අනිවාර්යෙන් ගෙදර පොසෙස් කරලා . හාමුදුරුවො ගෙනල්ලා බනක් කියලා පිරිත් පැන් ඉහපන් . රැට පිරිත් දාපන් ටිකක් සද්දෙන්
ගෙදර අදුරු කලාප තියනවද , සුද්ද කරලා එලිය කරන්න
වහාම පිරිත් පැන් ගේ පුරාම ඉහින්න.
ගෙදර කාමර වල සීතල ගතිය වැඩි ද
අත්භූත ශබ්ද රැට ඇහෙනවද
පුලුටු මස් , බොම්බිලි කරවල ගදට සමාන ගදක් ද .
බල්ලෙක් ඒම ඉන්නවද උගේ හැසීරීමේ වෙනසක් තියනවද, නිකන් ඔහේ ගෙදර තැන් තැන් බලාගෙන බුරනවද
ගේ වටේට දර අලු රවුමක් අදින්න . දර ගිනි තියලා එන අලු. පැන්ඩෙලම් එම අදින්න එපා හරිද
ඩිස්කවරි එකේ ගියා හොන්ටින්ග් කියල සිරිස් එකක් යුටුබ් එකේ ඇති බලපන් ඔක්කම සත්‍ය සිද්ධීන් උන් රග දකවල පෙන්නනවා ඇත්ත අත්දැකිම් අරගෙන
ඔය උබ කියන හැමදේම වගේ තියෙනව මචං..
අපේ ගේ කොහොමත් ටිකක් අදුරුයි බං.. දවල්ට උනත් ටිකක් අදුරුයි...
සීතල ගැනත් හරියටම කියන්න අමාරුයි .. අපි ටිකක් ගමක වගේ ඉන්න හින්ද.. කොහොමත් මේ පැත්ත රෑටත් සීතලයි..
පිරිත් පැන් ඉස්සා මචං පෙරෙයිදා..
ඒ වගේම බල්ලත් ඉන්නවා..රෑට එකපාරටම බුරන ගතියක් තියෙනවා.. ඒකනම් එක එක සද්ද වලට වගේ බං.. රෑට නිශ්ශබ්ද හින්ද පොඩි සද්දෙටත් පොර බුරනවා..
අර අලු කතාව මොකක්ද මචං .. ඒක තේරුනේ නෑ..
dan mko wenne gedara ? dapan balanna
Wenasak na ban. Wenada wagema thama.. tattage asaneepe tika tika wadi wenawa wagee... ehema kisima wenasak danune nA ithin..
මන් කලින් රිප්ලයි එකෙදි උඹට කිව්වා බුදුන් වැඳපන් දුම් අල්ලපන් භූතයො නැහ කියලා.
හැබයි මෙන් පුංචි කතාවක් කියන්නම්.
අපෙ මවත් ඔය විදියට භූත දොෂ විශ්වාස කළා.
අම්මා කට්ටඩියෙක්ට කිව්වා අපෙ ගෙදරට ගුරුකම් කරලා තියෙනවානම් එව්වා අයින් කරල දෙන්න කියලා.
ගෙදර හැමොම කැමති උනාට මන් විරුද්ධ උනා.
මන් විස්වස නොකරන නිස.
ගුරුන්නාන්සෙගෙ ගාස්තුව උනෙ රුපියල් 5,000 ක් වගෙ.
මන් ඒ නිසා අකමැත්තෙන් උනත් ඉඩ දුන්න කරන්න.
මොකද වෙන උන් විසි තිස් දහ්ස් ගණන් ගන්නවානෙ ඔය වගෙ දෙවල් වලට.
5,000 පොඩි ගාණක් නේ ?
පස්සෙ පොර කිව්වා අපෙ අම්මාට ,මෙහෙම බන්ධනයක් කරලා තියෙනවා ඔයාගෙ ඥාති වෙන කෙනෙක් තමා කරලා තියෙන්නෙ ,ඥාති නොවෙන ගැණු කෙනෙකුත් සම්බන්ධයි මෙකට ,
පවුලටම කරලා තියෙන්නෙ කියලා.
ඒ එක්කම කිව්වා බන්ධනය කැපුවොත් ඒ ඥාති වෙන කෙනයි ගණු කෙනයි දෙන්නම් මැරේවි කිව්වා.
අපි මේ බන්ධන කැපුම කරනව කියලා දන්න කියන කිසි කෙනෙක් එක්ක කිව්වෙ නැහැ,
අපිට කිට්ටුව අහල පහල අපි දන්නම හිතවතෙක් එක පාරට ආවා අපෙ ගෙදරට මේ වැඩෙ ඇහිලා.
බන්ධන කැපුම ඉවර උනා.
බන්ධන කැපුම අපි කලෙ 2016 සැප්තැම්බර් වගෙ.
2017 උදා උනා 2017 අප්‍රේල් මාසෙ දි අපෙ මාම කාරයා ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරලා.
මැයි මාසෙදි මිනිහා මළා.
හොයලා බලද්දි මාම ලෙඩවෙන්න පටන් අරගෙන තියෙන්නෙ 2016 බන්ධන කැපුම වෙච්ච කාලෙමයි.
ඊට මාස තුනකට පස්සෙ අපෙ අහල පහල හිතවත් ගැණු කෙනෙක් හිටියා එයත් මලා.
ඒ ගැනු කෙනා තමා අපෙ බන්ධන කැපුම යන වෙලාවෙ කලබලෙන් වගෙ ආවෙ.
මේ දෙන්නාම ඉහෙන් බහින රෝග ලක්ශණ පෙන්නුම් කරාපු දෙන්නෙක් නෙමෙ .
අපෙ අම්මා කිව්වා අපෙ මාම කාරයාළු ජීවිතෙට ඉස්පිරිතාලෙක හිටිය නැති එකම කෙනා පවුලෙ .
මාම කාරයා ඉස්සර අපෙ ගෙදර ආවහම නිතරම කියනවා
"උඹලා ඔය ගෙවල් වලින් දෙන එව්ව කන්න යන්න එපා "
කියලා.
හොරාට කලින් කෙහෙල් කණුත් වැට පනිනවානෙ ?
අර නැති වෙච්ච ගැනු කෙනා හොද්දක් හැදුවොත් විෂේශ කෑමක් හැදුවොත් අපිටත් ගෙනත් දෙනවා හිතවත් කමට
ඔන්න ඔහොම දේකුත් උනා ඉතිං
අනෙ මන්දා මන් තාම හිතනවා මේක විස්වාශ කරනවද නොකරනවද කියන එක
මමත් කට්ටඩි නම් විශ්වාස කරන්නේ නෑ මචං... ඒත් මෙහෙම දෙයක් තියෙනවා අපේ ගමේ කට්ටඩියෙක් එක්ක ආච්චි රන්ඩු වෙලා ඒ මනුස්සය කියල තියෙනවා අපේ ගෙදරට හූනියමක් කරනවා කියල... ඌ එහෙම එකක් කලා කියලත් කියනවා.
කොහොමහරි අපේ ගෙදර කිසි දියුනුවක් නෑ බං.. කොච්චර හම්බ කලත් රැදෙන්නෙත් නෑ සල්ලී..
හැමෝටම වගේ ලෙඩ තියෙනවා. නංගිට කහන ලෙඩක් තියෙනවා .. හොද කරන්නම බෑ බං ..නොකරපු බෙහෙතක් ගියපු නැති වෙදෙක් නෑ. බෙහෙත් වලින් කොන්ට්‍රොල් කරන්න විතරයි පුලුවන්.. අනේ මංදා ඔව්වා ඉතින්..