බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?

බුදුහාමුදුරුවෝ &

  • බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ.

    Votes: 27 30.0%
  • බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ.

    Votes: 15 16.7%
  • බුදුහාමුදුරුවෝ ඉපදුනේ නේපාලයේ.

    Votes: 48 53.3%

  • Total voters
    90

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?

බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
පොලොන්නරුවේ තමයි ඉතින්. එක එකා ඒ කාලේ දැගලුව හම්බන්තොට ගෙනියන්න..
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ වර්ථමාන නේපාලයේ.
    ඒකට පුරාවිද්‍යා වගේම පුරාවෘත සාක්ෂි දරනවා. ලංකාවේ කියලා පුහු කෙස් පැලෙන තර්ක ගෙනාවට වැඩක් නෑ.

    වැදගත්ම කාරනේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහේද කියලා හොය හොය ඉන්න එක නෙවයි. දර්මය යම්තාක් දුරකට හෝ අවබෝධ කරගන්න උත්සාහ කරන එක. අඩුම තරමේ මේ ආත්මේ නිවන් දකින්න බැරි උනත් නියම මගට වැටිලා ලබන ආත්මෙවත් චාන්ස් එක ලැබෙයි. අනිත් එක සතර අපා ගත වෙන එකවත් නවතී. ඉපදුනේ කෙහෙද කියලා හොය හොය හිටියා කියලා ධර්මාවබෝධය ලැබෙන්නෙ නෑනේ.
     
    • Like
    Reactions: Dishta Didin

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇයි උඹ ඩුවල් සිටිසන්ශිප් දෙන්නද? නැත්නම් උප්පැන්නෙ හදන්නද? :eek:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    ethakot suddodana kauda?kohe hitiya king da?amma kauda?wife kauda?rahula koheda.shakya clan eka koheda :baffled:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    නෑ වර්ථමාන නේපාලයේ.
    ඒකට පුරාවිද්‍යා වගේම පුරාවෘත සාක්ෂි දරනවා. ලංකාවේ කියලා පුහු කෙස් පැලෙන තර්ක ගෙනාවට වැඩක් නෑ.

    වැදගත්ම කාරනේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහේද කියලා හොය හොය ඉන්න එක නෙවයි. දර්මය යම්තාක් දුරකට හෝ අවබෝධ කරගන්න උත්සාහ කරන එක. අඩුම තරමේ මේ ආත්මේ නිවන් දකින්න බැරි උනත් නියම මගට වැටිලා ලබන ආත්මෙවත් චාන්ස් එක ලැබෙයි. අනිත් එක සතර අපා ගත වෙන එකවත් නවතී. ඉපදුනේ කෙහෙද කියලා හොය හොය හිටියා කියලා ධර්මාවබෝධය ලැබෙන්නෙ නෑනේ.

    ඔය ලංකාවෙ ඉපදුනා කියල කියන්න හේතුවත් තමන්ව මාකට් කරගන්න අලුත් දෙයක් කියන්න ඕනෙ නිසයි...කෙප්පෙ නිසා මුසාවාදා සිල් පදෙත් කඩාගෙන සිවුරකුත් දාගෙන කරගන්න විනාසයක් ඉතින්..:dull:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පරදේශ නාමාවලිය


    page-108-109_zpsxqmntr5r.jpg





    996666_620492491342586_1457826092_n_zpsai8rm6iq.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    ethakot suddodana kauda?kohe hitiya king da?amma kauda?wife kauda?rahula koheda.shakya clan eka koheda
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බුදුන් ඉපදුණ බොරු තැන දුටුවෙමි

