බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ප්‍රශ්ණ ඕවා නෙවෙයි බ්‍රෝ

    ඇයි අපි නිවන් දැකිය යුත්තේ?
    සංසාරෙන් මිදෙන්ඩ
    උපන් සිත ප්‍රභාෂ්වරයි කියන්නේ ඇයි?
    ඉපදිච්ච ගමන් කෙනෙක්ගෙ හිතේ ලෝභ ද්වේෂ මෝහ අඩු හින්ද .
    නිවන කියන්නේ මොකක්ද?
    ක්‍රම ක්‍රමයෙන් තෘෂ්ණාවට එනකන් දස සංයෝජන හිතෙන් සම්පූර්ණයෙන්ම අයින් කරල,අයෙ ඉපදෙන එක නතරකරල දාන එක..සරලව කියනව නන්
    බාහිර ලෝකේ ආශ්වාද ඇත්තටම තියෙනවද?
    බාහිර ලෝකෙ ආශ්වාද විඳීම් කියල ගන්න දේවල් තාවකාලිකයි..අන්තිමේට පහුවෙද්දි ඒව විඳවීම් වෙනව..
    ඔය ගැටලු ටික විසදගත්තම ආයෙ ප්‍රශ්ණ නැහැ. පරප්‍රත්‍ය රහිත වෙනවා.

    😇😇😇
     
    Last edited:

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ගෑනියෙක් හිටියනං රති සැපත් ඉෂ්ට කරං හිත තෘප්තිමත් කරගන්ඩ තිබුණ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඇයි අපි නිවන් දැකිය යුත්තේ?

    සංසාරෙන් මිදෙන්ඩ - මිදෙන්න හේතුව?

    උපන් සිත ප්‍රභාෂ්වරයි කියන්නේ ඇයි?

    ඉපදිච්ච ගමන් කෙනෙක්ගෙ හිතේ ලෝභ ද්වේෂ මෝහ නැති හින්ද පොඩ්ඩක්වත්...පොඩි ළමයෙකුගෙ හිත රහතන් වහන්සේ කෙනෙකුගේ හිත වගේ කියල බුදු හාමුදුරුවෝ දේශනා කළාවැරදියි මොන සුත්‍රයේද එහෙම තියෙන්නේ. උපන් සිත කියන්නේ පොඩි ළමයෙක්ගෙ හිත නම් කිරි බිබී ඉන්නකොට පොඩ්ඩක් බාධා කරලා බලන්න ඌ මල පැනලා බෙරිහන් දි දී අඩන විදිහ. සිත හැම වෙලාවෙම ඉපදෙනවා - වැය වෙනවා. චිත්ත පරම්පරාවක් මිස එක හිතක් නෙවෙයි තියෙන්නේ.

    නිවන කියන්නේ මොකක්ද?

    ක්‍රම ක්‍රමයෙන් තෘෂ්ණාවට එනකන් දස සංයෝජන හිතෙන් සම්පූර්ණයෙන්ම අයින් කරල,අයෙ ඉපදෙන එක නතරකරල දාන එක..සරලව කියනව නන් - ඔවු අර ප්‍රභාශ්වර සිත රාග ද්වේශ මෝහ නිසා කිළිටි නොකරගෙන තබා ගැනීම නිවනයි.

    බාහිර ලෝකේ ආශ්වාද ඇත්තටම තියෙනවද?

    බාහිර ලෝකෙ ආශ්වාද විඳීම් කියල ගන්න දේවල් තාවකාලිකයි..අන්තිමේට පහුවෙද්දි ඒව විඳවීම් වෙනව.. - බාහිර ලෝකේ ආශ්වාද නැහැ. ඔබේ සිත තමයි කැමැත්ත-අකමැත්ත අනුව ආශ්වාද ද්වේශ හදාගන්නේ. ආශ්වාදය සිතේ සංකල්පයක් මිස බාහිර ලෝකෙ තියෙන දෙයක් නෙවෙයි.

    ====
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගෑනියෙක් හිටියනං රති සැපත් ඉෂ්ට කරං හිත තෘප්තිමත් කරගන්ඩ තිබුණ

    රති සැපත් අපේ හිතේ සංකල්පයක් මිස බාහිර ගෑනිගෙ තියෙන සැපක් නෙවෙයි. මොකද එහෙම බාහිර තිබුන නම් පොන්නයන්ටත් ගෑනුන්ගෙන් සැප තියෙන්න එපැයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට කවුරුහරි පින්වතෙක් කියල දෙන්න කුස තණ කියන්නෙ ගංජද නැත්නම් මොනවගේ ප්‍රයෝජනයක් ගන්න දෙයක්ද කියල.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මට කවුරුහරි පින්වතෙක් කියල දෙන්න කුස තණ කියන්නෙ ගංජද නැත්නම් මොනවගේ ප්‍රයෝජනයක් ගන්න දෙයක්ද කියල.

    samnya thanakola wargayakma thamai neda..tikak digaiy anithwata wada...
    sotthiya bamuna puja kara kiyanne owane...
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සංසාරෙන් මිදෙන්ඩ - මිදෙන්න හේතුව?

    සංසාරෙන් මිදෙන එක තමා අපිට කරන්ඩ තියෙන ප්‍රධානම කාර්යය/නැත්තන් ජොබ් එක...
    මොකද සංසාරෙ කියන්නෙම දුකක්..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පොඩි ළමයෙක්ගෙ හිත නම් කිරි බිබී ඉන්නකොට පොඩ්ඩක් බාධා කරලා බලන්න ඌ මල පැනලා බෙරිහන් දි දී අඩන විදිහ. සිත හැම වෙලාවෙම ඉපදෙනවා - වැය වෙනවා. චිත්ත පරම්පරාවක් මිස එක හිතක් නෙවෙයි තියෙන්නේ.

    හ්ම්ම්...මට කොහෙන් හරි අහපු එහෙක මතකෙකින් කීවේ...හිතල බලද්දි එහෙම නෙමේ කියල තේරුණේ දැන්...පොඩි ළමයෙකුගෙ ලෝභ ද්වේෂ මෝහ අඩුයි...කොහෙත්ම නෑ කියන්ඩ බෑ...සාපේක්ෂව ප්‍රභාෂ්වරයි මනස ....
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අපි රෙස්ටුරන්ට් එකක්් දාල ඒකෙ BBQ වගේ විකුනම්වොත් අපිට පව්ද?
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අපි රෙස්ටුරන්ට් එකක්් දාල ඒකෙ BBQ වගේ විකුනම්වොත් අපිට පව්ද?

    මස්, සත්තු මරල ගන්නෙ නැතුව කෘතිමව වැව්වොත් මොකද...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    samnya thanakola wargayakma thamai neda..tikak digaiy anithwata wada...
    sotthiya bamuna puja kara kiyanne owane...

    මට නම් හිතෙන්නෙම ගංජ වෙන්නැති කියල. ඊට පස්සෙ වෙච්ච සිද්ධි එක්ක හරියටම ගැලපෙනව:sorry: නිකන් තණකොල ටිකක් දීල ගියා නම් ඒක ඔය තරම් ඉතිහාසගත වෙන්න හේතුවක් නෑනෙ:sorry:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අපි රෙස්ටුරන්ට් එකක්් දාල ඒකෙ BBQ වගේ විකුනම්වොත් අපිට පව්ද?

    පන්සිල් නන් කැඩීමක් වෙන්නෙ නෑ..එවුනාට බුදු හාමුදුරුවෝ දේශනා කළානෙ මස් මාංශ වෙළඳාම නොකළ යුතු වෙළඳාම් වලින් එකක් කියල....මිච්ඡාජීවයකට වැටෙනව එහෙම බැලුහම මස් මාළු/ඒව තියෙන කෑම විකුණන ඒක..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හ්ම්ම්...මට කොහෙන් හරි අහපු එහෙක මතකෙකින් කීවේ...හිතල බලද්දි එහෙම නෙමේ කියල තේරුණේ දැන්...පොඩි ළමයෙකුගෙ ලෝභ ද්වේෂ මෝහ අඩුයි...කොහෙත්ම නෑ කියන්ඩ බෑ...සාපේක්ෂව ප්‍රභාෂ්වරයි මනස ....

    නැහැ බන් මෙහෙමයි සීන් එක.

    ඕනම සත්වයෙක් හෝ අරහත් උතුමෙක් දෙයක් දැකල අහලා විදලා හදුනාගන්න මොහොත දක්වා සිත ප්‍රභාෂ්වරයි. එතකන් වැඩ කරන්නෙ අව්‍යාකෘත පටිච්චමුප්පාදය. එය පටන්ගන්නේ අවිද්‍යා පච්චයා කියලා‍ නෙවෙයි, සංකාර පච්චයා කියලා.

    ඊට පස්සෙ සත්වයා කියන කෙනා හුගක් වෙලාවට ඒ බාහිර රූපෙ ගද සුවද ස්පර්ශෙ හෝ රසට අවිද්‍යාවෙන් බැදෙනවා. ඒ කියන්නේ බාහිර ලෝකෙ දේවල් උපේක්ෂා සහගත වුනාට සත්වයා එය අභිබවා සංකාර කරනවා. අභිසංකාර කරනවා. ප්‍රභාෂ්වර සිත කිලිටි කරගන්නවා.

    අරහතුන් වහන්සේ දැක්කොත් දැක්කා පමණි කියන තත්වයේ නිරන්තරව ඉන්නේ. උන්වහන්සේ අභිසංකාර කරන්නෙ නැහැ. අවිද්‍යාව නැති නිසා සිත ප්‍රභාශ්වරයි. රාග ද්වේශ මෝහ වලින් කිලිටි කරගන්නේ නැහැ. රාගක්ඛයෝ නිබ්බානං, ද්වේශක්ඛයො නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං කියලා තථාගතයන් වහන්සේ දේ්ශනා කලේ ඒකයි.

    ඒක තමයි මාත් කියන්නේ....කෙනෙක් ඉපදෙන වෙලාවෙ,අරමුණු එක්ක ගැටීම් අඩුයි...ඉපදිලා කාලෙ යනවත් එක්කයි,අරමුණු ඇවිල්ල ඒවත් එක්ක ගැටීම් ඇතිවෙන්න ගන්නෙ...මනුස්සයෙක් වෙලා ඉපදෙනව කියන්නෙ මනස එක්තරා මට්ටමක ප්‍රභාෂ්වර තත්වෙක තියෙනවනෙ....
    හැබැයි ඔය අරමුණු එන එක පටන්ගන්නෙ මවු කුසේ පිළිසිඳගත්ත වෙලේ ඉදලමයි කියල මට හිතෙන්නෙ
     
    Athiest

    Member
    May 6, 2018
    12
    3
    0
    රති සැපත් අපේ හිතේ සංකල්පයක් මිස බාහිර ගෑනිගෙ තියෙන සැපක් නෙවෙයි.

    ඒ වුණාට සංකල්පයක් වේවා හෝ සංකල්පයක් නොවේවා හෝ කොහොම වෙලා හරි ආස්වාදයක් එනවනේ? ඒක සාරයි? ඒක වටින්නේ නැද්ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ වුණාට සංකල්පයක් වේවා හෝ සංකල්පයක් නොවේවා හෝ කොහොම වෙලා හරි ආස්වාදයක් එනවනේ? ඒක සාරයි? ඒක වටින්නේ නැද්ද?

    :no:
     
    Similar threads