ඇද්ද, ඒවා සි‍ඳෙත්. වියලී යත්. නොවෙත්.

    කවර කාලයෙක හෝ දීඝෟ කාලයක් ඇවෑමෙන් තුන්වෙනි සූර්‍යයෙකු පහළ වෙයි, තුන්වෙනි සුර්‍යයා පහළ වීමෙන් ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මහා ගංගා වෙද්ද, මේ ගංගාවෝ වියලී යත්. සි‍ඳෙත්. නොවෙත්.

    මහණෙනි, කවර කාලයෙක හෝ දිර්ඝ කාලයක් ඇවෑමෙන් සතරවෙනි සූර්‍යයා පහළ වෙද, එබඳු කාලයක් වේමය. මහණෙනි, සතරවෙනි සුර්‍යයාගේ පහළ වීමෙන් යමි තැන්වලින් මේ මහා ගංගා ඇතිවන්නාහු නමි, ඊට හේතු වන මහා විල් වෙද්ද, එනමි, අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, ඡුද්දන්ත, මන්දාකිනී යන විල්හු වියලෙත්. සි‍ඳෙත්. නොවෙත්.

    මහණෙනි, කවර කාලයෙක හෝ දීර්ඝ කාලයක් ඇවෑමෙන් පස්වෙනි සූර්‍යයා පහළ වෙද, එබදු කාලයක් ද වෙමය. පස්වෙනි සුර්‍යයා පහළ වීමෙන් යොදුන් සියයකින් මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. යොදුන් දෙසියකින් මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. යොදුන් තුන්සියයකින් හෝ සාරසියයකින් හෝ පන්සියයකින් හෝ හයසියයකින් හෝ සත්සියයකින් හෝ මහා සමුද්‍රයේහි ජලය පහළට බසිත්. සත්තලක් (තල් ගස් සතක උසට) හෝ මහා සමුද්‍රයේහි ජලය ඉතිරි වෙයි. සය තලක් හෝ, පස් තලක් හෝ, සිවු තලක් හෝ, තුන් තලක් හෝ, දෙතලක් හෝ, එක තලක් පමණ හෝ මහා සමුද්‍රයේහි ජලය ඉතිරි වෙයි. මහා සමුද්‍රයේහි සප්ත පුරුෂ ප්‍රමාණ (පුරැෂයන් සතකගේ උසට) ජලය ඉතිරි වෙයි. පුරුෂ ප්‍රමාණ සයක් පමණ, පසක් පමණ, සතරක් පමණ, තුනක් පමණ, දෙකක් පමණ, එකක් පමණ, අර්ධ පුරුෂ ප්‍රමාණයක් හෝ කටිය පමණ, දණ පමණ, ගොප් ඇටය පමණ, ජල යටට බැස ගනියි. මහණෙනි, සරත් කාලයෙහි යමි සේ ලොකු වැහි බින්දු ඇති වර්ෂාව වසින කල්හි ඒ ඒ තැන්වල ගොන් කුරයන්හි පමණ ජලය සිටියේ වුවද, මහනෙනි, පස්වෙනි සූර්‍යාගේ පහළවීමෙන් ඇගිලි පුරුකක් තෙමෙන පමණකුදු සමුද්‍රයේහි ජලය නොවෙයි.

    ඒ දීර්ඝ කාලයක ඇවෑමෙන් සවෙනි සූර්‍යයා පහළවෙද, මහණෙනි, එබදු කාලයක් වෙමය. මහණෙනි, සවෙනි සූර්‍යයාගේ පහළවීමෙන් මෙ මහා පෘථුවියද, මෙරු පර්වත රාජයාද දුමි නගත්. විශෙෂයෙන් දුමි නගත්. මනාකොට දුමි නගත්. මහණෙනි, යමි සේ කුඹල්කරුවාගේ වලං ඇසුරූ පෝරණුව මැටි ආලේප කළ පසුව පළමු පළමුව දිමි දමාද, මහණෙනි, එසේම, සවෙනි සූර්‍යයාගේ පහළවීමෙන් මෙ මහා පෘථිවියද, මෙරු පර්වත රාජයාද දුමි නගත්. විශෙෂයෙන් දුමි නගත්..

    මහණෙනි, කිසියමි දීර්ඝ කාලයක ඇවෑමෙන් සත්වෙනි සූර්‍යයා පහළවෙද, මහණෙනි, එබඳු දීර්ඝ කාලයක් වෙමය. සත්වෙනි සූර්‍යයා පහළවීමෙන් මෙ මහා පෘථිවියද, මෙරු පර්වතයද ඇවිලෙයි. දැල්වෙයි. එකම ගිනි ජාලාවක් වෙයි. මෙ මහා පෘථුවියේද, මෙරු පර්වත රාජයාගේද, දැල්වෙන්නාවූ, ගිනි ගන්නාවු ඒ ගින්න වාතයෙන් විසුරුවන ලද්දේ බ්‍රහ්ම ලෝකය දක්වාද යයි. මහණෙනි, මෙරු පර්වතයේද, මෙ මහා පෘථුවියේද, දවනු ලබන, ඩැහැගෙන තිබෙන්නාවූ, විනාශ වන්නාවූ, මහත්වූ ගිනි කදින් මඩනා ලද, යොදුන් සියයක් පමණවූ ගල් කුඵ බිදි විනාශ වෙත්. දෙසියයක් යොදුන් පමණවූ ගල් කුඵ බිඳි විනාශ වෙත්. සාරසියයක් යොදුන් පමණ, පන්සියයක් යොදුන් පමණ ගල් කුඵ බිඳි විනාශ වෙත්. දවනු ලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මෙරු පර්වතයෙහිද, මෙ මහා පෘථිවියෙහිද අඵ නොපෙණෙයි. දැලි නොපෙණෙයි. මහණෙනි, ගිතෙල් හෝ තලතෙල් හෝ දවනකල්හි ගින්නෙන් ඩැහැගත් කල්හි යම්සේ අඵ නොපෙණේද, දැලි නොපෙණේද, මහණෙනි, දවනුලබන ගින්නෙන් ඩැහැගෙන තිබෙන මෙ මහා පෘථිවියේද, මෙරු පර්වතයේද, අඵ නොපෙණෙයි. දැලි නොපෙණෙයි.

    මහණෙනි, මෙසේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යය, අස්ථිරයහ, සදාකාලික නොවන්නෝය. ( එබැවින් ) සියලු සංස්කාර ධර්මයන්හි කලකිරීම සුදුසුය. නොඇල්මම සුදුසුය. මිදීමමැ සුදුසුය.”

    ‘ලෝක’ ශබ්දය බුදුදහමෙහි විවිධාකාරයෙන් අර්ථකථනය කෙරේ. ස්කන්ධ වශයෙන් පහකටද, ධාතු වශයෙන් සයකටද, ආයතන වශයෙන් දොළහකටද තවත් නොයෙක් ආකාරයෙන්ද විශ්ලේෂණය, විභජනය කොට දක්වා ඇති නාම රූප ධර්මයෝද ලෝක නම් වෙති. එම ධර්මයන් ලුජ්ජන ( වැනසෙන), පලුජ්ජන ( පළුදුවන) ලක්‍ෂණයෙන් එනම් අනිත්‍ය ස්වභාවයෙන් යුක්තය. එබැවින් ලෝක නම් වේ. භෞතික ලෝකය ද ඇතුළත් ලෝක නම් වූ මෙකී ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යැයි අසන, බුදුබණ නොදන්නා පුද්ගලයා අසහනයට පත්වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. අනාත්මය යනු මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේය යන්නය. ( නෙතං මම, නෙසො හමස්මි, නෙසො මෙ අත්තා’ති.) ලෝකය අනිත්‍ය, විනාශ වන්නේය, එබැවින් දුක් සහිතය, අනාත්ම යැයි අසා තැති ගන්නා හෙතෙම ‘මට ධන ලාභයෙක් විය. දැන් එය නැත. මට ලැබෙන්නට ඇති ධනයද නොලැබේ යැ’ යි ශෝක කරයි; ක්ලාන්ත වෙයි ; වැළැපෙයි; හඬයි; මුළාවෙයි. එහෙත් බුදුබණ දන්නා, ඇති තතු දක්නා තැනැත්තේ එසේ ලෝක ධර්මයන් වැනසේ යැයිද දුක් සහිත යැයි ද මගේ යැයි සැලකිය නොහැක්කේ යැයි ද දනී හෙතෙම ශෝක නොවේ. ක්ලාන්ත නොවේ. නොවැළැපේ; නොහඬයි; මුලා නොවේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1684320
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මාරයා යනු කවරෙක්ද? මාර බලවේගය යනු කුමක්ද? මේවා හුදෙක් සංකල්ප පමණක්ද? අප තථාගතයන් වහන්සේ මාර පරාජය කළේ කෙසේද?
    උන් වහන්සේ මාරයා අමතා කතාබස් කළාද? නැතිනම් මේ සියල්ල බුදුරජාණන් වහන්සේගේ මනසේ උපන් සංකීර්ණතාවක් පමණක්ද?
    මෙවැනි ගැටලු රැසකට ධර්මානුකූල විසඳුම් ලබාගනු පිණිස මෙවරද අපි අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සමඟ සදහම් පිළිසඳරට එක්වෙමු.



    ගෞරවනීය ස්වාමීන්වහන්ස, ධර්මය කියවන අසන හැමවිටකම මාරයා පිළිබඳ අදහසක් අපට දැකගත හැකියි.
    මෙය බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ බල අතිශයෝක්තියට නගන හුදෙක් භක්ති වර්ධනය පිණිස කෙරෙන විස්තර කිරීමක් ලෙස බොහෝ අය සිතනවා.
    මේ තත්ත්වය ධර්මානුකූලව දැකිය හැක්කේ කෙසේද?


    "බෞද්ධ සාහිත්‍යයේ සඳහන් මාර සංකල්පය" යන යෙදුම අප බොහෝ අවස්තාවල දැක තිබෙනවා. මෙපමණක් නොවේ "ත්‍රිපිටක සාහිත්‍යය" යන යෙදුමත් අපට හමුවෙනවා.
    මෙය හරියටම යම් යම් ලේඛක සමූහයක් විසින් මනඃකල්පිතව ගොඩනගන ලද යම් නිර්මාණයක් වගේ දෙයක් ලෙසයි ඉන් අදහස් වන්නේ. එහෙත් මෙය කිසිවෙකු විසින් ගොඩනගන ලද සන්දර්භයක් නොවේ.
    ධර්මය තුල ප්‍රායෝගිකව සත්‍ය වූ දේ සාහිත්‍යය යන වචනයත් සමග විග්‍රහ කලහොත් එය මුලාවක් පමණයි.
    මනුෂ්‍යයන්ගේ සිත්හි ඇතිවන යම් යම් පවිටු හැඟීම් ඉස්මතු කිරීම පිණිස නිර්මාණය වූ වාග් ප්‍රයෝගයක් යන්න "මාර සංකල්පය" යන්න ඉදිරිපත් වී තිබෙනවා.
    ඒත් බුද්ධ භාෂිතය පැහැදිලිවම අධ්‍යයනය කළ විට පෙනෙනවා අපට සිතා ගැනීමටවත් බැරිතරන් අතීත සිදුවීම් උන් වහන්සේ බුදු නුවණින් විමසමින් පෙන්වා දෙන හැටි.
    උන්වහන්සේ ඒවා විස්තර කරන්නේ කල්ප ගණන් වලින්. මේ කල්ප වර්ෂවලින් විස්තර කළ නොහැකියි. මෙවැනි විස්තර කිරීම් මෙයට වර්ෂ දෙතුන්සීයක පටන් දියුණු කරන ලද සාමාන්‍ය මනුෂ්‍යයින් ගේ උපකරණ ඔස්සේ මැනීමට බැරි දෙයක්.


    උන්වහන්සේ ගේ සම්බුද්ධත්වය වුවත් පොදුවේ වෙනත් කිසිවෙකුට ප්‍රාර්ථනාවකින් ලද නොහැකි, ගලපා ගත නොහැකි දෙයක්.
    ඒ නිසයි කිසිම කෙනෙකුට බුදු බව පතන්නට උනන්දු කරවන්න එකම බුද්ධ දේශනාවක්වත් නැත්තේ. උන්වහන්සේ හැම විටම උනන්දු කර තිබෙන්නේ ශ්‍රාවකයකු වීමටමයි.
    ඒත් උන්වහන්සේ වෙනත් බුදුවරුන් ගැන විස්තර දේශනා කරනවා පධාන සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරනවා මීට අනූ එක් කල්පයකට පෙර විපස්සී බුදුන්ගේ පහල වීම ගැන.
    එසේම එකල මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80 000 ව පැවති ආකාරය ආදිය ගැන. මේ මහා භද්‍රකල්පයේ පහලවූ බුදුවරුන් ආදී විස්තර උන්වහන්සේ අතැඹුලක් සේ විස්තර කරනවා.
    වර්තමානයේ මුළු ලෝකයාම මහා ඉහළින් කතා කරන විද්‍යාත්මක ගවේෂණ ඔස්සේ මේ ගැන කල්පනා කරනවානම් මේ කිසිවක් අපට තේරුම් ගත නොහැකි වෙනවා නියතයි.

    බුදුවරුන් අසමසම බවත් උන්වහන්සේ දේශනා කලා. බුදු කෙනෙකු හැම විටම වෙනත් කිසිවෙකුට සමාන නැහැ. එබැවින් අසමසමයි. එසේම ඒ බුදු කෙනා තවත් එවැනිම බුදු කෙනෙකුට පමණක් සමානයි.
    එබැවින් මේ බුදුවරුන් අසමසමයි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ පැහැදිලි ලෙසම දේශනා කර තිබෙනවා
    " මහණෙනි, මෙලොව මාර බලය තරමට දුකසේ මැඬලිය යුතු වෙනත් බලයක් බුදු ඇසට නොපෙනේ" කියා.
    මෙය අඩංගු වන්නේ චක්කවත්ති සීහනාද සූත්‍රයේයි.
    "එසේම මහණෙනි, අදිපති බව දරන්නවුන් අතුරින් මාරයාම අග්‍රවේ."
    මෙවැනි දේශනා විමසීමේදී පැහැදිලි ලෙසම පෙනෙනවා මාරයා යනු සංකල්පයක් නොවන බව.


    තවත් සමහරු අදහස් කරන්නේ මාරයා ලෙස හඳුන්වා දී තිබෙන්නේ උන්වහන්සේගේ මනසේ ඇතිවූ ව්‍යාකූලතාවන් ලෙසයි?