    Sunday,30 Oct 2016 නිමල් අබේසිංහ


    නිමල් අබේසිංහ

    ශ්‍රී ලංකාව මේ වනවිට මිථ්‍යා විශ්වාසයන් පතුරු වන්නන්ට සහ ඒවා වැළඳගත්තවුන්ට තෝතැන් නක් වී හමාරය. කොහේ සිට හෝ කඩා පාත්වෙන උන්මත්තකයකු විසින් මිනිසුන්ගේ ඔලුවට ගෙනවුත් අතාරින මේ අවිද්‍යාවන් නිසා රට වැටෙනුයේ වළපල්ලටය. බුදුන් (සිදුහත්) උපන්නේ ඉන්දියාවේ බවට ඵෙතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව තහවුරුව ඇති වුවත් බුදුන් පහළවූයේ ශ්‍රී ලංකාවේය යන මිථ්‍යාවක් පතුරුවන හෝඩුවාවක් අපට දැනගන්නට ලැබිණ. මේ පිරිස පවසන්නේ සිදුහත් බුද්ධත්වයට පත්වූයේ ශ්‍රී ලංකාවේ හබරණට නුදුරු හිරිවඩුවන්න නම් ප්‍රදේශයේ බවය.
    මේ ආන්දෝලනාත්මක ප්‍රචාරයට අනුව අපි ගෞතම බුදුන් බුදුවූයේ යැයි පවසන හිරිවඩුන්න ගමට ගියෙමු. කොළඹ හබරණ මාර්ගයේ හබරණ නගරයට කීලෝ මීටර් දෙකක් මෙහායින් වම්පසට ඇති ගුරුපාරේ කීලෝමීටර් දෙකක් පමණ ගියවිට හිරිවඩුන්න විහාරය මුණගැසෙයි. මේ ස්ථානය දැන් හඳුන්වන්නේ ශ්‍රී බෝධිරාජ ආරණ්‍ය සේනාසනය යන නාමයෙන්ය. දිරාගිය පැරණි බෝ රුකක්ද ගල් කණුද ගල් පතුරුද ආරණ්‍ය සේනාසනයට අයත් අක්කර දහයක් පමණ වූ භූමිය පුරා විසිරී ඇත. පස මතුපිට ද පසින් යටවීද තිබෙන මේවා දකින විට මෙහි කිසියම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බව කිව හැකිය. එහෙත් මේ ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර නැත. අක්කර දහයක පමණ වූ කැලෑව සහිත භූමිය නම් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු වුවකි.
    කුඩා ආවාස ගෙයට පිවිස එහි වැඩහුන් භික්ෂුන්වහන්සේ සමඟ කතා බහේ යෙදෙත්දී ඒ හිමියන් පැවසුවේ මෙබඳු කතාවකි.
    “මම මෙතැනට ඇවිත් මාස දෙකහමාරක් විතර ඇති. මම මහණ වුණේත් ගිහි ජීවිතයක් ගත කර දරුමල්ලනුත් ලොකුමහත් වුණාට පස්සේ. මට අවශ්‍ය බුදුන් ඉපදුණ තැන හෝ බුදුවුණ තැන සොයන්න නොවෙයි. බණ භාවනාවක් කරගෙන නිදහසේ සිටින්නයි. ඒ නිසා ගෞතම බුදුන් බුදුවුණ ස්ථානය මෙතැනම කියලා මම කියන්නේ නැහැ. ඒ ගැන තවම හරියට සොයාගෙනත් නැහැ. කොහොමටත් මට ඕවායින් කිසිම ඵලක් නැහැ. තව ටික වේලාවක් යනකොට ඔය කොළඹ පැත්තෙන් මහත්වරු එන්න පුළුවන්. අන්න ඒ අයත් එක්ක කතාකරලා බලන්නකෝ” විහාරවාසී රුවන්වැල්ලේ සාසනවංශ හිමියෝ අපට එසේ කීහ. එසේ වුවත් උන්වහන්සේ අපට විහාර භූමිය පිටුපස ඇති ඉපැරණි නෂ්ටාවශේෂ පෙන්වන්නට තරම් කාරුණික වූහ.
    සාසනවංශ හිමියන්ගේ කතාවත් සමඟ මම බෝධිය අබියසට පැමිණියෙමි. කතාව ඇත්තය. නවීනතම මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙකුගෙන් යුත් පිරිසක් බෝ මළුවේ තැනින් තැන සිටියහ. එක් අයෙකු බිම හිඳගෙන නෙත් පියාගෙන බෝරුක දෙසට වැඳගෙන සිටි අතර තවත් අයෙක් හිටගෙනම බෝරුක දෙසට වැඳගෙන සිටියේය. මම සීරුවෙන් ඒ දෙසට කිට්ටු කළෙමි. හිටගෙන සිටි තැනැත්තා අසළට යන විට ඔහු මා දෙස බැලීය. මම මඳහසක් පෑවෙමි. ඔහු පෙරළා සිනානොවුවද “අදමද ආවේ.” යැයි මගෙන් විචාළේය.
