K.පුන්නසෝම;16770496 said:
සියල්ල අනිත්‍යයි කියල දෙයකුත් නෑ එහෙනම්
මචං මම කිව්වේ මහා භද්‍ර කල්පය විනාශ වෙන විදිහ ගැන ගෞතම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහ. ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉරවල් සතක් පායලා ඇඟිලි පුරුකක් තේමන්නවත් ජලය නැති තැන හත්වෙනි සූර්‍යය උදාවත් සමග දුම් දමමින් තිබෙන මහා මේරු පර්වථයත්, මහ පොළවත් ගිණි ගෙන දැවෙන්න පටන් ගන්නවා කියලයි. ඒ සමඟම ඒ ගිණි දැල් මේ සියලු ලෝ තලය, ශූන්‍ය වූ අභ්‍යව්‍යකාශය දවාලමින් තෘතිය ධ්‍යාන ලාභීන් වසන බ්‍රහ්ම ලෝක දක්වාම ගමන් කරනවා කියලයි. කල්ප විනාශය වෙන විදිහ දැන ගන්ට අවැසිනම් "සත්ත සුරියුග්ගමන සූත්‍රය" කියවන්න ඔබ කියවීමට ලැදි කෙනෙකු නම්. ඔතන තුතිය ධ්‍යාන ලාභීන් වසන කිව්වේ බ්‍රහ්ම ලෝක පවතින්නේ ස්ථර වශයෙන්. ප්‍රථම ධ්‍යයාන ලාභීන්, දෘතිය සහ තෘතිය, චතුර්ථක ලෙස පිලිවෙලට ඉහළට. එහි උඩම ස්ථරය තමයි මේ ත්‍රෙඩ් එකේ අහලා තියෙන සුද්ධවාස භූමි තියෙන්නේ මචං. ඒ භූමි පහෙනුත් ඉහලින්ම තියෙන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකය. ඒ සමඟ චතුර්ථක ධ්‍යාන ලාභීන් වෙසෙන අසඤ්ඤසත්ත සහ වෙහප්ඵල කියන බ්‍රහ්ම ලෝක දෙකත් විනාශ වෙන්නේ නැතිලු. ඒ මේ භද්‍ර කල්ප විනාශය ගැන බුදුන් වහන්සේ දේශනා කළ දෙය. ඒත් පසුව සිදුවන කල්ප විනාශ වලදී ඔය කියන උසස්ම බ්‍රහ්ම ලෝක පහ වෙන සුද්ධවාස භූමි විනාශ වෙනවා ඇති සමහරක් විටක. ඒ ගැන කියන්න නම් මම දන්නේ නෑ මචං.
ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක අන් රූපාවචර බ්‍රහ්ම ලෝක වලින් වෙනස් වෙනසා සහෝ. ඒ වෙනස් වෙන්නේ එයට යන්න පුලුවන් අරූපාවචර ධ්‍යාන වැඩීමෙන් නෙමෙයි ඉහත කියපු ප්‍රථම සිට චතුර්ථක දක්වා එනම් ඒ සඳහා නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමෙන් විතරයි යන්න පුලුවන්. යමෙකු අනාගාමී බවට පත්ව පිරිණිවන් පෑවද ඔහු තම අවසන් භවය ගතකිරීමට ඉපදෙන්නේ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහෙන් එකක ය. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට පිවිසෙන පුද්ගලයා ඉන් පිරිනිවන් පාන්නේ අරහත් පුද්ගලයෙකු ලෙසයි මම කලින් පෝස්ට් එකේ කිව්වා වගේ. ඒ කිව්වේ මේ මනුශ්‍ය ලොවේ නැවත ඉපදීමක් නැහැ. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක තවත් අංශ කීපයකින්ම අනික්වා හා වෙනස් වෙනවා . යම් කලෙක බුදු කෙනෙකු පහළ වීමට නියමිත බව කලින් ම දැනගන්නේත්, බ්‍රාහ්මණ වේශයෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණ මනුෂ්‍ය ලෝකයේ පාලකයන් ඇතුලු ජනතාවට, බුදුන් වහන්සේ හඳුනාගත හැකි ලකුණු කියාදෙන්නේත් මෙම බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් විසින්. ඒ වගේම ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වී සිටින විට ලෝකයට සත්‍යය කියාදෙන ලෙස ඉල්ලා සිටි සහම්පති බ්‍රහ්ම දිව්‍යරාජයාත් මෙම බ්‍රහ්ම ලෝකයේ වැසියෙකි. ඒ කොහොම උනත් සියලු දේ අනිත්‍යය තමයි මචං. මේ කල්ප විනාශේ නොවුනත් එයට වෙනදේ අපි දන්නේ නැහෑ.








