ඔය දෙවියෝ ගැන කතා නං ගොඩක් තියෙනව මචන්, හොඳ මිනිස්සු ආරක්ෂා කරනව කියනව, බුද්ධාගම ආරක්ෂා කරනව කියනව. හැබැයි මට නං එහෙම දෙයක් පෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ හිටපු ඉන්දියාවේ අද බුද්ධාගම නැත්තටම නැතිවෙලා, මුස්ලිම් ආක්රමණිකයෝ පන්සල් පිළිම පොත්පත් ගිනි තියල සිල්වත් හාමුදුරුවරු මරල දැම්ම එක දෙයියෙක්වත් හිටියේ නෑ ඕව ආරක්ෂා කරන්න. මේ පොඩි අඩි දෙක තුනේ පිළිම වගේද බන් ඇෆ්ගනිස්තානේ බාමියන් පිළිම ටික අරුන් බෝම්බ ගහල විනාස කරා මොන දෙයියෙක්වත් හිටියේ නෑ නෙ. අනුරාධපුරේ ශ්රී මහා බෝධිය ළඟටම ඇවිත් කොටි ගැහුව එක දෙයියෙක්වත් හිටියේ නෑ. නුවර මාලිගාවට ගැහුව, වටේටම දේවාල තිබ්බට එක දෙයියෙක්වත් හිටියේ නෑ. ආමි එකේ පොලිසියේ අය මිසක් දෙයියෝ ආවේ නෑ නෙ උදව්වට. එහෙව් එකේ මේ ගංවතුරට හරි වෙන දෙකට අහුවෙලා නොකැඩි ඉතුරුවෙච්ච පොඩි බුදු පිළිමයක් දිහා බලල දෙයියෝ තමා මේක ආරක්ෂා කරේ කියල සාදු සාදු කියන එක කොච්චර ගැලපෙනවද කියන්න මං නං දන්නේ නෑ.
මිනිස්සු වෙන අපි කරන දෙකින් තමා බුද්ධාගම හරි වෙන දෙයක් හරි රැකෙන්නෙ. උඩ ඉන්න දෙයියෝ කරයි කියල බලන් හිටියට කරන දෙයක් නෑ.