බොදුබල සේනා සහ හලාල් සහ රට ජාතිය .

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පළමු කාරනාව සහෝදරයා මම ලියපුදේ හරියට තේරුම් අරන් නැහැ.
දෙවැනි කාරනාව බුද්ධ ශාසනයේ පැවිදිවූ උතුමන්ලා තමුන්ට විෂය නොවූ දේ සඳහා මැදිහත් වීම හා තමුන්ට විෂයවූ විෂයට මැදිහත් නොවීම.
තුන්වන කාරනාව රටේ සිදුවන මිනීමැරුම් , මංකොල්ල,ස්ත්‍රී දුෂණ , වංචා ,අපචාර සියල්ලම සිදුවන්න ප්‍රධාන හේතුව රටේ නීතීය පිරිහීම. ඒවාට සෘජුවම වගකියන්න ඕන පවතින රජය හා මෙතෙක් පැවතුන රජයන්. වක්‍රාකාරයෙන් මේ චීවරධාරීන් තමුන්ට තමුන්ගේ ශාස්තෘවරයාණන් වහන්සේ විසින් පවරපු වගකීම ඉටුකරානම් ඔබතුමා කිව්වා අපරාධ 50% වත් අඩුවෙන්න තිබුන.

බටහිර රටකට ඇවිත් බලන්න අපි කිව්වම බටහිර රටවල මිනිස්සු කොයිතරම් බුදු දහමට ගරුකරනවද කියල.ලෝකේ දැනගත්තු දවසට බුද්ධ පුත්‍රයන් වහන්සේලා වෙන ජනකොටස් එක්ක ගහමරාගන්න මිනිස්සු පොළඹවනවා කියල, බුද්ධ පුත්‍රයා වහන්සේලා විශ්වවිද්‍යාල වල ගහමරාගන්නවා පිකටින් කරනවා කියල, බුද්ධ පුත්‍රයන් වහන්සේලා පාර්ලිමේන්තු යන්න චන්දෙ ඉල්ලනවා කියල මොකක්ද බුදුරජානන් වහන්සේ සියලු ආසාවන් ප්‍රහීන කරපු ලෝකෙටම මෛත්‍රිය කරපු උත්තමයෙක් කියල ලෝකේ පිලිගනිවිද? කාටද මේ අපහාසය කරන්න උත්සහ කරන්නේ? අපේ බුදුහාමුදුරුවන්ට නේද? බුද්ද ශාසනේ ආරක්ශාකරන්න කියල මොකක්ද මේ වක්‍රාකාරව සිද්දවෙමින් පවතින්නේ?

uba kiyana dewal walata issellama wenne mage age le rath wena eka.
sodura me ahaganna..
rataka neethiyak kiyana de athiwenne e rate siduwana apachara,weradi anuwa.
neethi pothe tiyena neethi unath hariy kiyanna be...e wagema eka sampurnath ne.(ape lankawe)
aluthen neethi enawa aluthen neethi tawtah enawa(meeta wada therun karanna mata katha karanna ona mokada liyanna mama adhakshai.

ketiyen hithanna..
ape sanskruthiyata anuwa demawpiyanta athak issuwoth(bannoth) wate inna un allan uta gahanawa (weradi hinda)
eth neethi pothe demawpiyanta garu karanna ona kiyala ne(ewa uthukam)
meeta wediya sankeernawa kiwwoth demawpiyan daruwan unata ewa rada pawathinne sanskruthiya kiyana de tiyenakam..neethiyen garuthwayak labenne ne.(samana neethiyak tiyenawa sema kenektama)

thaatha,puthata gahuwoth neethiya anuwa nadu daanna,wandi ganna puluwan,

bata hira ratawalin wedak ne....anika wenath un mona hithuwath ekath wedak ne...apita hodin ho narakin wewa araksha karanna deyak tiyenna ona.
e de nethi wena ekane methana natthe.
apita apita sudusu de karana eka hari..hebei eken wena kenekta authu proyojana ganna denna be.bodu bala senawa kiyana pirisen karanne minisunge as arawana eka.wena deyak newei.

eka kawruth karanawa pili gannawada nedda kiyana eka molayak tiyena pudgalayan therungannawa.

api yanawada are mushe da mokakda kiyana hambayo pray karana than walata monawada kiyanne ahanna.
eyala hithana ,piliganna,wishwasha karana de eyalata seema wenawa..
e dewal api dena ganne api godak parakku unata passe wenna puluwan.dan wenakam una wage.

ape sinhala bawddayange anda wela tiyena as deka pahadanna hadanne kiyana eka wedagath
bikshuda,samanya minihekda kiyana eka wedak ne...
monada oya kiyana seemawal....?

panadura wadeth ehenam prathishepa karanna wenawa oyage matheta anuwa.

uba bawdda da ban?
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අපි ජාතිය ගැන කතා කලොත් ජාතීවාදීන්......
අපි ආගම ගැන කතා කලොත් ආගම්වාදීන්....

යකෝ බොදු බල සේනාව හලාල් ගැන කතා කලේ නැත්නම් අදත් අපු බොරුවට අර පර උලමාට කප්පම් දෙනවා.... දැන් වැරැද්ද උලමට දීපු කප්පම් නැති උන එකද???? මචන් කල්පනා කරලා බලපන් එදා ඉංග්‍රීසි කොඩිය බිම දාලා පාගලා සිංහ කොඩිය ඉස්සුවේත් හාමුදුරුනමක්..... කොටි පරාද කරන්න මාවිල් ආරු යුද්දේ ආරම්භ කලෙත් අපේ හාමුදුරුවරු...... මේරටට අගතියක් වෙන හැම වෙලාවකදිම පෙරමුණ ගන්නේ අපේ හාමුදුරුවරු.....

මේරටේ බොදු ජනතාවට අසාධාරණයක් වෙනකොට හඩනගන්න ඉන්නේ හාමුදුරුවරු විතරයි....

