බුදු දහමට අනුව 'කාලය'.?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කාලය කියන්නෙ අපේ මනසේම නිමානයක් කියල හිතුවොත් නම් බුදු දහමේ දැනට තියන ඉගැන්වීම් වලින් අදහස් ගන්න පුලුවන්. ඒත් කාලය මනසේ නිර්මානයක් විතරද්ඩ කියල ප්‍රශ්නෙ තියනව...:nerd:

    මම හිතන විදිහටනම් කාලය කියල කියන්නෙ මනසේ නිර්මාණයක් විතරක් නෙමේ. ඒකට හේතුව තමයි මොහොතින් මොහොත (නැවතත් කාලය :lol:) අපි දකින ජීවී අජීවී හැම දෙයක්ම වෙනස් වෙනවා, ie: වයසට යනවා. එක තේරුම් ගන්න අපි විසින් යොදා ගන්න මානයක් (dimension) තමයි කාලය කියන්නෙ. ඒ නිසයි කාලය ගැන හැගීමක් නැති පිස්සු මනුස්සයෙක් උනත් වයසට යන්නෙ (බාහිරින් සහ ඇතුලතින්).
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,964
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මමත් දැනගන්න කැමතියි.
    ඕක කියල දෙන්නනම් බුදු කෙනෙක් පහල වෙනකන්ම ඉන්න වෙයි. මට හිතෙනවා ඉස්සර ඔය වගේ දේවල් ඔය අර්ථයෙන් කියල දෙන්න නැතුව ඇති, මිනිස්සුන්ට තේරුම් ගන්න ගොඩක් අමාරු සබ්ජෙක්ට් එකක් නිසා. වෙනස් දේවල් වලින් ඒ පැත්ත කවර් කරන්න ඇති. ඒ වෙනස් දේවල් මොනවද කියල මමනම් දන්නෙ නැත.
    බුදුවරු එහෙම නොගැලපෙන තාක්ෂණය දියුණු කාල වල පහල වෙන්නෙ නෑ,කලින් පෙරුම් පුරාගෙන පින් කරපු අය ඒ කාල වල බුදුන් එක්කම ඉපදිල ධර්මය අහල නිවන් දකිනව.
     

    Neverland

    Junior member
  • Oct 20, 2016
    48
    4
    8
    මේක ටිකක් පටලැවිලි සහගත වෙන්න පුළුවන් මචන්. ඒත් ධර්මයේ ගැඹුරට යනකොට තේරෙනවා ධර්මය පවතින්නෙ වර්තමානයේ මිසක් අතිතයෙවත්, අනාගතේවත් නෙමෙයි කියල. අපි ඔය time-travel කියන සංකල්පය ඔලුවට දාගෙන ඉන්න නිසා අතීතය තාත්වික දෙයක් විදිහට දකිනව. ඒත් අතීතය කියන්නෙ හෙවනැල්ලක් මිසක් සැබෑවට පවතින දෙයක් නෙමෙයි. මේක තේරුම්ගන්න ලේසිම ක්‍රමය, කාලය කියන දේ රේඛාවක් විදිහට දකිනවට වඩා, තිතක් විදිහට දකින එක.

    මෙම අර්ත කථනය සාර්ථකයි. බුදු දහමෙ මුලික ඉගෙන්වීම අනුව පවතින්නෙ වර්තමානයක් පමනයි. වර්තමානයෙ සිත් පහල වීම තුලින් අතිතට සහ අනගතය මෙහෙමයි කියලා අපට මනසින් සිතන්න පුලුවන්.
    එහෙම නෙතුව අතිතය හා අනගතය තවත් කාල රමුවක් නෙමේ. ධර්මයට අනුව සිතක් පහල විමට කාලයක් ගතවේ. එම කාලය චිත්තක්සනයක් කියලා හදුන්වනවා. එය ඉතාම කුඩා කාලයක්, සාමාන්යයෙන් කියන්නෙ ඇසිපිය ගසන කලයට සිත් ලක්ශ කොටි වාරයක් පහල වෙනවා කියලා. (100000 x 10000000).

    කාටවත් පවතින අතීතයකට හො අනාගතයකට යනටවත් බැ. නමුත් ඉර්දි තියන උත්තමයන්ට අතිතය හා අනගතය බලන්න පුලුවන් වර්තමානයෙ ඉදලා.