    “ඔව්” යන මගේ පිළිතුරත් සමඟ ඔහු පැවසුවේ “මම නම් මේ හයවෙනි වතාව” යනුවෙනි. “ඔබ එහෙනම් මෙතැන ගැන හොඳට දන්නවා ඇතිනේ.” මම ඔහුගෙන් ඇසීමි. ඔහු මට ඉතිහාස පාඩමක් කියාදීම ආරම්භ කළේය.
    “මේ ගමට කියන්නේ හිරිවඩුන්න. ඒකේ තේරුම හිමි වැඩහුන් තැන කියන එකයි. ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවුණේ මෙතැන කියන එකයි. අර බලන්න.” ඔහු බෝධිය වටා ඇති ආවරණ වැටෙන් උඩට ඉස්සී බෝගසේ මුල මට පෙන්වයි. ‘අර ගල් පතුරක් පේනවා නේද ඔන්න ඕක උඩ තමයි කුසතණ අසුරලා ඒ මත වැඩ හිඳගෙන බෝධිසත්වයන් වහන්සේ බුදුවෙලා තියෙන්නේ. ඉස්සර මෙතැන වැටක් තිබුණේ නැහැ. ඒ කාලේ ළඟටම ගිහින් බලන්න පුළුවන්. ඒ කාලේ ගත්ත පින්තූරයක් මගේ ළඟ ඇති.’ ඔහු සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කර මට පෙන්වයි. එහි ඇත්තේ බෝමුල්වලින් අඩක් පමණ වැසී ගිය ගල්පතුරකි.
    ඔහුගේ වාග් විලාසය හා මුහුණේ ස්වභාවය ආවේගාත්මකය. ආවේශවූවෙකුගේ ස්වභාවය පළකරන්නකි. ඒ නිසා ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ඔහු මා හා දබරයට පැටලීමට හේතුවක් වනු ඇතැයි තීන්දු කර හරස් ප්‍රශ්න නොඅසන්නට තීරණය කළෙමි.
    “යමුකෝ ඔබට තව විශේෂ තැන් කීපයක් පෙන්වන්නම්.” ඔහු සිය සගයන් සමඟ පෙරමුණ ගත්තේය. මා මෙන්ම ඔහුගේ සගයන්ද මෙතනට ආධුනිකයන්ය. වනයට පිවිසෙන අතුරු මඟක් දිගේ ඔහු අප කැඳවාගෙන යයි. “මේ තිබෙන්නේ සුජාතාව කිරිපිඬු දානය පුජාකළ ස්ථානයයි.” බිම ඇති තවත් ගල් පතුරක් අපට පෙන්වයි. අනතුරුව ඔහු අප කැඳවාගෙන ගියේ ඉන් ඔබ්බෙහි තිබෙන වතුර පතහක් ළඟටය.
    “මෙන්න මෙතැන තමයි පාත්තරේ උඩුගං බලා ගියේ. දැන් මෙතැනට කියන නම උඩංගාව. උඩංගාව කියන්නේ උඩුගංබලා ගිය ස්ථානය කියන එකයි. හැබැයි අතීතයේ මෙතන තිබුණ ගඟ අද නැහැ. ගංගාවල මාර්ගත් කාලයක් යනකොට වෙනස්වෙන එක ස්වභාවයක්නේ. මොන ඉඩෝරෙකටවත් මෙතන වතුර හිඳෙන්නේත් නැහැ.” ටොයොටා ආයතනයේ සේවය කරනවායැයි පැවසූ මේ පුරාවිද්‍යාඥයා මට පැවසුවේය.
    මේ පුරාවිද්‍යාඥයා මෙන්ම තවත් පුරාවිද්‍යාඥයන් කිහිපදෙනෙකුම පොහොය දිනවලදී රට පුරා සිටින උන්මත්තක බැතිමතුන් මෙතැනට කැඳවාගෙන එන බවත් ඔවුන්ට සිද්ධාර්ථ ගෞතමයන් බුදුවූ ස්ථානය ඇතුළුව බුදු සිරිත් හා බැඳුණ සිද්ධස්ථාන පෙන්වමින් ඔවුන් නොමඟ යැවීම ප්‍රසිද්ධියේ කරන බවත් දැනගන්නට ලැබිණි.
    “ඕක කැලේ තිබිලා අපේ අත්තප්පලා එහෙම තමා බෝධිය ළඟට ගෙනල්ලා දැම්මේ. මම ඒ වෙනකොට හිච්චි ගැටයා.” ගමේ ඇත්තෙකු වන කළුබණ්ඩා හිරිවඩුන්නේ බෝධිය පාමුල ඇති ගල් පුවරුව ගැන ඇසු විට දුන් පිළිතුරයි.
    ගෞතම බුදුන් බුදුවුයේ යැයි කියන කතාව හිරිවඩුන්න ගමේ ඇත්තෝ පිළිනොගනිති. එය ඔවුන්ට තවත් එක් සිද්ධස්ථානයක් පමණකි.