පලයන් අරාබියට වෙනත් මුස්ලිම් රටවටල ගිහින් බලපන් මොන මුස්ලිම් රටේද වෙනත් ආගමකට නිදහසක් තියෙන්නේ කියලා...ඒ අතින් බලකොට මේ සිංහල රටේ සිංහල මිනිස්සුන්ට මුස්ලිම් ජනතාව මල් තියලා වඳින්න ඔනේ....

aniwaryenma...
me pissu dodonawa me yaka...
atheethayakuth ne,warthamaneth pawa deegena anagatheth nathi kara ganna hadana padiwarayek me yaka
 
HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
පොල්වත්තයා උඹ බොහොම සාදාරන විනිශ්යක් දීල තියෙනවා. හැබැයි මේකත් මතක තියා ගනින්, චීවරය මැදිහත් නොවෙන්න මේ ප්‍රශ්නේ මෙච්චර මිනිස්සු අතරට යන්නේ නැහැ කියන එක. හැබැයි උඹ අර මෙතන කෑ ගහන සමහර ජන්මේ වැරදි උන් වගේ නෙමෙයි. බොදු බල සේනා වැරදි උනත් අර මම කියපු උන් බනින්නේ සිංහල බෞද්ධයාට. ඒ වගේම හීන් නූලෙන් හම්බයට කඩේ යනවා.
මට හලාල් කියන සංකල්පය ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ලංකාවේ හලාල් වලට දැඩි සේ විරුද්ධයි. මොකද හලාල් යට සැඟවෙලා තියෙන්නේ මුස්ලිම් වයාප්තවාදය.

අපි හිතමු කෙනෙක් හලාල් ගත්ත කියල. එයාගේ නිෂ්පාදනයට බඩු සපයන සිංහල සපයුම්කරුවෙක් ඉන්නවා නම්, මේ හලාල් කට්ටිය කරන්නේ අර සැපයුම්කරුව වෙනුවට ඊට ටිකක් මිල අඩුවෙන් හරි සපයන මුස්ලිම් සපයුම්කරුවෙක් එතනට දානවා. ඔහොම ඔහොම කොහෙන් ගියත් අන්තිමට අර නිෂ්පාදකයාගේ සියලුම අමුද්‍රව්‍ය ඇවිල්ල තියෙන්නේ මුස්ලිම් තැන් වලින්. ඔහොම කාලයක් යනකොට මුළු වෙලන්දපොලම පාලනය කරන්නේ මුස්ලිම් අය. මුස්ලිම් සෑම කෙනෙක්ම තමන්ගේ ආදායමෙන් සැලකිය යුතු කොටසක් පල්ලියට දිය දිය යුතුමයි. ඔන්න ඔතනයි මුස්ලිම් ව්‍යාප්තවාදය තියෙන්නේ.

බොහොම සරලව ඔහොමයි හලාල් වැඩ කරන්නේ.

අපේ ගොන් හරක් හිතන්නේ මුස්ලිම් අය හලාල් කෑවම අපිට මොකද කියල. ඔය වගේ සරලව හිටන්න පුළුවන් නම් ඕනෙම දෙයක් ගැන හරි ලේසියි ජීවත් වෙන්න. හැබැයි තමන්ම දන්නේ නැහැ තමන් වැටිලා ඉන්න උගුල මොකක්ද කියල.
සහතික ඇත්ත.මටත් මේ තියෙන ප්‍රස්නේ මෙච්චර කාලයක් මේ ගැන කිසි දෙයක් නොකියපු උන්නැහේලා හාමුදුරුවෝ මේ ගැන කියන්න ගත්ත ගමන් කහන්න ගන්නේ ඇයි කියන එක. වැරද්දක් කල නම් පෙන්නලා දෙන එක හොද දෙයක්..
නමුත් මුළු ලෝකෙටම පිළිලයක් වෙච්ච ජාතියක් මිනීමරන ඒවා නොපෙනෙන උදවියට කාටහරි දෙයක් කියාදෙන්න ඇඟිල්ල උස්සන අයගේ වැරදීම පේන එකයි මෙතන අවුල..
සමහරු නම් ඔයි වගේ කතා කියන්නේ කුමන හෝ ආර්ථික වාසියක් බලාගෙන. නමුත් දැන් හුගක් එවුන් ඔහොම කියන්නේ "හෙන පොරක් වෙයි"
කියන බලාපොරොත්තුවෙන්.
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
වලිගෙ පාග ගන්න එපා. මම ලියපු ටික ලිව්වේ ගිහි උඹට නෙවෙයි. චීවරය පිටින් වෛරය වපුරන චීවර ධාරීන්ට සහ බොදු කියන වචනේ මේ වෛර මුලික සංවිධානයට දාගත්තටයි. ඒවා අයින් කරලා ගමන යන්න. එතකොට බෞද්ධ කියන දර්ශනයට හානියක් නැහැ. මම කොතනද මේකේ ලියල තියෙන්නේ හලාල් හරි කියල. ඒකීය රටක් ඇතුලේ එක ජන කොටසකට වෙනම ලේබලයකින් ආහාර නිෂ්පාධනය අනවශ්‍යයි. එත් මේ කාරනාවට චීවරය සහ බුදු දහම මැදිහත් කරන්න එපා කරුණාකරලා. චීවර ධාරීන් එයාලට විෂය වූ විෂයට යොමුකරන්න.
ubatai matai karanna puluwan deyak ne ban..
mulu ratama bodu bala senawath samaga e atharin innawa jathiyak agamak,dahamak nethi kaala kanni..
srilankawe sinhalayanwa pawa deem kocchara nam unada...eth sinhalayan watune ne ne.
e hinda idiriyath e de wenna puluwan.eka gena lokuwata hithanna ona ne mama hithanne...
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
සහතික ඇත්ත.මටත් මේ තියෙන ප්‍රස්නේ මෙච්චර කාලයක් මේ ගැන කිසි දෙයක් නොකියපු උන්නැහේලා හාමුදුරුවෝ මේ ගැන කියන්න ගත්ත ගමන් කහන්න ගන්නේ ඇයි කියන එක. වැරද්දක් කල නම් පෙන්නලා දෙන එක හොද දෙයක්..
නමුත් මුළු ලෝකෙටම පිළිලයක් වෙච්ච ජාතියක් මිනීමරන ඒවා නොපෙනෙන උදවියට කාටහරි දෙයක් කියාදෙන්න ඇඟිල්ල උස්සන අයගේ වැරදීම පේන එකයි මෙතන අවුල..
සමහරු නම් ඔයි වගේ කතා කියන්නේ කුමන හෝ ආර්ථික වාසියක් බලාගෙන. නමුත් දැන් හුගක් එවුන් ඔහොම කියන්නේ "හෙන පොරක් වෙයි"
කියන බලාපොරොත්තුවෙන්.

