බුද්ධ_ධර්මය_ආගමක්ද_දර්ශනයක්ද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    බුද්ධ_ධර්මය_ආගමක්ද_දර්ශනයක්ද?

    බුද්ධ ධර්මය ආගමක්ද දර්ශනයක්ද? සමජවාදී අය කියනව මේක ආගමක් කියල "worship" කියන වචනය මත පදනම් වෙලා.
    ඒ උනාට අනික් ආගම් වල වගෙ මට වදින්න මගෙන් ඉල්ලන්න කියල බුදුහාමුදුරුවො කොහෙවත් කියල නෑ නෙ.අපි බුදු හාමුදුරුවන්ට වදින්නෙ අපේ තියෙන ගෞරවය ප්‍රකාශ කරන්නනෙ.
    පොඩ්ඩක් ඔය මාක්ස් වාදීන් මේක හරියට පැහැදිලි කරල දෙනවද.:oo::oo:

    අනිත් අය බම්පියක් දාගෙන යන්න හැමෝම වෙනුවෙන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1613857

    අපි අලුත් තැනකට ගියා එතනට එන්න ගොඩක් දේවල් දැන ගන්න. මේ නූලට කරුණු දක්වපු ඔක්කොලාටම ස්තුතියි.

    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රෙද්ද තමයි.....මේක ආගමක්

    වෙනස දේව වාදී නැහැ....ප්‍රතිපත්ති තියෙනවා...නිවන් දකින්න....සමාජවාදී කාරයෝ කිවුවත් නොකිවුවත් බුදු දහම කියන්නේ ආගමක්.....
     
    ඔය ප්‍රශ්නේ අහන්නේ පල්ලියට අහු වෙච්ච අය. පල්ලියෙන් තමයි කියන්නේ ආගමක් වෙන්න නං දෙයියෙක් ඉන්න ඕන. යාඥා කරන්න ඕන කියල. බුද්ධාගම ට උත්තර දෙන්න බැරි උනහම කරන්නේ ඒක දර්ශනයක් විතරයි කියල ශේප් වෙන එක.
    පල්ලියේ නිර්වචනය පිළිගන්නවානම් බෞද්ධයෙක් වෙන්න බෑ.
    හැබැයි අද ඉන්න දෙයියන්ට යාඥා කරන, තරු බලල අනාගතේ කියන, ගස් ගල් වලින් පිහිට ඉල්ලන බෞද්ධයන් එක්ක බැලුවහම නම් ඉතින් පල්ලිය කියන විදිහේ ආගමක් තමයි.

    ආගමක් තියෙන්නේ මිනිහෙකුගේ ජීවිතය යහපත් කරන්න. ඔහුගේ අධ්‍යාත්මය යහපත් කරන්න. ඒක වෙනවා නම් ආගමක් තමයි.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    darshanayak kiyanawanm saamany buddagama neme, ekak sankiirna ekak

    samanya uppaththiyen baudda wechcha pansala mul karagaththa pin mullkaragaththa eka aagamak.

    matanam darshanayak. agamak widihata adahanna giyama niwan dakinna ba.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එක එක අය එක එක කතා කියනවා. අදහනවා නම් ආගමක් අනුගමනය කරනවනං දර්ශනයක්.
    දෙවි කෙනෙක් පදනම් කරගන නං ආගමක්.. මම දන්නෙ නෑ ඕව වැඩිය :no:
    හැබැයි මම මේ ටික දන්නව....
    අපි අම්ම තාත්තට වඳින්නෙ ගරු කළ යුත්තෙක්ට ගරු කළ යුතු නිසානේ.
    ඉතින් බුදු හාමුදුරුවො, ජේසුස්වහන්සේ කියන්නෙ ඉතා ඉහලින් ගරු කළ යුතු අය...
    ඉතින් වඳින එකේ ඒ හැටි වැරද්දක් නෑ.

