බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ට සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිති. සිය විහාරස්ථානයේ ඇතිදැඩි කරන මියන්මාර කුමාර හස්තියාට ආහාර ලබාදීමට යාමේදී ලිස්සා වැටීමෙන් නාහිමියෝ තුවාල ලබා ඇති බව විහාරස්ථානයේ ප්‍රකාශකයකු සඳහන් කළේය. හදිසි අනතුරට ලක් වූ ස්වාමීන් වහන්සේගේ ඉල ඇට කිහිපයක් බිඳී ඇති බවත් උරහිසේ අස්ථි බිඳී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
උන්වහන්සේ දැනට හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන බවත් වැඩි දුර ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට යොමු කළ බවත් එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. හදිසි අනතුර හේතුවෙන් උන්වහන්සේගේ ජීවිතයට අවදානමක් නොමැති යැයි ද, ප්‍රතිකාර ලබාදීමෙන් උන්වහන්සේට සුවපත්භාවය ලබාදීමට හැකි යැයි ද රෝහල් ආරංචි මාර්ග පවසයි.
රත්නසිරි පතිරණ සහ
සන්ධ්‍යා කරුණාරත්න