atthenma....
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
155630_411577082271245_1535004139_n.jpg

තථාගතයන් වහන්සේ අංගුත්තර නිකායේ දුක්කටා සූත්‍රයේ දී වදාළ, පුද්ගලයන් පස් දෙනකු සමග ධර්ම කථා පවත්වන්න බෑ කියලා. එසේ කළොත් ඒ කථාව දුෂ්කර කථාවක් වනවා. එය කිපෙනවා, නොසතුටමයි පළ කරන්නේ, කියලා උන්වහන්සේ වදාළ.

01. අස්සද්ධස්ස භික්‍ඛවේ, සද්ධා කථා දුක් කටා

ශ්‍රද්ධාව නැති කෙනෙක් එක්ක ශ්‍රද්ධාව ගැන කථා කරන්න බෑ. ඒක දුෂ්කර කථාවක් වනවා. ශ්‍රද්ධාව කියන්නේ පොඩි දෙයක් නොවේ. මනුෂ්‍යයකුට තිබෙන උතුම්ම ධනය ‘ශ්‍රද්ධාව බව‘, භාග්‍යවතුන් වහන්සේ ආලවක සූත්‍රයේ දී වදාළහ. ආලවක යක්ෂයාගේ භවනට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේගෙන් ආලවක ඇසූ මුල්ම ප්‍රශ්නය තමා,

කිංසුධ විත්ථං පුරිසස්ස සෙට්ඨං
පුරුෂයකුට ඇති උතුම්ම ධනය කුමක් ද? යන්න.
භාග්‍යවතුන් වහන්සේ වදාළා
සිද්ධීධ විත්ථං පුරිසස්ස සෙට්ඨං
ශ්‍රද්ධා ධනයයි, පුරුෂයකුට උතුම්ම ධනය වන්නේ, කියලා.

බලන්න, ලෝකයේ මේ උතුම්ම ධනය වන ශ්‍රද්ධාව ගැන, එය නැති කෙනෙක් එක්ක කතා කරන්න බෑ. එයා කිපෙනවා. (කුජපති)

ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවා වදාරන්නට යෙදුණු මෙම බුද්ධ ශාසනය ‘මන්දිරයක් නම්, ඒ මන්දිරයට ඇතුළු වන දොරටුව තමා, ශ්‍රද්ධාව.

යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ කෙරේ අචල ශ්‍රද්ධාවට පැමිණියහොත්,

සබ්බේ තේ සග්ග පරායණා

ඒ සියල්ලෝම සුගතියේ උපදින බව භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

02.දුස්සීලස්ස සීලකථා දුක්කටා,

දුස්සීල කෙනෙක් එක්ක ශීලය ගැන කථා කරන්න බෑ. එයා අප්‍රසාදයත්, නොසතුටත්, පළ කරනවා, ඒක දුෂ්කර කථාවක්,

ශීලය කියලා කියන්නේ සියලු යහපත් ගතිගුණ වලට අම්ම කෙනෙක් වගේ මුල් වන පිළිවෙතටයි. ඒ නිසා, ශීලය පිරිසුදුව තබා ගත යුතුයි.

ඒකෝ මග්ගෝ නත්තඤ්ඤු දස්ස නස්ස විසුද්ධියා කියා ය.

කෙළෙසුන්ගෙන් පිරිසුදු වීමට තිබෙන ඒකායන මාර්ගය, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි යන්නයි එහි තේරුම. ඉතින් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය, සීල, සමාධි, ප්‍රඥා වශයෙන් පිළිවෙළින් වැඩිය යුතු එකක්, මහා පරි නිබ්බාණ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළා. පින්වත් මහණෙනි, සීලයෙන් ප්‍රගුණ කරන ලද සමාධිය මහත්ඵලයයි. මහානිශංසයි. සමාධියෙන් ප්‍රගුණ කරන ලද ප්‍රඥාව, මහත්ඵලයි, මහානිශංසයි, ඒ ප්‍රඥාවෙන් තමා, මනා කොට ආශ්‍රවක්ෂය කරන්නේ කියලා.

ඉතින් ඒ තරම්ම වැදගත් වූ සීලය ගැන, දුස්සීල අයත් එක්ක කථා කරන්න බැරි බවයි භාග්‍යවතුන් වහන්සේ දුක්ඛටා සූත්‍රයේ දී වදාළේ,

03. අප්පස්සු තිස්ස බාහුසච්ච කථා දුක්කටා

ධර්මඤාණය නැති කෙනෙක් එක්ක විස්තර ඇතිව දහම් කරුණු කථා කරන්න බෑ. ඒක දුෂ්කර කථාවක් වනවා. පඨම නාථ කරණ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළා, බහුශ්‍රැත බව, කෙනකුට, අනාථ නොවන, සනාතන රැකවරණයක් සලසන ධර්මයක් කියලා. යම් කෙනෙක් තුළ හොඳින් අසා දරාගත් ධර්මයක් නැත්නම් එය අනාථ වූ කෙනෙක්. මේ යුගයේ අපට මුණ ගැසුණු ශාසනය තමා ගෞතම බුද්ධ ශාසනය. අපි බහුශ්‍රැත නොවුණොත් අපට අනාථව තමා වාසය කරන්න වන්නේ. අනාථ වූ කෙනකුට සිද්ධ වන ඊළඟ කාරණය තමා දුකින් වාසය කරන්නට සිදුවීම.

