පසේ බුදුවරු බොහෝ දෙනා විශ්වය තුල එකවිට පහළ විය හැකියි. නමුත් සම්මා සම්බුදුවරු පහළ වන්නේ එකවිට එක් බුදුවරයෙක් පමණයි.
Semadenatama pin sidda wechchaawe!
පසේ බුදු කෙනෙක්ට අනිත් අයට ධර්මය අවබෝධ කරලා දෙන්න බැරිනං "මයිත්රී බුදුන් දැක නිවන් දකීවා" කියන්නේ ඇයි?
දන්න කෙනෙක් මේක තෙරුන් කරලා දෙන්න.
මේ කතාව වැරදියි.
පසේබුදු කෙනෙක් පහල වෙන්නේ මිනිස්සුන්ගේ කෙලෙස් වැඩි කාලෙක.
ඒ කාලේ මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරන්න ලේසි නෑ.
ඒ වගේම තමයි මිනිස්සුන්ට අවබෝධ කරගන්න පිනකුත් නෑ.
බුදු කෙනෙක්ට සර්වඥතා ඥානය තිබෙනවා. ඒත් පසේ බුදු කෙනෙකුට මේ ඥානය නෑ. බුදු කෙනෙක්ට මහා කරුණාව ඇත. ඒ නිසා බුද්ධ ශාසනයක් පිහිටුවලා බොහෝ දෙව් මිනිසුන් සසරින් එතෙර කරනවා. පසේ බුදු කෙනෙක්ට මේ මහා කරුණාව නෑ.

මේක වැරදි පසේ බුදු වරුන් දේශනා කරන ධර්මය අවබෝධ කරන්න ගන්න තරම් බුද්ධියක් ඇති අය ඒ කාල වලදී නැති නිසි, කිසිදු දේශනාවක් නොකරන්නේ, නැතිව උන් වහන්සේලාට ඥානය නොමැති නිසා නෙවෙයි![]()
බුදු වරුන් පහලවීමත්, පසේ බුදුවරුන් පහලවීමත්, රහතුන් පහල වීමත් සියලු සත්වයින්ගේ යහපත් පිනිසම පවතී.
පෙර සිටි පසේ බුදුවරුන් ගැන සිහිකර සිත පහදවා හැනීම පමණකින්ම යහපත් උපදී.
"සියලු ක්ලේශසඞ්ගයන් ඉක්මවා ගිය ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් වන් ගුණ විසින් අප්රමෙය වූ ඒ ප්රත්යෙකබුද්ධ මහර්ෂින්හට නමස්කාර කරව."
(ඉසිගිලි සූත්ර දේශ්නය කියවන්න )
පසේ බුදුවරුන් ගැන අපි දන්නෙත් බුදුරජානන් වහන්සේ කියපු හින්ද. උන් වහන්සේත් වර්ණනා කරපු අප්රමාණ ගුන තියනව කියපු පසේ බුදුවරුන්ගෙ ගුණ ප්රමාණ කරන්න ගිහින් නිස්කාරනේ පවු රැස්කරගන්න එපා.
බුදු කෙනෙක්ට සර්වඥතා ඥානය තිබෙනවා. ඒත් පසේ බුදු කෙනෙකුට මේ ඥානය නෑ. බුදු කෙනෙක්ට මහා කරුණාව ඇත. ඒ නිසා බුද්ධ ශාසනයක් පිහිටුවලා බොහෝ දෙව් මිනිසුන් සසරින් එතෙර කරනවා. පසේ බුදු කෙනෙක්ට මේ මහා කරුණාව නෑ.
