දර්ශනය කියල උඹ හිතන් ඉන්නෙ බුදුහාමුදුරුවන්ගේ දේශනාව ගැනයි. එතැනදී උඹ හරි. නමුත් මම පහතින් දාල තියන දේවල් උඹට ප්‍රතිෂේප කරන්න බැහැ. බුදුදහම මෙතෙක් කල් පැවතුනේ සහ ඉදිරියට පවතින්න ඒවත් අවශ්‍යයි. ඒවා ලෝකයේ අනිකුත් ආගම් වලටත් පොදු ලක්ෂණ වෙනවා.
ශුද්ධ වූ ග්රන්ථයක් තිබීම.
සංවිධානාත්මක බවක් තිබීම (භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා, පන්සල්, දහම් පාසල්, පිරිවෙන්)
ආගමික සංඛේතයක් තිබීම ( බුදුහාමුදුරුවෝ දේශනා කලේ නැහැ බුදුදහමේ සංඛේතය විදිහට ධර්ම චක්‍රය භාවිතා කරන්න කියල, මේවා පසුකාලීනව මිනිසුන් හදාගත්තු දේවල් තමයි නමුත් ධර්මචක්රය මගේත් ඔබේත් පන්සල් වල භාවිතා කරනවා.)
වන්දනාමාන කිරීමට සිද්ධස්ථානයක් තිබීම. (බුදුන් වෙනුවෙන් වන්දනා කිරීමට ආනන්ද බෝධිය බුදුන් ජීවමාන කාලයේම තමයි ස්ථාපිත කලේ, පිරිසිඳු බුදුදහම පැවති යුගයේදීත් පන්සල් තිබුනා)