දැන් අපට තේරෙනවා බහුශ්‍රැත බව පොඩි දෙයක් නොවන බව. නමුත් මේ ගැන අල්ප දහම් දැනුමක් ඇති කෙනෙක් එක්ක කථා කිරීම දුෂ්කර බවයි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ.

04. මච්චරියස්ස චාග කථා දුක්කටා

මසුරු අයත් එක්ක ත්‍යාගය ගැන (දීම/ගැන) කථා කිරීම දුෂ්කරයි. ඒක දුෂ්කර කථාවක්.

නිවනක් සොයන කෙනකුට මේකත් හරිම වැදගත්, මොකක්ද? අත් හැරීම පුරුදු කිරීම, ටික ටික හරි අපි පුරුදු වන්න ඕන අත්හරින්න. නියම අත් හැරීම නම් කෙළෙස් අත් හැරීම කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ.

අපි ධනය අත්හරිනවා වගේ අපට පුළුවන්නම් මේ ඇස අත හරින්න, කණ අත හරින්න, නාසය, දිව, කය, මනස අත් හරින්න, අන්න හැබෑම අත් හැරීම.ඒක එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඇස අත හරින්න නම් ඇස ගැන කලකිරෙන්න ඕන. ඇස ගැන කලකිරෙන්නේ නම් ඇසේ හැබෑම වැඩ පිළිවෙළ අවබෝධ වෙන්න ඕන ඇසයි, රූපයි, විඤ්ඤාණයයි. (ඇසින් රූප දැනැගනීමේ ස්වභාවය) එකතු වෙලා සංසාරයේ පැවැත්ම වෙනුවෙන් (පටිච්ච සමුප්පන්නව) දුක හදල දුන්නා. ඇසේ ඇතිවීම දුකයි. ඒ නිසාමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ, “පින්වත මහණනි, යම් තැනක ඇස ඉපදුනා නම් ඉපදුනේ දුකයි” කියලා.

අපි කවුරුත් දුකට කැමැති අය නොවේ. අපි සැපට කැමැති අය. එහෙනම් අපි අකැමැති දුක හදලා දෙන ඇසටත් අපි කැමැති නොවෙන්න ඕන. අන්න එදාට තමා අපි ඇස කෙරෙහි නිබ්බිදාව (කළකිරීම) ඇතිකර ගන්නේ. කළකිරුණු දවසට අපිට, ඇස අවබෝධයෙන්ම එපා වෙනවා. අන්න එදාටයි අපි හැබෑවටම ඇසෙන් නිදහස් වෙන්න මහන්සි ගන්නේ. ඇස අත හරින්න මහන්සි ගන්නේ. ඉතින් මේ කෙළෙස් අතහැරීමට කලින් අපි ධන ධාන්‍යා අතහැරලා (දන්දීලා) මේකට පුරුදු වෙන්න ඕන. ඒ වගේම අපට ආර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට අනිවාර්යයෙන්ම පින උපකාර වෙනවා. ත්‍යාගයෙන්, දන් දීමෙන් අපට ඒ නිවනට උපකාර කරන පින අප්‍රමාණ ආකාරයෙන් රැස්කර ගැනීමේ අවස්ථාව උදාවෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ දන් දීම හරිම ලස්සනයි. මහාකච්චාන මහ රහතන් වහන්සේ මහා කච්චාන බද්දේකරත්ත සූත්‍රයේ දී වදාළා.

අමතස්සදාතා
බුදුරජාණන් වහන්සේ තමා අමෘතය (ඒ අමා මහ නිවන) දන් දෙන කෙනා කියල අත්හැරීම පුරුදු කරපු භාග්‍යවතුන් වහන්සේගේ හැටි කොහොමද බලන්න.

නත්ථානන්ද තථාගතස්ස ආචරිමුට්ටී

පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට නොකියන, රහසේ තබා ගන්නා ධර්මයක් නැහැ කියලා.

මෙවන් අත්හැරීම ගැන මසුරුකෙනෙක් එක්ක කොහොම කථා කරන්නද? ඒක එයත් එක්ක දුෂ්කර කථාවක්.

05. දුප්පඤ්ඤස්ස පඤ්ඤා කථා දුක්ඛටා

ප්‍රඥාව නැති කෙනෙක් එක්ක ප්‍රඥාව ගැන කථා කරන එක දුෂ්කරයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්‍ෂණය දකින, මනා කොට දුක් ක්‍ෂය කරන ලද ආර්ය වූ කලකිරීමෙන් යුත් නුවණයි ප්‍රඥාව කියන්නේ. ඒ ආර්ය ප්‍රඥාවට පුළුවනි, මනා කොට දුක් ක්‍ෂය කරලා දාන්න, දුක ප්‍රහීණ කරන්න. ඒ ප්‍රඥාවට පුළුවන් නම්, ප්‍රඥාව කොතරම් වැදගත්ද කියන්න අටුවාටීකා අවශ්‍ය නැහැ. අපව සතර අපායෙන් පමණක් නොවෙයි මේ තුන් භවයෙන්ම සදහටම නිදහස් කරන ඒ ප්‍රඥාව ගැන ප්‍රඥාව නැති කෙනෙක් එක්ක කථා කරන්න බෑ කියලයි භාග්‍යවතුන් වහන්සේ දුක් කථා සූත්‍රයේ දි වදාළේ. අපි මෙවැනි පුද්ගලයන් වන්න හොඳ නැහැ. ශ්‍රද්ධාව, ශීලය, බහුශ්‍රැත භාවය, ත්‍යාගය, ප්‍රඥාව ගැන කථා කරන්න පුළුවන් ඒ ගැන කථා කරනවාට කැමැති ගෞතම බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවන් පිරිසක් බවට, සැබෑම ශ්‍රාවක දියණියන් පිරිසක් බවට අපි පත් වන්න ඕන.

