ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම කලින් දවසක කිව්වනේ අපි ටින් මාළු (සැමන්) ගෙදරදීම හදාගන්නවා කියලා. ඔන්න අද ටිකක් හැදුවා. එකේ විස්තරේ තමයි පහලින් තියෙන්නේ.

    ඊයේ ලින්නා මාළු කිලෝ දෙකක් හම්බුනා. ඒ ටිකෙන් තමයි සැමන් හදා ගත්තේ.

    ඉස්සෙල්ලම ලින්නා මාළු වල ඔළුව වරල් ඉවත් කොට සුද්ද කරලා කෑලි දෙකකට කපා ගන්න. පොඩි ලින්නා මාළු නං කෑලි කපන්නේ නැතුවම ගත්තත් කමක් නෑ. මාළු කිලෝ දෙකම මම ගත්තා. එතන මාළු 10 ක් වගේ තිබුනා.

    ඊට පස්සේ සෝදලා අරගෙන දාගන්න ප්‍රෙෂර් කුකර් එකට.

    1.jpg


    ඒකට දාගන්න ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, එනසල් ඇට තුන හතරක්, කුරුඳු පොතු කෑල්ලක් සහ ඔලිව් තෙල් හරි පොල් තෙල් හරි.

    ඊට පස්සේ මාළු ටික වැහෙන්න ටිකක් වැඩිපුර වතුර දලා කවලම් කරලා ප්‍රෙෂර් කුකර් එකේ පියන වහලා ටිකක් වැඩි ගින්දරේ විනාඩි 15 ක් විතර තියාගන්න.

    2.jpg


    ඊට පස්සේ ගින්දර ටිකක් අඩු කරලා තව විනාඩි 45 ක් වගේ මේක තම්බා ගන්න.

    එහෙම පැයකින් පස්සේ පින්තුරක් පහලින්.

    3.jpg


    මාළු හොදට තම්බිලා සැමන් ටින් මාළු වගේ වෙලා. ඔය පහල පින්තුරේ දැක්කම බලන්න පුළුවන් මාළු වල කටු නිකන්ම ගැලවිලා පොඩි වෙලා යන විදිය. ඒ කියන්නේ මේකේ පදම හරි.

    4.jpg


    ඊට පස්සේ භාජනයකට දාලා ඩීප් ෆ්‍රීසර් දාලා තියාගන්න පුළුවන් මාස ගානක් උනත්. අවශ්‍ය වෙලේට අරගෙන අයිස් යනකං තියලා තෙල් දාලා හරි හොද්දක් වගේ හරි නැත්තන් කට්ලට් වගේ කෑම හදන්න හරි ගන්න පුළුවන්.

    5.jpg


    6.jpg


    මේකේ ෆ්‍රිජ් එකේ තියද්දි එක්කෝ මාළු කුට්ටි ටික වෙනම, එකේ හොදි ටික වෙනම තියන්නත් පුළුවන්. මම නං ඒ දෙක එකටම දාන්නේ. එතකොට කල් යන්න යන්න රස වැඩියි.

    ස්තුතියි.

    -මාගේ වෙනත් ත්‍රෙඩ්-

    1) අපි දුන්නු කිතුල් පිටි කැඳ දන්සැල

    2) පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්

    3) සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමතිද ?

    4) කැවුම් කොකිස් හැදුවා - පින්තුර දෙක තුනක්

    5) පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්

    6) ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්

    7) බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්

    8) හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්

    9) උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

    10) බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්

    11) ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කෝ ඉතින් ටින් ?
    Thank you bros
    ජොනා නං පොහොසත් අමුතු ඩයල් ටෛප්
    Thanks
    niyamayi jhon ayiye

    kade samon uyi me samon nuyi wenasa kohomada rasa
    කඩේ ඒවාට වැඩිය රසයි.
    captain john tin malau
    Thank you Chami aiya
    රස පාටයි උශ්ණ ගතිය කොහොමද?
    ලින්නා මාළු වලින් හැදුවොත් උෂ්ණ නැහැ.
    බල මාළු වගේ ගත්තොත් උෂ්ණයි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    ෂෙයාර් කරාට ස්තුතියි...

    හැබැයි මාළු මේවගේ ලොකු වෙලාවක් තම්බපුවම එවේ පෝෂණය අඩු වෙන්න පුළුවන් නේද?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Oka Deep freez karala next time ganna giyama epa wenawane bn hodi tikath ekkama freez unama.:no:
    අවශ්‍ය පෝෂන් ගානට වෙන වෙනම කප් වල දාන්න. එතකොට හරි. මම මේ ටික එක සැරේ ගන්නවා. ඒකයි ඔහොම ඔක්කොම එකට දැම්මේ.
     
    • Like
    Reactions: NRTG and Ozone4

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සුන්දර ජෝන් අංකලයා තවත් වැඩක් පෙන්වයි, අනෙක් සුන්දර කිරි කළුවන් මීක් මික් කියයි.... 😏