බොර වුනු ගං දියේ මාළුබාන අපතයෝ
මේ සීන් එක ඇත්තද බං... මාරම සක්කිලි වැඩක්නෙ බං මේක.. හෙණ ගහනවා මේවා කරන උන්ට... අසරණ මිනිස්සුන්ගෙන් බඩ වඩා ගන්න අවලම් කාලකන්නි හැත්ත....

මේක ඉස්සුවෙ බුකියෙ ශෙයාර් වෙවී තිබ්බ පෝස්ට් එකකින්... කෙනෙක් දාපු ස්ටේටස් එකක්...
උපුටා ගැනීම https://www.facebook.com/renuka.wimalarathna/posts/10154090247059034
"කරුණාකර බෙදා හරින්න!!. ඉතා වගකීමෙන් ශාක්ෂි සහිතව බෙදා හරින පණිවිඩයක් බව මතක් කරමි.
කැළණි ගඟේ ජල මට්ටම ඉහල යන බවත් කොටුවිල, කොලොන්නාව, වැල්ලම්පිටිය, කොහිලවත්ත, කැළණි මුල්ල වැනි ප්‍රදේශ වල බොහෝ ජනතාව වහලවල් උඩ සහ උඩු මහල් වල සිරවී සිටින බව රැගත් බොහෝ තොරතුරු පසු ගිය පැය කිහිපය තුල මුණු පොතේ සංසරණය වුනා. මේ අතර තුර මගේ වැඩිමල් සොයුරා සහ ඔහුගේ පවුලේ අයත් තවත් ලඟම නෑයින් සහ හිතවතුන් පිරිසකුත් වුවා. ඔවුන් හිරවී සිටියේ කොටුවිල කටුපලැල්ල ආසන්නයේ. දින තුනක් සිරවී සිටි ඔවුන් දැනට පැය කීපයකට පෙර යන්තම් ගොඩබිමකට පැමිණියා. මේ ඔවුන් ස්කයිප් මගින් සම්බන්ද කරගත් විට දන ගත් ඔබ නොදන්නා සත්‍ය තොරතුරු.
රාජ්‍ය වශයෙන් මේ ප්‍රදේශ වලට මේ වනතුරු කිසිම උපකාරයක් ලැබී නැහැ. තවමත් සිරවූ පවුල් සිය ගණනක් ඉන්නවා. නාවික බෝට්ටු ඔවුන් සිටි පැත්ත පළාතකට වත් පැමිණියේ නැහැ. ඉඳහිට කෑම ලැබුනා, බිමට ජලය පයිප්ප වලින් ලැබුනා. දැනට දෙමහල් නිවෙස් ඇති අයගේ ගෙවල් වල පවුල් 7-8 එක ගුලියේ ඉන්නවා. සමහර අයට හිටගෙනයි ඉන්න වෙලා තියෙන්නේ, ඒ ඔවුන් හැකිතාක් පමණ තමන්ගේ විදුලි උපකරණ ඇඳුම් පැළදුම් ලි බඩුත් ඒ නිවෙස් වලට පුරවා බේරා ගන්නට දරන අහිංසක උත්සාහය නිසා. රාත්‍රිය ඉතා දිගයි, කළුවරයි, මදුරුවන්ගේ බැට දීම ඉවසා ගන්න බැහැ. කෑම ලැබුනත් කාන්තාවන් කන්නේ නැහැ, ඒ ඔවුන්ට වැසිකිලි භාවිතා කිරීමට පහසුකමක් නැති නිසා.
මේ කතාවේ දුක්බරම හරිය සිදු වුයේ අද දහවල් සියලුම දෙනාට කාලගුණය තවදුරටත් වෙනස් වන නිසා වහාම ගොඩබිමකට යන ලෙස රජයෙන් දැනුම් දුන්නට පසු. හිටි හැටියේ පුද්ගලික බෝට්ටු මේ පළාත් වලට එන්න ගත්තා. ඔවුන් මේ අහිංසකයින් ගොඩ බිමකට ගෙනත් දමන්නට රුපියල් 5,000 සිට 20,000 දක්වා මුදල් ඉල්ලා සිටියා. මුදල් ගෙවූ පසුවයි බෝට්ටුවට ගොඩ නංවා ගන්නේ. ගොඩබිමට පැමිණි පසු ඔවුන් බස්සවා සමාජ සත්කාරයක් කල අයුරින් වහා පිටත් වී යනවා. මගේ පවුලේ අය නම් ගෙවා තිබෙන්නේ රුපියල් 5000යි. ඒ ඔවුන් අතර තරුණ පිරිමි ළමයින් කීප දෙනෙක් සිටි නිසා කේවල් කිරීමෙන්. නමුත් එවැනි පසුබිමක් නැති කාන්තාවන් වැඩි ඔවුන්ගේම අසල වැසියන් රුපියල් 20,000 දක්වා ගෙවා තිබෙනවා. රජයේ අනුග්‍රහයක් නැති අවස්තාවක ඔවුන්ගෙන් යම්කිසි සේවයකුත් මේ මොහොතේ සිදු වෙනවා. නමුත් ඇඳි වත පමණක් හිමි මිනිසුන්ගෙන් මෙවන් මුදලක් අයකිරීම බොර දියේ මාළු බෑමක් නොවේද?
බලධාරියකු ඇතොත් මේ අසාධාරණය වලක්වන්නට මේ තොරතුරු බෙදා හරින්න. එමෙන්ම තවමත් සිය ගණනක් සිර වී සිටින බව දැනුම් දෙන්න.
ස්තූතියි.
රේණුකා විමලරත්න"
බුකියේ පෝස්ට් එකකින් උපුටා ගැනීමකි. පෝස්ට් එක දැමූ දිනය 19 May at 13:08
https://www.facebook.com/renuka.wimalarathna/posts/10154090247059034

Last edited:

යකෝ හදිස්සතාවක් මේක.