ඒ්ක නිසා මචං ෙවන ෙද් බලං හිටපං අඳබාලයන් ඒක්ක් තර්කයට යන්ෙන නැතුව. :D
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පැටියා;14771122 said:

    උඹ කියන කතාව සම්පුර්ණ ඇත්ත. එත් මචන් මේ බොදු බල කියන නම දාගෙන චීවරය ඉස්සරහට දාගෙන විනාස කරන්නේ අපි කොයිතරම් ශ්‍රද්ධාවෙන් ගෞරවයේන් පිළිපදින ඒ උතුම් ශාස්තෘවරයාණන් වහන්සේගේ දහම . බුද්ධ දර්ශනය ගැන නොදන්නා උදවියට මේ වැඩ වලින් ගම්‍ය වෙන්නේ මොන විදිහ ප්‍රතිරුපයක්ද?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපි ජාතිය ගැන කතා කලොත් ජාතීවාදීන්......
    අපි ආගම ගැන කතා කලොත් ආගම්වාදීන්....

    යකෝ බොදු බල සේනාව හලාල් ගැන කතා කලේ නැත්නම් අදත් අපු බොරුවට අර පර උලමාට කප්පම් දෙනවා.... දැන් වැරැද්ද උලමට දීපු කප්පම් නැති උන එකද???? මචන් කල්පනා කරලා බලපන් එදා ඉංග්‍රීසි කොඩිය බිම දාලා පාගලා සිංහ කොඩිය ඉස්සුවේත් හාමුදුරුනමක්..... කොටි පරාද කරන්න මාවිල් ආරු යුද්දේ ආරම්භ කලෙත් අපේ හාමුදුරුවරු...... මේරටට අගතියක් වෙන හැම වෙලාවකදිම පෙරමුණ ගන්නේ අපේ හාමුදුරුවරු.....

    මේරටේ බොදු ජනතාවට අසාධාරණයක් වෙනකොට හඩනගන්න ඉන්නේ හාමුදුරුවරු විතරයි....

    පලයන් අරාබියට වෙනත් මුස්ලිම් රටවටල ගිහින් බලපන් මොන මුස්ලිම් රටේද වෙනත් ආගමකට නිදහසක් තියෙන්නේ කියලා...ඒ අතින් බලකොට මේ සිංහල රටේ සිංහල මිනිස්සුන්ට මුස්ලිම් ජනතාව මල් තියලා වඳින්න ඔනේ....

    හාමුදුරුවරුන්ට උඹලව සුද්දාගෙන් සහ උලමගෙන් ගලවගන්න එන්න සිද්ද උනේ කරුණු දෙකක් හින්ද .
    පලවෙනි මුලික කාරනාව තමයි බුදුරජානන් වහන්සේ පැහැදිලි කරපු සත්‍යය තේරුම් නොගැනීම හෙවත් ඇලීම් වලින් ඉවත් නොවීම සහ ආසාවන් වලින් ඉවත් නොවීම.
    දෙවැනි කාරනාව උඹල වගේ ඇලීම් තන්හාව තියන උදවිය යමෙකුට එරෙහිව නැගී සිටින්න කොන්ද පන නැති නිසාවෙන්.

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ කියන කතාව සම්පුර්ණ ඇත්ත. එත් මචන් මේ බොදු බල කියන නම දාගෙන චීවරය ඉස්සරහට දාගෙන විනාස කරන්නේ අපි කොයිතරම් ශ්‍රද්ධාවෙන් ගෞරවයේන් පිළිපදින ඒ උතුම් ශාස්තෘවරයාණන් වහන්සේගේ දහම . බුද්ධ දර්ශනය ගැන නොදන්නා උදවියට මේ වැඩ වලින් ගම්‍ය වෙන්නේ මොන විදිහ ප්‍රතිරුපයක්ද?

    :D ඔය දේවල් වලට වැඩි ආයුෂ නෑ මචං. අපේ ඉතිහාසය අරන් බැලුවොත් මේ වගේ බුද්ධ ශාසනයට නිගරු කරපු, බුදු සසුන නාමයෙන් තම තමන්ගෙ පෞද්ගලික ලාබ ප්‍රයෝජන ලඟා කරගත්තු අයට පරිසරයෙන්ම දඬුවම් හම්බවුනා. ඉවසලා ඉන්න මේ දේවල් වලට කලබල නොවී. දැං දැං ඔය වෛරය වපුරපු සංවිධාන රටේ ඇති වෙමින් පවතින තත්වයන්ට තමන් සම්බන්ධ නෑ කියන විදියෙ මාධ්‍ය ප්‍රකාශ පවා නිකුත් කරනවා. ඒ මොකද මේ වපුරපු වෛරයේ අස්වැන්න ලැබෙන්න (පිපිරෙන්න) ලඟයි. එහෙම තත්වයක් උදාවුනොත් එදාට දහම නොදන්න මේ වෛරී සංවිධාන වල අඩිපාරේ ගියපු අය නිසි මග දකියි. එතකං ඉවසන්න. ඔය පස් වැදෑරුම් පුද්ගලයන් හඳුනගෙන හැකි තරම් ඔවුන්ව මග හරින එක තමා නුවණට හුරු මේ අවස්ථාවේ :D:yes:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම දන්නවා උබ මට නෙමෙයි මේක ලිව්වේ කියලා ඒ උනාට මම සිංහල බෞද්ධ එක නිසා තමයි කිව්වෙ... මේකට බොදු කියන කෑල්ල දාපු එකද උබ කියන මහා ලොකු වැරැද්ද??? මචන් මේකේ ඉන්න අපි බෞද්ධ නම් ඇයි අපිට බොදු කියන එක පාවිච්චී කරන්න තහනම්... එහෙනම් උලමට හලාල් කියලා ගහලා අපි ඔක්කොටෝම හලාල් කවනකම් උබ මොන ලෝකෙද හිටියේ උබ අන්න ඒකට විරුද්දව එක ත්‍රෙඩ් එකක් වත් දැම්මද??? උබ මොන පදනමින්ද කියන්නේ බොදු බල සේනාව වෛරය වැපරුවා කියලා... ඇත්ත කියන කොට මිනිස්සුන්ගේ ඇස් ඇරෙනකොට උබලා කියන්නේ ඒකට වෛරය කියලද???

    දැන් හලාල් නෑනේ... අපේ හාමුදුරුවරු තාමත් කට වහන් හිටියනම් අර පර උලමා කප්පම් තාම ගන්නවා??? හාමුදුරුවරු කට ඇරපු නිසා තමයි අද ඔය හලාල් කියන බෙදුම්වාදය නැවතුනේ... නැත්නම් උබලා මේවා ගැන කතා කරාද මීට ඉස්සෙල්ලා....

    වරදවා වටහාගන්න එපා මහත්තය. බොදු බලය කියන්නේ ඕක නෙවෙයි. මේ මතුවෙලා තියෙන්නේ සිංහල බලය. අවන්කවම මම එකට සන්තෝසයි. ජාතියක් වශයෙන් එකමුතු වීම ඉතාමත් හොඳ දෙයක්. ජාතියකට එරෙහිව එන අසාධාරණ බලපෑම් වලට එරෙහිව නැගී සිටින්න ජාතියක් විදිහට අපි එකමුතු විය යුතුමයි. හැබැයි සීමා මායිම් ඇතුව . ගහමරාගැනීම් , කල කෝලාහල නැතුව.

    බොදු බලය කියන්නේ ඕක නෙවෙයි. බොදු බලය කියන්න මෛත්‍රිය තුලින් සතුරන් ජයගැනීම. බුදුරජානන් වහන්සේ අංගුලිමාල, නාලාගිරි දමනය කරේ මෛත්‍රිය තුලින්. අන්න එකයි බොදු බලය.

    හලාල් ගැන මම පැහැදිලිවම කියල තියනවා ඒකීය රටක එක ජනකොටසකට විශේෂවූ ලේබලයකින් ආහාර නිෂ්පාදනය අනවශ්‍යයි කියල.

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පැටියා;14771122 said:

    මෙම පස්දෙනාගෙන් එකෙක් තමයි polwattacom කියන මිත්‍යාදෘෂ්ඨිකයා

    බුද්ධදෙෂනාවෙ තියනවා පිස්සන්ට බණ කියන්න එපා කියලා. මෙම polwattacom එක්ක වාදයට යන්නේ නැතිව scurvy ටයි polwattacom ටයි පාඩුවෙ ඉනන දෙන්න
    .

    .

    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අපි ජාතිය ගැන කතා කලොත් ජාතීවාදීන්......
    අපි ආගම ගැන කතා කලොත් ආගම්වාදීන්....

    යකෝ බොදු බල සේනාව හලාල් ගැන කතා කලේ නැත්නම් අදත් අපු බොරුවට අර පර උලමාට කප්පම් දෙනවා.... දැන් වැරැද්ද උලමට දීපු කප්පම් නැති උන එකද???? මචන් කල්පනා කරලා බලපන් එදා ඉංග්‍රීසි කොඩිය බිම දාලා පාගලා සිංහ කොඩිය ඉස්සුවේත් හාමුදුරුනමක්..... කොටි පරාද කරන්න මාවිල් ආරු යුද්දේ ආරම්භ කලෙත් අපේ හාමුදුරුවරු...... මේරටට අගතියක් වෙන හැම වෙලාවකදිම පෙරමුණ ගන්නේ අපේ හාමුදුරුවරු.....

    මේරටේ බොදු ජනතාවට අසාධාරණයක් වෙනකොට හඩනගන්න ඉන්නේ හාමුදුරුවරු විතරයි....

    පලයන් අරාබියට වෙනත් මුස්ලිම් රටවටල ගිහින් බලපන් මොන මුස්ලිම් රටේද වෙනත් ආගමකට නිදහසක් තියෙන්නේ කියලා...ඒ අතින් බලකොට මේ සිංහල රටේ සිංහල මිනිස්සුන්ට මුස්ලිම් ජනතාව මල් තියලා වඳින්න ඔනේ....

    :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල්වත්තයා උඹ බොහොම සාදාරන විනිශ්යක් දීල තියෙනවා. හැබැයි මේකත් මතක තියා ගනින්, චීවරය මැදිහත් නොවෙන්න මේ ප්‍රශ්නේ මෙච්චර මිනිස්සු අතරට යන්නේ නැහැ කියන එක. හැබැයි උඹ අර මෙතන කෑ ගහන සමහර ජන්මේ වැරදි උන් වගේ නෙමෙයි. බොදු බල සේනා වැරදි උනත් අර මම කියපු උන් බනින්නේ සිංහල බෞද්ධයාට. ඒ වගේම හීන් නූලෙන් හම්බයට කඩේ යනවා.
    මට හලාල් කියන සංකල්පය ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ලංකාවේ හලාල් වලට දැඩි සේ විරුද්ධයි. මොකද හලාල් යට සැඟවෙලා තියෙන්නේ මුස්ලිම් වයාප්තවාදය.

    අපි හිතමු කෙනෙක් හලාල් ගත්ත කියල. එයාගේ නිෂ්පාදනයට බඩු සපයන සිංහල සපයුම්කරුවෙක් ඉන්නවා නම්, මේ හලාල් කට්ටිය කරන්නේ අර සැපයුම්කරුව වෙනුවට ඊට ටිකක් මිල අඩුවෙන් හරි සපයන මුස්ලිම් සපයුම්කරුවෙක් එතනට දානවා. ඔහොම ඔහොම කොහෙන් ගියත් අන්තිමට අර නිෂ්පාදකයාගේ සියලුම අමුද්‍රව්‍ය ඇවිල්ල තියෙන්නේ මුස්ලිම් තැන් වලින්. ඔහොම කාලයක් යනකොට මුළු වෙලන්දපොලම පාලනය කරන්නේ මුස්ලිම් අය. මුස්ලිම් සෑම කෙනෙක්ම තමන්ගේ ආදායමෙන් සැලකිය යුතු කොටසක් පල්ලියට දිය දිය යුතුමයි. ඔන්න ඔතනයි මුස්ලිම් ව්‍යාප්තවාදය තියෙන්නේ.

