බුදු දහම හා දේව සංකල්පය

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
බුදු දහම හා දේව සංකල්පය

බුදු දහම හා දේව සංකල්පය

af0904055-1.jpg

බුදු දහම හා දේව සංකල්පය පිළිබඳ නූතන යුගයේ විවිධ ලෙස වාද විවාද පවතී. ලෝකයේ ඇති සියලු ආගම් කොටස් දෙකකට බෙදා දැක්වෙයි. එනම් මානවවාදී (මානව කේන්ද්‍රීය) ආගම් සහ දේවවාදී (දේව කේන්ද්‍රීය) ආගම් යනුවෙනි. මිනිසාගේ චින්තන නිදහසට හා මිනිසාගේ ස්වාමීත්වය මිනිසාට හිමි කර දී ඇති ආගම වන්නේ බුදු දහමයි.

මිනිසා ඇතුළු සියලු සත්වයාත් ලෝකයත් මෙහෙයවන බලවේගය දෙවියන් බවත් එම දෙවියන් සර්ව බලධාරී දෙවි කෙනකු බවත් විශ්වාස කරමින් අදහන ආගම් දේවවාදී ආගම් වේ. බුදු දහම හැරුණු විට ලොව ඇති හින්දු, ඉස්ලාම්, කි‍්‍රස්තියානි, ආදි සියලු ආගම් දෙවියන් විසින් ලොව මවනු ලැබ ඇති බව පිළිගනිමින් අදහන ආගම්ය.

බුදුරජාණන් වහන්සේ ද සූත‍්‍ර දේශනා මගින් දෙවියන් පිළිබඳ අදහස් ඉදිරිපත් කොට ඇත. බුදු දහමෙහි දෙවිවරුන් කොටස් තුනක් ලෙස විග‍්‍රහ කොට ඇත. එනම්,

1. සම්මුති දේව

2. විශුද්ධි දේව

3. ඕපපාතික දේව යනුයි.

සම්මුති දේව යනු සමාජයක වෙසෙන රජවරුන්, සිටුවරුන්, මැති ඇමැතිවරුන් ආදි ප‍්‍රභූ පිරිස්ය. විශුද්ධි දේව යනු බුදු, පසේ බුදු, මහරහත් යන කෙලෙස් දුරුකර උතුමන්ය. සංසාරයේ පින් කිරීමෙන් දිව්‍ය ලෝකවල පහළ වන දෙවිවරු ඕපපාතික දේව නම් වෙති.

මේ දේව කොටස් ති‍්‍රත්වය අතරින් ඕපපාතික දේව සංකල්පය පිළිබඳ මෙහිදී විග‍්‍රහ වෙයි. බුදුරදුන් ලොව පහළ වීමට පෙර පටන්ම ලෝ වැසියා තුළ දේව විශ්වාසය පැවතිණි. ගස් ගල් පර්වත ආදි ස්වාභාවික වස්තු දේවත්වයෙන් සලකා වැදුම් පිදුම් කළ බව සඳහන් වෙයි. එමෙන්ම යක්ෂ නාග මළවුන් ආදි ඇදහිලි ද දක්නට තිබුණි.

මුල් යුගයේ තිස්තුන් කෝටියක් දෙවියන් ඇදහූ මිනිසුන් පසුව මහා බ‍්‍රහ්ම නමින් සර්ව බලධාරී එක් දෙවියකු අදහන්නට වූ බව දැක්වේ. ති‍්‍රපිටක සාහිත්‍යගත තොරතුරු අනුව යක්ෂයන්, ඇසුරයන්, ගාන්ධර්වයන්, කුම්භාණ්ඩයන්, නාගයන් යන අමනුෂ්‍ය කොට්ඨාස ගැන තොරතුරු දැක්වෙන අතර දෙවියන් හා බ‍්‍රහ්මයන් ලෝකයේ ශ්‍රේෂ්ඨයන් බව විස්තර වෙයි.

මනා වූ කුසල් කිරීම නිසා දේව ආත්ම ලැබු දෙවිවරුන් සිටින ලෝක සයක් ගැන බුදු දහමෙහි කරුණු විස්තර වෙයි. මනුෂ්‍ය ලෝකයට ආසන්නව ඇති දිව්‍ය ලෝකය ලෙස චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය හැඳින්වෙයි. එම දිව්‍ය ලෝකයේ දිසා හතරකට අධිගෘහිතව සිටින දෙවිවරුන් සතර දෙනකු ගැන විස්තර වෙයි.

නැෙඟනහිරට අධිපති ලෙස ධ‍්‍රැතරාශ්ඨ දෙවියන්ද, දකුණු දිශාවට අධිපති ලෙස විරූඨ දෙවියන් ද, බටහිර දිශාවට අධිපති ලෙස විරූපාෂ්ඨ දෙවියන්ද, උතුරු දිශාවට අධිපති ලෙස වෛශ‍්‍රවණ දෙවියන්ද සිටින බව සඳහන් වෙයි. මේ දෙවිවරුන් සම්බුදු සසුන රකින සතර වරම් දෙවිවරුන් ලෙස ද හඳුන්වා ඇත.

එම චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයට ඉහළින් තාවතිංශය නම් දිව්‍ය ලෝකය පවතින අතර එහි දෙවි ලොවටම අධිපති ශක‍්‍ර දේවේන්ද්‍ර හෙවත් සක්විති රජු වාසය කරනු ලබයි. එම දිව්‍ය ලෝකයට ඉහළින් යාමය හා තුසිත දිව්‍ය දෙක පිහිටා ඇත.

ඊට පසුව නිම්මානරති දිව්‍ය ලෝකය හා පරිනිම්මිත වසවත්තිය දිව්‍ය ලෝකය පිහිටා ඇත. මින් නිම්මානරති දිව්‍ය ලෝකයේ මැවුම්කාර දෙවිවරුන් සිටින බව සඳහන් වේ.
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ඉහත ලෝකවල සිටින බොහෝ දෙවිවරුන් බුදුරදුන් සමගද සංවාද පවත්වා ඇත. බුදු දහමෙහි දෙවිවරුන් කොටස් දෙකක් ගැන විස්තර වෙයි. එනම්,

01. සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්

02. මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන් යනුයි.

සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් යනු බුදු දහම අසා බුදු දහම පිළිගත් දෙවිවරුන්ය. ඔවුන් නිරතුරුව ඔවුන්ට පින් අනුමෝදන් කරන මිනිසුන් ආරක්ෂා කරන බව සඳහන් වන අතර මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන් වැරදි අදහස් උදහස් ඇතිව දිව්‍ය ලෝකවල අධික කාම සැප විඳින බව දැක්වේ. කෙසේ වෙතත් කවර හෝ දෙවියකු හෝ දිව්‍යාංගනාවක වීමට මනුෂ්‍ය ලෝකයේදී පින්කම් හේතු වන බව බුදු දහමෙහි නිරතුරුවම දක්නට ලැබෙයි.

බුදුරජාණන් වහන්සේ මංගල, පරාභව, ධජග්ග, ආටානාටිය ආදි සූත‍්‍ර රැසක්ම දේශනා කොට ඇත්තේ දෙවියන් අරමුණු කරගෙනයි. බෝසතුන් මෙලොව ඉපදීමට පෙර තව්තිසා දිව්‍ය ලෝකයේ සිටි බවත් දේව ආරාධනාවකට අනුව පස්මහ බැලුම් බලා මෙලොව ඉපදුණු අතර බරණැස ඉසිපතනාරාමයේදී ප‍්‍රථම දම් දෙසුම පවත්වන අවස්ථාවේ ද දෙවිවරු පැමිණ බණ අසා සිටියහ.

ප‍්‍රථම දම් දෙසුම වූ දම්සක් පැවතුම් සූත‍්‍රයේද දිව්‍ය ලෝක පිළිබඳවද සඳහන් වෙයි. මිනිස් ලොවට වඩා දිව්‍ය ලෝකවල ආයු ප‍්‍රමාණය ද වැඩි වන අතර ඇතැම් දිව්‍ය ලෝකවල ආයුෂ මිනිස් ලොව අවුරුදු 100 ක් දිව්‍ය ලෝකයේ එක දවසක් බවත් එමෙන්ම ඇතැම් දිව්‍ය ලෝකවල මිනිස් ලොව අවුරුදු දහසක් එහි එක් දවසක් ආදි ලෙසත් දැක්වේ. ඊට අමතරව දිව්‍ය ලෝකයේ ඇති මදාරා, පරසතු, කඩුපුල් ආදි මල් වර්ග ගැනත් එහි ඇති ගංගා පිළිබඳවත් සඳහන් වෙයි. දෙවිවරු ආහාර අනුභව නොකරන අතර සතුට ඔවුන්ගේ ආහාරය බව ද විස්තර වේ.