    ප්‍රශ්නයට පිළිතුර "අදහනවා නම් ආගමක් අනුගමනය කරනවනං දර්ශනයක්." දර්ශනයක්.
    මොකද බුදු හාමුදුරුවො කිව්ව දේවල් අනුගමනය කරන්න ඕන දේවල් නිසා. :)
    බුදුදහමේ තියෙන හැමදෙයක්ම/බොහෝ දේවල් අනුගමනය කරන කෙනෙක් තමා ගොඩ යන්නෙ. තමන්ට පුළුවන් උපරිම දේ අනුගමනය කරන්න බලන්න ඕනේ. :)
    මම මගෙ ජීවිතේ දැකපු හොඳම දර්ශනය බුද්ධ දර්ශනය.
    11.gif
    මේ දර්ශනය නිවැරදිව අනුගමනය කරන අය වෙන කිසිම ආගමක් අදහන්න ඕනේ නෑ
    3.gif
    මොකද ඒ දේවල් හරියට අනුගමනය කරනවනන් මරණයෙන් පසු මොන දේ තිබුනත් ඒ කෙනා සදා සැප ලබනවා :)
    ස්වර්ගය හෝ වේවා නිවන හෝ වේවා
    7.gif

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    රෙද්ද තමයි.....මේක ආගමක්

    වෙනස දේව වාදී නැහැ....ප්‍රතිපත්ති තියෙනවා...නිවන් දකින්න....සමාජවාදී කාරයෝ කිවුවත් නොකිවුවත් බුදු දහම කියන්නේ ආගමක්.....
    නොදන්න දෙයක් ඇහුවම හරියට උත්තර දියන්කො බන්. ඕක පැහැදිලි කරල දියන්කො හරියට
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචං බුදුදහමේ ආගමක ලක්ෂනත් තියනවා. ඒ වගේම දර්ශනයක ලක්ෂනත් තියනව. කාටවත් කියන්න බැහැ මේක දර්ශනයක් කියල විතරක්. ඒ වගේම මේක ආගමක් විතරයි කියල කියන්නත් බැහැ.
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Saho la ketiyen kiyanawanan Budhu hamudhuruwo apita yanna paarak pennala dila thiyenawa... Giyoth eke prathipalaya apitai nogiyath eke prathipalayath apitamai... Budhu dahame thiyena sarala siddaanthaya ookai...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    අංගුලිමාල;16624795 said:
    ඔය ප්‍රශ්නේ අහන්නේ පල්ලියට අහු වෙච්ච අය. පල්ලියෙන් තමයි කියන්නේ ආගමක් වෙන්න නං දෙයියෙක් ඉන්න ඕන. යාඥා කරන්න ඕන කියල. බුද්ධාගම ට උත්තර දෙන්න බැරි උනහම කරන්නේ ඒක දර්ශනයක් විතරයි කියල ශේප් වෙන එක.
    පල්ලියේ නිර්වචනය පිළිගන්නවානම් බෞද්ධයෙක් වෙන්න බෑ.
    හැබැයි අද ඉන්න දෙයියන්ට යාඥා කරන, තරු බලල අනාගතේ කියන, ගස් ගල් වලින් පිහිට ඉල්ලන බෞද්ධයන් එක්ක බැලුවහම නම් ඉතින් පල්ලිය කියන විදිහේ ආගමක් තමයි.

    ආගමක් තියෙන්නේ මිනිහෙකුගේ ජීවිතය යහපත් කරන්න. ඔහුගේ අධ්‍යාත්මය යහපත් කරන්න. ඒක වෙනවා නම් ආගමක් තමයි.
    පල්ලියක් නන නොදනී මම පිළිගන්නෙ බුදුරජාණන් වහන්සේ විතරයි ඒක නිසයි මම මෙ දේ හොයන්නෙ කිව්ව පළියටම පිළිගන්නෙ නෑ මොකවත්. මම මෙක ඇහුවෙ මගෙ සමාජවාදී යාළුවෙක් ඔය "worship " වචනය මත ඉදගෙන මේක ආගමක් විදියට වර්ග කරනව අපි වදින්නෙ ගරු කරන්න කියල කිව්වට ඒකත් දෙවියන්ට යදිනව වගේම හිතාගෙන.මට දැන ගන්න ඕනි වැරැද්ද කොතනද කියල.

