බුදුදහමෙ කාලය කියන්නෙ මොකද්ද?

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    බුදුදහමෙ කාලය කියන්නෙ මොකද්ද?

    මචං මේ පොතේ ත්යෙන දේ මට තේරුම් කරල දෙන්න පුලුවන්ද? මේක කතාවථ්ථු ප්‍රකරණයෙ කෑල්ලක්.. අද්ද කතා කියන තැන.. කාලය ගැන ප්‍රශ්නයක්...:eek::eek:

    page-
    2n9i8uv.png
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕකත් උස්සගෙන ගිහිං ගමේ පන්සලේ හාමුදුරුවන්ට පෙන්නල විස්තරේ අහගනිං..
    මේකේ හමුදුරුවරු ඇත්තෙත් නෑ උපාසකයෝ ඇත්තෙත් නෑ..
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඕකත් උස්සගෙන ගිහිං ගමේ පන්සලේ හාමුදුරුවන්ට පෙන්නල විස්තරේ අහගනිං..
    මේකේ හමුදුරුවරු ඇත්තෙත් නෑ උපාසකයෝ ඇත්තෙත් නෑ..

    ඒකට ඉතින් ආරන්‍යකට යන්න එපායැ.. වෙලාවක් නෑ බං..:confused:.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒකට ඉතින් ආරන්‍යකට යන්න එපායැ.. වෙලාවක් නෑ බං..:confused:.

    ආරණ්‍යකට යන්නේ අහවල් එකකටද උබලගේ ගමේ පන්සලක් නැද්ද..
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ආරණ්‍යකට යන්නේ අහවල් එකකටද උබලගේ ගමේ පන්සලක් නැද්ද..

    ගමේ පන්සලේ හාමුදුරුවොන්ගෙන් මේව අහන්ඩ බෑ බං...:no:
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    Mata meka therum karanna puluwan. Oya anukalanayai, dwipada prameyayai.. sahasanyuja bandanai.. 4warak chakkaraei dannawanam kiala denna puluwan
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේකෙ හැටියට කාලය කියන්නෙ ප්‍රඥ්ඥප්තියක් විතරද? :eek:

    ow :yes:

    rupa wedana sancha sanskara winchana wala athiwima kale kiyalaa wisthara karalaa thiyenne

    rupa iyana eke athi wima kiyana de thruma gaththahama naikwa ewath therum ganna puluwan

    paramartha walath kaalaya kiyanne

    uthpada thithi banga paramartha waladi kaalayak kiyalaa naa, namuth chiththa chaithasika rupa kiyana ewaa uthpada thithi banga kiyana paramartha darmayata aithi

    rupa darma wala, wedana wala snchaa wala sanskara wala winchana wala pawathma misak loke sathya washayen kalaya kiyala deyak na
     
    Last edited:

    මමත් ඔහොම තමා හිතන්නෙ.. ඒත් මේකෙ විස්තර කරල තියන දේ තේරෙන්නෙ නෑ බං... මේකත් බලපන්කෝ.:yes:.

    rsvfbr.png
     
    oya kiyanne patihcha samuppadaye wage kala bede wistharala karalaa thiyena thana

    athitha kale thanhaa kusal akusal nisaa warthmane rupa winchana wala athi
    wimath wartha mane thanhaa kusal akusal nisaa anagatha rupa winchana
    pahala wena eka gana

    rerukane hamuduruwange poth balanna

    mahanenei hiru saduge babalima nisaa diwaa rathriya athi weda eya kalaya washayen sammatha karagena kiyalaa misak sathya washyen kalayak budu dahame na
     
    • Like
    Reactions: BINGU_PUTHA

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ow :yes:

    rupa wedana sancha sanskara winchana wala athiwima kale kiyalaa wisthara karalaa thiyenne

    rupa iyana eke athi wima kiyana de thruma gaththahama naikwa ewath therum ganna puluwan

    paramartha walath kaalaya kiyanne

    uthpada thithi banga paramartha waladi kaalayak kiyalaa naa, namuth chiththa chaithasika rupa kiyana ewaa uthpada thithi banga kiyana paramartha darmayata aithi

    rupa darma wala, wedana wala snchaa wala sanskara wala winchana wala pawathma misak loke sathya washayen kalaya kiyala deyak na

    බොහොම ස්තූතියි මචන්.:)
     
    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    kataragama deyiyo sarana yana, samanta badra sarana yana ewun owa danne na.
    darmadara hamuduru kenekgen ahapan
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මමත් ඔහොම තමා හිතන්නෙ.. ඒත් මේකෙ විස්තර කරල තියන දේ තේරෙන්නෙ නෑ බං... මේකත් බලපන්කෝ.:yes:.

    rsvfbr.png

    මං හිතන්නේ ඔයාට තේරුම් ගන්න අපහසු වෙන්න ඇත්තේ මුලින් ප්‍රශ්නෙදී "කාලය පරිනිෂ්පන්න වෙනවා කියල නොකිය යුතුයි" කියලා පස්සේ ප්‍රශ්නෙදි "එකරුණින් කාලය පරිනිෂ්පන්න වෙයි" කිව්වහම පරස්පර විරෝධීයි වගේ පේන කොටස වෙන්න ඇති.