දීඝ නිකායේ මහා සමය සූත‍්‍රය අනුව එකල සිටි දේව සමූහයන් පිළිබඳවත් දිව්‍ය ලෝකයේ සිටින ප‍්‍රධාන දෙවිවරුන් ගැනත් එම දෙවිවරුන් අණසක පවත්වන දිශාවන් ගැනත් විස්තර වේ. සංයුක්ත නිකායේ සක්කපඤ්හ සූත‍්‍රය අනුව,

යේ ගහට්ඨා පුඤ්ඤකරා
සීලවන්තෝ උපාසකා
ධම්මේන දාරං පෝසෙන්තී
තේ නමස්සාමි මාතලී

පින් දහම් කරන සිල්වත් ගිහි උපාසක උපාසිකාවන්ට ශක‍්‍ර දේවේන්ද්‍රයා නමස්කාර කරන බව දැක්වේ. ඒ අනුව ධර්මානුකූලව කටයුතු කරන ගිහි ජනයාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන බව බුදු දහම අවධාරණය කොට ඇත. සංයුක්ත නිකායේ සක්කපඤ්හ සූත‍්‍රය අනුව දිව්‍ය ලෝකයේ සිටින පංචසික නම් වීනා වාදකයා බුදුරදුන් සමග සංවාද කළ අයුරුත් ඔහුගේ වීනා වාදනය බුදුරදුන් අගය කළ අයුරුත් සඳහන් වෙයි.

මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන මිනිසුන් පින් දහම් කොට අනුමෝදන් කරන පින් ලබාගන්නා දෙවිවරුන් මනුෂ්‍ය ලෝකයේ වෙසෙන මිනිසුන් ආරක්ෂා කරන බව අංගුත්තර නිකායේ දැක්වෙන සූත‍්‍ර ධර්ම වලින් තවදුරටත් පැහැදිලි වෙයි. දිව්‍ය ලෝකයේ සිටින දෙවිවරුන් වරින්වර මිනිස් ලොවට පැමිණ සිල්වත් ගුණ දහම් රකින මිනිසුන්ට ආරක්ෂාව සලසන බව ද එහි දැක්වේ.

බුදුරජාණන් වහන්සේ ප‍්‍රාතිහාර්ය දක්වන අවස්ථාවල දෙවියන් පැමිණ වැදුම් පිදුම් කළ අතර උන්වහන්සේ ලක්දිවට වඩින විට සුමන සමන් දෙවියන් බුදු සිරසට ඡත‍්‍රයක් අල්ලාගෙන පැමිණි බව මහාවංශයේ සඳහන් වෙයි.

ඒ අනුව ලක්දිව සමනළ අඩවියට සුමන සමන් දෙවියන් අධිගෘහිතව සිටින බව දැක්වෙන අතර බුදුරදුන් පිරිනිවන්පාන අවස්ථාවේ ලක්දිව ආරක්ෂා කරන ලෙස දෙවියන්ට භාරකළ බව ද සඳහන් වෙයි. බුදුරදුන් පිරිනිවන් පානා අවස්ථාවේ දෙව් ලොවට අධිපති ශක‍්‍රයා “අනිච්චාවත සංඛාරා” යනාදි ගාථාව කියමින් ශෝකය ප‍්‍රකාශ කළ බව ද බුදුදහමෙහි සඳහන් වෙයි.

දෙවිවරුන්ටත් වඩා ඉහළින් පිහිටි බ‍්‍රහ්ම ලෝක විස්සක් ගැන ද බුදු දහමෙහි සඳහන් වේ. බ‍්‍රහ්මයන් යනු දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨ පිරිසක් බව ද දැක්වේ. ශුද්ධාවාස නම් බ‍්‍රහ්ම ලෝකයේ අනාගාමී මාර්ගයන්ට පත් බ‍්‍රහ්මයන් වාසය කරන අතර පසුව ඔවුන් අරිහත් බවට පත්ව නිර්වාණබෝධය ලබන බව ද සඳහන් වේ. ශක‍්‍රයා සෝවාන් ඵලයට පත් වූ අතර සඟම්පති බ‍්‍රහ්මයා අනාගාමි ඵලයට පත් වූ බව ද එහි විස්තර වෙයි.

මේ අනුව සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් බුදුරදුන්ගෙන් ධර්මය අසා විවිධ මාර්ග ඵලයන්ට පත් වී ඇති අතර බුදුපාමොක් මහ සඟනට උපස්ථාන කිරීමත් සැදැහැවත් බොදුනුවන්ගේ ආරක්ෂාවත් ඔවුන් සලසන බව බුදුදහමෙහි විස්තර වෙයි. මේ අනුව බුදු දහමෙහි දේව සංකල්පය ඉතා පුළුල් ලෙස විග‍්‍රහ වෙයි.

බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවන්ට වෙනත් මඟක යමින් වත්මන් ලාංකිකයන් හා ලෝවැසියන් දෙවියන් ඇදහීමට නැඹුරු වී ඇති බව පැහැදිලි කරුණකි. ලංකාව විවිධ විදේශීය ආක‍්‍රමණයන්ට ලක්වීමත් සමග හින්දු කි‍්‍රස්තියානි ආගම්වල ඇදහීම් ක‍්‍රම ද ලක්වැසියාට ද හුරු පුරුදු වී ඇත.

පොලොන්නරු යුගයේ බොහෝ රජවරුන් හින්දු කාන්තාවන් සමග විවාහ වූ නිසා රජු විහාරයට බුදුන් වැඳීමට ගිය විට තම රජ බිසවට වන්දනාමාන කිරීම සඳහා ආරාමවල දේවාල ඉදිකළ බව සඳහන් වෙයි. එම යුගයේ පටන් අද දක්වා එහි විකාශනයක් ලෙස අද මුළු මහත් ලංකාවේම වෙහෙර විහාරස්ථානවල දේවාල ඉදිකරමින් බෞද්ධ වන්දනාවන්ට අමතරව දේව ඇදහිලි හා පුද සිරිත් දක්නට ඇත.

විෂ්ණු, කතරගම, විභීෂණ, දැඩිමුණ්ඩ, නාථ, පත්තිනි ආදි ලෙස හින්දු දහමෙහි පිළිගත් දෙවියන් ඇදහීමට ලාංකේය බෞද්ධයෝ හුරුපුරුදු වී සිටිති. මිනිසාට වඩා අසීමිත බලයක් දෙවියන්ට ඇතැයි විශ්වාස කරන මිනිස්සු විවිධ පුද පූජා භාරහාර සිදුකරමින් විවිධ සම්පත් ප‍්‍රාර්ථනා කරති.

එහෙත් බෞද්ධ සංකල්පයට අනුව මෙලෙස දෙවියන් ඇදහීම නුවණැති කි‍්‍රයාවක් නොවේ. තම ජීවිතයේ ප‍්‍රාර්ථනා සඵල කර ගැනීමට තම උත්සාහයෙන් වෙහෙස මහන්සියෙන් කි‍්‍රයා කළ යුතු අතර දෙවියන් ඇදහීමෙන් තම අපේක්ෂා සඵල කරගත නොහැකිය


--
සිළුමිණ පුවත්පත ඇසුරිණි ( විතාරන්දෙණියේ වජිරවංශ හිමි )
 

9.57

Well-known member
  • එහෙත් බෞද්ධ සංකල්පයට අනුව මෙලෙස දෙවියන් ඇදහීම නුවණැති කි‍්‍රයාවක් නොවේ. තම ජීවිතයේ ප‍්‍රාර්ථනා සඵල කර ගැනීමට තම උත්සාහයෙන් වෙහෙස මහන්සියෙන් කි‍්‍රයා කළ යුතු අතර දෙවියන් ඇදහීමෙන් තම අපේක්ෂා සඵල කරගත නොහැකිය
    meka therum noganna godak kattiya api athare ona tharam innawa...:yes::yes:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    thusithaya saha thawathinshaya ekak wana atara parinimmithiya saha wasawaththiya yanu dekaki.
     

    cd_akhila

    Member
    Feb 25, 2008
    106
    19
    0

    එම චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයට ඉහළින් තාවතිංශය නම් දිව්‍ය ලෝකය පවතින අතර එහි දෙවි ලොවටම අධිපති ශක‍්‍ර දේවේන්ද්‍ර හෙවත් සක්විති රජු වාසය කරනු ලබයි. එම දිව්‍ය ලෝකයට ඉහළින් යාමය හා තුසිත දිව්‍ය දෙක පිහිටා ඇත.

    ඊට පසුව නිම්මානරති දිව්‍ය ලෝකය හා පරිනිම්මිත වසවත්තිය දිව්‍ය ලෝකය පිහිටා ඇත. මින් නිම්මානරති දිව්‍ය ලෝකයේ මැවුම්කාර දෙවිවරුන් සිටින බව සඳහන් වේ.

    මනුස්ස ලෝකෙ සක්විති රජ කෙනෙක් ගැනත් කියනවා නේද, මං අහල තියෙන විදිහට නම් නිමිමානරතියේ වාසය කරන්නේ තමන් නිර්මාණය කරපු සැපයෙන් සතුටු වෙන දෙවියෝ කොටසක්..


    thusithaya saha thawathinshaya ekak wana atara parinimmithiya saha wasawaththiya yanu dekaki.

    මේ අදහස නම් අලුත් එකක් වගේ..
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    කොහේ තියෙන දිව්‍යලෝකද? මෙම දිව්‍යලෝක පිටස්තර ග්‍රහලෝකද? එහෙම නැත්නම් බටහිර සංකල්පයක් වෙන සමාන්තර විශ්වයන්ද?
    මේ විශ්වයේ ජීවීන් ඉන්න තව ග්‍රහලෝක විශාල ගනනක් ඇති.මේවගේ මිනිස්සුත් ඉන්නවා ඇති.මේ ගැනනම් කිසිම ආගමක් කථා කරන්නේ නෑ.එක ආගමක දෙවිවරු බොරුනම්, අනිත් ආගමේ ඉන්න දෙවිවරු ඇත්ත වෙන්න විදියක් නැත.දෙවිවරු ගැන තියෙන සාක්ෂි හරිම අල්පයි.

    cowalien07.jpg

    080219-planets-life_big.jpg

    magic_portal.jpg
     

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa

    මනුස්ස ලෝකෙ සක්විති රජ කෙනෙක් ගැනත් කියනවා නේද, මං අහල තියෙන විදිහට නම් නිමිමානරතියේ වාසය කරන්නේ තමන් නිර්මාණය කරපු සැපයෙන් සතුටු වෙන දෙවියෝ කොටසක්..

    ඔව් මනුස්ස ලෝකෙ තමයි සක්විති රජ කෙනෙක් පහළ වෙන්නෙ... සක්‍රයා කියන්නෙ දෙදෙව් ලොවට අධිපති .... ඒ කිව්වේ.. චාතුර්මහාරාජිකය සහා තාවතිංසය... ඊට උඩ තමයි යාමය, තව්තිසාව, නිම්මාණරතිය, පරනිම්මිත වසවර්තිය තියෙන්නෙ..

    තාවතිංසයයි තව්තිසාවයි කියන්නෙ දෙව් ලොවවල් දෙකක්, එකක් නෙමෙයි..

    නිම්මාන රතිය - කිව්වේ තමන්ට සිතු සිතු වේලාවට නිර්මාණය වෙන සම්පත් පරිබෝජනය කරමින් ජීවත් වන දේව කොට්ටාශයක් .. එහෙම වුණේ.. අනුන්වෙනුවෙන් ඒ අය කියන්න කලින් හොයලා බලලා ඒ ඒ අඩුපාඩු සකසා දුන්න පින... ඉතින් මේ දේව කොට්ටාශයට ඒ පින නිසා පහළ වෙච්ච පුණ්‍ය සෘද්ධිය නිසා .. හිතුන හිතුන දේ නිර්මාණය වෙනවා..

    Chart_01.HQ_Sakwala_-Ver_5.jpg
     
    • Like
    Reactions: kingrawana

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    කොහේ තියෙන දිව්‍යලෝකද? මෙම දිව්‍යලෝක පිටස්තර ග්‍රහලෝකද? එහෙම නැත්නම් බටහිර සංකල්පයක් වෙන සමාන්තර විශ්වයන්ද?
    මේ විශ්වයේ ජීවීන් ඉන්න තව ග්‍රහලෝක විශාල ගනනක් ඇති.මේවගේ මිනිස්සුත් ඉන්නවා ඇති.මේ ගැනනම් කිසිම ආගමක් කථා කරන්නේ නෑ.එක ආගමක දෙවිවරු බොරුනම්, අනිත් ආගමේ ඉන්න දෙවිවරු ඇත්ත වෙන්න විදියක් නැත.දෙවිවරු ගැන තියෙන සාක්ෂි හරිම අල්පයි.


    බුදුදහමේ එන දේව සංකල්පය වෙනස් එකක්.. ඊට අනුව දෙවියෙක් කියෙන්නෙ සූක්‍ෂම කයක් තියෙන ජීවින් කොට්ටාශයක්.. සංසාරෙ එක් තාවකාලික සුවයක් තියෙන අත්බැවක්... ඊට එහා දෙයක් නැහැ...
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    Universe is eternal.But planets, sloar systems, suns are not.We know all these stars are suns. There could be planets where we can see evolutions as our solar system.In this universe we can assume evolution gets energy from sun as there are millions of stars(suns).