    බොහොම සරලව ඔහොමයි හලාල් වැඩ කරන්නේ.

    අපේ ගොන් හරක් හිතන්නේ මුස්ලිම් අය හලාල් කෑවම අපිට මොකද කියල. ඔය වගේ සරලව හිටන්න පුළුවන් නම් ඕනෙම දෙයක් ගැන හරි ලේසියි ජීවත් වෙන්න. හැබැයි තමන්ම දන්නේ නැහැ තමන් වැටිලා ඉන්න උගුල මොකක්ද කියල.

    පැහැදිලිවම එක පයින්ම සිංහලයෙක් විදිහට මම හලාල් වලට පිළිකුල් සහගතව විරුද්ධයි මචන්. එකේ දෙකක් නැහැ. හලාල් අපේ රටට අනවශ්‍යයි. ඒකීය රාජ්‍යක් විදිහට අපේ රට ඇතුලේ අපේ සංස්කෘතිය ඇතුලේ අපේ සාරධර්ම ඇතුලේ අපේ ආහාර රටාව ඇතුලේ ජීවත්වෙන්න බැරි ජන කොටසක් ඉන්නවනම් ඒ උදවිය එයාලට සුදුසු රටකට සංක්‍රමණය විය යුතුයි කියන මතේ මම ඉන්නවා.
    මට තියන ප්‍රශ්නේ අපේ උදවිය හලාල් වලට එරෙහිව නැගී සිටිය එක නෙවෙයි. බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඉස්සරහට දාගෙන බොදු බල කියල නම දාගෙන බුදු දහමට මේ කරන නිග්‍රහය වැරදියි කියන එකයි. එතනින් එහා මේ සන්විදානේ ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ.

    Sanjaya s man

    Member
    Dec 1, 2007
    18
    2
    0
    අපි ජාතිය ගැන කතා කලොත් ජාතීවාදීන්......
    අපි ආගම ගැන කතා කලොත් ආගම්වාදීන්....

    යකෝ බොදු බල සේනාව හලාල් ගැන කතා කලේ නැත්නම් අදත් අපු බොරුවට අර පර උලමාට කප්පම් දෙනවා.... දැන් වැරැද්ද උලමට දීපු කප්පම් නැති උන එකද???? මචන් කල්පනා කරලා බලපන් එදා ඉංග්‍රීසි කොඩිය බිම දාලා පාගලා සිංහ කොඩිය ඉස්සුවේත් හාමුදුරුනමක්..... කොටි පරාද කරන්න මාවිල් ආරු යුද්දේ ආරම්භ කලෙත් අපේ හාමුදුරුවරු...... මේරටට අගතියක් වෙන හැම වෙලාවකදිම පෙරමුණ ගන්නේ අපේ හාමුදුරුවරු.....

    මේරටේ බොදු ජනතාවට අසාධාරණයක් වෙනකොට හඩනගන්න ඉන්නේ හාමුදුරුවරු විතරයි....

    පලයන් අරාබියට වෙනත් මුස්ලිම් රටවටල ගිහින් බලපන් මොන මුස්ලිම් රටේද වෙනත් ආගමකට නිදහසක් තියෙන්නේ කියලා...ඒ අතින් බලකොට මේ සිංහල රටේ සිංහල මිනිස්සුන්ට මුස්ලිම් ජනතාව මල් තියලා වඳින්න ඔනේ....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙම පස්දෙනාගෙන් එකෙක් තමයි polwattacom කියන මිත්‍යාදෘෂ්ඨිකයා

    බුද්ධදෙෂනාවෙ තියනවා පිස්සන්ට බණ කියන්න එපා කියලා. මෙම polwattacom එක්ක වාදයට යන්නේ නැතිව scurvy ටයි polwattacom ටයි පාඩුවෙ ඉනන දෙන්න
    .

    .

    මොකක්ද ආයිබොවං මිත්‍යාදෘෂ්ධිය කියන්නෙ? :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙම පස්දෙනාගෙන් එකෙක් තමයි polwattacom කියන මිත්‍යාදෘෂ්ඨිකයා

    බුද්ධදෙෂනාවෙ තියනවා පිස්සන්ට බණ කියන්න එපා කියලා. මෙම polwattacom එක්ක වාදයට යන්නේ නැතිව scurvy ටයි polwattacom ටයි පාඩුවෙ ඉනන දෙන්න
    .

    .

    මෙහෙමද ලොකු උන්නන්නසේ කියල දුන්නේ. අරෙහෙ උඹ සුවපත්වෙවා කියන ගමන් තව ත්‍රෙඩ් එකක තම්බියෙක් රෝස් කරනවා. පරමාදර්ශී වෙයන්. තමුන්ගේ හිත බුදුදහමෙන් විනයකට පත් වෙලාද නැද්ද කියල උඹ කියන දේවල් වලින් තේරෙනවා සහෝදරයා. උඹලගේ ලොකු උන්නන්සේත් ඊයේ පෙරේද බණකට කිව්වා මම දැක්ක ලංකාවේ ඉන්න හරක් ඔක්කොටම උරුතෙල් එන්නත් කරන්න ඕන කියල හරක් මරණ එක නවත්වන්න. උඹ දන්නවද උරු තෙල් හදන්න උරා මරන්න ඕන කියල. එතකොට හරක් බේරගන්න උරෝ මරල තෙල් අරන් හරක්ට එන්නත් කරන්න ඕන. දැන් එතකොට මේ කතාවේ කොතනද මෛත්‍රිය තියෙන්නේ? ප්‍රාණඝාතයෙන් මිදීම තියෙන්නේ? එහෙව් උත්තමයෙකුගේ ගෝලයෝ වෙන උඹ ගැන කුමන කතාද සහෝදරයා. උඹලාට ඕනෑකමක් තියෙනවනම් සකල සත්වයා නිර්වානෙට යවන්න ඉස්සෙල්ල උඹල යහපත් වෙලා ඉන්න ඕනා. යහපත් සිතුවිල්ල, යහපත් වචන, යහපත් ක්‍රියාව, යහපත් උත්සාහය තුලින් නියම බෞද්ධයෙක් වෙන්න උත්සහ කරන්න.