    මේක බලලා දිව්ය හ බ්‍රහම ලොක වල කාල වෙනස තේරුන්ගන්න උත්සහා කරන්න

    yaU_shCWLP_xvYj6Dy40JGHQQ7iUm0Mvj9Xzcux5TUnsW3bb0AEimJM_Gqljvj2fxW601U-PzQ=w1366-h768-rw-no
     
    බුදු දහමේ කාලය අර්ථ දක්වන්නේ කොහොමද.?
    චිත්තක්ෂණ වලින්. තප්පරයකට කෝටි ගාණක් චිත්තක්ෂණ පහල වෙනවාලු. (පොත් කීපයක මේ කාරණේ දැක මතක තිබුණ නිසා කිව්වෙ :yes:, අවබෝධයකින් නෙවෙයි :no:)

    සිතේ ඉපදීම ට උත්පාදය යි ද, පැවැත්ම ට ස්ථිතිය ය යි ද, අභාවප්‍රාප්තිය ට භංගය ය යි ද, කියනු ලැබේ. උත්පාදස්ථිති භංග යන මේ තුන් කාලය ට චිත්තක්ෂණය ය යි කියනු ලැබේ. චිත්තක්ෂණය ඉතා ලුහුඬු කාලයකි. එක් සන්තානයක එක් සිත් පරම්පරාවක එඉකවර සිත් දෙකක් නූපදින්නේ ය. දෙවන සිතක් උපදින්නේ උපන් සිත සම්පුර්ණයෙන් ම අභාවප්‍රාප්ත වූ පසු ව ය. සාමාන්‍ය ලෝකයා විසින් ඉතා කෙටි සැටියට සලකනුයේ ඇසුරක් ගැසීම ට ගතවන කාලය, ඇසිපිය හෙලීම ට ගත වන කාලය ආදිය යි. "සො පන ඛණො අච්ඡරාසංඝාත ඛණස්ස අක්ඛිනිම්මීලනඛණස්ස ච අනෙකකොටි සතසහස්ස භාගො දට්ඨබ්බො" යනුවෙන් සිතක ජීවන කාලය ඇසුරු ගසන කාලයෙන් ඇසිපිය ගසන කාලයෙන් කෝටි ලක්ෂ ගණනින් කොටසක් තරමට කුඩා බව දක්වා තිබේ.

     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කාලය රේකිය මානයක්ද.?

    අපේ මනසේ නිර්මාණයක්ද.?

    නිවන් දකිනවා කියන්නේ කාල රාමුවෙන් මිදෙන එකද.?

    බුදුදහමට අනුව කාලය කියන්නේ පරමාර්ථ ධර්මයක් නෙමේ.
    කාලය කියන්නේ සම්මතයක්.
    පරමාර්ථ ධර්ම තියෙන්නේ 82යි. කාලය එකට අයිති නා.
    ඒක හින්ද එක හොයන එක තේරුමක් නා.
    පරමාර්ථ ධර්ම කීපයක් එකතු වෙලා තමා කාලය හැදිලා තියෙන්නේ.
    පරමාර්ථ ඉගෙන ගැහ්තහම සම්මත ගැන දැනුමක් ඒවි.
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    uba hena modayi ban.
    wadurangen bana no asa darmadara hamuduru kenekgen oya prashne ahapan.
    galigamuwe gnanadeepa thero, medagoda abetissa thero wage hamuduru namakagen ahapan.
    samanta badra wage dewadattalagen uttara gattot uba sada anatayi
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඒ කියන්නේ බුදු දහමට අනුව කාලය රේකියයි නේ.? මොකද කාලයේ රෙකිය නොවුනොත් නිවන් දකිනවා කියන එකේ තේරුමක් නැති වෙනවනේ.... උදාහරණයක් විදියට... කෙනෙක් නිවන් දකින්න ඉස්සෙල්ල කාලය තාම පවතිනවා නම්...ඒ කෙනාත් තාම ( ඒ කාලයේ) ඉන්නවනේ....

    බුදු දහමට අනුව කිසි දෙයක් රේකීය නෑ .ඔක්කොම චක්‍රයක් :confused::confused::confused: