බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    1.jpg


    මම කලින් දවසක නුවරඑළිය සහ වැලිමඩ පැත්තේ ගියා. පොඩි වැඩ වගයකට. ඇත්තටම යන්න උනේ අඹේවෙල තියෙන නිව්සීලන්ඩ් ෆාම් එකට. එහෙං තමයි අපි බීජ අර්තාපල් ගන්නේ. වෙලාවකට ඉස්සරම නං ලොකුවට බීජ අර්තාපල් ඕනි උනාම කෙලින්ම ඕලන්දයෙන් ගෙන්න ගන්නවා. දැන් නං ලංකාවේම තියෙන ෆාම් වලින් ගන්නවා. සමහර වෙලාවකට වගාවට අවශ්‍ය බීජ අර්තාපල් අපිම හදාගන්නවා.

    ඉතින් ඔය යද්දී නුවරඑළිය - හග්ගල උද්‍යානය පහුවෙලා වැලිමඩ පැත්තට යද්දී තියෙන ගලහාගම පාරේන් හැරිලා යන බෝඹුරු ඇල්ලට ගියා. මේ දිය ඇල්ලට අනුගණන් වල මුල භාගයේ තමයි මම ඉස්සෙල්ලම ගියේ.

    ඉතිං ඔය මේ සැරේ ගමනේ පින්තුර ටිකක් පහලින්.

    කොළඹ ඉදන් පාන්දර 6 වගේ පිටත් උනා නුවරඑළිය බලා යන්න. කොළඹ ඉදං යද්දී හම්බෙන ලබුකැලේ දම්රෝ ටී ෆැක්ටරි එකේ ටී සෙන්ටර් එකෙන් තේ බීවා මුලින්ම.

    2.jpg


    ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ තවලනංතැන්න හරියෙන් නුවරඑළිය බලා යනකොට කොත්මලේ ජලාශය පේන විදියට.

    3.jpg


    ඊට පස්සේ නිව්සීලන්ඩ් ෆාම් එකට ගියා. මේ පහලින් තියෙන්නේ ෆාම් එකට යන අතරමග ගත්තු පින්තුර දෙක තුනක්.

    6.jpg


    7.jpg



    ෆාම් එක ඇතුලේ.

    8.jpg


    9.jpg


    10.jpg


    ආපහු එන ගමන් හයිලන්ඩ් ෆැක්ටරි එකට ගියා. එතන ඉන්නවා අදුරන කෙනෙක්. එයා ෆැක්ටරි එක ඇතුල එක්කන් ගිහින් පෙන්නුවා. එදා නං වැඩ කරන දවසක් නෙමෙයි. මොකද හම්බෙන එළකිරි මදි මේ ෆැක්ටරි එක දුවන්න. දැනගත්තු විදියට මේකේ අලුත්ම යන්ත්‍ර සුත්‍ර ඔක්කොම හයි කරලා තියෙන්නේ. ඒවා දුවන්න ලැබෙන එළකිරි ප්‍රමාණය මදි. තව ඉදිරියට දියුණු වෙලා එයි. හයිලන්ඩ් කිරි පිටි වලින් තේ හදද්දී කිරිපිටි කැටි ගැහෙන්නේ මේකේ තියෙන පරණ යන්ත්‍රයේ නිෂ්පාදන ක්‍රමය නිසා කියලා තමයි මට තේරුනේ පැහැදිලි කරපු විදියට. අලුත් සිස්ටම් එක වැඩ කරද්දී ඕක නැති වෙයි.

    11.jpg


    ඉතින් ඔය විස්තරෙත් බලාගෙන එද්දී දවල් උනා. ඒ පාර දවල් කෑම ගත්තා.

    4.jpg


    ඊළගට ගියා බෝඹුරු ඇල්ලට.

    12.jpg


    13.jpg


    කොළඹ ඉදං බෝඹුරු දිය ඇල්ලට කිලෝමීටර් 200 ක් වගේ තියෙනව. නුවරඑළියට ඇවිත් වැලිමඩ පාරේ එන්න ඕනි. හග්ගල උද්‍යානය එහෙම පහුඋනාම පල්ලමේ තියෙනවා සිතාඑලිය මහා විහාරය. ඒක පහුවෙලා ටික දුරක් එද්දී වම්පැත්තට තියෙන පාරේ එන්න ඕනි. ගලහාගම හරහා වැලිමඩ කියන පාර.

    ඔකේ ඇවිත් මගින් හැරිලා යන්න තියෙන්නේ. බෝර්ඩ් ගහලා තියෙනවා. වාහනේ පාර්ක් කරලා පයින් යන්න තියෙනවා කිලෝමීටර් 2 ක් වගේ. මේක යන්න වෙලා යනවා. ලොකු කන්දක් නගින්න ඕනි. ගස් ගල් වලින් බැහැලා යන්න තියෙන්නේ. පාර නං අමාරුයි. ඉතිං යන්න එන්නම පැය 3 ක් වගේ යනවා. මෙතනට යනවා නං දින බාගයක් වත් වැය කරන්න වෙනවා ඒ හින්දා.

    අපි දවල් 2 ට වගේ පිටත් උනා වාහනේ දාලා. ගිහින් එද්දී රෑ උනා.

    රාත්‍රී ආහාරය. කුරහන් තලප සහ රතු හාල් ඉදි ආප්ප සමගින් කොල්ලු.

    16.jpg


    නිව්සීලන්ඩ් ෆාම් එකෙන් ගත්තු බීජ අර්තාපල් වගා කරලා ලබා ගත්තු අස්වැන්නක ෆොටෝ එකක් පහලින්.

    17.jpg
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    රස්නෙ පලාත් වල අර්තාපල් හදන්න හැකිද?

    කොහෙටවත් නැති පැවරුම් ඔප්පු අක්කරයක් තියෙනවා ලගදි පේමන්ට් එකක් වෙනුවට කස්ටෙක් දුන්නා. මොනව හරිකරන්න ඕන.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    රස්නෙ පලාත් වල අර්තාපල් හදන්න හැකිද?

    කොහෙටවත් නැති පැවරුම් ඔප්පු අක්කරයක් තියෙනවා ලගදි පේමන්ට් එකක් වෙනුවට කස්ටෙක් දුන්නා. මොනව හරිකරන්න ඕන.
    අර්තාපල් හදලා 1:6 වත් අස්වැන්න නැති නං ලාබයක් නැහැ.

    වෙලාවකට නං 1:20 පන්නලා එනවා.

    රස්නේ පළාත් වල හරි යන එකක්‌ නැහැ කියලා හිතලා කවුරුත් හදන්නේ නැහැ.

    හැබැයි දැන් නං ඉස්සර නුවරඑළියේ හැදුන ලීක්ස්, කැරට් වගේ එළවළු යාපනේ පාවා හැදෙනවා.

    ඕනී නං උත්සහ කරලා බැලුවහැකි
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    අර්තාපල් හදලා 1:6 වත් අස්වැන්න නැති නං ලාබයක් නැහැ.

    වෙලාවකට නං 1:20 පන්නලා එනවා.

    රස්නේ පළාත් වල හරි යන එකක්‌ නැහැ කියලා හිතලා කවුරුත් හදන්නේ නැහැ.

    හැබැයි දැන් නං ඉස්සර නුවරඑළියේ හැදුන ලීක්ස්, කැරට් වගේ එළවළු යාපනේ පාවා හැදෙනවා.

    ඕනී නං උත්සහ කරලා බැලුවහැකි
    මේක නම් තියෙන්නෙ කාස්ටක හලාවත. වතුර ගන්න පුළුවන් හැබැ්‍යි කිවුල්.සෝලා ගහන වැඩක් කරන්න හිතන් හිටියෙ දැන් නම් ලෙල්ලට හිඳිලා හින්ද ඒක බෑ. වවන්න ආසයි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අර්තාපල් හදලා 1:6 වත් අස්වැන්න නැති නං ලාබයක් නැහැ.

    වෙලාවකට නං 1:20 පන්නලා එනවා.

    රස්නේ පළාත් වල හරි යන එකක්‌ නැහැ කියලා හිතලා කවුරුත් හදන්නේ නැහැ.

    හැබැයි දැන් නං ඉස්සර නුවරඑළියේ හැදුන ලීක්ස්, කැරට් වගේ එළවළු යාපනේ පාවා හැදෙනවා.

    ඕනී නං උත්සහ කරලා බැලුවහැකි
    කොහෙද ජෝන් අල හදන්නෙ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේක නම් තියෙන්නෙ කාස්ටක හලාවත. වතුර ගන්න පුළුවන් හැබැ්‍යි කිවුල්.සෝලා ගහන වැඩක් කරන්න හිතන් හිටියෙ දැන් නම් ලෙල්ලට හිඳිලා හින්ද ඒක බෑ. වවන්න ආසයි
    හම්බුන වෙලෙක කතා කරමුකෝ.
    Jhon මල්ලි අල ගොවියෙක් ද?
    එකෙන්ම චමි අයියා
    කොහෙද ජෝන් අල හදන්නෙ
    මේ නුවරඑළිය පැත්තේ
    අඩු කාලෙන් ගලවලා ඇයි
    මේ මාස දෙකයි සතියෙන් දෙකෙන් වගේ ගලවන අර්තාපල් වර්ගයක්.