    මේ මුළුමනින්ම උන්වහන්සේ ගේ සම්බුද්ධත්වය පිලිබඳ නොදැනීම නිසාම දරන අදහසක්. මාරයා පිලිබඳ අප කතාබහ කළ යුත්තේම සම්බුද්ධත්වය ඔස්සේයි.
    සම්බුද්ධත්වය සමග අවියෝජනීය සබඳතාවක් මාරයාට තිබෙනවා. සුත්ත නිපාතයේ එක් සූත්‍රයකදී විස්තර වෙනවා උන්වහන්සේ නේරංජනා ගං තෙර අසල අතිශය දුබලව වැතිර සිටින විට (මීට හේතුව උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියාව මේ වන විට කූටප්‍රාප්තියට පැමිණ තිබීමයි.)
    මාරයා උන්වහන්සේ හමුවට පැමිණ ඍජුවම කතාබස් කරන ආකාරය. මාර ග්‍රහණයෙන් නිදහස් වීමේ ඇති අති දුෂ්කරතාව මාරයා පෙන්වා දෙනවා.
    "මේ සංසාරයෙන් එතෙර වන්නට සිතන්නවත් එපා. එය කල නොහැක්කක්මයි." කියා මාරයා කියා තිබෙනවා. මෙසේ පවසන මාරයා උන්වහන්සේට යෝජනා කරන්නේ කුමක්ද?
    "නිරර්ථක යමක නිරත නොවී ඔබ පින් කරන්න" යන්නයි.
    මෙවිට අප මහා බෝසතාණන් වහන්සේ මාරයාට මෙසේ ප්‍රකාශ කළා.
    "මාරය, මට නුඹ ඔය කියන ආකාරයේ පිනෙන් ඵලක් නැහැ. එම නිසා මාරය, මේ කෙලෙසුන් පරදවාලන යුද්දයේ දී කෙලෙසුන්ගෙන් පැරදී ජීවත් වනවාට වඩා කෙලෙසුන් ප්‍රහාණය සඳහා සමත් කොට මියැදීමට මම වඩාත් කැමති වෙමි."
    මෙන්නෙ මේ සූත්‍ර දේශනා අවස්ථාවේදී අප තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා විමුක්ති සාධනය පිණිස කැපවූ පුද්ගලයා යළි භව ගමනෙහිම රඳවා තැබීම පිණිස මාරයා විසින් යොදනු ලබන උපක්‍රම ගැන.


    මාර සේනාව යනු ඒවාද?


    ඒවා තමයි. මාර සේනාව ලෙස දක්වා තිබෙන්නේ ක්ලේශ බන්ධනයට සමත් වන දේ. මේ සියල්ල හසුරවන බාහිර බලවේගය නම් මාරයායි.
    මෙන්න මේ කාරණාව නිවැරදිව හඳුනා නොගැනීම මාරයා යනු සංකල්පයක් පමණක්ය යන අදහසට එළැඹීමට එක් හේතුවක්. මාර සේනාව යනු කුමක්ද?
    "මාරය නුඹගේ ප්‍රථම සේනාව කාමයයි."
    මෙයින් අදහස් වන්නේ ප්‍රයමනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාමයයි.
    "මේ ප්‍රථම සේනාව තුළ නුඹ ලෝකයා රඳවා තබනවා නොවේද?"
    මාරයාව අමතමින් බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර තිබෙනෙවා. යම්කිසි කෙනෙකු මේ ප්‍රථම මාර සේනාව අත්හැර තමා තියුණු වන විට විමුක්ති සාධනය පිණිස සකස් වන විට ඔහුටම ඒ පිළිබඳ එපා වීමක් ඇති වේ.
    ධර්ම මාර්ගයට පිවිසීමට හිත නොදීම මෙහිදී සිදුවෙනවා. මෙය අරතීයයි.
    මාරයා සිය ප්‍රථම සේනාව මෙහෙයවා එයින් නවතින්නේ නැහැ. එය ඉක්මවා විරාගීචරණයේ යෙදෙන කිසිවෙකු ඇද්ද, එවිට ඒ පුද්ගලයාට අරතියෙන් පහර වැදෙනවා. ඔහුව මාරයා විසින් එපා වීමෙහි යොදවනු ලබනවා.
    විරාගයෙන් ලැබෙන යම් සතුටක් ඇද්ද එය නැතිකර දැමීමෙන් ධර්ම මාර්ගයේ යෙදීමට එපා කරවීම මෙහිදී දැකගත හැකියි. චිත්ත විවේකය නැති කොට සිත අවුල් කර දමා අදාළ ප්‍රීතිය නැති කළ විට නැවතත් ඒ කාම සිතිවිලි පිවිසෙනවා.
    මෙවිට මාරයා ජය ගන්නවා අරතිය ද මැඬ කිසිවකු ඉදිරියට යන්නේ නම් පිපාසාවෙන් සහ කුසගින්නෙන් ඒ පුද්ගලයාට පහර වදිනවා. පිපාසාවෙන් හෝ කුසගින්නේ සිටීමට මේ පුද්ගලයා යෙදවීම මේ ක්‍රමයයි.
    නීරස ආහාරපාන ආදිය දිගින් දිගටම ලැබෙන්නට සලස්වනවා. මෙවිට මෙවැනි අයකු රස සොයා යනවා. ප්‍රණීත ආහාර පිණිස අපේක්ෂාවක් ඔහු ගොඩනගා ගන්නවා. මෙයිනුත් මාරයාගේ උපක්‍රමය ජය ගන්නවා.
    මීළඟ කාරනාව තෘෂ්ණාවයි. චීවර, පින්ඩපාත, සේනාසන, බේත්හේත් ආදිය කෙරෙහි පුද්ගලයා බැඳ දමනවා. වස්ත්‍ර, ආහාර, ගෘහ, ඖෂධ ආදිය කෙරෙහි ලොල් බව ඇතිවීම මෙයයි.
    බොහෝ අය ධර්ම මාර්ගයේ හැසිරෙනවායි සිතමින් යම් යම් ස්ථාන සෑදීමට හෝ ඖෂධ ගවේෂණය ආදියට යොමු වීම මෙයයි. මාරයා සිය පරිවාර සේනාව විවිධාකාරයෙන් භාවිත කරන ආකාරයයි මෙයින් අපට පෙනෙන්නේ.
    පස්වැනි මාර සේනාව නම් නිදිමතයි. යෝගියෙකුට නිදිමත හා අලස බව පැමිණි විට ඔහුට වෙනත් කිසිවක් කළ නොහැකි වෙනවා. කායික මානසික අකර්මණ්‍ය බවම ඇති වී නින්දට ම රුකුලක් යෙදෙනව. මේ ස්වභාවය මාරයා ඉතා හොඳින් භාවිතා කරන්නක්.
    මීළඟට සිදුවන්නේ බියජනක අරමුණු සිතේ ජනිත වීමයි. භයානක ශබ්ද, පිළිකුල් සහගත දුර්ගන්ධ, ස්වප්න ඔස්සේ බිය වීම ආදිය මෙයයි. මෙයින් ඔහු බියෙන් සලිත වූ පුද්ගලයෙක් බවට පත්වේ. මෙයින් පසු මේ පුද්ගලයා අතින් ධර්ම මාර්ගය ඉබේම මගහැරී යයි.
    මීලඟට සැකය ඉපදවීම මාරයාගේ ක්‍රමයයි. තමන්ගේ ධර්ම මාර්ගයේ යෙදෙන වැඩපිළිවෙළ ගැන අනියත සැකයකින් මේ පුද්ගලයා එතැන් පටන් පෙළෙන්නට පටන් ගන්නවා.
    කොහේද මාර්ගඵල ලාභීන් ඉන්නේ, කෝ ඔය කියන රහතන් වහන්සේලා ආදී වශයෙන් ප්‍රශ්න කරන අය මොන තරම් අපට පෙනෙනවා ද? මේ සියල්ල මාර සේනාවයි. බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍ය ආදියෙන් රැස් විහිදීම ආදිය පවා සැක කරන අය කෙතරම් ද?
    අටවැන්න ගුණමකු බවයි. අනුන්ගේ ගුණ ඇසෙන සැම විට ඒ ගුණ මකනු පිණිස නුගුණක් ඉස්මතු කර පෙන්වීමයි. තම්බ යන්නත් එවැන්නක්. එහි අදහස දැඩි බවයි. එනම් කෙතරම් නිවැරදි මත ඉදිරිපත් කළත් නොනැමී සිටීමයි.
    තමන්ගේ මතයම අල්ලගෙන සාධාරණ මතය පෙනි පෙනීත් නොවෙනස් වන අය මොනතරම්ද? මෙයට හේතුව මාන්නයයි. මේවා පැහැදිලි ලෙසම මාර සේනාවයි.
    මීළඟ මාර සේනාව නම් තමන් යෙදී සිටින මිථ්‍යා වැඩපිළිවෙළ තුළ තමාට ලැබෙන ලාභ, සම්මාන, කීර්ති, ප්‍රශංසා ආදියයි. තමා හුව දැක්වීමත් අනුන් හෙළා දැකීමත් මේ අනුව මාරයා භාවිතා කරන උපක්‍රමයයි.
    යහපත් කරුණු මත යම් සිල්වත් අයකු ප්‍රසිද්ධියට පත් වූ විට අන් අය මේ පුද්ගලයා හෙළා දැකීම මේ නිසාමයි සිදුවන්නේ. අභූත චෝදනා ආදිය මෙවැනි පුද්ගලයෙකුට එරෙහිව කරන අය එසේ කරන්නේ මාරාවේශය නිසාමයි.
    මේන් අපට පෙනෙනවා මේ මාරාවේශය යනු දෙවි මිනිස් සත්ත්ව ප්‍රජාවම වසාගත් මහා බලවේගයක් බව. මේ බලවේගය සිඳ බිඳ දමමින් මනුෂ්‍යයාට යා නොහැකි තරම්. දැන් බලන්න බුද්ධ ශාසනය අතුරුදන් වුණොත් වුණාමයි.
    එය යමෙකුට යළි පුනර්ජීවනය කළ නොහැක්කක්. එය ඇත්තටම නැති වී යනවා. බලන්න බුදුන් පහල වූ දඹදිව අද වන විටවිමුක්ති ගවේෂණ පිණිස අභිනිෂ්ක්‍රමණය කර සිටින සාධුවරුන් ගේ සංඛ්‍යාව කෝටි පහක් වෙනවා.
    ඒ කියන්නේ ලක්ෂ 500ක පිරිසක් සිටිනවා ගිහි ජීවිතය අත්හළ. මෑතකදී කළ සංගණනයක ප්‍රතිඵලයි මේ. ඒ කියන්නේ ලංකාවේ ජනගහනය මෙන් දෙගුණයක් පමණ පිරිසක්. ඒත් ඒ කාටවත්ම විමුක්ති සාධනයේ සපලත්වයක් අත් කර හැනීමට බැහැ.
    ඇයි ඒ? මේ පිටුපස සිටින්නේ මාරයා නිසයි.


    මාරයාට විවිද වෙස් ගත හැකිද?


    අනිවාර්යයෙන්ම. මේ සඳහා හොඳ සිදුවීමක් ඉදිරිපත් කරන්නම්. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් සිටියා. මෙවිට එළිමහනේ අව් රශ්මියේ පාත්‍ර රැසක් තබා තිබුණා.
    එක්වරම ගවයෙක් පැමිණ මේ මැටි පාත්‍ර පොඩි කර දමන්නට වුණා. මේ හරියටම එතැන සිටි භික්ෂු පිරිසක් අවබෝධය පිණිස සකස් වෙමින් සිටි මොහොතයි. ඔවුන්ගේ සිත් ධර්මයට නැඹුරුව නීවරණ බැහැර එමින් පැවති බව මාරයාට වැටහුණා.
    මේ පිරිසක්ම සසරින් එතෙර වන්නට සූදානම් මොහොතක් බව දැක එයට ඇතිවුණු අකමැත්ත නිසයි මාරයා මෙතැනට ආවේ. මේ මැටි පාත්‍ර පොඩි කර දැමීමෙන් භික්ෂූන්ගේ සිත් සෙලවුණු බව දුටු අප තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළා.
    "මහණෙනි ඒ ගැන නොසිතන්න. එය මාරයාගේ ක්‍රියාවකි."
    මාරයාට පුළුවන් සතුන්ට ආවේශ වන්නට. ඒ වාගේම මිනිසුන්ටත් ආවේශ වන්නට මාරයාට හැකියාව තිබෙනවා. මේ අයුරින් ක්‍රෝධය, වෛරය, නුරුස්නා ගති සමාජයේ ප්‍රචලිත කරවන්නට පුළුවන්.
    මිනිසා ගේ සිත පුදුම තරමට විකෘති කරවන්නට මාරයාට පුළුවන්. මෙවිට මිනිසා ගේ ශ්‍රද්ධාවට හානි වී පිනට ඇති ආශාව හීනවී යනවා. ඉතින් අපට පෙනෙනවා මේ මාර බලවේගය මොන තරම් සිඳලිය නොහැකි අයුරේ බලවත් යමක් ද යන වග.


    .................................................. .................................................. .......................................

    සියලු දානයන් අතර ධර්ම දානය අග්‍රවේ..

    තෙරුවන් සරණයි. :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1716232
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    10842014_10152966075996934_1253973039595894240_o.jpg


    සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය

    එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය.

    “ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී.
    ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”

    “ආනන්‍දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති” යි වදාළ සේක.

    ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම දෙවනුවත් “ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී.
    ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”

    “ආනන්‍දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති” යි වදාළ සේක.

    තුන්වෙනුවත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම, “ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී.
    ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්‍ථ වන සේක්ද?”

    “ආනන්‍දය, තොප විසින් චක්‍රවාළ දහසක් වන චූළනී ලෝකධාතුව අසන ලද්දේද?” – “යමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරණ සේක් නම්, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කාලය වන්නේය.
    සුගතයන් වහන්ස, මේ ඊට කාලය වන්නේය. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහුය” යි කීය.

    “එසේ නම් ආනන්‍දය, අසව. කියන්නෙමි. ආනන්‍දය, සඳ, හිරු දෙදෙන යම් තාක් ප්‍රදේශයක ගමන් කරද්ද, බබලමින් සියලු දිශා ආලෝක කරද්ද, එබඳු දහසක් චක්‍රවාළ ලෝක වෙයිද, ඒ දහසක් චක්‍රවාළයන්හි
    සඳු දහසක් වෙයි. හිරු දහසක් වෙයි. දහසක් මේරු පර්‍වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගොයාන වෙයි. දහසක් උතුරුකුරු දිවයින් වෙයි. දහසක් පූර්‍වවිදෙහ වෙයි. මහා සමුද්‍ර සාර දහසක් ඇත. වරම් රජවරු සාර දහසක් වෙත්.
    චාතුර්මහාරාජික දෙව්ලෝ දහසකි. තව්තිසා දෙව්ලෝ දහසකි. යාම දෙව්ලෝ දහසකි, තුසිත දෙව්ලෝ දහසකි. නිර්‍මාණරතී දෙව්ලෝ දහසකි. පරනිර්මිත වසවර්ති දෙව්ලෝ දහසකි. ආනන්‍දය, මේ දහසක් සක්වලින් යුත් චූළනී ලෝක ධාතුවයයි කියනු ලැබේ.”

    “ආනන්‍දය, යම්තාක් සහශ්‍රී චූළනී ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණවූ ලෝකයක් වෙයිද, ආනන්‍දය, මෙය (චක්‍රවාළ දස ලක්‍ෂයක්වූ) ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවයයි කියනු ලැබේ.
    ආනන්‍දය, යම්තාක් ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණකළ කෙළ ලක්‍ෂයක් චක්‍රවාළ වෙයිද, ආනන්‍දය, මෙය ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව යයි කියනු ලැබේ.”

    “ආනන්‍දය, තථාගත තෙමේ කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුවද ශබ්දයෙන් අඟවන්නේය. අනාගත ලෝකධාතූන්ගෙන් හෝ යම් පමණ කැමතිවන්නේනම් ශබ්දයෙන් අඟවන්නේය.”

    “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව හෝ යම්තාක් කැමති නම් ඒතාක් හෝ ශබ්දයෙන් අඟවන්නේද?”

    “ආනන්‍දය, තථාගත තෙමේ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශරීරාලෝකයෙන් පතුරුවන්නේය. යම් විටක ඒ සත්ත්‍වයෝ ඒ ආලෝකය දැනගන්නාහු නම්, එකල්හි තථාගත තෙම කථා කරන්නේය. ශබ්දය අස්වන්නේය.
    ආනන්‍දය, මෙසේ තථාගත තෙම ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශබ්දයෙන් හඟවන්නේය. යම්තාක් කැමතිනම් ඒතාක් හඟවන්නේය.”

    මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට, “යම්බඳුවූ මාගේ ශාස්තෘන් වහන්සේ මෙසේ මහත් ඎද්ධි ඇති සේක. මෙසේ මහත් ආනුභාව ඇති සේක. මට ඒකාන්තයෙන් ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් මනාකොට ලබන ලද්දකි” යි කීය.

    මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිර තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට, “ආවැත් ආනන්‍දය, ඉදින් ඔබගේ ශාස්තෘන් වහන්සේ මහත් ඎද්ධි ඇති සේක් නම්, මහත් ආනුභාව ඇති සේක් නම්, එයින් ඔබට ඇති ප්‍රයෝජනය කිමදැ” යි කීය.

    මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට, “උදායි, එසේ නොකියව, උදායි, එසේ නොකියව,
    උදායි, ඉදින් ආනන්‍ද අවීතරාගීව (රාගය පහ නොකෙළෙක්ව) කාලක්‍රියා කරන්නෙක් වී නම්, ඒ සිත පැහැදීමෙන් සත් වරක් දෙව්ලොව දිව්‍ය රාජ්‍යය කරන්නේය. සත්වරක් දඹදිව මහා රාජ්‍යය කරන්නේය. උදායි, එහෙත් ආනන්‍ද තෙමේ මේ ආත්මයෙහිම පිරිනිවන් පාන්නේය” යි වදාළ සේක.

    [අංගුත්තර නිකාය, තික නිපාතය, දුතිය පණ්නාසකය, ආනන්ද වර්‍ගය,
    සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය.
    ]

    http://www.elakiri.com/forum/showthread.php?t=1706059
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව


    පසේනදී කෝසල කාම භෝගී රජෙකි. සැණකෙළියෙන් රජ මැඳුර නිතරම විචිත්‍ර වෙයි. බොහෝ සැණකෙළි දිනයන්හි රජු ස්වර්ණාභරණයෙන්, සැරැහූ පුණ්ඩරික හස්තියා පිට නැගී විනෝද චාරිකාවෙහි යෙදීම සිරිතකි. එවැනි සංචාරයන්හිදි ජනයාද අපමණ පීඩාවට පත් කෙරෙයි. එනම් රාජපුරුෂයෝ මාර්ග අවහිර දුරු කරන්නට මඟියන්ට පහර දී එළවා දමති. පීඩා ලද වැසියෝද සතුටින් රජු දෙස බලති.


    මෙසේ එක් දිනක් රජු සංචාරයෙහි යද්දී සත්මහල් ප්‍රාසාදයක ඉහළ තලයේ සිටි එක්තරා කාන්තාවක් කවුළුවක් හැර පහළ මාර්ගයේ යන රජු දෙස බැලුවාය. රජුද එවේලෙහි උඩ බැලුවේය. කාන්තාව වහාම හිස සඟවා ගනිමින් කවුළු දොර වසා දැමුවාය. එහෙත් රජු එය දුටුවේ පූර්ණ චන්ද්‍රයා වළා ගැබක සැඟවී ගියාක් මෙන්ය. රජුගේ සිත ඈ කෙරෙහි වසඟව ඇය දැකීමේ රාගයෙන් පෙළෙන්නට විය. කෙතරම් ද යත් ඇතුපිටින් වැටෙන්නාක් තරම් රජ සිත රාගයෙන් වසග විය.



    සංචාරය නැවතු රජතුමා වහාම නගරයට ප්‍රවේශ වී එක් විශ්වාසනීය අමාත්‍යයෙකු ගෙන්වා තමන්ගේ වුවමනාව කියා සිටියේය. ඇමැතිවරයා රජුගෙන් අසා සිටියේ තමා මේ වෙනුවෙන් කුමක් කළ යුතුද කියාය. එවිට රජතුමා කීවේ වහාම එම නිවසට ගොස් ඇය සස්වාමිකද අස්වාමිකද යන්න සොයා බලා එන ලෙසයි.
    ඔහු එහි ගොස් ඇය සස්වාමික බව දැන රජුට දැන්වීය. එවිට රජතුමා එම සැමියා මාලිගාවට කැඳවා ගෙන එන ලෙස අණ කළේය. ඇමැතිවරයා එම නිවසට ගොස් රජුගේ නියෝගය එම කාන්තාවගේ සැමියාට දැන්වීය.බියජනක අනතුරක සේයා දුටු මෙම අහිංසක සැමියා රජ අණ ප්‍රතික්‍ෂේප කළ නොහැකි හෙයින් භීතියෙන්ද ශෝකයෙන්ද රජ ගෙදරට පැමිණියේය.


    රජතුමා හමුවට පැමිණි මොහුට රජු අණ කළේ අදින් පසු මාලිගාවෙහි සේවය කරන ලෙසයි. එහෙත් මේ මිනිසා කියා සිටියේ දේවයිනි, මට රජ මැදුරේ සේවය අවශ්‍ය නැත. මා කරන සේවයෙන් ඔබතුමන්ට අයබද්දක් ගෙවන්නට පොරොන්දු වන බවය. එවැනි අය බද්දකින් තමන්ට ඇති ප්‍රයෝජනයක් නැති බවත් වහාම රජ මැදුරේ සේවය කළයුතු බවත් කියා ඊට අවශ්‍ය ආයුධ දී සේවයට පිටත් කරන්නැයි නියෝග කළේය. අනතුරුව එම පුරුෂයා මරණ භීතියෙන් යුතුව රජුට අප්‍රමාදීව මෙහෙවර ඉටු කළේය. රාජ දඬුවම් ලැබීමට හේතුවන කිසිදු වැරැද්දක් තමාගෙන් සිදුනොවීමට ඔහු වග බලා ගත්තේය.


    මේ අතර රජුගේ කාමදානය දිනෙන්දින වැඩිවන්නට වූ අතර මෙම මිනිසා මරා ඔහුගේ බිරිඳ මාලිගාවට ගෙන්වා ගැනීම පිණිස විවිධ සැලැසුම් පිළියෙළ කළේය. ඒ අතර එක් දිනක් රජතුමා මෙම මිනිසා කැඳවා මෙතැන් සිට යොදුන් සියයක් ගිය තැන නදියක් ඇති බවත් එහි ගොස් එයින් රන්වන් මැටි පිඩක්ද එහි පිපුණු කුමුදු හා උපුල් මල් ද රැගෙන තමා නාන වේලාවෙහි මංගල පොකුණට රැගෙන ආ යුතු බවට නියෝග කළේය. නිසි වේලාවට පැමිණිය නොහැකි වුවහොත් මරා දමන බවට ද තර්ජනය කළේය.


    කුමුදු, උපුල් හා අරුණුවන් මැටි කෙසේ ලබත්දැයි මරණ භයින් භීතියට පත් සේවකයා ශෝකයෙන් ගෙදරට ගොස් ඒ බව තම සොඳුරට ද කියා ඈ උයන ලද ආහාරයෙන් කොටසක් ඉක්මනින් අනුභවකොට ගමනට පිටත්ව යාමට අවශ්‍ය බව කීය. ඔහු තම ආහාර අනුභව කිරීමට පෙර මාර්ගයෙහි ගිය මගියෙකු හටද ආහාර දානයක් දුන්නේය. තවත් බත් මිටක් ගඟට දමා මාළුන්ට ආහාරවේවායි පැතීය. අවසන තමා කළ මේ පුණ්‍යකර්ම දෙකේ පින් අනුමෝදන් වන යම් දෙවිදේවතා කෙනෙකු වෙත්නම් ඒ පිනෙන් මා මෙම මරණයෙන් මුදා, කුමුදු උපුල් හා අරුණුවන් මැටි ගෙන්වා දෙන්නැයි තුන් වරක්ම ඉල්ලා සිටියේය. නදියට අධිගෘහිත නා රජුගේ මොහුගේ මේ හඬ අසා මහලු වෙසක්ගෙන එහි පැමිණ ඔහුගේ අරමුණූ ඉටු කර දුන්නේය.


    මේ අතර දුෂ්ට රජු කළේ කල්වේලා ඇතිවම දොර වස්වා යතුරු තමා වෙතට ගෙන්වා ගත්තේය. මිනිසා දොරටු පාලයා වෙත ගොස් දොර අරවා ගන්නට උත්සාහ කළද එය ව්‍යර්ථ වී ගියේය. නිසැකයෙන්ම තමා මරන්නට කළ උපායක් බව දැනගත් ඒ මිනිසා වාසල් දොරේ උළුවස්ස මත මැටි පිඩ තබා ඒ මත මල්ගසා සියලු නගරවාසීනට ඇසෙන සේ තමා රාජ අණ ඉටු කළ බව දැන ගන්නැයි’යි කෑ ගසා කියා සිටියේය. අනතුරුව යා යුතු මගක් නොදැන පන්සලට ගොස් අසරණයෙකු සේ නිදා ගත්තේය .


    රජුගේ කාමගින්න ක්‍රමයෙන් වැඩිවී පසුදින පාන්දරින්ම මේ මිනිසා මරා ඔහුගේ බිරිඳ මැදුරට ගෙන්වා ගනිමින් එළිවන තුරු නිදි වරමින් කල්පනා කළේය. නිදිනොලද රජුට ලෝකුඹු නරකයෙහි සැට යොදුන් පමණ වූ ලෝහ සැළියෙක පැසෙන මිනිසුන් සතර දෙනෙකු හිස් ඔසවා කරන බිහිසුණු ශබ්ද හතරක් ඇසෙන්නට විය. රජු උදෑසනම පුරෝහිත කැඳවා, මේ ගැන පැවසු විට එම බමුණා රජු ඇසුශබ්ද කවරේද’යි විමසීය. දු,ස,න,සො යන ශබ්ද බව රජ කී විට ඒවායේ අරුත් විමසන්නට නොදත් බමුණා මෙය රජුට භයානක විපතක් වන්නට හැකි බවත් පවසා එයින් මිදෙන්නට මහා බිලි පූජාවක් කොට යාගයක් කිරීම අවශ්‍ය බවට උපදෙස් දුන්නේය.


    කාමාග්නියෙන් ක්ලාන්තව සිටි රජුගෙන් මල්ලිකා දේවිය මේ ගැන විමසන්නට විය.ජීවිතයට අනතුරක් ඇති බවත් එයින් මිදෙන්නට යාගයක් කළ යුතු බවට පුරෝහිතයා උපදෙස් දුන් බව රජු ශෝකයෙන් මල්ලිකාවට කීය. එසේම සර්වශන යාගයෙන් තම ජීවිතය බේරාගත හැකි බවද කීය. මල්ලිකාව රජුට පවසන්නේ රජතුමනි ඔබ තරම් අඳබාලයෙකු මේ ලොව තවත් නැත. එකෙක් මරා තවත් එකෙකුගේ ජීවිතය ලැබෙන්නේ කෙසේද? මෝඩ බමුණාගේ උපදෙස් ලබා මේ සත්ව සංහාරයක් සිදු කරන්නේ ඇයි? ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ වෙත මේ ගැටලුව ඉදිරිපත් කරමු’යි මල්ලිකාවෝ යෝජනා කළහ.


    ඊට එකඟ වු රජතුමා විහාරයට ගොස් බුදුන් වහන්සේ බැහැදැක කලබලයෙන්ම මෙම ගැටලුව ඉදිරිපත් කළේය. එවිට බුදුන් වහන්සේ මහරජ බිය නොවන්න. ඔබගේ ජීවිතයට කිසිදු අනතුරක් නැත. පව්කළ පිරිසකගේ තම දුක් විඳීම ප්‍රකාශ කරන ශබ්ද හතරක් ඔබට ඇසී ඇතැයි කීය. ඒ කවර පව්කම්දැයි ඇසූවිට බුදුපියාණන් වහන්සේට වදාළේ පෙර කාශ්‍යප බුදුසමයෙහි සිටුවරු සිව් දෙනෙකු කාමභෝගීව ජීවත්ව අභිරූපි කාන්තාවන් සොයා සොයා මුදල් වියදම්කොට පරස්ත්‍රි සේවනයෙහි යෙදී එහි විපාකයෙන් ලොකුඹු නරකයෙහි ඉපිද අපමණ, දුක්වේදනා විඳීන බවත් ඔවුන් විසින් කියන්නට උත්සාහ ගන්නා දෙයක් කියාගත නොහැකිව අකුරක් පමණක් ප්‍රකාශ වී ඇති බවයි. අනතුරවැ එම අකුරු හතරෙහි අර්ථ ලෙස ඔවුන් කළ පාපය ප්‍රකාශ කරන බවත් බුදුරදහු වදාළහ. එය ඇසූ රජතුමාට මහත් සංවේගයක් ඇතිවිය. පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව වැටහිණි. තමාත් අන්‍ය ස්ත්‍රින් කෙරෙහි ස්නේහ උපදවා මේ විපතට වැටෙන්නට යන බව හොඳින් දැන මින් පසු පරදාර සේවනය නොකරන්නෙමි’යි අදිටන් කළේය.


    අනතුරුව බුදුහිමියෝ අඳ බාලයන්ට සංසාරය දීර්ඝ වන අයුරු පහදා දහම් දෙසා වදාළහ.එහි පැමිණ සිට සේවකයාද මේදහම අසා සෝවාන් විය. රජු සිරගෙවල රඳවා සිටි මෙවැනි මිනිසුන් බොහෝ දෙනෙක් එම බන්ධනවලින් නිදහස් කළේය. සියල්ලෝ ශාන්තිය ලදහ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1680735
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa

    බුදුසසුනේ නාගානුයෝඡනය


    බුදුසසුනෙහි සහ නාගයන්ගේ සබැඳියාව මුල් කාලයෙහි පටන් ම ආරම්භ වූවකි.
    මෙයින් අවධාරණය වන්නේ දිව්‍ය නාගයන් පිළිබඳව ය. පොළොන්, කුනකටු ආදී විසකුරු සර්පයන් මනුෂ්‍යයකුට ඇස ගැසුණහොත් බොහෝ විට ඒ සර්පයාගේ අවසානය වියහැකිය.
    එහෙත් නාගයන් මැරීමෙන් බොහෝ දෙනෙක් වැළකී සිටිති. ඒ නාගයන්ට ඇති ගරුත්වය හා භය පක්‍ෂපාතිත්වය නිසාය. “නාගයන් වෛර බඳිති” යි යනු මිනිසුන් අතර ඇති විශ්වාසයකි. “නයාට ගසා පොල්ල වරද්දා ගන්න එපා” යයි ද අප අතර පවතින කතාවකි.

    යම් යම් අයට යම් යම් දෙයට ආශාවෙන් මැරෙන්නවුන් නාගාත්ම ලබා ඒ ඒ අය, ඒ ඒ දෙය සොයා ගෙන එන බව ද ජන මතයෙකි. “තිරෝකුඩ්ඩ” සූත්‍රයේ ආභාෂයෙන් එවැනි මත ගොඩනැගෙන්නට ඇතැයි සිතිය හැකිය.
    සමහර පූජනීය ස්ථාන, දේවාල ආදියට අධිගෘහිත නාගයන් සිටින බව ද ඇතමෙක් විශ්වාස කෙරෙති. නිධන්ගත වස්තුව රකින නාගයන් පිළිබඳව ද නොයෙක් කතාන්තර ඇත.
    පැරැණියෝ නාගයාට “නයිහාමි” යැයි ගෞරවයෙන් ආමන්ත්‍රණය කරති.

    නාග යනු ඇතාට ද නමෙකි. මම යුදයටවන් ඇතකු මෙන් නින්දා අපහාස ඉවසන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට ඇත. (අහං නාගෝව සඩ්ගාමේ)
    නාලාගිරි දමනය ගුරුළුගෝමී ප¼ඩිවරයා අමාවතුරෙහි දක්වා ඇත්තේ මහා නාගයන් දෙදනකු අතර සිදුවන සංග්‍රාමයක් ලෙස ය. රහතන් වහන්සේ ද නාග නාමයෙන් හඳුන්වන අතර උපසම්පදාපේක්‍ෂකයන් වහන්සේ ද එම අවස්ථාවේ දී “නාග“ නාමයෙන් හදුන්වනු ලබති. (සුනසි නාග) තුඹස සාරාගෙන යන විට හමුවන නාගයාට වැඳිය යුතු යයි වම්මික සූත්‍රයේ දී දක්වා ඇත.
    එහි දී නාගයා සංකේතවත් වන්නේ රහතන් වහන්සේට ය.

    “ආසිවිසෝපම” සූත්‍රයෙහි කට්ඨමුඛ - පූතිමුඛ - අග්ගිමුඛ - සත්ථමුඛ යැයි නාග කුල සතරක් දක්වා ඇත.

    01. කට්ඨමුඛ නාගයා දෂ්ට කළහොත් ශරීරය දරකඩක් මෙන් නොනැමිය හැකි වෙයි.
    02. පූතිමුඛ නාගයා දෂ්ට කළ විට ශරීරය කුණුවී යයි.
    03. අග්ගිමුඛ නාග දෂ්ටයෙන් සිරුර කැබලිවලට කැඩීයයි.
    04. සත්ථමුඛ නාගයා දෂ්ට කළහොත් ක්‍ෂණයකින් මරණයට පත්වේ.


    නාගයෝ බොහෝ වශයෙන් බුදු බැතියෙන් ඔද වැඩී ගිය පිරිසක් වූහ. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උඩු ගං බලා පා කර හැරිය පාත්‍රය නාග ලෝකයෙහි පිහිටියේ ය.
    එය නාගයන්ට අතිපූජනීය වස්තුවක් විය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ස වන සතිය ගත කළ සේක් මුචලින්ද නා දරණය තුළ ය.
    එහි සතර කොන්වල පහන් සතරක් දැල්වීමට තරම් ඉඩකඩ තිබුණි.

    දිව්‍ය නාගයන්ට නොයෙක් වේශ මවාගැනීමේ හැකියාව පවතී. ශ්‍රද්ධාවන්ත නාගයෙක් මිනිස් වෙසින් පැමිණ සසුනෙහි පැවිදි විය.
    දිව්‍ය නාගයකු වුව ද නිදාගැනීම ආහාර ගැනීම ප්‍රකෘති බවට පත්වීමෙන් ම කළ යුතු ය. මේ නිසා නාග හිමි අහර වැළඳුවේ තමන් වෙසෙන කාමරයට පැමිණීමෙනි.
    නිදාගත්තේ ද දොර ජනෙල් වසාගෙන ය. දිනක් දවල් කාලයේ දී දොර ජනෙල් වසාගෙන නිදාගත්තේ ය. නාග දරණයෙන් කාමරය පිරී පැවතුණි.
    වෙනත් හිමිනමක් සිදුරකින් විශාල නාගයා දැක බියට පත්විය. එය බුදුරදුන්ට සැළකළවිට නාගයන් පැවිදි කිරීම තහනම් කළ සේක.


    ඒරකපත්‍ර නාගරාජයා බුදුවරයෙක් ලොව පහළ වීදැයි දැනගැනීමට අඩමසකට වරක් සිය දියණියන් ද කැටුව ගංගානම් ගඟේ වැලිතලාවට පැමිණ ගීතයක් ගයමින් තම විශාල පෙනගොබය මත ඈට නටන්නට සැලැස්වීය. ගීතයට නිවැරදි පිළිතුරු ගීතය ගායනා කරන තැනැත්තෙකුට දියණිය සරණපාවා දෙන බව ද ප්‍රසිද්ධ කළේ ය.
    දිනක් උත්තර නමැති මානවකයෙක් නාග ගීතයට පිළිතුරු ගීයක් තනාගෙන ගංගා නදී තීරයට යන අතර බුදුරදුන් මුණගැසුණි.
    උන්වහන්සේ උත්තර මානවකයන් සමඟ පිළිසඳර කතා කොට නාග ගීතයට පිළිතුරු ගීතය ගායනා කරන්නට යන බව දැන නිවැරදි ගීතය ප්‍රබන්ධ කර දුන් සේක. උත්තර මානවක ගංතෙරේ දී එම ගීතය ගැයූ විට ඒරකපත්‍ර නා රජු ඒ අසා බුදුරදුන් ලොව පහළ වී ඇති බව දැන උන්වහන්සේ කරා එළඹ බණ අසා තෙරුවන් සරණ ගියේ ය.


    රහතුන් සැට නමක් ලොව පහළ වූ විට ඒ සැට නම ධර්ම ප්‍රචාරයට පිටත්කොට යවා බුදු රජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කොට ධර්මදේශනා කිරීමට වැඩම කළ සේක. උරුවේල කාශ්‍යප අසපුවෙහි පළමු රාත්‍රිය ගතකිරීමට උන්වහන්සේට සිදුවූයේ නාරජෙක් අධිගෘහිත ගිනිහල් ගෙහි ය.
    නාරජ කිපී විෂ ධූම පිටකළේ ය. බුදුහිමියෝ ද විස දුම් පිටකළහ. නා රජ ගිනි පිටකරන විට උන්වහන්සේ ද ගිනි පිටකළහ. අවසන දමනය වූ නයා බුදුරජාණන් වහන්සේ තම පාත්‍රයෙහි ලාගත් සේක.
    එළිවුණ විට ගිනිහල්ගෙ වටේ සිටි තාපසවරුන්ට පාත්‍රයෙහි සිටින නාගයා පෙන්වූහ.


    නර්මදා නදී තීරයෙහි ශ්‍රී පාද ලාංඡනය පිහිටවූයේ නාරජකු ගේ ආයාචනයෙන් බව සඳහන් වේ. සංඛපාල නාරජ පොහෝ දිනයන්හි මනුෂ්‍ය ලෝකයට පැමිණ අටසිල් සමාදන් වීමට පුරුදු වී සිටියේ ය.
    දිනක් වැදි රංචුවකට අසුවී අටපළකින් සිරුර විද කටු සහිත වේවැල් දමා තඩලාගෙන යන ෂට ආළාර නම කෙළඹි පුත්‍රයෙක් වැද්දන්ට මුදල් දී නාරජු නිදහස් කොට යැවී ය.


    දිනක් අනුරුද්ධ මහරහතන් වහන්සේ තම සත් හැවිරිදි සුමන සාමණේර නම සමඟ හිමාලය ප්‍රදේශයෙහි අරමක වැඩසිටිය දී උදරාබාධයක් හටගැනුණි.
    සුමන සාමණේරයෝ අනවතප්ත විලෙන් පැන් පානය කළ විට ආබාධය සුව වන බව අසා දැනගෙන පැන් ගෙන ඒමට අනවතප්ත විලට යාමට සූදානම වූහ. එවිට අනුරුද්ධ හිමියෝ “සාමණේරතුමෙනි, අනවතප්ත විල රකින පන්ථක නම් නා රජෙක් ඇත. ඔහුට මා ගැන කියා පැන් ස්වල්පයක් රැගෙන එන්නැ”යි කීහ.
    එදින නාරජ ජල ක්‍රීඩාවෙහි නිරත වී සිටියේ ය. පැන් ගෙනයාමට එන සාමණේරයන් දුරදී ම දුට නාරජ කිපී නොඑන ලෙස තර්ජනය කළේ ය.
    අනුරුද්ධ හිමියන් ගැන කීවත් “පුළුවන් නම් පැන් ගන්න” යැයි කියා විශාල පෙණගොබයෙන් මවාගෙන විල වසාගත්තේ ය. සාමණේරයෝ දොළොස් යොදුනක් උසැති සිරුරක් මවාගෙන අතින් නාරජුගේ පෙණය ඉවත් කොට පැන් ගෙන ආහ.
    ලජ්ජාවටත්, කෝපයටත් පත් නාරජ පස්සෙන් පැමිණ “අනවසරයෙන් ගෙනා පැන් නොබොන්න’යි කීය. එවිට සුමන සාමණේරයෝ අනුරුද්ධ හිමියන්ට පැවසුවෝ “නැත ස්වාමීනි හැකි නම් ගනුව“ මේ නාරජ මට සමච්චල් කළේ ය.
    ඒ නිසා මම පෙණය ඉවත්කොට පැන්ගෙන ආමි.” යනුවෙනි. එවිට අනුරුද්ධ හිමියෝ පැන් පානය කළහ. උදරාබාධය එයින්ම සුව විය.
    නාරජ නොදැනුවත්කමින් සිදුවූ වරදට සමාවගෙන මින් පසු පැන් අවශ්‍ය වූ විට තමාට දන්වන ලෙස කියා තම විමනට ගියේ ය. පසු දිනෙක බුදුරදුන්ට පැන් ගෙනඒම සඳහා කළයක් රැගෙන ගිය විට නා රජ පෙරගමන් කොට කළය රැගෙන තමන්ම පැන් රැගෙන ආවේ ය.


    අප ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර ධර්මයන් පුරණ කාලයෙහි විපස්සී බුදුරදුන්ගේ දහනව වන නියත විවරණය ලදුයේ ‘අතුල’ නම් නා රජෙක් ව සිටිය දී ය.
    අග්ගිදත්ත බමුණා ඇතුළු පිරිස දමනය කිරීමට බුදු රදුන්ගේ නියමයෙන් ඔවුන්ගේ ආරාමයට වැඩි මුගලන් මහ රහතන් වහන්සේ නා රජෙක් අරක්ගෙන සිටි වැලි ගොඩක් මත රාත්‍රිය ගතකොට ඌ දමනය කළහ.
    ගිනි ජලාවක් දැක වටව සිටි බමුණන්ට උදේ දැකගන්නට ලැබුණේ මුගලන් හිමියන්ගේ සිරසට කුඩයක් මෙන් පෙණය අල්ලාගෙන සිටින නාරජුන් ය.


    බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය දෙව්ලොවට වඩින විට පා දූවිලි වැටී කුපිත වූ නන්දෝපනන්ද නාගරාජයා මහාමේරු පර්වතය පෙණගොබයෙන් වසාගත්තේ ය.
    මහමෙර නොදුටු භික්‍ෂූන් ඒ ගැන බුදුරදුන්ගෙන් විමසූ විට නාරජ කුපිත වී පෙණගොබයෙන් වසාගෙන සිටින බව ප්‍රකාශ කළහ.
    නා රජු දමනය කිරීමට රට්ඨපාල ආදී රහතන් වහන්සේ අනුමැතිය ඉල්ලා සිටියත් ඒ සැමදෙනෙක් ම වළකා මුගලන් හිමියන්ට අවසර දුණි. නා රජ එතරම් ම බලවතෙකි.

    ස්වර්ණමාලි මහා චෛත්‍යයෙහි නිධන් කිරීමට ධාතු ගෙනඒම සඳහා සෝණුත්තර සාමණේරයන් නාලොවට වැඩිය බවත් වාසුලදත්න නම් නාරජ ධාතූන් වහන්සේ උදරයෙහි සඟවාගත් බවත්, එවිට සෝණුත්තර හිමි සියුම් අතක් මවා ධාතූන් රැගෙන ආ බවත් ථූපවංසයෙහි සඳහන් වේ.

    දන්ත කුමරු සහ හේමමාලාව දළදා වහන්සේ ලක්දිවට වැඩමවා වැලිගොඩක සැඟවූ විට එය දුටු පණ්ඩුභාර නම නාරජ දළදා වහන්සේ ගත් බවත්,
    එය දුටු මහතෙර නමක් ගුරුළු වෙසක් මවාගෙන නාරජුන් දමනය කොට දළදා වහන්සේ කුමර කුමරියට ම භාරදුන් බවත් දළදා සිරිතෙහි සඳහන් කොට ඇත.


    අනුරාධපුර යුගයෙහි සෑගිරියෙහි පවත්වන ලද ධර්මදේශනාවක් ඇසීමට පැමිණි නා රජකු දුට ගුරුළෙක් ඌ අල්ලා ගැනීමට පහත්වන විට බුද්ධරක්ඛිත නම් තෙරුන් වහන්සේ පර්වතයක් මවා ගුරුලා ගේ් ගමන වැලැක් වූ බව විශුද්ධි මාර්ගයෙහි සඳහන් වේ.

    ප්‍රාග් බෞද්ධ යුගයේ සිට ම නාග ඇදහීම පැවති බව පෙනේ. බුදුරජාණන් වහන්සේ දෙවන වර ලක්දිවට වැඩම කළ සේක්, චූලෝදර - මහෝදර නාරජුන් දෙදෙනා අතර මැණික් පුටුවක් නිසා ඇතිවන්නට ගිය යුද්ධය සංසිඳවනු සඳහා ය.
    මහා භාරතයෙහි ද කුණ්ඩෝදර මහෝදර යැයි නාගයන් දෙදෙනෙක් ගැන සඳහන් ව ඇත.


    පුරාණයෙහි සිට නාගයන් ජලයට අධිගෘහිත වූවත් සේ සලකා ඇති බව මිහින්තලය අනුරාධපුරය ආදී ස්ථානවල ඇති පැරැණි ගල් පොකුණුවල නාගරූප කොටා තිබීමෙන් හෙළිවේ.
    නා මෙනෙවියන් කැලණි ගංතෙරේ සුදු වැලිතලාවෙහි සිට වීණා වාදනය කරමින් බුදු ගුණ ගැයූ බව තොටගමුවේ ශ්‍රී රාහුල හිමි සැළලිහිණි සන්දේශයෙහි සඳහන් කොට ඇත.
    නාගයන් සඳහා වෙන ම ලෝකයක් ඇත. නාග ලෝකය නමින්ම එය හැඳින්වේ.
    දෙවියන්ට මෙන් සම්පත් ඇත. නොයෙක් වේශ මවාගැනීමේ සෘද්ධියක් ද නාගයන් සතුය.
    එහෙත් ආහාර ගැනීම, නිදාගැනීම හා මෛතුන්‍ය සේවනය ප්‍රකෘති වේශයෙන් ම කිරීමට සිදුවී ඇත.


    දරුණු නාගයන් කීප දෙනෙක් බුදුරදුන්ට බුද්ධ ශ්‍රාවකයන්ට විරුද්ධව සටන් වැදුනත් බොහෝ නාගයෝ ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝ වූහ.

    මේ අනුව නාගයන්ගේ බුදු සසුන කෙරෙහි පැවති සහ සම්බන්ධතාවය බුද්ධ කාලයෙහි සිට ම පැවත එන්නක් බව පෙනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1679418
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    11072645_869896483077675_4936855855616487607_o.jpg

    ලොව්තුරා බුදුවරයන් වහන්සේ නමකගේ ලෝකයේ පහළවීම අතිශය දුර්ලභ කරුණකි. එසේම බුදුවරයන් වහන්සේලාගේ පහළවීම ලොවට සැපයකි. අනන්ත සසර දුක් විඳින සත්ත්වයා ඉන් මුදාගෙන නිවන් මග සාක්ෂාත් කරගැනීමට මග පාදා දෙනුවස් බුදුවරු ලොව පහළ වෙති. අනවරාග්‍ර සසර සැරිසරමින් බුදුබව සඳහා පාරමී පිරූ මහ බෝධි සත්ත්වයන්ගේ ඒ මහා ප්‍රණිධානය පණිවිඩය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් සිදු කිරීම මෙම ලිපියේ අරමුණයි.

    මහා බෝධි සත්ත්වයෝ අනවරාග්‍ර සසර සැරිසරමින් බාහිර නිදානය, අතිදුරේ නිදානය, දූරේ නිදානය, අවිදුරේ නිදානය, සන්තිකේ නිදානයයි. සිව්වැදෑරුම් නිදානයක් සම්පූර්ණ කළහ.

    බුදුබව සඳහා ගතවන කාලය ගනිනු ලබන්නේ කල්ප වශයෙනි. බුදුන් වහන්සේ නමක් නූපදිනා කාලය ශුන්‍ය අසංඛ්‍ය නම් වේ. මහා කල්පය, අසංක කල්පය, අන්තඞ කල්පයයි. කල්ප විභාගය දැක්වේ. එක් මහා කල්පයක් අසංඛ කල්ප හතරකි. එනම් සම්වර්තය, සංවර්තස්ථායිය, විචර්ථය, විචරතස්ථයීය යනුවෙනි.

    තවද සාර කල්පය මණ්ඩකල්පය, වරකල්පය, සාර මණ්ඩකල්පය, භද්‍ර කල්පයයි කල්පයෝ පස් දෙනෙක් වෙති. එයින් එක් කල්පයක එක්බුදු කෙනෙකුන් වහන්සේ නමක් උපදින සේක් නම් එම කල්පය සෙසු කල්පවලට වඩා සාර ගුණ ජනක වන බැවින් සාර කල්ප නම් වේ. යම් කල්පයක බුදුවරයන් වහන්සේ දෙනමක් පහළ වන්නේ නම් කර්ණාභරණ යුගළක් සේ බබලනා බැවින් පළමු උපන් බුදුරජාණන් වහන්සේ පහළ කළ ගුණය පහදවා දෙවන බුදුන් වහන්සේ උපදින බැවින් මණ්ඩකල්ප නම් වේ.

    යම් කල්පයක බුදුවරයන් වහන්සේලා තුන් නමක් පහළවන සේක් නම් පළමුව බුදු වූ බුදුවරුන් දෙවැනිව උපදින බුදුරජුන්ගේ ගුණ ප්‍රකාශ කරන සේක. දෙවැනිව උපන් බුදුරජුන් තුන්වෙනි බුදුරජුන්ගේ ගුණ මහිම වදාරන සේක. එකල සත්ත්වයෝ අතිශය ප්‍රමුදිත වූ සිත් ඇතිව තම තමන් විසින් කරන ප්‍රාර්ථනා නිසා මතු බුදුවන බුදුරජුන් දකිමියි ප්‍රාර්ථනා කරන බැවින් ඒ කල්පය වර කල්ප නම් වේ.

    යම් කල්පයක බුදුවරයන් වහන්සේලා සතර නමක් පහළ වන්නේ නම් එය විශිෂ්ඨ හෙයින් සරු බව හා ප්‍රසන්න බව ඇති හෙයින් සාරමණ්ඩ කල්ප නම් වේ. යම් කල්පයක බුදුවරයන් වහන්සේලා පස් නමක් පහළ වන්නේ නම් ඒ කල්පය බොහෝ දෙනාට අභිවෘද්ධි කරණ හෙයින් මහා භද්‍ර කල්ප නම් වේ. එය ඉතා දුර්ලභය. මේ එබඳු කල්පයේ උපදින සත්ත්වයෝ බුදු පසේ බුදු මහරහත් ආය්‍ය¡ ශ්‍රාවක කළ්‍යාණ මිත්‍ර සේවනයෙහි ලබන ලද්දා වූ සැපය බහුල කොට වෙති.

    සාර කල්පය, මණ්ඩ කල්පය, වර කල්පය, සාර මණ්ඛකල්පය, භද්‍ර කල්පයයි පස් ආකාර වූ කල්පයන් අතුරෙන් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම , මෛත්‍රිය යන පස් බුදුවරයන් වහන්සේගෙන් සෝභමාන වූ හෙයින් උතුම් වන හෙයින් භද්‍ර වන හෙයින් භද්‍ර කල්පය යනුවෙන් නම් ලද මෙම මහා භද්‍ර කල්පයට පෙර කල්ප අසංඛයක් යන තුරු බුදු කෙනෙකුන් වහන්සේ ලෝකයේ නූපදුන සේක. මෙකල ආය්‍ය¡ පුද්ගලයෝ අනාගාමි ආදී මග ඵල ලබා බඹලොව, දෙව්ලොව ඉපදී සිටියහ.

    ත්‍රිහේතුක සත්ත්වයෝ කෙලෙස් දුරු කොට නිවන් දකින්නාහ. දුහේතුක සත්ත්වයෝ සප්ත විධ කාම ස්වර්ගයේ උපදින්නාහ. අහේතුක සත්ත්වයෝ හේතු සම්පත් ලබන්නාහ. අප බුදුරජාණන් වහන්සේ මෙම මහා භද්‍ර කල්පයේ උපන් බැවින් මෙම බුද්ධොත්පාද කාලයේ උපන් අය කොපමණ වාසනාවන්තද, දුර්ලභ කරුණු අතරද අතිශය දුර්ලභ කාරණාවකි.

    අප මහා බෝධි සත්ත්වයන් වහන්සේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධාන වශයෙන්, වාග් ප්‍රනිධාණ වශයෙන්, නියත විවරණ වශයෙන් බුදු බව පිණිස පෙරුම් දම් පිරූහ. තම මෑණියන් වහන්සේ සමඟ නැව් නැගී වෙළඳාමේ යන විට නැව අනතුරට පත් වූ කල්හි මහ සයුර මැද තම ජීවිත ආලය හැර දමා මහත් විය්‍ය¡යෙන් මෑණියන් කරපිට හොවා මහ මුහුද පීනා රැකගත් අවස්ථාවේ ඒ මහා වීරයන් වහන්සේගේ චිත්තාන්‍යන්තයට බුදුබව ප්‍රාර්ථනා කරන සේ මහා බ්‍රහ්මයා විසින් සිත් සතන් යොමු කරවීමෙන් බුදුබව පිළිබඳව මනෝ ප්‍රනිධාණය පහළ විය. පුතේ ඔබ බුදු වේවා යන මවගේ මුවින් පිටවීමෙන් මාතෘ සෙනෙහස තුළින් සියළු අභිමතාර්ථ සාධනය වන බව පසක් වෙයි.

    බුදෙධාහං බෝධ යිස්සාම්, මුතෙතාහං මෝචයේ පරේ
    තිණෙණාහං තාර යිස්සාමි, සංසාරෝඝා මහම්භයා

    මෙසේ මහ බෝසතුන් වහන්සේ තමන් බුදුව සසර දුක් විඳින සත්ත්වයාද සසරින් එතෙර කරමි. අධිෂ්ඨාන කොට අනන්ත සසර සැරි සරමින් මහා රාජ්‍ය අඹු දරුවන් ඇස් ඉස් මස් ලේ තම සිරුර පවා දන් දෙමින් පාරමීදම් පිරූහ.

    සො සාගරෙ ජලධිකං රුධිරං අදාසි
    මෙරුං පරාදිය සමං සමදාසි දානං
    මෙරුපප මාන මදිකංච සමෝල සිසං
    කේතාරකාදික සමං නයනං අදාසි

    මනෝ ප්‍රණිධාන වශයෙන් පාරමී පුරන කල්හී නන්ද නම් අසංඛයේ ලොව පළ වූ පන්දහසක් සර්වඥයන් වහන්සේලා දෙවන සුනන්ද නම් අසංඛයේ නව දහසක්පමණ සර්වඥයන් ද තුන්වන පෘථිවි නම් අසංඛයේ දස දහසක් සර්වඥයන් වහන්සේලා සතර වන මණ්ඩා නම් අසංඛයේ එකොළොස් දහසක් පමණ සර්වඥයන් වහන්සේලා පස්වන ධරනි නම් අසංඛයේ විසිදහසක් පමණ සර්වඥයන් වහන්සේලා සවන සාගර නම් අසංඛයේ තිස් දහසක් පමණ සර්වඥයන් වහන්සේලා හත්වන පුණඩරිත නම් අසංඛයේ හතළිස් දහසක් පමණ සර්වඥයන් වහන්සේලා මෙසේ සත් අසංඛ්‍ය ඇතුලත ලොව පහළ වී වදාළ එක් ලක්ෂ විසිදහසක් පමණ සර්වඥයන් වහන්සේලා හැම දෙනා වහන්සේ දැක බුදු බව පතා මහදන් දී මනෝ ප්‍රණිධානය මස්තකප්‍රාප්ත කළහ.

    සොළසා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූ පාරමිතා ඇති පුරාණ ගෞතම නම් ශාක්‍ය බුදුරජාණන් වහන්සේ සර්ව භද්‍ර නම් අසංඛයේ සාර මණ්ඩ නම් කල්පයේ දඹදිව මධ්‍ය මණ්ඩලයේ සිරිනිවාස නුවර ඉපිද බුදුව දම්සක් පැවතුම් සුතුර දෙසු කල්හි, බුදුරජුන්ගේ ධර්ම චක්‍රයේ තේජසින් දස දහසක් සක්වල එක පැහැර ගිගුම් දුන්හ. එකල අප මහ බෝසතාණෝ සාගර කුමාර නමින් සක්විති රජව දශරාජ ධර්මයෙන් රාජ්‍ය කරන්නාහ.

    මෙම බුද්ධ තේජසින් සක්විති රජුගේ චක්‍රරත්නයද වෙවුලා ගියේ ය. රජුද අහසින් බටහ. මාගේ කුසල බලයෙන් පහළ වූ චක්‍රරත්නය කෙසේ සෙලවී ගියේ දැයි කරුණු විමසා බලත් නිමිති දත් බමුණෝ මහරජතුමනි, සක්විති රජුගේ අභාවය ආසන්න වීමෙන් සක්විති රජු මහණවීමෙන් බුදුන් ලෝකයේ පහළ වීමෙන් චක්‍රරත්නය අන්තර්ධාන වන්නේ ය.

    ගෞතම නම් ශාක්‍ය බුදු කෙනෙකුන් වහන්සේ ලෝකයේ උපන් සේක. ඒ බුද්ධානුභාව බලයෙන් චක්‍රරත්නයේ බල බිඳින එවිට එම සක්විති රජතුමා බුදුන් ලෝකයේ උපන්නා යන වදන අසත්ම පස්වනක් පී‍්‍රතියෙන් පිනා ගිය ශරීර ඇතිව සාදු සාදු දැන් ඒ බුදුන් කොහි වැඩ සිටිත් දැයි විමසා ධඤඤවතී නුවර මීතාවිත වන නම් උයනට වැඩි බව අසා බොහෝ පූජා භාණ්ඩ ගෙන්වා ගෙන මහ සෙනඟ පිරිවරාගෙන බුදුරජුන් වැඩ සිටි තැනට ගොස්් ඒ මහා බුද්ධශ්‍රීය දැක සිත උපන් පී‍්‍රති වේගයෙන් බුදුරජුන් ප්‍රදක්ෂිනා කොට පසඟ පිහිටුවා වැඳ අවසර ගෙන නුවරට අවුත් දේවතාවුන් ලවා හිමාල වනයෙන් රත් හඳුන් හර ගෙන්වා ප්‍රසාද කූටාගාර සක්මන් මළු ආදිය ලක්ෂය බැගින් මනරම් විහාරයක් කරවා නැවත ඒ බුදුරජුන් කරා ගොස් තමා විසින් කළ විහාරය අනුකම්පා කොට පිළිගන්නා මෙන් අයැද සිටියේ ය.

    මහත් පුද පෙළහරින් තම නුවරට බුදුරජුන් වැඩමවා විහාරය පිළිගන්වා නොයෙක් රත්නයෙන් බුදුරජුන්ට පූජාකොට ශ්‍රී පාද මූලය අසල දොහොත් මුදුන් දී ස්වාමිනි බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ ශාක්‍ය වංශයේ ගෞතම නම් බුදුව සූවිසි අසංඛයක් සත්ත්වයන් අමා මහ නිවන් දක්වා ලොවට මහත් අනුග්‍රහයක් සිදුකළ සේකද? එසේම මමත් මතු මේ කුශල බලයෙන් ශාඛ්‍ය රාජ වංශයේ ඉපිද ගෞතම නමින් බුදු බව ලබා සත්ත්වයන් සසර දුකින් එතෙර කරවන්නෙමියි වචනයෙන් බුදුබව ප්‍රාර්ථනා කළහ. එවිට එම බුදුරජුන් මහ රජ බුද්ධ කාරක ධර්ම පුරා බුදු බව ලැබීම මහත් දුෂ්කර කටයුත්තෙකැයි නොයෙක් උපමා ගෙන හැර දක්වා ප්‍රකාශ කළහ.

    යම් ලෙසකින් අප්‍රමාණ වීය¸ වඩා අෂ්ඨ ධර්ම සමෝධානයෙන් (එනම් මිනිසත් බව, ලිඬග සම්පත්තිය, රහත් බවට හේතු සම්පත් ඇති බවය, සජීව බුදුන් දැකීමය, මහණ වූ බවය, ධ්‍යානලාභී බවය,බුදුන්ට දිවි පිදූ බවය, බුද්ධකාරක ධර්ම පිරීමේ උත්සාහ විය¸යෙන් යුක්ත බවය) විවරණ ලබා දාන ශීලාදී වූ දශවිධ පාරමි ධර්ම පුරන්නේ නම් මා සේ ලොව්තුරා බුදුවිය හැකි යැයි අනියත විවරණ දුන්හ.

    මෙසේ එම බුදුරජුන්ගෙන් අනියත විවරණ ලබා එම දවසේම ලැබෙන බුදු පදවියක් සේ අතිශය සන්තෝෂයට පැමිණි මහ බෝසතුන් චක්‍රවර්ති සම්පත් බුදුරජුන්ට පුදා සසුන්හි පැවිදිව ධ්‍යාන වඩා බඹලොව උපන්හ. මෙසේ සංසාර ගතව ඇවිදින්නා වූ එතුමෝ සර්වභද්‍ර කල්පයේ සිට නවා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුලුල්ලේ ලොව පහළ වූ තුන්ලක්ෂ අසූ හත් දහසක් (387000) බුදුවරයන් වහන්සේලා දැක, බුදු බව පතා වාක් ප්‍රණිධාය සම්පූර්ණ කළහ.

    මෙසේ අප මහ බෝසතාණන් වහන්සේ මනෝ ප්‍රණිධායෙන් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් හා වාක් ප්‍රණිධාය පිරීමෙන් නවා සංඛ්‍ය කල්ප ලක්ෂයක් ලෙසින් කල්ප දහසයක් ඇතුළත ලොව පහළ වූ හයලක්ෂ දොළොස් දහසක් (612000) සර්වඥයන් වහන්සේලා දැක පින්පුරා දීපංකර පාද මූලයේදී නියත විවරණ ලබා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ලොව පහළ වූ සුවිසි බුදු කෙනෙකුන් දැක සූවීසි ප්‍රාර්ථනාවක් කොට සූවිසි විවරණ ලබා ගෞතම නමින් මෙයට වසර 2600 කට පෙර ලොවට සෙත සලසමින් සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළහ. එම මහා බුද්ධ මංගල්‍යය ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් සිහිපත් කරමු.
    .
    චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං
    (සම්මා සම්බුදු සසුන ලොව බොහෝ කල් පවතීවා)
    .
    බෝම්බුවල මූලස්ථාන මහා විහාරාධිපති
    කළුතර පළාතේ ප්‍රධාන සංඝනායක
    හල්වතුරේ අස්සජී නාහිමි

    http://www.elakiri.com/forum/showthread.php?t=1686235
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම නමින් සම්මා සම්බුදුවරු සිව්නමක් මේ වනවිටත් පහල වී පිරිනිවී අවසාන ය. පස්වන සහ අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බුදුන් ලොව පහල වන්නේ ය. මෛත්‍රී බුදුන් ගේ පිරිනිවීමෙන් කලකට පසු මේ පෘථිවි තලය විනාශ වී නැවතත් බොහෝ කාලයක ඇවෑමෙන් නැවත පොළවක් සකස් වන්නේ ය. ඉන්පසු ඇරඹෙන්නේ නව කල්පයකි. එ ම කාලය තුළ නැවත කොපමණ කල්ප ප්‍රමාණයකින් නැවත බුදුවරයකු උපදී දැ යි කීමට අපහසු ය. හේතුව බුද්ධ ශුන්‍ය කල්ප ඉතා අධික වීම යි. )

    මෛත්‍රී බුදුන් පහලවන කාලය

    මෛත්‍රී බුදුන් පහල වීම සම්බන්ධයෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධවංශ දේශනාව අවසානයේ දී සැරියුත් මහරහතන් වහන්සේ ගේ අයැදීම මත අනාගත වංශ දේශනාව වදාළ සේක. ගෞතම බුද්ධ ශාසනය සම්පුර්ණ වශයෙන් ලොවින් අන්තර්ධාන වූ පසු ක්‍රමක්‍රමයෙන් මිනිසුන් ගේ පරිහාණිය වර්ධනය වේ. ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමාණය ද, අඩුවෙමින් ගොස් අවසානයේ දසවර්ශය දක්වා පහත වැටෙන බව දේශනා කර ඇත. ඉන්පසු නැවත මිනිසුන් ගේ ගුණධර්ම ක්‍රමයෙන් වර්ධනය වන කාලයක් උදාවන බව ත් ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමානය ද, ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන බව දේශනා කොට තිබේ. අවුරුදු අසංඛ්‍යෙය ප්‍රමාණයක් දක්වා ආයුෂ වර්ධනය වන්නේ ය. ඉන් අනතුරුව නැවත ගුණධර්ම පිරිහී ආයුෂ ප්‍රමාණය අවුරුදු අසූදහසකට පැමිණෙන කාලයේ දී මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ ලොව පහල වන බව බුද්ධ දේශනාවේ සඳහන් ව ඇත.

    උන්වහන්සේ ගේ පරමායුෂ අවුරුදු අසුදහසකි. උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් අනතුරුව ද, ශාසනය අවුරුදු එක්ලක්ෂ අසුදහසක් තරම් කාලයක් ලොව පවතින බව සඳහන් වේ. වීර්යාධික බුදුවරයානකෙනෙකු බැවින් පළමු නියත විවරණය ලබා සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට සමතිස් පාරමිතා සම්පුර්ණ කර ඇත. එ නම් අප ගෞතම සර්වඥයන් වහන්සේ බෝසත් අවධියේ නියත විවරණ ලබන්නට ත් බොහෝ කලකට පෙර සිට ම මෛත්‍රී බෝධිසත්වයන් පාරමිතා ධර්ම සම්පුර්ණ කිරීම ට උත්සාහවත් වී ඇති බව තේරුම් ගත යුතු ය.

    මෛත්‍රී බෝධිසත්ව ප්‍රථම අභිනිහාරය. (පළමු නියත විවරණය)

    මෛත්‍රී බෝධිසත්වයන් පෙර එක් භවයක චක්‍රවර්ති රජෙක් ව ඉපිද සතර මහද්වීප වැසියන් පංච ශීල ප්‍රතිපදාවේ පිහිටුවා කටයුතු කරන සමයක මුහුත්තර නම් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව පහල විය. ඒ බව දැන පිරිස සමග ගොස් බුදුන් පුදා දහම් අසා සක්විති රාජ සම්පත් අතහැර රතන නමින් පැවිදි විය. එ තැන් පටන් මහත් දානාදී පින්කම් සිදුකළේ ය. අන්‍ය භික්ෂුන් වහන්සේලා ට ආශ්චර්යයක් ගෙන දෙන පමණින් පින්කම් සිදුකරන්නට යෙදුනු බව කියවේ. ඒ අනුව මුහුත්තර බුදුරාජාණන් වහන්සේ "මෙ ම භික්ෂුව මෙ තැනින් සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් ගියතැන මෛත්‍රී නමින් සම්මා සම්බුදු වන්නේ ය" යි දේශනා කොට වදාළ සේක. ඒ මුහුත්තර බුදුරාජාණන් වහන්සේගෙන් ලද නියත විවරණය ප්‍රථම නියත විවරණය යි.

    මෛත්‍රී බෝධිසත්ව අවසාන නියත විවරණය.

    අප ගෞතම සර්වඥයන් වහන්සේ තව්තිසා දෙව්ලොව වස් වසා අවසානයේ මහත් වූ අසිරියෙන් දෙවාරෝහනයන් සහිත ව දෙවියන් ද, පිරිවරමින් දෙව්ලොවින් සංකස්සපුරයට වැඩමවූ සේක. ඒ අසිරිය දුටු බොහෝ ජනයා පැවිදි විය. ඒ අතර ට මෛත්‍රී බෝධිසත්වයන් ද, විය. එ කල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන නම් පුත්‍රයකු ව සිටින්නා හ. දිනක් තමන් ට ලද වස්ත්‍ර යුගලකින් බුදුකුටියට වියනක් කොට පිදී ය. ඒ අරභයා දහම් දේශනා කළ බුදුන් වහන්සේ "මෙ ම වස්ත්‍ර යුගලකින් මා පිදූ ආර්ය මෛත්‍රී භික්ෂුව අනාගතයේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන බව දේශනා කළ සේක. මෙය මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ අවසාන නියත විවරණය යි. එ මෙන් ම මෙයින් උන්වහන්සේ ගේ පාරමිතා කාලසීමාව ද, අවසන් වන්නේ ය. එ නම් බුද්ධත්වය ලැබීම සඳහා කළයුතු සියලු ම කෘත්‍යයන් ඉටු කර අවසන් බව යි.

    මෙලොව පහළ වීම.

    සියලු ම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේ ය. එය සියලු ම බුදුරජාණන් වහන්සේලා ට පොදු වූ ධර්මතාවයකි. උන්වහන්සේ දසදහසක් දෙව්බඹුන් ගේ ආරාධනා මැද පස්මහා බැලුම් බලා අජිත නමින් ලොව පහල වන බව වදාළ සේක. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත මෙ ලොව උත්පත්තිය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල් හි බව ඉහත දී සඳහන් කළෙමි. එ කල් හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේ ය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේ ය. ඔහු ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේ ය. එ කල් හී සුබ්‍රහ්ම නම් බමුණා ට දා ව බ්‍රහ්මවතී බැමිණිය ගේ කුස තුළ මෛත්‍රී බෝධිසත්වයන් පිළිසින්දගන්නා බව සඳහන් වේ.

    අභිනිෂ්ක්‍රමණය

    උන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් වාසය කරන්නේ ය. අවසන තම අග බිසව වන චන්ද්‍රමුඛී දේවිය, බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේ දී සතර පෙර නිමිති දැක් ගිහි ගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ නිර්වාණ සුවය සොයා යන්නේ ය. එ සේ සිතා උඩුමහල් තලයට ගොස් සත්දිනක් දුෂ්කරක්‍රියා කරයි. සියලු සම්බුද්ධයන් වහන්සේලා බුදුවන වෙසක් පුරපසළොස්වක පොහෝ දින මහාබිනික්මන් කරමි යි සිතු පමණින් ම රැකවල් ළා සිටි මහපිරිස් සමගින් අහසින් බෝ මැද ට වඩනා බව ත් වදාළ හ. චන්ද්‍රමුඛී දේවිය විසින් ම කිරිපිඬු දානය පුජා කරන බව ත්, බඹුන් විසින් සිවුරු පුජා කිරීමෙන් පැවිදි වෙස් ගෙන නා බෝධි මුලය වෙත වැඩම කරන බව ද, වදාළ සේක. නා බෝධින් වහන්සේ ට පිට දී අලුයම යාමයේ සියලු කෙලෙස් නසා උතුම් සම්‍යක් සම්බෝධියට පත් වන බව ද, වදාළ සේක.

    මෛත්‍රී බෝසතාණන් සහ ගෞතම බෝසතුන් හමු වූ පෙර භවයක් ( ගෞතම බෝසතුන් කොටිදෙනකගේ බඩගින්නක් නිවූ ආකාරය )

    එක්තරා කාලයක මනුෂ්‍ය ලෝකයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වගේම අපේ බෝසතාණන් වහන්සේත් උපත ලබා හිටියා. මෛත්‍රී බෝසතුන් ඒ භවයේදී ගුරුවරයෙක් විදිහට කටයුතු කළා. අපේ බෝසතුන් ඒ ගුරුවරයා සමීපයේ හිටිය හොඳම ගෝලයා වුණා.

    දවසක් මේ ගුරුතුමයි ගෝලයයි ගමනක් යන්න පිටත් වුණා. මේ ගමන යන පාර වැටිලා තිබුණේ කැළෑවක් මැදින්. කැළෑව මැදින් යද්දී මේ දෙන්නා දැක්කා එක කොටි දෙනෙක් සහ ඇගේ අලුත උපන් පැටවුන් ගල් ගුහාවක් ගාව ඉන්නවා.

    ඒ වෙලේ කොටි දෙනට ලොකු බඩගින්නක් තිබුණු නිසා තමන්ගේ පැටව් කන්න තමා සූදානම් වෙලා හිටියේ. මේ වෙලාවේ ගුරුතුමා තමන්ගේ ගෝලයාට මෙතනට වෙලා මොකද වෙන්නේ කියලා විමසිල්ලෙන් බලාගෙන ඉන්න නියම කරලා කොටි දෙනගේ බඩගින්න නිවන්න කෑමක් අරගෙන ඉක්මණින් එන්නම් කියලා පිටත් වුණා.

    තමන්ගේ ගුරුතුමා දැන් එයි දැන් එයි කියලා ගෝලයා බලාගෙන හිටියා. ඒත් ගුරුතුමා එන්න ප්‍රමාදයි. කොටි දෙන දැන් පැටවු ගිලින්න යන්නේ. මේක බලාගෙන ඉන්න බැරිම තැන ගෝලයා ඒ අවස්ථාවේ හැටියට කොටි දෙනගේ බඩගින්න නිවන්න පුලුවන් හොඳම ආකාරය මේකයි කියලා හිතලා ඒ කොටි දෙනට බිලිවුණා.

    අන්තිමට කොටි දෙනට කන්න යමක් හොයාගෙන ආපු ගුරුතුමා තමන්ගේ ගෝලයාට මොකද වුණේ කියලා විමසිල්ලෙන් බලද්දී පෙනුණා කොටි දෙන ගාව තමන්ගේ ගෝලයාගේ ඇඳුම් පැළඳුම්වල කෑලි එහෙම වැටිලා තියෙනවා.

    සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් ගත්තු ගුරුතුමා ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියන ප්‍රකාශය කරලා එතනින් පිටත් වුණා.

    “ එතැනදි මෛත්‍රී බෝසතාණන් එක් ප්‍රාර්ථනාවක් කරනවා. මට කලියෙන් ගෞතම බෝසතාණන් බුදු විය යුතුයි කියලා. ”

    ඉතින් ඊළඟට බුදුවෙන්න නියමිතව තිබුණු මෛත්‍රී බෝසතුන්ටත් කලින් අපේ බෝසතුන්ට බුදු වෙන්න ඒ කුසල කර්මය නිසා පුලුවන්කම ලැබුණාය කියලා තමා කියන්න.

    මෛත්‍රී බුදුන් දකින්නෝ සහ නො දකින්නෝ.

    මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහු ද යත්, පන්සිල් රැක්කාහු ද, දස කුසල්වල යෙදුනෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. දාගැබ් කරවූවෝ ද දාතු කරඩු පිදුවෝ ,ද දාන ශාලා තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වැව් පොකුණු බැන්දෝ ද, ඒදඩු පාලම් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ධර්ම දේශනා කළෝ ද, ධර්ම ශ්‍රවණය කළෝ ද, ධර්මය ලියන ලද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පන්සල් තැනුවෝ ද, ගිලන් හල් තැනුවෝ ද, අනාථාගාර ඉදි කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආදර බහුමානයෙන් මහණදම් පිරුවෝ ද, මහජනයා කුශල් හි යෙදවූවෝ පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආහාර පාන දන් දුන්නෝ ද, ගෙවල් දොරවල් නිවාස තනා දුන්නෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කෙත්වතු පිදුවෝ ද, සිවුරු රෙදිපිලි පිදුවෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම ට ආධාර උපකාර කළෝ ද, භාෂා ශාස්ත්‍ර දියුණුව ට පොත පත කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පිළිම ගෙවල් ඉදිකරවූවෝ ද පෙති පිළිම කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බෝධිසත්ව චරිත කථාවන් අඹවන ලද්දෝ ද, ඒවා බිතු සිතුවම් කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ගිලනුන් ට උපස්ථාන කළො ද, රෝග තුරන් කිරීමට වෙහෙස මහන්සි වූවෝ ද, වසංගත රෝග වළක්වාලුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සතුනට කරන හිංසා වැලැක්වූවෝ ද, ගිලන් සතුනට බේත්හේත් කළෝ ද, බන්ධනගත සතුන් මුදා හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

    තව ද මවුපියන්ට උපස්ථාන කලෝ ද, ගුරුවරාදීන්ට සංග්‍රහ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. තුණුරුවන් උදෙසා උඩුවියන් පාවඩ පිදුවෝ ද, ශබ්ද පූජා පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සුවද දුම් පිදුවෝ ද, පහන් ගෙවල් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බණ අසන්නට හඩගෑවෝ ද, බණ දෙසන කල් හි සාධුකාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මහජන සුබසෙත සැලසූ රජමැති ඇමති සිටු ආදී නරදෙටුවෝ ද, වැසියන් නො තලා අයබදු ගත් රජදරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පැවිද්ද සඳහා දරුවන් පූජා කළ මව්පියෝ ද, වස් ආරාධනා කොට ඇප උපස්ථාන කළෝ ද, වස් කාලයන් හි පිළිවෙත් පිරූ ගිහි පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

    මහජන කරුණාවෙන් සේවය කළ නිලදරුවෝ ද, මංමාවත් ඉදිකර වූවෝ ද, අම්බලම් තැනුවෝ ද, දන්සැල් පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ත්‍රිවිධ රත්නය උදෙසා පෙරහැර පැවැත්වූවෝ ද, බුදු සිරිතෙන් සරසා වෙසක් තොරණ බැන්දෝ ද, තුණුරුවන් උදෙසා පහන් කූඩු විසිතුරු කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. නැති බැරි අය ගේ මංගල අවමංගල කටයුතු සම්පාදනය කළෝ ද, මරණාධාර සමාගම් පැවැත්තුවෝ ද, ගරු කල යුත්තන්ට ගරු සරු දැක් වූවෝද ගුරු ගෞරවය පැවැත්වූවෝ පැවිද්දෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ඝණ්ඨාර පිදුවෝ ද, දාගැබ් විහාර පන්සල් සුණු පිරියම් කළෝ ද, බලූ කපුටු ආදී සතුන්ට ආහාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කඨින පින්කම් කළෝ ද, වන්දනා ගමන් ගියෝ ද, ගෞතම බුදුපියාණන් උපත ලද, බුදු වූ, දම් දෙසූ, පිරිණිවන් පෑ, තැන් වැද පුදා ගත්තෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මරණය ට කැප වූ සතුන් මරණ භයින් මුදවා අභය දානය දුන්නෝ ද, ඉගැන්වීම් ආදියෙන් බුද්ධි දානය දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෙහෙර විහාරස්ථාන හා පාසල් ‐ රෝහල් ‐ අනාථ නිවාස සඳහා ඉඩ කඩම් පිදුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

    තව ද අනුන්ට ඊර්ෂ්‍යා නො කලෝ ද මුදිතාව දියුණු කළෝ ද මෙත් වැඩුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෛර නො කළො ද කරුණාව පැතිරවූවෝ ද සාමය රැක්කෝ ද ප්‍රිය වචන කථා කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බුදු පිළිම කරවා නේත්‍ර පිහිටවූවෝ ද සලාක දන් දුන්නෝ ද කොඩි කුඩ පහන් පිදුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සිප්හල් පිහිටුවා සර්වඥ ධර්මය ඉගැන්වූවෝ ද බෝධිඝර කරවූවෝ ද අන්ධයන්ට පෙනීම ලබා දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. අනාථයත්ට උපකාර වූවෝ ද බෙහෙත් ගස් සිටුවූවෝ ද ගස් කොලන් වැවුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ජලාශ පිහිටවූවෝ ද සතුන් ට ඛෙහෙත් කළෝ ද පෙහෙවස් රකින්නවුන්ට උවටැන් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මියගිය ඥාති මිත්‍රාදීන් උදෙසා පින්කම් කළෝ ද, වන සෙනසුන් පෝය ගෙවල් තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

    ඉහත දැක්වූ කුශල ධර්මයන් හි යෙදුනෝ මෛත්‍රී බුදුරජානන් වහන්සේ දකින්නාහු කවරහෙයින්ද යත් මෙ කී නො කී පිංකම්වල කුසල බලය නිසා ඔවුහු සියල්ලෝ ම මරණින් මතු චාතුර්මහාරාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිර්මාණරතිය, පරනිම්මිතවසවර්තිය යන සදිව්‍ය ලෝකයන් හි සහ බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහා බ්‍රහ්ම ආදී ලෝකවල උපත ලබා ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ දී මිනිස් ලොවට බට තුසිත දිව්‍ය භවනය හා සමාන වූ සකල සම්පත්තියෙන් අනූන කේතුමතී නම් රාජධානියෙ හි රජ ‐ මැති ‐ ඇමති ‐ පවුල්වල උපත ලබන්නාහු ය. සිටු පවුල් බ්‍රාහ්මණ පවුල් සහ ගෘහපති පවුල්වල ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාවය යන කරුණු පසින් සපිරුණු පිංවතුන් ‐ පිංවතියන් ව ඉපිද, ඒ මෛත්‍රී බුදුන් දකින්නාහු ම ය.

    මෙසේ සසර දී පුරණ ලද මේරූ පිං ඇතිව උපන් ස්ත්‍රී පුරුෂයෝ ඒ මෛත්‍රී බුදුන් දැක තම තමන් පැතූ පරිදි ම ඒ මෙතේ බුදු රජාණන් වහන්සේගෙන් බණ අසා දන් පහන් පවත්වා පිළිවෙත් පුරා අමා මහ නිවන් දක්නාහු ය.
    මෛත්‍රී සර්වඥයන් වහන්සේ නො දකින්නෝ කවරහුද යත් මව් මැරුවෝ ද, පියා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. රහතුන් වහන්සේලා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ලෝහිතුප්පාදක (බුදුන් ගේ ඇඟේ ලේ සෙලවීම) පාප කර්මය කලෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සංඝ බේදය කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දාගැබ් බින්ඳෝ ද පෙති පිළිම බෝ ගස් වැනසුවෝ ද රන් රිදී ආදිය නිසා බුදු පිලිම සොරකම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

    බණ පොත් විනාශ කලෝ ද සඟසතු දේපල ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහණ බමුණන්ට හිරිහැර කළෝ ද, මව් පියන්ට හිංසා පීඩා කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සිල්වත් ගුණවත් උතුමන්ට බොරු චෝදනා කළෝ ද, දන් වැට පුද පඩුරු ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහජන සන්තක දේ අයථා ලෙස පරිහරණය කළෝ ද, කපටි වංචනිකයෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

    මෙලොවක් නැත පරලොවක් නැත පිනක් පවක් නැතැයි කීවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ප්‍රාණඝාත කළෝ ද ඒවා ට අනුබල දුන්නෝ ද සොරකම් කලෝ ද සොරකම ට අනුබල දුන්නෝ ද අනාචාරයෙ හි හැසිරුණෝ ද එයට අනුබල දුන්නෝ ද, බොරු කීවෝ ද පරුෂ වචන කීවෝ ද සම්පප්‍රලාප දෙඩුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මත් පැන් බීවෝ ද මත් පැන ට අනුබල දුන්නෝ ද, මත් ද්‍රව්‍ය පැතිර වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සතුන් මරා මස් කෑවෝ ද එය ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මරණු පිණිස සතුන් ඇතිකළේ ද මැරීමට විකුණනු ලැබූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

    බොරු සාක‍ෂි දුන්නෝ ද බොරුවට දිවුරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ණය ගෙන ණය නුදුන්නෝ ද ගිනි පොලීකරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අන් හට ලැබෙන දෙය වැළැක්වූවෝ ද අනුන් නො මග යැවූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. නිසි ලෙස මහණදම් නො පුරමින් දුසිල් ඡීවිත ගත කළෝ ද පැවිදි ව පැවිදිකම් හි නො යෙදුනෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අල්ලස් ගත්තෝ ද ඒ පාපය ට අනුබල දුන්නෝ ද ගේ දොර ගිනි තැබුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය ගහ කොළ භෝග වගාවන් විනාශ කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. වස විෂ කැව්වෝ ද හදි හූනියම් කලෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. හොර ජාවාරමි කරුවෝ ද අධික මිලට වෙළහෙලදාම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. බොරුවෙන් වන්චාවෙන් මැති ඇමති වරුන් නරදෙටුවන් නො මග යැව්වෝ ද නපුරු අවි ආයුධ තැනුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

    අනේකාකාර ක්‍රම උපක්‍රමවලින් රට වැසියාට හිංසා පීඩා පැමිණ වූ රජ මැති ඇමති පාලකයෝ ද වැව් පොකුණු ගංඟා ආදී ජලාශයන් අපිරිසිඳූ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දරුවන් නො මග යැව්වෝ ද, යුතුකම් පැහැර හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සර්වඥ ධර්මය පහත් කොට සැලකුවෝ ද මාන්න අධික ව අනුන් පහත් කොට තමන් උසස් ලෙස සැලකුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අඹුදරුවන් අතරමං කළෝ ද, අනුන් බය ගැන්නුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

    ඉහත කී පරිදි අකුසල් කළෝ ඒ මෛත්‍රී බුදුන් නො දකින්නේ කවර හෙයින්ද යත් මේ පාපකර්මයන් කිරීම නිසා මරණින් මතු සංජීවය, සංඝාතය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන අටමහ නරකයන් ට වැටී ඔවුහු අනන්ත අප්‍රමාණ කාලයක් අප්‍රමණ දුක් විදින්නාහුය ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ ගේ කාලය වන විට ද මෙකී නො කී පවුකම් කළෝ ඒ අපායන් හි ම වෙසෙන බැවින් ඔවුන්ට ඒ මෛත්‍රී බුදු රජාණන් වහන්සේ නො දැකිය හැකි වන්නේ ම ය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1700824
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්

    ලොව සෑම දෙයක් ම අනිත්‍ය ස්වභාවයට පත්වන නිසා දුක යැයි සසර පිළිබඳ දැනීමත්, දුක් ඇතිවීමට හේතුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ගැනෙන තෘෂ්ණාව යයි දැනීමත්,

    මෙම ති‍්‍රවිධ තෘෂ්ණාව නැතිකිරීම නිවන බව දැනීමත් දුක් නැතිකිරීම සඳහා පිරිය යුතු එක ම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව දැනීමත් සම්මා දිට්ඨි යයි කියනු ලැබේ.


