වෙනදට "අවජාතික වාදියො, අවජාතකයො, බටහිර දැනුමෙන් ඔලුව කුරුවල් කර ගත්තු පඬියො, පුස්සො, කට පාඩම් උගත්තු, ජාතියක් ජම්මයක් නැති එවුන්, දේශ ද්‍රෝහියො, ජාති ද්‍රෝහියො, පර ගැත්තො, බටහිර කුක්කො, සමාජවාදි පරයො, පශ්චාත් නූතන වාදි බල්ලො, බටහිර නූතනවාදි හිපියො" කියලා තොපෙන් කුණු බැණුම් අහගත්තු පිරිසක් ඉන්නව නේද...?... අන්තිමට තොපි උඩ දාගෙන දඟලන එවුන් වෙඩි තියපු එවුන්ට අවඩනකොට, කතා කරන්නේ උබල ඔය බනින උන් ටික නේද...? කෝ තොපි ආවඩන දේශ ප්‍රේමියෝ
බටහිර නීතිය, බටහිර සම්ප්‍රදාය, බටහිරින් ආපු මානුෂිය අයිතිවාසිකම්, මේ සේරටම පයින් ගහලා වරෙව් යන්න අපේ අතීතයේ මුල් හොයාගෙන කියලා නිතර දෙවේලෙ තොපිට අඬ ගහන, යෝජනා කරන උන් අද කොහෙද ඉන්නෙ...?..
උන් ඉන්නෙ එක්කො කට පුka වහගෙන, නැත්නම් තොපිට වෙඩි තියපු උන්ගෙ පැත්තෙ.... ආතල්ද...?...
පර සුද්දගෙ සංකල්ප කියලා හංවඩු ගහලා තියෙන , මේ "මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මානුෂීය නිදහස, නූතන අයිතිවාසිකම්, කම්කරු අයිතීන්" වගේ දේවල් තියෙන ඕන ඇයි කියලා...?... තේරෙනවද ඒවා වෙනුවෙන් කෑ ගහන එවුන් බැණුම් අහගෙන හරි ඒක කරන්න ඕන ඇයි කියලා...?...
නඩු නැති, මරණ වරෙන්තු තියා අඩුම ගානේ මැරුණු එවුන්ගෙ මළ මිනී වත් නැති සමාජ ක්‍රමයකට හුරේ දාන එක ප්‍රතිපල තමයි මෙව්වා .
බටහිරින් ආවත්, මොන තූත්තු කුඩියෙන් ආවත් මේ තරම් යාන්තම් හෙවණැල්ලක් වගේ හරි ඉතිරි වෙලා තියෙන මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම් පිළිබඳ නීති එහෙම නැත්තටම නැති වෙලා ගිය දාට තොපිට පහළ වෙන ප්‍රෞඪ අතීත ස්වර්ග රාජ්‍යයේ සයිස් එක ගැන අවබෝධ වෙනවනම් සන්තෝසයි ... .. "මානව හිමිකම්, අයිතිවාසිකම් " කියන ඒවා බටහිර සංකල්ප කියලා ඒවට පයින් ගහන්න තොපිට පුරුදු කරන්නෙ ඇයි කියලා ත්රුම් ගනිල්ලා ..තේරෙනවනම් .