අඩෝ උබ තාම නිවන් ගියේ නැද්ද. මම හිතුවෙ නන්දසේනය ජනාදිපති වෙච්ච දා උබ නිවන් යන්න ඇති කියල. මේ පාර මොකාව ගෙනල්ල කීදෙනෙක්ව නිවන් අරින්නද ප්ලෑන් කරන් ඉන්නෙ?
අතපය හතර තිබ්බට, නන්දසේන වගේ මරි මෝඩ ගොබ්බයෙකුට රැවටිච්ච උබ, මන්ද බුද්ධිකයෙක් නෙවේ කියල උබට හිතෙන්නෙ ඇයි?
භාවනා කරන්න කලින් තුනුරුවන් කමා කරගන්නව කියල කොටසක් තියෙනවා. ඒක කරනකොට, පාස්කු ප්රහාරෙන් මැරිච්ච ආත්ම වලින් සමාව ගනින්, තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල සිහි නැති වෙලා එතනම මැරිච්ච ජීවත් වලින්, ගෑස් පුපුරල මැරිච්ච ජීවත වලින්, කොරෝනා එක්ස්පෙරිමන්ට් කරල මරාගත්තු ජීවිත වලින්, බාල බෙහෙත් ගෙන්නල මරාගත්ත ජීවිත වලින්, බෙහෙත් නැතුව මරාගත්තු ජීවිත වලින්, බෙහෙත් තිබ්බත් ගිනි ගනන් නිසා ගන්න සල්ලි නැතුව මරාගත්ත ජීවත වලින්, දොස්තරු නැතුව මරෙන ජීව්ත වලින්, කන්න නැතුව මැරෙන ජීවිත වලින්, ණය ගෙවාගන්න බැරිව බෙල්ලෙ වැල දාගන්න ජීවිත වලින් සමාව ඉල්ලපන්. ඒ ආත්ම වලට පින් දීපන්. උබලගෙ මරි මෝඩ වැඩ නිසා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙච්ච එකී මෙකී නොකී සියළුම ආත්ම වලින් සමාව ගනින්.
රට වට්ටපු නිසා දරුවන්ගෙ බඩපුරවන්න බැරි දුකට මැරි මැරි ජීවත් වෙන අම්මල තාත්තලගෙන් සමාව ඉල්ලපන්. පිලිකා හැදිලා දුක් විඳ දරුවොන්ට බෙහෙත් ගන්න කෑම බීම ගන්න සල්ලි නැතුව දුක් වෙන දෙමව්පියොන්ගෙන් සමාව ඉල්ලපන්. වේල් තුනක් බෙහෙත් බොන්න සල්ලි නැති නිසා එක වේලක් බෙහෙත් බීලා ජීවිතේ දුකින් ගෙවන වයසක අම්මල තාත්තලගෙන් සමාව ඉල්ලපන්. දරුවොන්ට කන්න දෙන්න අම්මලව ඇඟ විකුනන තැනට වට්ටපු එකටත් සමාව ඉල්ලපන්.
ජීවිතේ කාර්යබහුල කරල, භාවනා කර කර හිටපු මිනිස්සුන්ව භාවනාවෙන් ඈත් කරපු එකට සමාව ගනින්. බණ අහගෙන හිටපු අයව බණෙන් ඈත් කරපු එකට සමාව ගනින්. සිල් රැකපු මිනිස්සුන්ව, ආර්ථික තත්වය නිසා සීලයෙන් ඈත් වෙලා ජිවිකාව කරගෙන යන්න පොලඹවපු එකට සමාව ගනින්. දන් දිදී හිටපු මිනිස්සුන්ව දානයෙන් ඈත් කරපු එකට සමාව ගනින්. මෙච්චර කල් නිවන් මාර්ගයේ ගමන් කරපු මිනිස්සුන්ව, නිවන් මාර්ගයෙන් ඈත් කරපු එකට සමාව ගනින්.