    මේ අනුව පැහැදිලි වනුයේ දුක – දුක ඇතිවීමට හේතුව – දුක නැතිකිරීම – එම දුක නැතිකිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම සම්මා දිට්ඨිය බව ය.

    “සම්මා අවිපරිතතෝ පස්සතීති සම්මා දිට්ඨි” යන විග්‍රහ වාක්‍යයෙන් කියැවෙන්නේ ද පඤ්චස්කන්ධය පිළිබඳව යථාවබෝධය – ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීම සම්මාදිට්ඨිය බව යි.

    මිථ්‍යා දෘෂ්ටිය නැතිකර දමන අවබෝධ ඥානය සම්මා දිට්ඨිය යි.


    දස වස්තුක මිථ්‍යාදෘෂ්ටිය වශයෙන් ගැනෙනුයේ(මේ අදහස් වලින් තොර වීම ලෞකික සම්මාදිට්ටිය වේ)


    නත්ථි දින්නං, – දීමෙහි විපාක නැත.
    නත්ථි යිට්ඨං, – මහා දානයෙහි (පූජා කිරීමෙහි&විපාක නැත.)
    නත්ථි හූතං, – පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
    නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, – - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
    නත්ථි අයං ලෝකෝ, – මෙලොව සිට ලොව ඉපදිමක් නැත.
    නත්ථි පරෝ ලෝකෝ, – මෙලොව සිට පරලොව ඉපදීමක් නැත.
    නත්ථි මාතා, – මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
    නත්ථි පිතා, – පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
    නත්ථි සත්තා ඕපපාතිකා, – ඕපපාතික සත්වයන් නැත.



    නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති – යහපත් ප්‍රතිපත්ති පිරීමෙන් යහපත් මගට පිවිස තම තමන් ලබාගත් විශිෂ්ට නුවණින් ප්‍රත්‍යක්ෂාවබෝධයෙන් මෙලොව පරලොව පෙන්නා දෙන,

    මිනිසුන් යහපත් මාර්ගයට යොමු කරවන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත.(නියත මිත්‍යාදෘෂ්ටි සූත්‍රය-අංගුත්තර නිකාය-දසක නිපාතය )
    යනුවෙන් නිර්මාණවාදය පිළිගෙන ශාස්වත දෘෂ්ටියට වැටී මෝක්ෂය සෙවීම නියත මිථ්‍යාදෘෂ්ටි වශයෙන් දක්වනු ලැබේ.

    මෙසේ නියත මිථ්‍යාදෘෂ්ටියට වැටීම පංච ආනන්තර්ය අකුශල කර්මයන්ට වඩා බලවත් ය.

    හේතුව? කාලාන්තරයකින් පංචාන්තර්ය අකුසල කර්මයන්හි විපාක ගෙවී සසරදී කරගත් කුසල්වල සැප විපාක ලබාදෙන කාලයක් ඇතිවන බැවිනි.

    දෙව්දත් තෙරුන් පවා කළ පව්වල විපාක ගෙවී කාලාන්තරයක් ගතවී “සට්ඨිස්සර” නමින් පසේබුදුවන බව ධර්මයෙහි සඳහන්ව ඇත.

    එහෙත් ඬයත මිථ්‍යාදෘෂ්ටියෙහි විපාක ඊට වැඩි කාලයක් විඳවීමට සිදුවන්නේ ය.


    ලෝක ධාතුවක් විනාශ වුවද එකල මනුෂ්‍ය,දිව්‍ය,අපාගාමී ලෝකවල වාසය කරන සියලුම සතුන් විනාශයෙන් පසු ආභස්සර නම් සත්වයන් අතර උපදිනා බව ධර්මයේ සදහන්ය.
    නමුත් නියත මිථ්‍යාදෘෂ්ටිය‍ට වැටී නිරගාමී වූවෝ ලෝක විනාශයක් වුවත් දුකින් නම් ගැලවෙන්නේ නැත.ඔවුන් වෙනත් ලෝක ධාතුවක හෝ නිරයක උපත කරා යයි.


    විශේෂයෙන්ම මේවා අතරින් බොහෝ දෙනෙක් සැක කරන්නේ නිරිසතුන්,දෙවියන් වැනි ඕපපාතික උපත්ය.ඒ සැකයම ඔවුන්ව නිරය කරා රැගෙන යාමට සමත් වේ.

    සීමාසහිත අත්දැකීම් රාමුවක් තුල සිරවී සිටින මිනිසුන් වන අපගේ ඇසට පමණින් තර්ක විතර්ක කරමින් යමක් බැහැර කිරිමට උක්සාහ දරයි නම් එය අණුවන කමය.

    ලෝකවිදු ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සත්‍යය අවබෝධය කරා රැගෙන යන්නේ තර්කයෙන් නොව ශ්‍රද්ධාව මුල් කරගත්
    වීමංසන බුද්ධියෙන්ය.

    තර්කය යනු අසත්‍ය සත්‍ය ලෙසත්,සත්‍ය අසත්‍ය ලෙසත් පෙන්විය හැකි එක්තරා ආයුධයකි.
    යමෙක් ඕපපාතික උපත බැහැර කරයිද ඔහු නියත මිත්‍යාදෘෂ්ටියෙන් යුතු අවාසනාවන්ත පුද්ගලයෙකු බව තථාගතයන් වහන්සේ පෙන්වා දී ඇත.
    මෙම මෝහයෙන් අන්ධ වූ පුද්ගලයා මෙලොවත් පරලොවත් අදුරෙන් අදුරට පත් වූවෙක් ලෙස හැදින්විය හැක.


    සැරියුත් මහ රහතන් වහන්සේ භික්‍ෂූන් අමතා “ඇවැත්නි යහපත් දැකීම සම්‍ය දෘෂ්ටිය යයි කියනු ලැබේ. සම්‍යක් දෘෂ්ටිය යයි කියනු ලැබේ. කොපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටිකයෙක් වේද? යනුවෙන් ප්‍රශ්න නගා උන්වහන්සේම පිළිතුරු දෙමින්,

    ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවකතෙම අකුසලයන් දනී ද, අකුසල මූලයන් දනී ද, කුසලයන් දනී ද, කුසල මූලයන් දනී ද, එපමණෙකින් සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදුණෝ වෙයි. නිර්වාණ මාර්ගයට පිවිසුණේ වෙයි.

    මෙයින් පැහැදිලි වනුයේ කුසල් අකුසල් පිළිබඳව නියමාකාරයෙන් දැනගැනීම සම්‍යක් දෘෂ්ටිය බවයි.

    එම සූත්‍රයේ දී ම තවදුරටත් විස්තර වශයෙන් දක්වා ඇත්තේ ප්‍රාණඝාතාදී අකුසලයන් හා එම අකුසලයන් සිදුකිරීමට මුල්වන ලෝභ දෝස – මෝහ යන අකුසල මුල් හේතුවන බව දැනගැනීම සම්‍යක් දෘෂ්ටිය නමින් ගැනෙන බව ය.


    බුදුරදුන් පසු පසින් යන සුනක්ඛත්ත භික්‍ෂුව ද පහත් සිතුවිලි ඇති කෙනෙක් බැවින් සුනඛයකු සේ ජීවත්වන මේ කෝරක්ඛත්තිය දුටු විට නියම තවුස් ජීවිතය මෙය යැයි මෙවැන්නෝ ම නිවන් දකින්නෝ වෙති.

    බුදුරදුන් වදාරණ සීලයට වඩා මෙසේ දුෂ්කර ව්‍රත රැකීම උසස් යයි අදහසක් ඇතිකර ගත්තේ ය.

    මොහුගේ අදහස දැනගත් බුදුපියාණෝ සුනක්ඛත්ත! ඔබට දැන් මොහු දැකීමෙන් මෙබඳු අදහසක් පහළ වූවා නොවේදැයි ඇසූ සේක. සුනක්ඛත්ත එය පිළිගත්තේ ය.
    එසේ නම් සුනක්ඛත්ත ඔබ බුද්ධශ්‍රාවක නොවේ යැයි පැහැදිලි කළහ.

    දැන් ඔබ උසස් සීලයක් රකින පුද්ගලයෙක් යැයි මෝඩකම නිසා පැහැදීමට පත් කොරක්ඛත්තිය අදින් දින හතකට පසු ආහාර අජීර්ණයකින් මැරී කාලකඤ්ජා නමැති අසුර ලෝකයෙහි උපදිනු ඇත.

    මේ බලුවත රකින කෝරක්ඛත්තියගේ සිරුර බීරණත්ථම්භක නමැති සොහොනට ඔහුගේ අනුගාමිකයන් විසින් ම ලණුවලින් බැඳ ඇදගෙන ගොස් දමනු ඇත. සුනක්ඛත්ත යටිහිතින් කෝරක්ඛත්තිය සුනඛව්‍රතය රකින්නාට කැමති පුද්ගලයෙකි.
    ඔහු එදාම කෝරක්ඛිත්තිය හමු වී මේ සියලු විස්තර දන්වා සිටියේ ය. එය අසා “ඔය ශ්‍රමණ ගෞතමයන් විසින් කියන ලද්දක් වෙනස් වන්නේ නැත අජීරණයකින් මැරෙන බව කී නිසා අද සිට මම ආහාර පාන නො ගෙන නිරාහාරව සිටීම්” යි අධිෂ්ඨාන කරගත්තේ ය.

    වෙනදා ඔහු සුනඛයකු සේ හතර ගාතෙන් ගොස් බිම දමන ලද ආහාර ටිකක් කා එන ගෙදරට නො ගිය නිසා සතියක් බලා සිටි ගෙදර ගෘහ මූලිකයා හතර පස් දෙනකුට සෑහෙන මස් සහිත ප්‍රණීත ආහාර වේලක් සකසා ගෙන සුනඛ ව්‍රතය රකින තවුසා දකින්නට ගියේ ය.

    ඔහු නිරාහාරව වතුර පමණක් බිබී සුනඛයකු සේ ඇදවැටී සිටිනු දැක “පින්වත් සුනක්ඛත්තයෙනි, ඔබතුමා සතියක් ම නො පැමිණි නිසා මම ප්‍රණීත මස් සහිත ආහාරයක් පිළියෙළ කරගෙන ආවෙමි.

    එය අනුභව කරනු මැනවැ”යි අර ආහාර භාජනය විවෘත කරත් ම අසීමිත කෑම සුවඳක් විහිදී ගියේ ය. සුනක්ඛත්ත දරාගත නො හැකි බඩගින්නෙන් සිටිය නිසා අර සියලු ම ආහාර කාගෙන කාගෙන ගියේ ය.
    ප්‍රමාණයට වඩා උසුලාගත නො හැකි තරම් මස් මාංශ සහිත කෑම අනුභව කිරීම නිසාත්, දින හතක්ම බඩගින්නේ සිට එකවර ම කෑම ගැනීම නිසාත් ආහාර දිරවාගත නොහැකිව එදා රාත්‍රියේ ඔහු අභාවයට ගියේ ය.

    බුදුරදුන් වදාළ පරිදි උපත ලද්දේ ද කාලකඤ්ජිකා අසුර යෝනියෙහි ය. එය අතිශය දුක්ඛිත තැනෙකි. “තීර්ථකයන් විසින් කෝරක්ඛත්තියගේ සිරුර බීරණත්ථම්බක සොහොනට ගෙන නො ගොස් වෙන තැනකට දමන්නෙමු”යි ලණුවලින් ඇදගෙන ගිය ද යන යන හැම තැනක ම පිරිසිදු මිදුල් සේම ඔවුනට පෙනෙන්නට විය.

    අවසානයෙහි දේහය ගෙනගොස් චපමට සිදුවූයේ බීරණත්ථම්බක සොහොනට ම ය.
    සුනක්ඛත්ත භික්‍ෂුව ද මේ තොරතුරු ටික දැන කියා ගෙන බුදුන් වදාළ දේ එසේම සිදු වූ බැවින් හොඳ පුද්ගලයකු සේ බුදුරදුන් වෙත ගොස් මේ සිද්ධිය කියාපා සුනක්ඛත්ත උපන් තැන විමසා සිටියේය. “ඔබ එය මගෙන් ඇසිය යුතු දෙයක් නොවේ.
    ඔබ ම සොහොනට ගොස් මියගිය මිත්‍රයාගේ සිරුරට තට්ටු කොට, හිතවත් මිත්‍රයාණෙනි, දැන් උපත ලබා ඇත්තේ කොහිදැයි විමසන්න” යි වදාළහ.

    සුනක්ඛත්ත භික්‍ෂුව ද එහි ගොස් ඇඟට තට්ටු කොට විමසූ විට “මිත්‍රය, මම වැඩූ සුනඛ ව්‍රතයෙන් ප්‍රයෝජනයක් නො ලැබ වැරදි දෘෂ්ටියක පිහිටා මෝක්ෂය ලබාගනිමි යි කියා මිථ්‍යාදෘෂ්ටි ගතවීම නිසා අද කාලකඤ්ජිකා පේ‍්‍රත යෝනියෙහි උපත ලබා දුක් විඳින්නේ මැ යි මළ සිරුරට ආවේශ වී ඔහුගේ කටහඬින්ම සිදු වූ දේ කියා සිටියේ ය.

    මිථ්‍යාදෘෂ්ටියෙහි ඇති භයානකකම මෙයින් පැහැදිලි වන්නේ ය. බුදුරජාණන් වහන්සේ නිවනට යාමට වැඩිය යුතු මාර්ග අටෙන් සම්මාදිට්ඨිය හෙවත් නිවැරදි දැක්ම වදාරා ඇත්තේ එහෙයිනි.




    අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිගේ පැහැදිලි කර දීමක්ද ඇතුළත් කර ඇති හෙයින් උන්වහන්සේද නිදුක් නිරෝගී චිර ජීවනය පතමි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1695852