    දැනට කට්ටිය කියල දීල තියෙන විදියට සමාජයේ ගොඩ දෙනෙක් දර්ශනයක් ආගමක් කරගෙන කියලයි මට හිතෙන්නෙ.කට්ටිය කියනවටත් වඩා ඔය "worship " කියන වචනය බුදුන් දේශනා කල ධර්මය තුළ නෑ කියල මට ශුවර්.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    යාළුවා;16624825 said:
    එක එක අය එක එක කතා කියනවා. අදහනවා නම් ආගමක් අනුගමනය කරනවනං දර්ශනයක්.
    දෙවි කෙනෙක් පදනම් කරගන නං ආගමක්.. මම දන්නෙ නෑ ඕව වැඩිය :no:
    හැබැයි මම මේ ටික දන්නව....
    අපි අම්ම තාත්තට වඳින්නෙ ගරු කළ යුත්තෙක්ට ගරු කළ යුතු නිසානේ.
    ඉතින් බුදු හාමුදුරුවො, ජේසුස්වහන්සේ කියන්නෙ ඉතා ඉහලින් ගරු කළ යුතු අය...
    ඉතින් වඳින එකේ ඒ හැටි වැරද්දක් නෑ.

    ප්‍රශ්නයට පිළිතුර "අදහනවා නම් ආගමක් අනුගමනය කරනවනං දර්ශනයක්." දර්ශනයක්.
    මොකද බුදු හාමුදුරුවො කිව්ව දේවල් අනුගමනය කරන්න ඕන දේවල් නිසා. :)
    බුදුදහමේ තියෙන හැමදෙයක්ම/බොහෝ දේවල් අනුගමනය කරන කෙනෙක් තමා ගොඩ යන්නෙ. තමන්ට පුළුවන් උපරිම දේ අනුගමනය කරන්න බලන්න ඕනේ. :)
    මම මගෙ ජීවිතේ දැකපු හොඳම දර්ශනය බුද්ධ දර්ශනය.
    11.gif
    මේ දර්ශනය නිවැරදිව අනුගමනය කරන අය වෙන කිසිම ආගමක් අදහන්න ඕනේ නෑ
    3.gif
    මොකද ඒ දේවල් හරියට අනුගමනය කරනවනන් මරණයෙන් පසු මොන දේ තිබුනත් ඒ කෙනා සදා සැප ලබනවා :)
    ස්වර්ගය හෝ වේවා නිවන හෝ වේවා
    7.gif

    :yes::yes::yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    මචං බුදුදහමේ ආගමක ලක්ෂනත් තියනවා. ඒ වගේම දර්ශනයක ලක්ෂනත් තියනව. කාටවත් කියන්න බැහැ මේක දර්ශනයක් කියල විතරක්. ඒ වගේම මේක ආගමක් විතරයි කියල කියන්නත් බැහැ.
    වෙලාවක් තියෙනව නන් පොඩ්ඩක් පැහැදිලි කරපන් ඔය කියන ලක්ෂණ
     
    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    Budu dahama sarwa kalina darshanayak saho.