    හිරිවඩුන්නේදී සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වූයේ යැයි කියන මුසාවාදයේ න්‍යාචාර්යවරයා වන්නේ මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් හිමිනමකි. ගිහි දිවියේදී කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයකුව සිට විශ්‍රාම ලබා පැවිදි වූ බවද කියති. “අප උපන් මේ හෙළබිම ජම්බුද්වීපයයි.” යනුවෙන් කෘති දෙකක් මේ හිමියන් විසින් රචනා කර ඇත. ඒ මඟ ගනිමින් ජයරත්න පතිරාරච්චි, මහේසි පැනෑටිගල, සුසන්ත ඩයස්, මානැවේ විමලරතන හිමි, මුකලන්ගමුවේ ප්‍රඥානන්ද හිමි, පී.එච්.ටී. චූලවංශ, හිරාන් ශෂි හේරත් යන පිරිසද කෘති පළකර ඇත.
    ඔවුන්ගේ මෙහෙයවීමෙන් ලංකාවේ සිතියමක් මුද්‍රණයකර එහි ගෞතම බුදුන් හා සබැඳි ස්ථානද නම් කර තිබේ. ඒ අනුව සිදුහත් උපත සිදුව ඇත්තේ මහනුවර තෙල්දෙණියේ බඹරගලය. ඔවුන් පවසන විදියට ඒ ලුම්බිණියයි. ඒ සටහන් අනුව කිඹුල්වත් නුවර දිඹුලාගලය. කොසඹෑනුවර නම් සියඹලාණ්ඩුවය. බුදුගල නම් ස්ථානය කුසිනාරාරාමයය. එයට කැබිලිත්ත විශාලා මහනුවරය. හිරිවඩුන්න උත්තරාරාමයය. රිටිගල ජේතවනාරාමයය. රජගල රජගහනුවරය. නේරංජනා ගඟ හෝ අනෙකුත් ගංගාවල් නම් නැත.
    තමන්ගේම මනෝමූල තර්කයන් ඉදිරිපත් කරමින් ඔවුන් මේ කරන්නේ ගැඹුරු දහමක් ලොවට පෙන්වාදුන් බුදුන්ටද නිගාවකි. සිරිලක ඵෙතිහාසික ග්‍රන්ථ අතර මහාවංශයට මුල්තැනක් හිමි වුවද එහි දක්වන සියලු තොරතුරු සත්‍යයක් යැයි අපටද පිළිගත නොහේ. මේ පිරිසද මහාවංශය ප්‍රතික්ෂේප කරති. පුදුමය නම් තමන්ට ඇවැසි විට තම මතය තහවුරු කරන්නට එහෙව් මහාවංශයෙන්ම උදාහරණ දැක්වීමයි. හිරාන් ශෂි හේරත් නමැත්තා ලියන ලද “මේ බුදුන්ගේ දේශයයි” නම් කෘතියෙන් එවැන්නක් අල්ලාගත හැකි විය.
    “එමෙන්ම මහාවංශයේ දැක්වෙන පරිදි නාග රජකෙනෙකු කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම බුදුවරයන් වහන්සේලා දැක තිබේ. ”
    “89 ඉක්බිති දිනක් රජතෙමේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුවරයන් වහන්සේලා දුටු මහා භද්‍ර කල්පයෙහි ආයුෂ ඇති මහාකාල නම් වූ මහා ඉර්ධිමත් නා රජු පිළිබඳව” (පිටුව 40)
    හිරාන් ශෂි හේරත් මේ උද්ධෘතය ගෙනෙන්නේ ගෞතම බුදුන් පමණක් නොව පෙර බුදුවරුන්ද පහළවූයේ හෙළදිව හෙවත් මේ රටෙහි බව සනාථ කිරීමටය. මේ වනාහි මහාවංශයත් පරයන අමු බේගල් නොවේද?
    ශ්‍රී ලංකාවේ බුදුසමය ව්‍යාප්ත වනුයේ මහින්දාගමනයෙන් පසුව වුවත් මේ පිරිසට අනුව කාවන්තිස්ස රජු හා විහාරමහා දේවියත් බුදුන්වහන්සේ සියැසින් දැක තිබේ. එය සනාථ කරනුයේ සෙල්ලිපියක් ඇසුරිණි.
    “පිත මහ රඣහ බඩකරික පරුමක ශ්‍රමන පුත පරුමක චෙමශ ලෙනෙ රඣ තිශහ රඣීයශී නියතෙ අග අනගත බගවත ශගශ” පිත (පණිත) මහරජුගේ භාණ්ඩාගාරික ගරු ශුමනගේ පුතා චෙමශගේ ලෙන කාවන්තිස්ස රජුගේ දේවිය විසින් බුදුන් ඇතුළු වැඩි නොවැඩි සංඝයාවහන්සේට පූජා කිරීම (අපට අහිමි කළ අපේ උරුමය 3 – 11 පිට) ශිරාන් ශෂි හේරත්ගේ බුදුන්ගේ දේශය පොතෙහි පිටුව 90නි.)
