බුදු හාමුදුරුවන්ගේ කාලේ...

balconyGuy

Junior member
  • Mar 20, 2018
    36
    30
    18
    සිරි ලංකාවේ
    බුදු හාමුදුරුවන්ගේ කාලේ...

    30725479_10213362578953452_4996551105744732160_n.jpg

    බුදු හාමුදුරුවන්ගේ කාලේ
    එක්තරා හාමුදුරුවෝ නමක්....

    බුදු හාමුදුරුවෝ වැඩ හිටපු
    පන්සලේ ම වැඩවාසය කළා.....

    ඒ හාමුදුරුවෝ ග්‍රහ තාරකා විද්‍යාවට
    ගොඩක් ඇල්මක්‌ දක්වන කෙනෙක්....

    මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින්
    අපල උපද්‍රව හටගන්නා බවට....

    උන්වහන්සේ තරයේ විශ්වාස කළා!
    එහෙත් බුදුන් වහන්සේ රාහු කාලය හෝ
    ග්‍රහ තාරකා ගැන කිසි තැකීමක්‌ නොකර...

    තමන්ට අවශ්‍ය වේලාවට ගමන් බිමන්
    යන බව දුටු මේ හාමුදුරුවෝ මහත් සේ පුදුමයට පත් වුණා...

    දවසක් උදය වරුවෙහි දී
    බුදුන් වහන්සේ හමුවුන ඒ හාමුදුරුවෝ....

    බුදුන් වහන්සේගෙන් මෙහෙම විමසුවා.....
    .
    .
    .
    //ස්‌වාමීනි භාග්‍යවතුන් වහන්ස....

    මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද....?//
    .
    .
    .
    කොහොමහරි බුදුන් වහන්සේ
    ඒ වෙලාවේ එයට පිළිතුරක් වදාළේ නැහැ....

    එ හින්දා මඳක්‌ පසුබෑව හාමුදුරුවෝ......
    දහවල් වරුවේ බුදුන්වහන්සේට දන් පිළිගන්වන ගමන්.....
    එම පැනය ම නැවත විචාළා.....
    එහෙත් නැවතත් පිළිතුරු නම් නැත...!
    ආයෙත් මඳක්‌ පසුබා සිටි ඒ භික්‍ෂුව
    සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද....

    එම පැනයම විචාරුවා......
    "රාත්‍රි කාලයේදී ඔබට පහදා දෙමි" යි
    එවිට බුදුන් වහන්සේ වදාළා.....

    කෙමෙන් කෙමෙන් එදින රාත්‍රිය ද උදා වුණා...
    අර භික්‍ෂුන් වහන්සේ නැවත වතාවක්‌
    බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නමැඳ....

    තම ප්‍රශ්නය ඉදිරිපත් කළා..
    එවිට ඒ භික්‍ෂුව ආරාමයෙන් පිටතට
    කැටිව ආව බුදුන් වහන්සේ......

    තරු දිලිසෙන අහස්‌ ගැබට
    සිය ශ්‍රී හස්‌තය දිගුකරලා....

    මෙන්න මෙහෙම අර හාමුදුරුවන්ගෙන් අහුවා.....
    "මහණ අර දුර ඈත පෙනෙන තාරකාව සැබැවින්ම පවතින්නක්‌ ද...?"
    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."
    එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා....
    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියා.....
    දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි....
    තරුවක්‌ එතැන නැත.

    ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා
    ගමන් එම කරමින් තිබේ....

    ඔබ දකින්නේ ඒ ආලෝකයයි....
    ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති
    ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත....

    එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට
    ඒවාට හැකියාවක්‌ නැත!

    කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි!"
    මේ විදියට බුදුන් වහන්සේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය එම ප්‍රශ්නය
    අරඹයා දේශනා කළා!

    හිරු හතක්‌ පෑයීම හෙවත් සූර්යයා සතුව
    ඇති හයිඩ්‍රජන් වායුව දැවී නිම වීමෙන් පසු....

    සූර්යයා හැකිලී නැවත සත් ගුණයකින්
    විශාල වීම!

