1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි? මම නම් දන්නෙ නෑ අඩුම ගානෙ හැම ආත්මෙම ඉන්දියාවෙ ඉපදුනාද කියල. ඒක වෙන්නත් බෑ. 550 ජාතක පොතේ තියෙන්නෙ ජාතක කතා 447යි ඒත් උන් වහන්සේ සංසාරයේ ඕන තරම් උපදින්න මියයන්න ඇති.
2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි? ඒක මටත් තියෙන ගැටලුවක්, පසු කාලීනව සංඝ සමාජයට එකතු උන දෙයක් වෙන්න ඕන. ඒත් දැන් සම්මතය ඒකයි. නමුත් හිස බූ ගාන්නෙ නැති හාමුදුරුවරුත් ඉන්නවා.
3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
කලින් ආත්ම වලද? කවුරුවත් නෑ. කර්මය තමයි. ඒ කියන්නෙ කල කී දෑ.
4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
කොහේවත් නෑ. ඒවගේම කලින් නිඝන්ඨයන් අදහපු තමන්ගේ දායකයන්ට පවා කලින් කල පරිදිම නිඝන්ඨයන්ට දාන මාන කරන්න කියලත් වදාලා.
හැබැයි හොර ආගම් වලට, හොර දේශනාවලට, හොර ආගමික නායකයන්ට රැවටෙන්න එපා කියලත් වදාලා.
වැඩි විස්තර කාලාම සූත්රයෙන් ගන්න පුලුවන්.