    මේ අයට අනුව කාවන්තිස්ස රජු පමණක් නොව දුටුගැමුණු කුමරු පවා බුදුන් දැක ඇත්තේය. මෙවැනි ගල් පැලෙන බොරුවලට රැවටෙන පිරිසක් මේ රටේ සිටීම කනගාටුදායකය. අනෙක් පුදුමය නම් සෙල්ලිපි කියවීමේ මනා දස්කමක් ප්‍රවිණතාවක් මේ අයට තිබීමයි. මේ අයගේ සෙල්ලිපි කියවීමේ ගුරුවරයා ජයරත්න පතිරාරච්චිය. ඔහු සෙල්ලිපි කියවීම ග්‍රන්ථයක් ද රචනා කර ඇත්තේය. ඔහුගේ සෙල්ලිපි කියවීමේ ඥානය කෙබඳුදැයි දැනගැනීමට ඔහුගේ දුරකථනයට කතා කිරීමෙන් පමණක් ඕනෑම අයෙකුට දැනගත හැකිය. ඉන් ඔබ්බට ඔහු ගැන කිවයුතු නොවේ.
    මේ කතාවෙන් නැවතත් පෙනෙන්නේ බුදුන් මෙරට පහළවුණේ‘යැයි පවසන්නේ තවත් උමතුවූවන් පිරිසක් බවට නොවේද? දැනටමත් මේ පිරිසට එකතු වී ඇත්තේ රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන්, විශ්‍රාමික විනිසුරුවරුන්, පොලිස් නිලධාරීන්, බැංකු සේවකයන් වැනි අයයි. කාන්තාවන් බහුතරයක්ද මේ පිරිසට අයත්ව සිටින බව පෙනෙයි.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතුරුවෙලා තිබ්බේත් ඔච්චරයි. ඒකත් කාලම දාපන්. ඔකෙන් වෙන්නේ මොකක්ද දන්නවද? කාලයක් ගිහින් ඔය තර්කය පට්ටපල් බොරු කියලා එකෙක් ඔප්පුකරපු ගමන්, ඊට පස්සේ අන්යගාමික හැත්ත බුදුන්වහන්සේගේ ඉපදීමත් බොරුනම් කවර කතාද කියල තවුසන්ඩ් ටොක්ස් දීලා කුජීත කරනව දර්මය බොරුයි කියලා. ඒ පාපෙට පාර කපන උබලට මොනවා වෙයිද කියලා දන්නේ නැ.
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඉතුරුවෙලා තිබ්බේත් ඔච්චරයි. ඒකත් කාලම දාපන්. ඔකෙන් වෙන්නේ මොකක්ද දන්නවද? කාලයක් ගිහින් ඔය තර්කය පට්ටපල් බොරු කියලා එකෙක් ඔප්පුකරපු ගමන්, ඊට පස්සේ අන්යගාමික හැත්ත බුදුන්වහන්සේගේ ඉපදීමත් බොරුනම් කවර කතාද කියල තවුසන්ඩ් ටොක්ස් දීලා කුජීත කරනව දර්මය බොරුයි කියලා. ඒ පාපෙට පාර කපන උබලට මොනවා වෙයිද කියලා දන්නේ නැ.

    ඔව්. බුදුන්ගේ උපත අවිශ්වාසදායක වුනොත් ඒකම ධර්මයේ පිරිහීමට ඉවහල් වෙනවා.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දුටුගැමුණු කියන්නේ සුද්දෝධන රජතුමාට. :D:rofl:
    එතකොට රොඩී කෙල්ලෙක් එක්ක පැනල ගියේ සිද්ධාර්ත කුමාරයද? අයියෝ සල්ලි.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    වැදගත්ම කාරනේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහේද කියලා හොය හොය ඉන්න එක නෙවයි. දර්මය යම්තාක් දුරකට හෝ අවබෝධ කරගන්න උත්සාහ කරන එක. අඩුම තරමේ මේ ආත්මේ නිවන් දකින්න බැරි උනත් නියම මගට වැටිලා ලබන ආත්මෙවත් චාන්ස් එක ලැබෙයි. අනිත් එක සතර අපා ගත වෙන එකවත් නවතී. ඉපදුනේ කෙහෙද කියලා හොය හොය හිටියා කියලා ධර්මාවබෝධය ලැබෙන්නෙ නෑනේ.

    :yes: