බුදු දහම හා දේව සංකල්පය
බුදු දහම හා දේව සංකල්පය පිළිබඳ නූතන යුගයේ විවිධ ලෙස වාද විවාද පවතී. ලෝකයේ ඇති සියලු ආගම් කොටස් දෙකකට බෙදා දැක්වෙයි. එනම් මානවවාදී (මානව කේන්ද්‍රීය) ආගම් සහ දේවවාදී (දේව කේන්ද්‍රීය) ආගම් යනුවෙනි. මිනිසාගේ චින්තන නිදහසට හා මිනිසාගේ ස්වාමීත්වය මිනිසාට හිමි කර දී ඇති ආගම වන්නේ බුදු දහමයි.
මිනිසා ඇතුළු සියලු සත්වයාත් ලෝකයත් මෙහෙයවන බලවේගය දෙවියන් බවත් එම දෙවියන් සර්ව බලධාරී දෙවි කෙනකු බවත් විශ්වාස කරමින් අදහන ආගම් දේවවාදී ආගම් වේ. බුදු දහම හැරුණු විට ලොව ඇති හින්දු, ඉස්ලාම්, කි්රස්තියානි, ආදි සියලු ආගම් දෙවියන් විසින් ලොව මවනු ලැබ ඇති බව පිළිගනිමින් අදහන ආගම්ය.
බුදුරජාණන් වහන්සේ ද සූත්‍ර දේශනා මගින් දෙවියන් පිළිබඳ අදහස් ඉදිරිපත් කොට ඇත. බුදු දහමෙහි දෙවිවරුන් කොටස් තුනක් ලෙස විග්රහ කොට ඇත. එනම්,
1. සම්මුති දේව
2. විශුද්ධි දේව
3. ඕපපාතික දේව යනුයි.
සම්මුති දේව යනු සමාජයක වෙසෙන රජවරුන්, සිටුවරුන්, මැති ඇමැතිවරුන් ආදි ප්‍රභූ පිරිස්ය. විශුද්ධි දේව යනු බුදු, පසේ බුදු, මහරහත් යන කෙලෙස් දුරුකර උතුමන්ය. සංසාරයේ පින් කිරීමෙන් දිව්‍ය ලෝකවල පහළ වන දෙවිවරු ඕපපාතික දේව නම් වෙති.
මේ දේව කොටස් ති‍්‍රත්වය අතරින් ඕපපාතික දේව සංකල්පය පිළිබඳ මෙහිදී විග්රහ වෙයි. බුදුරදුන් ලොව පහළ වීමට පෙර පටන්ම ලෝ වැසියා තුළ දේව විශ්වාසය පැවතිණි. ගස් ගල් පර්වත ආදි ස්වාභාවික වස්තු දේවත්වයෙන් සලකා වැදුම් පිදුම් කළ බව සඳහන් වෙයි. එමෙන්ම යක්ෂ නාග මළවුන් ආදි ඇදහිලි ද දක්නට තිබුණි.
මුල් යුගයේ තිස්තුන් කෝටියක් දෙවියන් ඇදහූ මිනිසුන් පසුව මහා බ්‍රහ්ම නමින් සර්ව බලධාරී එක් දෙවියකු අදහන්නට වූ බව දැක්වේ. ති‍්‍රපිටක සාහිත්‍යගත තොරතුරු අනුව යක්ෂයන්, ඇසුරයන්, ගාන්ධර්වයන්, කුම්භාණ්ඩයන්, නාගයන් යන අමනුෂ්‍ය කොට්ඨාස ගැන තොරතුරු දැක්වෙන අතර දෙවියන් හා බ්‍රහ්මයන් ලෝකයේ ශ්‍රේෂ්ඨයන් බව විස්තර වෙයි.
මනා වූ කුසල් කිරීම නිසා දේව ආත්ම ලැබු දෙවිවරුන් සිටින ලෝක සයක් ගැන බුදු දහමෙහි කරුණු විස්තර වෙයි. මනුෂ්‍ය ලෝකයට ආසන්නව ඇති දිව්‍ය ලෝකය ලෙස චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය හැඳින්වෙයි. එම දිව්‍ය ලෝකයේ දිසා හතරකට අධිගෘහිතව සිටින දෙවිවරුන් සතර දෙනකු ගැන විස්තර වෙයි.
නැෙඟනහිරට අධිපති ලෙස ධ්රැතරාශ්ඨ දෙවියන්ද, දකුණු දිශාවට අධිපති ලෙස විරූඨ දෙවියන් ද, බටහිර දිශාවට අධිපති ලෙස විරූපාෂ්ඨ දෙවියන්ද, උතුරු දිශාවට අධිපති ලෙස වෛශ්‍රවණ දෙවියන්ද සිටින බව සඳහන් වෙයි. මේ දෙවිවරුන් සම්බුදු සසුන රකින සතර වරම් දෙවිවරුන් ලෙස ද හඳුන්වා ඇත.
එම චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයට ඉහළින් තාවතිංශය නම් දිව්‍ය ලෝකය පවතින අතර එහි දෙවි ලොවටම අධිපති ශක්‍ර දේවේන්ද්‍ර හෙවත් සක්විති රජු වාසය කරනු ලබයි. එම දිව්‍ය ලෝකයට ඉහළින් යාමය හා තුසිත දිව්‍ය දෙක පිහිටා ඇත.
ඊට පසුව නිම්මානරති දිව්‍ය ලෝකය හා පරිනිම්මිත වසවත්තිය දිව්‍ය ලෝකය පිහිටා ඇත. මින් නිම්මානරති දිව්‍ය ලෝකයේ මැවුම්කාර දෙවිවරුන් සිටින බව සඳහන් වේ.