තනුජක , ඒ සියල්ල කර්මානුරූපීව සිද්දවෙන දේවල්.. ඒ සියල්ල සිද්දවෙන්නේ බුදුදහමට කර්මානුරූපීව අපේ රටේ තවත් ආයුෂ තියන නිසයි..
දුටුගැමුණු රජතුමා දෙව්ලොව වැඩියේ යුද්ද කරපු නිසා නෙවෙයි.. කොත්මලේ ඉද්දි දීපු දාන දෙකක් නිසා.. මරණාසන්න මොහිතේ ප්රතිසන්ධියට ආසන්නම කර්මය උනේ කොත්මලේට පැනයද්දී දීපු දානයක් සහ කොත්මලේ ඉද්දි දීපු දානයක් කියලයි මට මතක.. රුවන්වැලි සෑය හදපු එක ලොකු පිනක් උනත් රුවන්වැලි සෑය හැදුවට වඩා ලොකු පින උනේ ඒ දීපු දාන කුසලකර්ම දෙකයි..
මතක විදිහට දුටුගැමුණු රජතුමා තමයි මයිත්‍රී බුද්ධ ශාසනයේ අගසවු තනතුරක් දරන්නේ.. වැඩි විස්තර ඕනෙනම් සද්ධර්මාලංකාරය දෙන්නම් , කියවල බලන්න..
නෑ එච්චර විස්තර වලට යන්නේ නැතුව මම එක සරල ප්‍රශ්නයක් අහන්නං..
එදා දුටුගැමුණු රජ දවස උඹ රජ උනානං උඹ ධර්මය ආරක්ෂා කරන්න යුද්ධ කරනවද නැද්ද?
තව දෙයක් අහන්නං..
කර්මානුරූපිව හැමදෙයක්ම සිද්ධ වෙනවා කියල උඹ හැමදෙයක්ම කරබාගෙන ඉන්න කෙනෙක් නං.
උඹ ලෙඩක් හැදුනම බෙහෙත් ගන්නේ ඇයි?
අවශ්‍ය නෑ හොද වෙන්න තියෙන වෙලාවට හොද වෙයි මගේ කර්මයට අනුව.. මේ ලෙඩෙන් මාව මැරෙන්න තියෙනවනං මැරෙයි බේරෙනවනන් බේරෙයි බෙහෙත් ගන්න ඕනේ නෑ එක මගේ කර්මය කියල උඹ ඉන්නේ නෑනේ..
කර්මය දිහා බලාගෙන කර්මානුරූපිව හැමදෙයක්ම සිද්ධවෙයි කියල උඹ කරබාගෙන ඉන්නේ නෑ උඹේ පුද්ගලික සෞඛ්‍ය ගැන හිතද්දී.. හොද උනා නොවුන උඹ සුදුසු ප්‍රතිකර්මයට යොමු වෙනවනේ කර්මයට හැමදේම භාර නොදී..
නමුත් ධර්මය විනාස වෙද්දී විතරක් උඹ ඒක කර්මයට භාරදීලා ඉන්නවා ප්‍රතිකර්ම වලට යොමු නොවී..
ඒක කොච්චර අසාධාරණ කතාවක්ද බං..