    Aagamak gaththoth ewaye tiyena nithi rithi prathipathi api aniwa pilipaddina ona. kisima vicharayak na

    Eth kalama suthreye kiyala tiyena widiyata budu dahama apita apema nuwanin wimasala balanna puluwan. Eka ithin wataha ganima pudyalayage nuwana hatiyata wenas wenawa
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපි මෙතන කරන්න ඕනේ අගමක්ද දර්ශනයක්ද කියල තර්ක විතර්ක කරන එක නෙවෙයි. තර්ක කරද්දී අපි කියන දේට කවුරු හරි එකඟ වෙද්දී අපි සතුටක් ලබනවා. ඒකෙන් කර්ම රැස් වෙනවා, අපි කියන දේට එකඟ නොවෙනකොට පටිඝය ඇති වෙනවා එතනත් කර්ම රැස් වෙනවා. කර්මයෙන් නිදහස් වෙන්න තියෙන දහමක් තියාගෙන, ඒකම හේතුවක් කරගෙන අපි කර්ම රැස් කරගන්නෙ ඇයි?

    මේ ප්‍රශ්නය මතු උනේ බෞද්ධයෙකුට නම් එයා කළ යුත්තේ බුද්ධ දේශනා කියවීමයි.
    දර්මය දකින්නා බුදුන් දකී.
    මන් දන්නා විදිහට මේක දර්ශනයක්ද ආගමක් ද කියල බුද්ධ දේශනා වලවත් සඳහන් වෙන්නෙ නැහැ. (මන් දැනට අහල තියෙන දේශනා වලට අනුව.)

    බෞද්ධයෝ වශයෙන් අප කළ යුත්තේ මුලත් මැදත් අගත් පිරිසිදුව දේශනා කර ඇති මේ අකාලික වූ, ඒහිපස්සික වූ දහම් මාර්ගයේ ගමන් කිරීමත්, ධර්මය අපේ ජිවිතයට ගලපා ගැනීමත් මිස ඒ පිළිබද තර්ක විතරක් කිරීම නෙවේ..

    බෞද්ධයෙක් වෙන්නනම් තුණුරුවන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාව ඇති කරගන්න.

    තෙරුවන් සරණයි...!!!
     
    • Like
    Reactions: rx_storm_aight

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආගම් කියන්නේ නොපෙනෙන දේවල් මත පදනම් වෙච්ච දෙවිවරු කියලා ඉන්න කොටස් ඉන්න ඒවාටයි.
    ඒත් බුදු හාමුදුරුවෝ මිනිසෙක් වෙලා ඉපදිලා හිත දියුණු කරලා මනසින් යන්න පුලුවන් උපරිම දුර ගියපු පුද්ගලයෙක්ටයි.එහෙම මනස දියුණු කරලා අපිටත් යන්න ඕන මග බුදු හාමුදුරුවෝ අපට දේශනා කරලා තියනවා.දෙවිවරු වගේ එක පාරටම අහසින් කඩන් වැටිලා නෑ.බුදු බව ලබා ගන්න පෙර ඉදන් කලින් ආත්ම වල කොහොමද වැඩ කරන්න ඕන කියලා පැහැදිලිව කියලා තියනවා.බුදුන්ගේ ධර්මය කියන්නේ දර්ශනයක්.බුදු හාමුදුරුවො තමාට වදින්න,මල් තියන්න,හැමදාම මතක් කරලා වන්දනා මාන කරන්න කියලා නෑ අනිත් ආගම් වල වගේ.ධර්මයට ගරු කරන්නයි,ඒ මග යන්නයි පෙන්වලා දීලා තියෙන්නේ.

    මෙන්න මේක බලපන් මචන්.
    http://www.buddhanet.net/e-learning/5minbud.htm

    thanks තෙරුවන් සරණයි
     
    Ela
     
    Aryan22

    Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase

    අනිව සහෝ.මම එකගයි.
    මේව නිකන් පුහු ප්‍රශ්න.නිවන් දකින්න පුලුවන්නම් ඒක ආගමක්ද දර්ශනයක්ද කියන එක වැදගත් නෑනෙ.හිතේ පහදීමක් තියනවනම් ඒ දර්ම මාර්ගයෙ අපි ගියානම් ඉවරයි.