    අනතුරුව පුපුරා ගොස්‌ සෞරග්‍රහ මණ්‌ඩලය විනාශ වීම....
    යන කාරණා අඩංගු වන්නේ....
    මේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයෙහි ය....

    මේ සූත්‍රය දෙසා වදාළ බුදුන් වහන්සේ
    නිවන් මඟ සාක්‍ෂාත් කර ගැනීමට.....

    විශ්වය ගැන දැන ගැනීමෙන් ප්‍රයෝජනයක්‌
    නැති බවත් ලෝභ ද්වේෂ මෝහ යනාදිය.....

    නැති කිරීමෙන් පමණක් නිවන් මඟ සාක්‍ෂාත් කර ගත හැකි බවත් අවධාරණය කළා...
    සිතන්න.....
    බුදු හිමියන්ගේ දේශනාව තරම් කෙතරම්
    විචිත්‍ර ද... තර්කානුකූල ද....විද්‍යාත්මක ද!

    ඇත්තට ම අපි අද දකින කිසිදු තරුවක්
    අද පෑයු ඒවා නොවේ.....

    සුර්යයා හැරෙන්නට අපට ආසන්නතම තාරකාව පවා ඇත්තේ......
    අපට අලෝක වර්ෂ හතරක් ඈතිනි....
    කෙටියෙන් කිවුවොත් අපි අද දකින්නේ
    එම තරුවේ 2014 දී ස්වභාවයයි....

    ඒ අනුව මුළු අහස තුළින් ම,
    අපි දකින්නේ අතීතය යි....

    එහෙත් මේ සංවාදයට මට මූලාශ්‍ර සපයන
    ලද ත්‍රිපිටක ග්‍රන්ථ ලියා ඇත්තේ.....

    අදට සියවස් ගණනකට කලිනි....
    කොටින්ම එකල 'ආලෝක වර්ෂ' යන
    සංකල්පය තබා.....

    ආලෝකය යනු සීමිත වේගයකින් ගමන් කරන ප්‍රභේදයක් කියාවත්.....
    සොයාගෙන තිබුණේ නැත....!
    සුපර් නෝවා තරු පිපිරීම් යන සංසිද්ධිය පිළිබඳව ත්‍රිපිටකය ලියැවුණු ලංකාවේ පමණක් නොව....
    දියුණු යයි සම්මත කිසිදු රටක විද්‍යාඥයකුටවත් 1980 දශකය තෙක්
    කිසිදු අත්දැකීමක් තිබුණේ නැත....

    මන්ද දියුණු දුරේක්ෂය පවා නිපදවනු ලැබුයේ
    බෝහෝ මැතක නිසා ය...!

    එහෙත් බුදුන් වහන්සේ මෙවා වසර 2600කට පෙරම අපුරුවට දේශනා කර තිබේ....
    තවද විශ්වය පිළිබඳව සෙවීම නිශ්ඵල දෙයක්
    ලෙස ද උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කර තිබේ!

    මිය ගිය තරු වලින් අහසේ චමත්කාරය දකින අපි.....
    දකින අත්විඳින සියල්ල පරම යථාර්ථය නොවන බව දැන්වත් වැටහා ගත යුතු ය...
    බුදු බණ මෙන් සර්වකාලීන වූ
    දේශනා ලොව කිසි කලෙකත් නො වීය....

    මතුවට ද පහළ නො වනවා ද ඇත...!!!
    තෙරුවන් සරණයි!
    .
    .
    .

    _____________________ #සාගර_දියගම

    fb එකෙන් උපුටා ගැනීමකි

    සංවාදයට විවුර්තයි...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපේ උන්ට එහෙම නෙවේ උන් බෞද්ධ දර්ශනය ෆලෝ කරනව කියල හින්දු ආගම අදහන එක කරන්නෙ..
    උදේ ඉදන් tv එක දැම්මොත් පොල් බූරුවෙක් ගෙන්නල පුලුවන් තරම් මිත්‍යාව වපුරනව..
    රටේ හිටපු/ඉන්න/නැවත පත්වෙන සේරම මහ උන්ගෙ ඉදල පහලම එකාට යනකන් ඉන්නෙ මිත්‍යා දෘෂ්ටිකයො..
    රටට හරියයි ද ඉතින්..
     
    Last edited:
    • Like
    Reactions: lodbrok and snm1990

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔක කියලා තියෙන්නෙ , ඔබලා කරලා තියෙන කර්ම වලට ග්‍රහායො මොන්වා කරන්නද කියලා ,
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    බුදු හාමුදුරුවන්ගේ කාලේ
    එක්තරා හාමුදුරුවෝ නමක්....

    බුදු හාමුදුරුවෝ වැඩ හිටපු
    පන්සලේ ම වැඩවාසය කළා.....

    ඒ හාමුදුරුවෝ ග්‍රහ තාරකා විද්‍යාවට
    ගොඩක් ඇල්මක්‌ දක්වන කෙනෙක්....

    මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින්
    අපල උපද්‍රව හටගන්නා බවට....

    උන්වහන්සේ තරයේ විශ්වාස කළා!
    එහෙත් බුදුන් වහන්සේ රාහු කාලය හෝ
    ග්‍රහ තාරකා ගැන කිසි තැකීමක්‌ නොකර...

    තමන්ට අවශ්‍ය වේලාවට ගමන් බිමන්
    යන බව දුටු මේ හාමුදුරුවෝ මහත් සේ පුදුමයට පත් වුණා...

    දවසක් උදය වරුවෙහි දී
    බුදුන් වහන්සේ හමුවුන ඒ හාමුදුරුවෝ....

    බුදුන් වහන්සේගෙන් මෙහෙම විමසුවා.....
    .
    .
    .
    //ස්‌වාමීනි භාග්‍යවතුන් වහන්ස....

    මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද....?//
    .
    .
    .
    කොහොමහරි බුදුන් වහන්සේ
    ඒ වෙලාවේ එයට පිළිතුරක් වදාළේ නැහැ....

    එ හින්දා මඳක්‌ පසුබෑව හාමුදුරුවෝ......
    දහවල් වරුවේ බුදුන්වහන්සේට දන් පිළිගන්වන ගමන්.....
    එම පැනය ම නැවත විචාළා.....
    එහෙත් නැවතත් පිළිතුරු නම් නැත...!
    ආයෙත් මඳක්‌ පසුබා සිටි ඒ භික්‍ෂුව
    සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද....

    එම පැනයම විචාරුවා......
    "රාත්‍රි කාලයේදී ඔබට පහදා දෙමි" යි
    එවිට බුදුන් වහන්සේ වදාළා.....

    කෙමෙන් කෙමෙන් එදින රාත්‍රිය ද උදා වුණා...
    අර භික්‍ෂුන් වහන්සේ නැවත වතාවක්‌
    බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නමැඳ....

    තම ප්‍රශ්නය ඉදිරිපත් කළා..
    එවිට ඒ භික්‍ෂුව ආරාමයෙන් පිටතට
    කැටිව ආව බුදුන් වහන්සේ......

    තරු දිලිසෙන අහස්‌ ගැබට
    සිය ශ්‍රී හස්‌තය දිගුකරලා....

    මෙන්න මෙහෙම අර හාමුදුරුවන්ගෙන් අහුවා.....
    "මහණ අර දුර ඈත පෙනෙන තාරකාව සැබැවින්ම පවතින්නක්‌ ද...?"
    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."
    එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා....
    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියා.....
    දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි....
    තරුවක්‌ එතැන නැත.

    ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා
    ගමන් එම කරමින් තිබේ....

    ඔබ දකින්නේ ඒ ආලෝකයයි....
    ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති
    ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත....

    එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට
    ඒවාට හැකියාවක්‌ නැත!

    කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි!"
    මේ විදියට බුදුන් වහන්සේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය එම ප්‍රශ්නය
    අරඹයා දේශනා කළා!

    ....

    _____________________ #සාගර_දියගම

    fb එකෙන් උපුටා ගැනීමකි

    සංවාදයට විවුර්තයි...

    මේක සමහරවිට බුද්ධ දේශනාවක් වෙන්න ඇති. හැබැයි මෙහෙම එකක් සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ නම් නැහැ.
    https://pitaka.lk/?node=32162&coll=cs,aps
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,525
    8,736
    113
    අපේ උන්ට එහෙම නෙවේ උන් බෞද්ධ දර්ශනය ෆලෝ කරනව කියල හින්දු ආගම අදහන එක කරන්නෙ..
    උදේ ඉදන් tv එක දැම්මොත් පොල් බූරුවෙක් ගෙන්නල පුලුවන් තරම් මිත්‍යාව වපුරනව..
    රටේ හිටපු/ඉන්න/නැවත පත්වෙන සේරම මහ උන්ගෙ ඉදල පහලම එකාට යනකන් ඉන්නෙ මිත්‍යා දෘෂ්ටිකයො..
    රටට හරියයි ද ඉතින්..

    :yes::yes::yes:
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    මේ කොටස ත්‍රිපිටකයේ තියනවද?

    "මහණ අර දුර ඈත පෙනෙන තාරකාව සැබැවින්ම පවතින්නක්‌ ද...?"
    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."
    එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා....
    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියා.....
    දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි...."
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ කොටස ත්‍රිපිටකයේ තියනවද?

    "මහණ අර දුර ඈත පෙනෙන තාරකාව සැබැවින්ම පවතින්නක්‌ ද...?"
    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."
    එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා....
    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියා.....
    දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි...."

    කවුරුහරි දන්න කෙනෙක් මේකට උත්තර දෙයි කියල බලාපොරොත්තු වෙනවා

    EK එකේ රහත් වෙච්ච එවුනුත් ඕන තරම් ඉන්නවා, ඒ උනාට නොදන්න දෙයක් අහපුවම කියල දෙන්න එකෙක් නෑ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේ කොටස ත්‍රිපිටකයේ තියනවද?

    "මහණ අර දුර ඈත පෙනෙන තාරකාව සැබැවින්ම පවතින්නක්‌ ද...?"
    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."
    එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා....
    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියා.....
    දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි...."

    මේකනන් මටත් confirm කරගන්න ඕන දන්න පින්වතෙක් ඉන්නවනන් කියන්න:yes::yes:......
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,847
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඔය ලින්ක් එකට ගියාම සූත්‍රය පටන්ගන්නෙ මෙහෙම.
    මහණෙනි, මේරු පර්‍වත රාජයා දිගින් යොදුන් අසූ සාර දහසෙකි. පළලින් යොදුන් සාර දහසෙකි. යොදුන් අසූසාර දහසක් මුහුදෙහි ගිලී සිටියේය. යොදුන් අසූසාර දහසක් මුහුදින් උඩට නැගී සිටියේය.

    අද අපි දන්නවා පෘථිවියේ විශ්කම්භය කිලෝමීටර් 12742ක් විතර කියල. ඉතින් ඔය කියන විසාල මහාමේරුව කොහෙද තියෙන්න පුලුවන්? :rolleyes:
    ඉතින් මේ සූත්‍රය පටන් ගන්නෙම වැරදි කාරණාවකින් නම් ඉතිරි ටික හරි කියල හිතන්න පුලුවන්කමක් නෑ
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපේ උන්ට එහෙම නෙවේ උන් බෞද්ධ දර්ශනය ෆලෝ කරනව කියල හින්දු ආගම අදහන එක කරන්නෙ..
    උදේ ඉදන් tv එක දැම්මොත් පොල් බූරුවෙක් ගෙන්නල පුලුවන් තරම් මිත්‍යාව වපුරනව..
    රටේ හිටපු/ඉන්න/නැවත පත්වෙන සේරම මහ උන්ගෙ ඉදල පහලම එකාට යනකන් ඉන්නෙ මිත්‍යා දෘෂ්ටිකයො..
    රටට හරියයි ද ඉතින්..

    :yes::yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේ කොටස ත්‍රිපිටකයේ තියනවද?

    "මහණ අර දුර ඈත පෙනෙන තාරකාව සැබැවින්ම පවතින්නක්‌ ද...?"
    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."
    එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා....
    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියා.....
    දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි...."

    මේක පැහැදිලි කරගන්න අවශ්‍යයි. මේ කොටස නිකම් දැන් ඉන්න විද්‍යාඥයෙක් ළමයෙක්ට කියා දෙනව වගේ කියපු එකක් කියලයි මට හිතෙන්නෙ. මේ කොටස ඇත්තටම බුදු හාමුදුරුවො දේශනා කරන ලද දෙයක් ද?. :confused::confused::confused:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඔය ලින්ක් එකට ගියාම සූත්‍රය පටන්ගන්නෙ මෙහෙම.
    මහණෙනි, මේරු පර්‍වත රාජයා දිගින් යොදුන් අසූ සාර දහසෙකි. පළලින් යොදුන් සාර දහසෙකි. යොදුන් අසූසාර දහසක් මුහුදෙහි ගිලී සිටියේය. යොදුන් අසූසාර දහසක් මුහුදින් උඩට නැගී සිටියේය.

    අද අපි දන්නවා පෘථිවියේ විශ්කම්භය කිලෝමීටර් 12742ක් විතර කියල. ඉතින් ඔය කියන විසාල මහාමේරුව කොහෙද තියෙන්න පුලුවන්? :rolleyes:
    ඉතින් මේ සූත්‍රය පටන් ගන්නෙම වැරදි කාරණාවකින් නම් ඉතිරි ටික හරි කියල හිතන්න පුලුවන්කමක් නෑ
    මෙතන පෘථිවියේ විශ්කම්භයත් එක්ක ප්‍රශ්නයක් ඇතිවෙන්නේ යොදුනක් කියන්නේ රෝමන් කාරයෝ හදපු හැතැම්ම වලින් 16 ක් කියලා හිතන නිසා. ඔය සූත්‍ර ලියපු කාලේ ඒ රෝමන් හෝ බ්‍රිතාන්‍ය හැතැම්ම නොතිබුන නිසා ඔහොම ප්‍රශ්නයක් අහන එක ගැලපෙන්නේ නෑ නේද?

    මට මතක හැටියට එළකිරියේම sgrdk1 සහෝදරයා සඳහන් කරලා තිබුන විදිහට යොදුනක් කියන්නේ යෝදයෙකුට (ශක්තිමත් මිනිහෙකුට) දුන්නෙන් විදින්න පුළුවන් දුරට. සමහරවිට මීට අවුරුදු 2600 කට විතර කලින් යොදුනට තිබුන අර්ථකථනය වෙන එකක්ද කියලා මම දන්නේ නැහැ.

    අනික මේ සූත්‍රයේ මහාමේරුව ගැන විස්තරය අදාළ වෙන්නේ අද දවසට නෙවෙයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් පහලවෙලා දීර්ඝ කාලයක් ගියාට පස්සේ. ඒ කියන්නේ අදින් අවුරුදු ලක්ෂ කිහිපයකට පස්සේ වෙන්න පුළුවන්. මේ තර්කය මට ඇහුණේ රාජගිරියේ අරියඥාන හාමුදුරුවන්ගේ බණ අහන කාලේ.

    මේ සූත්‍රයේ සිංහල පරිවර්තනයේ තියෙන විදිහට පුදුම සමමිතික බවක් තියෙන මහාමේරු කියලා කන්දක් තියෙනවා කියල මට ඔප්පු කරන්න ඕනේ නැහැ. ගොඩක් වෙලාවට පසු කාලීන සාහිත්‍ය කතාත් මෙතනට ගෑවිලා ඇති. නමුත් සූත්‍ර පරිවර්තන වල හරි වැරදි දැනගෙන, හරි දේ හරියටම දැනගන්න, අනුගමනය කරන්න අවංක උවමනාවක් තියෙන ඕනෙම කෙනෙකුට මීවනපලානේ සිරිධම්මාලංකාර අරිහතුන් වහන්සේගෙන් ඒ ගැන විමසලා බලන්න පුළුවන්.

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියපු විදිහේ අදහසක් සත්තසූරියුග්ගමන සූත්‍රයේ නැහැ කියන්නයි මං කලින් පෝස්ට් එක දැම්මේ, නැතුව මහාමේරුවක් ගැන ඔප්පු කරන්න නෙවෙයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම එකක් ත්‍රිපිඨකේ නෑ දිවයින පත්තරේ ලිපි ලියන එකෙක් දීපු ලණුවක් ඕක අපේ උන් දාගෙන ශෙයා කරනව ඊට පස්සෙ සෝස් ඇහුවාම කට උත්තර නෑ