    භවයෙන් භවයට යන සත්වයා ගැනත් බුදු රජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ මේ විදිහටමයි මට තේරෙන විදිහට. උදාහරණයක් විදිහට නිමල් කියල කෙනෙක් මැරිලා ඊළඟ භවේ සුනිල් කියල ඉපදුනා කියල හිතමු. දහමට අනුව සුනිල් කියලා ඉපදිලා තියෙන්නේ නිමල් නෙවෙයි හැබැයි වෙන කෙනෙකුත් නෙවෙයි. සුනිල් කියන්නේ නිමල්ම නම් එතන කියවෙන්නේ ආත්මවාදයක්. නොනැසී පවතින දෙයක් තියෙනවා කියල හිතන්න පුළුවන්. හැබැයි සුනිල් කියන්නේ නිමල් නෙවෙයි නම් එතන කිසිම හේතු පල සම්බන්ධයක් නැතිව හේතුපල දහම බොරුවක් වෙනවා. සුනිල් කියන්නේ ඉබේ හටගත්තු සත්වයෙක් කියල හිතෙන්න පුළුවන්.

    මුල් ප්‍රශ්නෙදී කාලය පරිනිෂ්පන්න වෙනවා කියල කිව්වොත් කාලය ප්‍රඥප්ති මාත්‍රයක් නොවෙන පංචස්කන්ධය වගේ හේතු ප්‍රත්‍ය වලින් හටගත්තු වෙනම දෙයක් කියල කෙනෙකුට කියන්න පුළුවන්,
    අතීත කාලය කියන ප්‍රඥප්තිය අපි විසින් පනවාගෙන ඒ අතීත කාලය අරබයා ඒක මෙහෙම උනා කියලා අපි සම්මුතියකට එනවා, ඒ සම්මුතියට නැවතත් අපි අතීත කාලය කියල කියනවා , අන්න ඒ සම්මුතියත් අනිත් හැම සම්මුතියක්ම වගේ හේතු ප්‍රත්‍ය වලින් හටගත් පරිනිෂ්පන්න දෙයක් කියලයි මේ කොටසෙන් පැහැදිලි කරන්නේ කියන එක තමයි මගේ අවබෝධය. (මෙතන සම්මුතිය කිව්වෙත් ප්‍රඥප්තියටමයි)
    ඒ කියන්නේ කාලය කියන්නෙත් ප්‍රඥප්තියක් නිසා ඒකත් අනිත් හැම ප්‍රඥප්තියක්ම වගේ පරිනිෂ්පන්නයි කියන දේ.
     
    මචන් ප්‍රඥ්ඥප්තිය කියන දේ සත්‍ය වශයෙන් නොපවතින දෙයක්. ඒ නිසා සම්මුතිය හෝ ප්‍රඥ්ඥප්තිය හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න විදිහක් නෑ.. එහෙම කියන්න බෑ, මොකද ඒව සත්‍ය ලෙස නොපවතින නිසා. කාලය පරිනිෂ්පන්නයිනම්(හේතූන්ගෙන් හටගන්නවානම්) කාලය කියන දේ සත්‍ය ලෙස පැවතිය ‍යුතුයි.

    මේකෙ මුල් ටික බලපන්කෝ ආයෙත්,,

    33w1mzb.png

    එතකොට අන්තිමට හිතන්න වෙන්නෙ කාලය හේතු ප්‍රත්‍යයෙන් හට නොගත් සත්‍ය ලෙස නොපවතින්නක් ලෙස..:confused::confused:

    මට හිතෙන්නෙ එහෙම? අර ctooi කියනව වගේ.. එත කොට අපිට කාලමුක්ත නිර්වාණය කියන දේ තේරුම් ගන්නත් පහසු වෙනවා..:confused::confused:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    මේකෙ හැටියට කාලය කියන්නෙ ප්‍රඥ්ඥප්තියක් විතරද? :eek:

    ඇස් පෙන්නේ නැති නිසාද බෝල්ඩ් වැඩි නිසාද කියන්න දන්නේ නැහැ, ඕකේ තියෙන බැඳි අකුරු කියවන්න අමාරුයි බන්. මම දන්න තරමින් කාලය ප්‍රඥ්ඥප්තියක් නෙවෙයි. කාලය මනින ඒකක මිනුම් ප්‍රඥ්ඥප්ති වෙන්න පුළුවන්. උදාහරනයක් විදිහට, තව 1:00 PM කියන්නෙ 13:00 බව හැමෝම දන්න සම්මුතියක් නිසා ප්‍රශ්නයක් නෑ.
    විනාඩියක් කියන්නේ තත්පර 100ක් කියලා මුළු ලෝකෙම සම්මුතියකට එන්න පුළුවන්නම් ඒකත් ප්‍රඥ්ඥප්තියක්.
     
    Last edited: