බෙලෙක්කයා පරාජය පිලිගනී .... !!

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    බෙලෙක්කයා පරාජය පිලිගනී .... !!

    ‘ලංකාව කොටි පරදාවි යයි අපි හිතුවේ නෑ’ - රොබට් ඕ බ්ලේක්

    ශ‍්‍රී ලංකා රජයට එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කළ නොහැකි යෑයි තමන් දැඩි සේ විශ්වාස කළ බව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ ඇමෙරිකානු ගුවන් විදුලි සාකච්ඡාවක්‌ අමතමින් ප්‍රකාශ කර තිබේ. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිවිල් වැසියන් සිටි ස්‌ථාන අතරේ කාලතුවක්‌කු අටවාගෙන සිටියේ ප්‍රති ප්‍රහාරවලින් එම සිවිල් වැසියන් මරුමුවට පත්වීමෙන් ශ්‍රී ලංකාවේ රජය කෙරේ ජාත්‍යන්තර ප්‍රජාවගේ කෝපය ඇතිකරලීම සඳහා යෑයිද හෙතෙම තවදුරටත් සඳහන් කර ඇත.

    එල්.ටී.ටී.ඊ. ප්‍රදේශවල සිටි සිවිල් ජනතාවට රජයේ පාලන ප්‍රදේශවලට ඒමට කොටි සංවිධානය ඉඩ දුන්නේ නැති බවත් ඔහු වැඩි දුරටත් කියා පවසා ඇත.