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ උන්නාන්සේත් දැන් මේවා කියන්නේ ගාල්ල බද්දේගම අවට මුස්ලිම් චන්ද හින්ද වෙන්න පුළුවන්. මිට කලින් චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු වැඩියේ පාර්ලිමේන්තුවේ ඉන්න හොර තක්කඩි නිර්වාණයට යවන්න නෙවෙයි සහෝදරයා. මේ උන්නන්සේත් නිර්වාන මාර්ගයෙන් පිට ඉන්න චීවරධාරියෙක් විදිහටයි මම දකින්නේ.

    මමනම් දන්නෙ නැහැ මේ හාමුදුරුවො ගැන ... එහෙම බැලුවොත් ඔය ජනමාධ්‍යට එන බහුතරය නිර්වාන මාර්ගයෙන් පිට ඉන්නෙ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    me boru kiyawanna epa ban...
    machan mama unath pansiya panas jathaka potha kiyawala ne.eth daham pasal gihin igenagattha dewal tikak hari mathakai.:rolleyes:
    budu rajanan wahanse koluwo...ude sathipeemen aluyama awadi unama karapu pradhana kriyawalin ekak thamai..mama ada dawase katada pihitawenmne kiyala balala e puggalayanta oyage wachanen ara mithya dustikayanta hamu wela dharmaya werderuwa eka.
    budu rajanan wahanse gawata enakam balan hitiye ne (monawai kiyawanne me oya)
    angulimala damanaya kiyawanna(eka udaharanayak wiotharai oka)
    tawa monada oya kiyala tiyenne...

    buddha bar athi wenna ona ne..
    ethi wela nethi una awastha godak tiyenawa(ewa gena hoyala balanna onemanam)

    mama issella kiwwa wage thamai...deyak rada pawathinne ehi athi gunanga matha.

    oyata hithane de kiwwata liwwata kamak ne.etheth menna mekai hari kiyala kiyanna oyata be

    මම කොතනද කියල තියෙන්නේ මේ සංවිධානේ කරපු වැඩ වැරදියි කියල? මම නැවත නැවතත් කියන්නේ මේකෙන් බොදු කියන නමයි චීවරධාරීනුයි ඉවත්වියයුතුයි කියල විතරයි. ඇයි ඒක තේරුම් නොගන්නේ. මේ වෙන්නේ බුදුරජානන් වහන්සේට කරන අපහාසයක්. ඒ උතුම් ධර්මයට කරන අපහාසයක්.

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කොන්ද පන නැති හැත්තක් ඉන්න මේ රටේ ඒ වගේ සන්විදානයක් වත් බිහිවෙලා තියන එක වරදක් කියල උබ කියන්නෙ කටින්ද.. බුද්ධ සාසන අමාත්‍යන්යෙ හෙළුව ආයෙ පාරක් එලි උනා උබ දැක්කෙ නැද්ද..

    හලාල් කියන එක වැරදී ලු
    ඒකට විරුද්ද වෙන එකත් වැරදීලු.. හතර බීරි කතාවක් නෙ ඕයි ඒක.. බොදු බල සේනාවෙ හාමුදුරු ගොල්ලො ගෙනත් තියන් අපිට බන අහන්න ඕනෙ නෑ.. උබට ඕනෙ නම් චීවර දාරීන් කියල හදුන්වපන් අපිට ප්‍රශ්නයක් නෑ.. අනික ගිහි අපිට ඔය වගේ සංවිධානයක් හදාගෙන කරන්න ගියොත් ඔය වැඩේ කොහොමත් කවදාවත් සාර්ථක වෙන්නෙ නෑ කියල උබේ ඔය මොළ ගෙඩියට තේරෙන්නෙ නැද්ද..

    සහෝදරයා. පළමුව මම දකිනවා උඹේ ලොකු දියුණුවක්. ඒකට මම අවන්කවම හදවතින්ම සන්තෝසයි. දෙවනුව මම කොතැනවත් කියල නැහැ හලාල් හරි කියල. හලාල් එකෙන්ම වැරදියි. අනවශ්‍යයි.
    උඹට පොඩියට යමක් වැටහෙනවා කියන අදහසක් ගන්න පුළුවන් යමක් උඹ ලියපු දේ ඇතුලේ තියනවා. ඒ තමයි අපි රටක් ජාතියක් විදිහට නින්දිත විදිහට දේශපාලන අගුලක අහුවෙලා ඉන්නේ කියන එක. මේ හැම ප්‍රශ්නෙටම මුල තමයි අපේ රටේ පක්ෂ දේශපාලනය.අපේ දේශපාලකයෝ බලයට එන්න දරන උත්සාහයේදී අම්ම උනත් විකුනන්න සුදානම් තරම් පහත තත්වයකට වැටිලා . මේ සියලු ප්‍රශ්න වලට මුල තමයි බලයට තියන කෑදරකම . මුස්ලිම් ජනතාවගේ චන්ද ටික නැතිවෙයි කියන බයට අද අපේ දේසපාලුවෝ මේ ප්‍රශ්නෙට මැදිහත්වෙන්නේ නැහැ. එක තමයි තිත්ත ඇත්ත. වරද තියෙන්නේ එතනයි. ඒ වරදට බුදු දහමින් වන්දි ගෙවීම සාධාරණද කියල හිතල බලන්න. මේ පිළියම් කරන්න හදන්නේ රෝග මුලයට නෙවෙයි. පෘතග්ජන මිනිස්සු සිවිල් සමාජෙන් අයින් වෙලා සසුන්ගත්වෙන්නේ මිනිස්සුන්ගේ සිවිල් ප්‍රශ්න විසඳන්න නෙවෙයි. මිනිස්සු සංසාරෙන් එතෙර කරවන්න. එත් මේ වෙලා තියෙන්නේ ඒ දේද?